කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඇයි එහෙම කියන්ඩ බැරි හිතපන්, උබයි මමයි පෙනුමෙන් අසමාන උනාට ලක්ශන වලින් සමානයි.උබ හො මගෙ විශේශ ලක්ශන නැ.

    උබට හො මට ඌර්න රොම ධාතුවක් තියෙනවද? ලම්බ කර්ණ පිහිටල තියෙනවද? අතේ ඇගිලි එක සමානද? අක් බබරු පිහිටල තියෙනවද අපේ යටි පතුල එක සමානව පැතලිද?? නැ තව ඔනෙ නම් කියන්ඩ පුලුවන් නරසීහ ගාතා කියවපන් මචන් හොයාගෙන.

    සිදුහත් කුමාරයයි අපියි අසමානයි, බුදුකෙනෙක් හොයන විද්යාවෙන් මේ අපිව මනින්ඩ පුලුවන්ද ??? කවදාවත් බැ,:no::no:
    :P අන්න වරද්දගත්ත. දේහ ලක්ෂන කියන්නෙ තමන්ගෙ ශරීරෙ කොටසක්. ඔය කියන ඌර්ණ රෝම හැම මනුස්සයෙක්ගෙම තියෙනව, ඒත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඒක තියෙන්නෙ වාමාවර්තව. බුදුහාමුදුරුවන්ගෙ ඒක තිබුනෙ දක්ෂිනාවර්තව බුදුහාමුදුරුවන්ගෙ කන් ගැන තියෙනව. මනුස්ස අපි හැමෝටමත් කන්, ඇඟිලි, අත පය, ඇස් නාස්,මුඛ හැමදේම තියෙනව. ඒවගෙ පිහිටීම හැඩතල බලල ඔය අනාවැකි කියන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මම කියන්නේ කිසිම දෙයක් අව්ඥාවෙන් බැහැර කරන්න එපා කියලා ඒ ගැන හරි හැටි නොදැන...ඉස්සර මිනිස්සු පුනර්භවය ප්‍රතික්ශේප කලා ඒ ගැන හරි හැටි නොදැන..දැන් පන්න පන්න ඒ ගැන හොයන්නේ ඒ ප්‍රතික්ශේප කරපු උන්මයි..:rolleyes:
    මනුස්සයො බුදු දහම තියාගෙන ඔව පස්සෙ යන්ඩ එපා,ඔය සාශ්තයන්ගෙන් අග පැමිනියන් බුදු හාමුදුරුවො ඉස්සරහ මානය බිදල රහත් උනා.එහෙවු එකේ උබල ඔව පස්සෙ යන්ඩ එපා විද්යාව තියෙද්දි අවිද්යාව පස්සෙ යන්ඩ එපා .පුනර්බවය හින්දු ආගමෙත් පිලි ගන්නව, එහෙම කියල අපි යාග හොම කර කරන හින්දු ආගම පස්සෙ ගිහින් හරි යන්නෙත් නැ,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි එහෙම කියන්ඩ බැරි හිතපන්, උබයි මමයි පෙනුමෙන් අසමාන උනාට ලක්ශන වලින් සමානයි.උබ හො මගෙ විශේශ ලක්ශන නැ.

    උබට හො මට ඌර්න රොම ධාතුවක් තියෙනවද? ලම්බ කර්ණ පිහිටල තියෙනවද? අතේ ඇගිලි එක සමානද? අක් බබරු පිහිටල තියෙනවද අපේ යටි පතුල එක සමානව පැතලිද?? නැ තව ඔනෙ නම් කියන්ඩ පුලුවන් නරසීහ ගාතා කියවපන් මචන් හොයාගෙන.

    සිදුහත් කුමාරයයි අපියි අසමානයි, බුදුකෙනෙක් හොයන විද්යාවෙන් මේ අපිව මනින්ඩ පුලුවන්ද ??? කවදාවත් බැ,:no::no:
    යටි පතුල පැතලියි කියන්නේ අංගවිකල බවක් මචං...එහෙම අයට ඉක්මනින් ඇවිදින්න බෑ.....
    http://en.wikipedia.org/wiki/Flat_feet
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113

    අනිවා මචෝ:yes:..අර ෂර්ලොක් වගේ පාවිච්චි කරන උනුත් ඇති නේද?:rolleyes:
    සමහරවිට වෙන්න පුලුවන්.:rofl:. බුද්ධි අන්ශෙ වගේ ආරක්ෂක අන්ශවල මේවගේ දේවල් බරටම පාවිච්චිවෙනව. ඔය විෂයන් දෙක දැන් බටහිර විද්‍යා බවට පත්වෙලා තියෙන්නෙ:yes:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :P අන්න වරද්දගත්ත. දේහ ලක්ෂන කියන්නෙ තමන්ගෙ ශරීරෙ කොටසක්. ඔය කියන ඌර්ණ රෝම හැම මනුස්සයෙක්ගෙම තියෙනව, ඒත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඒක තියෙන්නෙ වාමාවර්තව. බුදුහාමුදුරුවන්ගෙ ඒක තිබුනෙ දක්ෂිනාවර්තව බුදුහාමුදුරුවන්ගෙ කන් ගැන තියෙනව. මනුස්ස අපි හැමෝටමත් කන්, ඇඟිලි, අත පය, ඇස් නාස්,මුඛ හැමදේම තියෙනව. ඒවගෙ පිහිටීම හැඩතල බලල ඔය අනාවැකි කියන්නෙ.
    ඌර්න රොම ධාතුවක් උබට තියෙනවද වමට කැරකිලා,:shocked::shocked: එහෙනම් උබ ලක්විති රජ වෙයි.:lol::lol: නොදන්න දේවල් කියවන්ඩ එපා බන්.:P:P
    පින් මදි එකා බන දහමින් වෙලුවත් උගෙ ගතිය ඌ නාරි මැරුවත් කියනවනෙ, උබ කැමති විද්යාවක් පිලි ගනින්,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඌර්න රොම ධාතුවක් උබට තියෙනවද වමට කැරකිලා,:shocked::shocked: එහෙනම් උබ ලක්විති රජ වෙයි.:lol::lol: නොදන්න දේවල් කියවන්ඩ එපා බන්.:P:P
    පින් මදි එකා බන දහමින් වෙලුවත් උගෙ ගතිය ඌ නාරි මැරුවත් කියනවනෙ, උබ කැමති විද්යාවක් පිලි ගනින්,
    උඹ ටිකක් දන්නවනෙ :P හැබැයි මහින්දගෙන් ඔය ඌර්න රෝම දාතුව වමට කැරකිලා තියෙන්නෙ. මිනිහත් දැන් සක්විති රජ වගෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යටි පතුල පැතලියි කියන්නේ අංගවිකල බවක් මචං...එහෙම අයට ඉක්මනින් ඇවිදින්න බෑ.....
    http://en.wikipedia.org/wiki/Flat_feet
    මේවට ඉතින් මොනවා කියන්ඩ මන්ද කිබුලො,:confused::confused::confused: ඔකට අනුව කියන්ඩවත් නොසිතෙන දෙයක් හිතට එනව ඒක නොකිය ඉන්නම්,
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මනුස්සයො බුදු දහම තියාගෙන ඔව පස්සෙ යන්ඩ එපා,ඔය සාශ්තයන්ගෙන් අග පැමිනියන් බුදු හාමුදුරුවො ඉස්සරහ මානය බිදල රහත් උනා.එහෙවු එකේ උබල ඔව පස්සෙ යන්ඩ එපා විද්යාව තියෙද්දි අවිද්යාව පස්සෙ යන්ඩ එපා .පුනර්බවය හින්දු ආගමෙත් පිලි ගන්නව, එහෙම කියල අපි යාග හොම කර කරන හින්දු ආගම පස්සෙ ගිහින් හරි යන්නෙත් නැ,

    :rolleyes:

    සමහරවිට වෙන්න පුලුවන්.:rofl:. බුද්ධි අන්ශෙ වගේ ආරක්ෂක අන්ශවල මේවගේ දේවල් බරටම පාවිච්චිවෙනව. ඔය විෂයන් දෙක දැන් බටහිර විද්‍යා බවට පත්වෙලා තියෙන්නෙ:yes:.

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේවට ඉතින් මොනවා කියන්ඩ මන්ද කිබුලො,:confused::confused::confused: ඔකට අනුව කියන්ඩවත් නොසිතෙන දෙයක් හිතට එනව ඒක නොකිය ඉන්නම්,
    මචං සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේව දේවත්වයට නගන්න කරල තියන දේවල් ඕවා.....
    මම නං හිතන්නේ උන්වහන්සේ මං වගේ ම සාමාන්‍ය කෙනෙක් කියලා.....
    වෙනස් වෙන්නේ අර අතිශය තර්කිණුකූල විද්‍යාත්මක දර්ශනය ගෙන එන්න තරම් ඥාණයක් සහ ප්‍රඥාවක් පැවතීම.........
    :shocked::angry:මගේ යටිපතුල පැතලියි , මන් අංග විකලයි වගේද :baffled:
    මම දැක්කෙ නෑ සනා.........:dull:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    200% ඇත්ත. ලංකාවේ ජොතිෂ්‍යවේදය මුල්බැසගෙන තියෙන විදිහට මම නම් හිතන්නේ නෑ මේවා කනපිට ගහන්න පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් ස්වාමීන් වහන්සේ මේ වගේ පොත් ලියන එක වටිනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ විසින් සිංහළ බෞද්ධ ජනතාව මේ පිළිබඳ දැනුවත් කරන වැඩ පිළිවෙලක් හැදුවොත් වටිනවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජොතිශය හරිද වැරදිද කියන දේ වෙනම කතාවක්.

    මම "හරි වැරදි" කිව්වේ, බවුද්දයෙක් විදියට (මේ ලිපියේ තියෙන කරුණු අනුව) අපි මේවා අනුගමනය කල යුතුද නැද්ද කියන කාරණය ගැන. මේ ලිපියේ පැහැදිලිවම හාමුදුරුවෝ කියල තියෙනවා බුදුදහමට එකග නැති නිසා, එක මිත්යදුෂ්ටික දෙයක් කියල. බවුද්දයෝ අනුගමනය කල යුතු දෙයක් නොවේ කියල.

    පැහැදිලිවම මචන් ..ඔකේ හරි වැරදි අපිට වැඩක් නැහැ අපි නියම බුදුදහම තේරුම් ගත්තනම් :yes::yes:.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    200% ඇත්ත. ලංකාවේ ජොතිෂ්‍යවේදය මුල්බැසගෙන තියෙන විදිහට මම නම් හිතන්නේ නෑ මේවා කනපිට ගහන්න පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් ස්වාමීන් වහන්සේ මේ වගේ පොත් ලියන එක වටිනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ විසින් සිංහළ බෞද්ධ ජනතාව මේ පිළිබඳ දැනුවත් කරන වැඩ පිළිවෙලක් හැදුවොත් වටිනවා.

    උඩුගම් බලා පිනන ලේසි නැහැ සහෝ. හිතන්න මගුල් ගෙදරක් ගන්නවා කියල නැකතක් නැතිව. දෙමව්පියන්, නැදයන්, අදුරන හැමෝම ඒවි බලඇණියක් වගේ (commandos game eka wage). අපිට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවද කියල හොයල බලාවි.

    පන්සලේ හාමුදුරුවරු සැලකියයුතු පිරිසක් මේවා අනුගමනය කරනවා. තව පිරිසක් මේවට එරෙහිව කතා කරන්න බයයි. ධර්මය මැනවින් ප්‍රගුණ කරපු නුවණැති හාමුදුරුවරුවන් බොහොම කිහිපදෙනෙකුට තමයි ඕකට විරුද්දව කතා කරන්න පුළුවන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මචං සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේව දේවත්වයට නගන්න කරල තියන දේවල් ඕවා.....
    මම නං හිතන්නේ උන්වහන්සේ මං වගේ ම සාමාන්‍ය කෙනෙක් කියලා.....
    වෙනස් වෙන්නේ අර අතිශය තර්කිණුකූල විද්‍යාත්මක දර්ශනය ගෙන එන්න තරම් ඥාණයක් සහ ප්‍රඥාවක් පැවතීම.........

    :yes::yes::yes::yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    bump කරපු ගොඩක් අයට rep දුන්නා. අදට rep ඉවරයි :D

    අපි ඔහොම කිව්වට ඔය දේවල් සමාජයේ පතුලටම මුල් බැහැලා
    ඒවා වෙනස් කරන්න බුදු හාමුදුරුවොම නැවත පහල වෙන්න වෙනවා
    ජනාධිපතිගෙ ඉඳලම ඕව වෙනස් කරන්න වෙනවා

    වෙන ආගම් වල උන් පොඩි කාලේ ඉඳන්ම ඒ ඒ දේව සංකල්ප දාලා brainwash කරනවා වගේම අපේ උන්ටත් පොඩි කාලේ ඉඳන්ම මේ මිත්‍යා විස්වාස මොළ වලට ගිහින් කා වැදිලා. ගොඩක් උන් ඒවා ප්‍රතික්ෂේප කරන්න බයයි.

    හාමුදුරුවනේ, ඔබ වහන්සේට ගොඩක් පින්. මට හරියට කියාගන්න බැරි දෙයක් ඔබ වහන්සේ නිර්බයව කිව්වා. අපිව හරි මගට ගත්, ඔබ වහන්සේ අමාමහ නිවන් දකිවා.
    :yes:

    ජොතිශය හරිද වැරදිද කියන දේ වෙනම කතාවක්.

    මම "හරි වැරදි" කිව්වේ, බවුද්දයෙක් විදියට (මේ ලිපියේ තියෙන කරුණු අනුව) අපි මේවා අනුගමනය කල යුතුද නැද්ද කියන කාරණය ගැන. මේ ලිපියේ පැහැදිලිවම හාමුදුරුවෝ කියල තියෙනවා බුදුදහමට එකග නැති නිසා, එක මිත්යදුෂ්ටික දෙයක් කියල. බවුද්දයෝ අනුගමනය කල යුතු දෙයක් නොවේ කියල.
    :yes:

    එක තමයි මචන් ඕව හැමදාම පැලපදියම් වෙලා තිබ්බ දේවල්
    ඒකාලෙ වගේම මේ කාලේ
    ඕව ඉතින් මිනිසුන් විසින්මයි නිවැරදි මඟ මොකද්ද කියල තේරුම් ගන්න ඕන
    මේ හාමුදුරුවො කියන දේවල් ඇත්ත තමයි
    මේ වගේ දේවල් තව සමාජ ගත කරන්න ඕනෙ
    :yes:

    කේන්දර කියන්නේ පට්ට පල් බොරුවක් බං. දැන් මෙහෙම හිතපන්කෝ. ඔය ලබ්බ හදන්නේ උපන් වෙලාව අරගෙන නම් අම්මා කෙනෙක් කිසිම දරු ප්‍රසූතියට උපකාරයක් නැතිව සාමාන්‍යය විදිහට බබා හම්බු වෙන සම්පූර්ණ ක්‍රියා වලියේ ගිහින් ළමයා අද දවසේ හවස 7.30 ට හම්බෙනවනම්. බබා හම්බුවෙන්න ලේසි වෙන්න හෝර්මෝන එන්නත් දීලා පහසු කලොත් හම්බුවෙන්නේ 5.30 වේවි. එහෙමත් නැතුව ළමයව සීසර් කලොත් දවස් 1.30 ට හම්බුනා වෙන්න පුලුවන්. මොන සමයමක්ද බං ඔය උපන් වෙලාවේ ලබ්බ. ළමයා පිලිසඳ ගත්තම උගේ බඩ ඇතුලේ මොලේ වර්ධනය වෙලා නැත්නම් හරියට ඌ හොඳ වෙලාවක ඉපදිලා හදහන බලන "මුදලාලි" කියනවනම් ඌ ඩොකෙක් වෙනවා කියලා වෙන්නේ නෑ නේ බං. මහ රෙද්දේ ගොන් තර්ක තමයි නැකැත් හඳහන් කියන්නේ. මම උනත් බලපන් අපේ අම්මා කියනවා මගේ හදහන අනුව එකෙක් කිව්වලු මම ලිපිකරුවෙක් වෙනවා කියලා පත්තරේක වැඩ කරන, තව එකෙක් කිව්වලු ගුරුවරයෙක් වෙනවා කියලා, තව එකෙක් කිව්වලු ගණිත අංශයෙන් ගියොත් පරිඝනක ඉංජිනේරුවරයෙක් වෙනවා කියලා. අන්තිමට මම අද පාරේ සිම් විකුණනවා කුඩයක් ගහන්. හීනෙකින්වත් එකෙක් කිව්ව දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම කෙසේවෙතත් හඳහන් බලපු සෙට් එකම ලිඳේ.
    :D:D

    ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
    මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
    මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු අයද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
    කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.
    :yes: well said

    200% ඇත්ත. ලංකාවේ ජොතිෂ්‍යවේදය මුල්බැසගෙන තියෙන විදිහට මම නම් හිතන්නේ නෑ මේවා කනපිට ගහන්න පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් ස්වාමීන් වහන්සේ මේ වගේ පොත් ලියන එක වටිනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ විසින් සිංහළ බෞද්ධ ජනතාව මේ පිළිබඳ දැනුවත් කරන වැඩ පිළිවෙලක් හැදුවොත් වටිනවා.
    දැන් මිනිස්සු ඉස්සර මිනිස්සු වගේ මෝඩ නෑ කියලා මට හිතෙන්නේ. මේ මිත්‍යා මත වලට වැඩි ආයුෂ නෑ. මෙහෙම් හරි මේ වගේ දෙයක් සංවාදයට ලක් කරන්න කට්ටිය ඉන්නවා කියන්නේ ඉස්සරහට තව හොඳ අතට යන්න පුළුවන් කමක් තියෙනවා. :yes:

    උඩුගම් බලා පිනන ලේසි නැහැ සහෝ. හිතන්න මගුල් ගෙදරක් ගන්නවා කියල නැකතක් නැතිව. දෙමව්පියන්, නැදයන්, අදුරන හැමෝම ඒවි බලඇණියක් වගේ (commandos game eka wage). අපිට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවද කියල හොයල බලාවි.

    පන්සලේ හාමුදුරුවරු සැලකියයුතු පිරිසක් මේවා අනුගමනය කරනවා. තව පිරිසක් මේවට එරෙහිව කතා කරන්න බයයි. ධර්මය මැනවින් ප්‍රගුණ කරපු නුවණැති හාමුදුරුවරුවන් බොහොම කිහිපදෙනෙකුට තමයි ඕකට විරුද්දව කතා කරන්න පුළුවන්.

    හැමෝම ගහගෙන යනකොට තමන්ට උඩුගම් බලා යන්න ආත්ම දෛර්ය තියෙන්න ඕනේ. ලේසි නෑ තමයි.
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචං සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේව දේවත්වයට නගන්න කරල තියන දේවල් ඕවා.....
    මම නං හිතන්නේ උන්වහන්සේ මං වගේ ම සාමාන්‍ය කෙනෙක් කියලා.....
    වෙනස් වෙන්නේ අර අතිශය තර්කිණුකූල විද්‍යාත්මක දර්ශනය ගෙන එන්න තරම් ඥාණයක් සහ ප්‍රඥාවක් පැවතීම.........
    කවුරුවත් කොහෙවත් බුදුන්වහන්සේව දේවත්වයට නගන්ඩ උස්සහ කරල නැ, උන්වන්සේ මනුස්සයෙක් තමා ඒත් උත්තරීතර මනුස්සයෙක්.

    ඔයා ඔය කියන්නෙ දෙතිස්මහා පුරුශ ලක්ශන ගැනනෙ,දෙතිස්මහා පුරුශ ලක්ශන ගැන කියන්නෙ තිපිටකේ ඔයා කියන්නෙ තිපිටකෙත් වැරදියි කියලද කිබුල් මාමෙ ???? අනේ මන්ද එක එක් කෙනාගෙ දුශ්ටීන් තමයි එලි වෙන්නෙ.
    තම තමන්ට කැමති කැමති විදිහට බුද්ධාගමට අර්ත කතන දෙන්ඩ නම් ලැස්ති වෙන්ඩ එපා ඔක පවක්.:confused::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පෝස්ට් එක පට්ට.. මම සාමාන්‍යයෙන් අරුනයා කරනවා වගේ එරෝසාන්ලා වගේ නරි ගනන් ගන්නේ නෑ.. නමුත් මේක දාපු එකා බෞද්ධයෙක් කියලා මම දන්න නිසා පුන්චි පැහැදිලි කිරීමක් කරනවා. හැබයි දිගින් දිගටම ත්‍රෙඩ් එක බම්ප් කර කර රිප්ලයි කරන්නේ නෑ. ඒ වගේම ලොකු සීන් දාලා ප්‍රශ්න අහන උන්ට මම කොහොමත් උත්තර දෙන්නේ නෑ යමක් දැනගන්න ඕන නම් හෙමින් සැරේ ලොකු සීන් නැතුව අහන එකෙක්ට විතරයි මම පී එම් වලින් වුනත් උත්තර දෙන්නේ..

    දැන් පැහැදිලි කිරීම. ඉස්සෙල්ලම මට දැනගන්න ඕන බුදු දහම මගින් ජ්‍යොතිෂ අනුමත කලා කියලා ඔයාලට කිව්වේ කවුද කියන එක? ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන බුදු දහමේ පරමාර්ථය හා ජ්‍යොතිෂයේ පරමාර්ථය. බුදු දහම සංසාරය කෙලවර කරගෙන නිර්වාන අවබෝධය සඳහාත් ජ්‍යොතිෂය ලෞකික සැප ලබන්නත් භාවිතා වෙන දෙකක්.. දැන් කවුරුහරි ඇහුවොත් ජ්‍යොතිෂ නිසා සංසාර ගමන දීර්ග වෙනවද? පිලිතුර ලෞකික සැප බලාපොරොත්තුවෙන් කරන ඕනම දෙයක් නිසා සහ පඨිඝයක් ඇතිවන ඕනම දෙයක් නිසා සංසාරය දීර්ඝ වෙනවා.

    ඒ කියන්නේ? ඒ කියන්නේ අපිට ඇතිවෙන හෑම රාගසහිත ද්වේශ සහිත හා මෝහ සහිත සිතිවිල්ලක් නිසාම සංසාරය දික්වෙනවා. අපිට තරහ ගියාම ආසාවල් ආවම මේක වෙනවා. දැන් මම හිතන්නේ කට්ටියට පැහැදිලියි බුදුදහම ආශාවල් ප්‍රහින කරන්න කියද්දි මිනිස්සු ජ්යෝතිශය වෙත යන්නේ ආශාවල් ඇතුව යමක් ලබන්න. ඉතින් දැන් බුදුන් වහන්සේ ඒක අනුමත කරයිද?

    එතකොට තව ප්‍රශ්නයක් කෙල්ලෙක්ට ආදරේ කරන එක රාගයක් නේ ඒකත් එහෙමද? ඔව් හඳහන බලන මිනිහා මැරුනොත් හරි කේන්දරේ බලා ගන්න විදිහක් නැති වුනොත් හරි මම මැරෙනවා කියලා කවුරුත් කියනවා අහලා තියනවද? නමුත් ආදරේ කරන කෙල්ල නැති වුනාම මැරෙන්න හිතෙනවා නේද? ඒ කියන්නේ ජ්‍යොතිෂයට වඩා ආදරය කිරීම ලොකු ආශාවක් හා ලොකු බැඳීමක් නේද?

    එතකොට දේශපාලනය? අහ් ඔව් ඔව් ඒකත් ඒ වගේමයි.. ආන්ඩුවේ බත් ගොට්ටෙක් ඉන්න තැන ආන්ඩුවට බනින්න අර බත් ගොට්ටා අම්මමෝ නැති වෙන්න බැලා ද්වේශ සහගත සිතුවිලි ඇතිකරගෙන පඨිඝ ඇති කරගන්නවා නෙද? එතකොට ඒකත් සසර දීර්ඝ වෙන්න හේතුවක්

    ඔය විදිහට බලනකොට අපි ජ්‍යොතිෂයට බැන්නට ඊට වඩා දරුනු පඨිඝ ලොකු ලොකු මොහයන්ගේ රාගයන්ගේ ඇලිලා ඉන්නේ අනික මෙතන හොඳ විහිලුවක් තියනවා හැබැයි ඒ තමයි ජ්‍යොතිෂ බැහැර කරන බොහෝ ඇත්තො පන්සිල් රකින්නේ නැති එක.

    හරි දැන් හැරෙමු අර හැමදාම හපන චුයින්ගම් දෙක පැත්තට

    පලවෙනි එක

    නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?" යනු මෙහි සරල අදහසයි. එහෙත් මෙම ගාථාවට පාදක වූ කතාව විමසා බලා මේ පිළිබඳව තීරණය කළ යුතුය. කතාව මෙසේය. මනාලියක්‌ කැඳවාගෙන ඒම සඳහා එක්‌තරා තරුණයෙකු නැකත් බලයි. ඒ සඳහා දිනයක්‌ නියම කර ගනී. එහෙත් මේ නැකත් දිනය පිළිබඳව වඩාත් විශ්වාසය තහවුරු කරගනු පිණිස මෙම තරුණයා තවත් නැකත් කරුවකු හමුවී විමසයි. පළමුවෙන් තමන් හමුනොවී වෙනත් කෙනෙකුගෙන් නැකත බැලීම ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දෙවැනි නැකත්කරුවා කියන්නේ මෙම දිනය සුදුසු නැති බවයි. ඒ වෙනුවට පසු කාලයක එළඹෙන දිනයක්‌ නියම කරයි. ඒ අනුව දිනය කල් දැමූ තරුණයා පසුව යන විට එම තරුණිය වෙනත් තරුණයකු හා විවාහ වූ බව දැන ගනී. මේ කතාව අසන අප මහ බෝසතාණෝ ඉහත ගාථාව පවසා තිබේ. ඉතින් මෙහෙම නැකැත් බලන එක මෝඩ වැඩක් කියලා අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..

    මේ ගාථාව කවුරුන් හෝ කීව නිසා මිසක් නක්‌ඛන්ත ජාතකයේ කථාව කියවලා නෙමෙයි ගොඩ දෙනා තර්ක කරන්නේ.. අනිත් නියමම විහිලුව ත්‍රිපිටකය මිස ජාතක පාලිය බුද්ධ භාශිත නොවේ කියලා තර්ක කරන අයම මෙම ජාතක පාලියේ තියන ගාථාව උපුටා දැක්වීමයි.
    තව එකක් කෞටිල්‍යය අර්ථ ශාස්ත්‍රය කියන පොතෙත් මේක තියනවා නමුත් පොත ලියන්න පටන් ගන්නේ ගුරුට හා සිකුරුට නමස්කාර කරලා. මේ ගාථාවතුලින් ප්‍රතික්ශේප වෙන්නේ ජ්‍යොතිෂය නෙමෙයි ජ්‍යොතිශයේ අන්තගාමි වීම.. ඉතින් බුදු දහමේ ඇරෙන්න අනිත් කිසිම දේක ඕනවට වඩා ඇලෙන්න හොඳ නෑ කියලා අපි පෙරපාසල් යන කාලේ ඉඳලා දන්න දෙයක්..

    දැන් දෙවෙනි චුයින්ගම් එක

    බ්‍රහ්මජාල සුත්‍රයේ ජ්‍යොතිෂ ලාමක විද්‍යාවක් සේ අර්ථ දක්වා තිබීම.

    මේකත් තර්කයක් වශයෙන් ගේන අය බ්‍රහ්ම ජාල සුත්‍රය කියවලා නෑ.

    මේ තියන්නේ උපුටා ගත් කොටස

    19. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-

    (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,

    (ෂෂ) මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.

    (ෂෂෂ) (අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.

    (ෂඪ) චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.

    (ඪ) හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්‍ර මුද්‍රා ආදී ලකුණුවලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මේ විද්‍යායි.

    (ඪෂෂ) විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍ර්‍යයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම යනුයි.

    (ඪෂෂ) බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි.

    එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

    මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´.
    උපුටා ගැනීම අවසන්"

    දැන් ඉතින් එහෙනම් හෙට ඉඳලා කට්ටිය බෙහෙත් නොබී ඉමු නේද? දැන් මේක කියලා තියන්නේ ශ්‍රමනයන්ට කියන එක හා ජ්‍යොතිෂයට අමතරව කාලගුන තොරතුරු දැක්වීම වෙදකම පහත් ලාමක විද්‍යාවන් ලෙස දක්වලා තියනවා කියන එක නොදන්න අය හැමදාම මේ චුයින්ගම් එකත් කනවා..

    කෙටියෙන් කියන්න තියන්නේ මේකයි බුදුන් වහන්සේ ජ්‍යොතිෂ බොරු කිව්වෙ නෑ. කිව්වේ එහි ඇලීම අනවශ්‍ය බවයි.

    ප්‍රාන ගාත ප්‍රයෝගයන් තුල විද්‍යා හා සෘද්ධිමය ප්‍රයෝග දෙකක් ගැන සඳහන් ඒවත් හොයලා බලන්න.. තමන් එහෙන් මෙහෙන් අහපු දෙයක් අල්ලන් පොරත්වය සඳහා තර්ක කරන්න එපා.. පස් පවු කර කර ජ්‍යොතිෂ බුද්ධාගමට විරුද්ධයි කියන එක විහිලුවක් මචන්..

    තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.