කෙහෙලිය බලන්න මයිනා ගිහින්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා. ඒ ආන්දෝලනයට තුඩු දුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය පිළිබඳව වන නඩු විභාගය සඳහායි.
ඒ අතර කෙහෙළිය රඹුක්වැල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
නීතිඥ සනත් විජේවර්ධනගේ මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බන්ධනාගාර රෝහල වෙත ගිය බව වාර්තා වෙනවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කළත් ඔහුට ඇති අසනීප තත්ත්වයන් මත මේ වන විට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ යි. දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා බෝ නොවන රෝග කීපයක්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටිනවා.
හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැය භාගයක පමණ කාලයක් කතාබහක නිරත වී සිටි බවයි කියන්නේ.
#keheliyarambukwella #mahindarajapaksha #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews