කොවිඩ් වැළඳුනු ඉන්දීය තරුණිය ව දූෂණය කළ ගිලන් රථ රියදුරා
20 හැවිරිදි කොවිඩ් රෝගී තරුණියක් ව රෝහලට ගෙන යමින් සිටින අතරතුර ගිලන් රථයේ රියදුරා විසින් දූෂණය කර ඇති බව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.
එම සිද්ධිය පසුගිය සෙනසුරාදා සිදුවී තිබේ.
පොලිස් වාර්තාවලට අනුව එම තරුණිය කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකපිට ඥාතියෙක් ගේ නිවසෙහි නිරෝධායනය වෙමින් සිටින අතරතුර කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව ඇය ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.
එහිදී, සෞඛ්‍ය අංශ විසින් ඇයව තවත් රෝගී කාන්තාවක් සමග රෝහල් වෙත යවා ඇති අතර එහිදී ගිලන් රථ රියදුරු එම කාන්තාව රෝහලක් වෙත බාරදී වින්දිත තරුණිය පාළු ස්ථානයකට රැගෙන ගොස් අතවර කර ඇති බව වාර්තා වේ.
අනතුරුව ඇයව රෝහලට ගෙන ගොස් තිබූ අතර එහිදී ඇය තමාට සිදුවූ අතවරය පිළිබඳව රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබුණි.
එම තරුණිය ව දූෂණය කර ඇති බව අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
Ada derana