කෙල්ල මේවා කියනවද කොල්ලො??

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
කෙල්ල මේවා කියනවද කොල්ලො??

කෙල්ල මේවා කියනවද කොල්ලො???

:P:P:P:P:P


romantic-love-11.jpg


Srilankamirror –

ගැහැණිය හා පිරිමියා චරිත වශයෙන් වෙනස්ය. එබැවින් ඔවුන් සිතන පතන දේ අතරද පරස් පරයක් තිබේ. පෙම්වතිය කියන වචනවලින් මේ පරස් පරය දුරස්කර ගැනීමට හැකි නම් එයත් සාර්ථක ජීවිතයකට අත්වැලකි. එදිනෙදා ජීවිතයේදි පෙම්වතිය යොදන වචනවල සැගවුණ අර්ථ කිහිපයකි මේ.


1. හරි දැන් ඒක ඉවරයි – ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු ඔබ කටපියා ගැනීම හොඳය.


2. විනාඩි පහක් දෙන්න – ගෑණු ළමයා ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය. ඔබ ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.


3. ඕන එකක් කරගන්න – මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.


4. හ්ම්ම් – මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් ගෑණු ළමයින්ගේ භාෂාවේ වචනයක් . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය.


5. කමක් නෑ – මෙය ගෑණු ළමයෙක් ඔබට කියන්න පුලූ‍වන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඬේට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.


6. තැන්ක් යූ – ඇත්තටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්ව නම් ඒ කියන්නේ කිංඩියටය. ඒකෙදි වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔබට අංක 7 වේවි.


7. කැමැත්තක් – මෙහිදී ඇය කියන්නේ ඕන මඟු‍ලක් කරගන්නවා කියාය.


8. කරදර වෙන්න එපා – තවත් එක් භයානක කියමනකි. ඔබට යමක් කරන්න කියා කීප සැරයක් කිවත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවා. මේකට මොකක්ද ප‍්‍රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවා.


9. නිකන් – මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේ. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟයි. මේකෙ පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්.


:sorry::sorry::sorry::P:rofl::rofl::eek::eek:;);):dull::dull::D:D
 
Last edited: