කේන්දරේ_බැලුවා_2_years_later

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    කේන්දරේ_බැලුවා_2_years_later

    මම අවරුදු 2කට විතර කලින් මේ thread එක දැම්ම

    ඔන්න අව්රුදු දෙකකට විතර පස්සේ වෙච්ච ටික කියන්න යන්නේ


    2015 දෙසැම්බර් මගෙත් එක්ක වැඩකරපු එකෙක් ලොකු පොල්ලක් තිබ්බ. මගේ හොදම යාළුවා වගේ හිටපු එකා.

    2016 ජනවාරි - මාර්තු එක රටක වැඩ කරා .

    2016 ජූනි වල වෙනරටකට ගියා ජොබ් එකක් හොයාගෙන (අතේ ලොකුගානක් තිබ්බේ නෑ යනකොට ). ජොබ් එක හම්බුනේ අගෝස්තු. එකෙන් පොඩි ගානක් ඉතිරිකරගත්ත. ඒක තමා මම තාම කරන ජොබ් එක.

    කරන්නේ management ජොබ් එකක්නම් නෙමේ. IT analytic ජොබ් එකක්.

    කෙල්ලෙක් සෙට් උනා මාස දෙකකට කලින්. හොද කෙල්ල. බදින්න හිතන් හිටියේ, 29 වෙනකොට. එත් කේන්දර අවුලක් නිසා, අපේ ගෙදරින් හෙන අකමැතිය්.


    ඔන්න එකයි මගේ ජිවිතේ, පහුගිය අවරුදු දෙකේ උනේ. මොකෝ උබල කියන්නේ, අවරුදු දෙකකට කලින් කියපුව ඇත්ත වගේද ?



    ඔන්න මම මගේ කේන්දරේ බලවගත්ත හොදයි කියල කිව්ව කේන්ද්‍ර බලන කෙනෙක්ට කියල(හැබයි වැඩිය දන්නා කෙනෙක් නෙමේ). මම මේක දානවා ප්‍රසිද්දියේ, මේකේ කිව්වා ඒවා හරිගියොත් අපිට බලාගන්න පුළුවන් කේන්ද්‍ර බලන එකේ තේරුමක් තියෙනවද කියල.

    1. මුලින්ම කිව්වේ (මම හිතුව අනිවා අපලයක් කියයි කියල) සෙනසුරු එරෂ්ටකයක් යනවා මේ දවස්වල කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ යනවලු. කිසිම දේකට හදිස්සිවෙන්න එපා කිව්වා. තව අවුරුදු 6 විතර මේ අපලේ තියෙනවා, නිතර දෙවේලේ පන්සල් යන්නලු.
    මම ඇහුව කටට උත්තරේ දීල, එහෙනම් මැණික් මුද්දක් හදල දෙන්න අපලෙට දාන්න කියල.පොර කිව්වා එක එච්චර හරියන වැඩක් නෙමේලු. බෝධිපුජා තියන්නලු. මට මේ ටිකේ ටිකක් කේන්ති යනවනම් වැඩිය් තමා.

    2. මට කළමනාකාර තනුතුරු (management ) තමා හරියන්නේ, දිගටම ඒවගේ රැකියා තම ලැබෙන්නේ කිව්වා.
    මම ඇත්තටම කරන්නේ උපදේශන රැකියාවක් දැන්.

    3. ලබන මාසෙන් පස්සේ රට යන්න හොදටම අවස්ථාව තියෙනවලු. (උබල කවුරුහරි ticket එකක් එවපල්ලා කේන්දරේ විස්වාස කරනවානම්, එතකොට මේ කේන්දරේ කියල තියෙන දේ ඇත්ත වෙයි :D:D)

    4. ලබන වසරේ ජූනි වෙනකොට අනිවා හොද රැකියාවක් ලැබෙනවලු.


    5. තව වසර 20කින් විතර, ගොඩක් ගේදොර ඉඩකඩම් ලාබ ලැබෙනවලු.


    6. මම ඉපදෙනකොටම මැරෙන්න නියමිත ග්‍රහයෝගයක්ලු තියෙන්නේ. කොමහරි මම පොඩි කළේ ගොඩක් අසනීප වෙලා තියෙනවා.

    7. බදින්නේ 30දී විතරලු (ටිකක් පරක්කු වෙනවලු) :(



    ඔන්න ඕව තමා වැදගත් ටික..


    උබලත් කේන්දර බලලා ඔයවගේ අමුතු දේවල් අහගෙන තිබේද??
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යුසර් නේම් එක වෙනස් කරපන්.. විලි ලැජ්ජයි ඒ මනුස්සයට.
     
    • Like
    Reactions: topkollek

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :rofl::rofl:

    thoth maru karapan thotath lajja nadda (my3ta) neme thotane yakow lajja:rofl::rofl:
    ජනාදිපති කියන්නේ my3 ද? ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්න බැරිද? ශි ජින් පින්? පුටින් වෙන්න බරිද? අනේ පලයන්...
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අපේ අම්මත් මගේ කේන්දරේ බලල තිබ්බ අවුරුදු 3කට විතර කලින්. එකේ කියල මට පොඩි කාලේ ඉදන් පොඩි අසනීපයක් තියනවා කියල ( ඔව් තියනවා hole in the heart සින් එකක් ) , තව කියලා මම 24 වෙද්දී බදිනවා කියල . එකේ හැටියට මම ගිය අවුරුද්දේ බදින්න ඕනේ . ( තාම කෙල්ලෙක් නෑ , ඒ වගේම campus final year ) කොහොමද කියහන්කෝ ඕව විශ්වාස කරන්නේ ?
    මන්නම් ලොවෙත් විශ්වාස කරන්නේ නෑ පොඩ්ඩක්වත්
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    අපේ අම්මත් මගේ කේන්දරේ බලල තිබ්බ අවුරුදු 3කට විතර කලින්. එකේ කියල මට පොඩි කාලේ ඉදන් පොඩි අසනීපයක් තියනවා කියල ( ඔව් තියනවා hole in the heart සින් එකක් ) , තව කියලා මම 24 වෙද්දී බදිනවා කියල . එකේ හැටියට මම ගිය අවුරුද්දේ බදින්න ඕනේ . ( තාම කෙල්ලෙක් නෑ , ඒ වගේම campus final year ) කොහොමද කියහන්කෝ ඕව විශ්වාස කරන්නේ ?
    මන්නම් ලොවෙත් විශ්වාස කරන්නේ නෑ පොඩ්ඩක්වත්

    :yes: