කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔකුන් කොරන්නෙ මිනිස්සු මුලා කරල බඩ වඩා ගැනිම. ජොතිස්යතමා මෙහෙ අපේ රටේ තියෙන බොරුවෙන් සල්ලි හම්බ කරන්ඩ පුලුවන් පහසුම කරමේ.ඔය නැකතත් ඇවිත් බොරුවෙන් වේල පිරිමහ ගන්න එකෙනෙ ඒකයි රීදෙන්ඩ ඇත්තෙ,

    උඹේ රන් ගොජාත් ඕවෑයි ඇලිච්ච එකෙක් තමයි... :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නැකත් හොරාට හොඳටම රිදිලා ලිඳක් අලුතෙන්ම කපාගෙන ඒකට පැනල ඇති ... දැන් ඉන්න එවුන් කරන්නෙ කාට හරි බොරු කරල රවට්ටල කීයක්‌ හරි හොයාගන්න එක ...
    :yes::yes::yes: ඒදා වේල හොයන්නෙ බොරුව්න් වචාවෙන් ඔහොම උන්ට හරි යයිද..

    නැකත් හොරු බුදුහාමුදුරුවොත් විකුනන් කනවා ලංකා‍වට බුදු දහම ලැබිල අවු 2500 ටත් වැඩි වුනත් තාම මිත්‍යා දුෂ්ටික වගේ බලි තොවිල් යාග ඡොතිශ්‍ය පස්සේ දුවනවා .
    :yes::yes::yes: මිත්යා දුශ්ටිය බන් මිත්යා දුශ්ටිය, බුද්ධාගම කියල හිතාගෙන මිත්යා දුශ්ටිය අදහනව.

    උඹේ රන් ගොජාත් ඕවෑයි ඇලිච්ච එකෙක් තමයි... :oo:
    :rolleyes: ඒක නම් දන්නෙ නැ
     
    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    ethakota mchn budu hamuduruwo budu wenwa kiyla a kanthenma kiyla kiwwe ipaduna welawa anuwa nemed???mama nm kiynne 70% satyi..but ehma hithagena oluwa uda thiya gattot ara wassata ahuwela boka napu eka tma setwenne

    budu wenava kiyala akanthenma kiwwe asitha thapasaya vitarai eya kendara karayek nemei, anith un kiwwe ekko budu wenava nathnam sakvithi raja wenava ithin ban raja maduraka ipaduna kenekta oya siddi deka wenna bari nane,

    hema thanama adatath anavaki kiyanava varadina ewa eliyata enne aduwen kanavata ekak hari giyama eka pattareth yanava ekai ban awla
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    බුදුහාමුදුරුවෝ කිව්ව ඕනෑම දෙයක් තර්ක විතර්ක වලින් තොරව මම ඇස් දෙක වහගෙන හිස මුදුනින්ම පිලිගන්නවා.
    මොකද උන්වහන්සේ කියපු ඇතැම් දේවල් කිව්වේ උපරිමයට සරල කරලා මොකද අපිට තෙරුන්ගන්න පහසු වෙන්න.
    එතැනදී උන්වහන්සේ කරේ සරල උපමා අරගෙන අන්තිම සරලව සේරටම වැටහෙන්න දේවල් කියල දීපු එක.
    නමුත් මට පින් තිබුනනං අද දවසේ බුදුන් දකින්න මට උන්නාන්සේගෙනුත් ප්‍රශ්න තියෙනවා අහන්න.
    ඒ අපහාස කරන්න නෙමේ. මොකද ඕනෑම දෙයක් බොහොම විනිවිද භාවයකින් යුතුව විශ්වාස කරන්නයි මම කැමති.
    අනික බුදුදහමේ මුල් භුමිය වෙන්නේ ඉන්දියාවනේ.
    මන් තදින්ම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ නොකිව්ව සමහර දේවලුත් කාලානුරූපීව සාහිත්‍යමය ස්වරූපෙන් බුදුදහමට එකතු වෙලා, ඒ original බුද්ධ දේශනාව යම්තාක් දුරකට විකෘති වෙලා යන්න ඇති කියලා.
    එක නිසා නිරවද්‍යම බුදුදහම අපිට අද දකින්න නෑ කියන මතේ මම ඉන්නවා.
    අනික මගේ ප්‍රශ්න බුදුන්ගෙන්ම අහල උත්තර හොයාගන්න තරං මම පුණ්‍යවන්ත වෙලත් නෑ.
    එක නිසා මට තෙරුන් ගන්න බැරි උනාට මගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිව්වේ ඇත්තයි කියන එක මම පිලිගන්නවා.

    නමුත් එහෙම මම ජෝතිෂ්‍ය පිළිගන්න කැමති නෑ.
    එහෙමනං එක බොහොම තාර්කික වගේම විනිවිද භාවයකිනුත් යුක්ත වෙන්න ඕනේ.
    එහෙමනං ඕන අභියෝගයකට, ඕන ප්‍රශ්නෙකට ඒ විෂය වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක කරන්නන්ට උත්තර දීමේ හැකියාව තියෙන්නේ ඕනේ.
    නමුත් අද එක එහෙම වෙලා නෑ.
    ස්ව ශක්තිය ගැන විස්වාශයක් නැති මිනිස්සු කව්රුත් උපන් වෙලාව බලල හදල දෙන කොළකෑල්ලකට, නැකතකට යටවෙලා ජීවත් වෙන්න පුරුදු වෙලා.
    ජෝතිෂ්‍ය කියන්නේ වෙන මුකුත් නෙමෙයි උබලගේ අපේම මානසික දුර්වල කමට කියන තවත් නමක්..

    good post brother
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    methana kiyawana ewunuth marry karala lamayek ehema labunama un karanneth mey tikama thama..

    එක ඇත්ත. එත් ටික ටික මේක අඩු කරන්න පුලුවන්; උත්සහ කරොත්. මගේ යාලුවෝ ඉන්නවා ළමයට නම තිබ්බ අකුරු බලන්නේ නැතිව. මම දන්නා තරමින් නැකත් පිළිපදින්නේ නැහැ.

    බවුද්දයෝ විදියට අපි සිංහල ලීලාවෙන් ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ සංසාර තේරුම් අරගෙන, සංසාරයේ අපමණ දුක් ආවත්, ඒවාට සැලෙන් නැතිව නිර්බයව මුණ දෙන්න ඕන. එත් දැන් වෙලා තියෙන්නේ නොපෙනෙන හින්දු මතිමතාන්තර පස්සේ ගිහිල්ල, ආත්ම ගරුත්වයක් නැති හිවලෙක් වගේ බයෙන් ජීවත් වීම.

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මහ එකා අර ලබ්බක් කරකව කරකව ඉන්න රටේ ඔයිට අඩා මොනා බලාපොරොත්තු වෙන්නද?:D

    mahinda lokka yudda kanarannath kalin kendara compare karalu prabhakarange kendare ekka...
    lalith weerathunga lokka news paper article ekaka kiwwa meka... I have read it.
    prabha ta wada nahinda lokkage welawa powerful wuna welawakalu yudde patan gaththe...
    prabha ge kendare deela thiyenne a paththe indan penapu kenek :rolleyes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    methana kiyawana ewunuth marry karala lamayek ehema labunama un karanneth mey tikama thama..

    මම නම් මගේ ළමයෙක්වත් කේන්දරයක් හදන්නේ නෑ.. පොඩි කාලේ ඉඳන් ළමයින්ගේ ඔලු වලට මනස්ගාත දාලා brainwash කරන එක කීයටවත් කරන්නේ නෑ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හරි දැන් මම මෙතන බුදු දහම ගැන මොකුත් කියන්නේ නෑ. ඔය මෙතන ඉන්න එක නැකැත් මහත්මයෙක් හරි මගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුලුවන් කමක් තිබේ නම්. ළමයෙක් ඉපදෙන වෙලාව බලලනේ හඳහන තීරණය කරන්නේ. එතකොට ළමයෙක් නෝර්මල් හම්බුවෙන වෙලාව 2014 සැප්තැම්බර් 27 වෙනිදා හවස 6.00 නම් ඒ ළමයව හම්බුවෙන්න syntocinon වගේ හෝමොනයක් දීලා දරු ප්‍රසූතිය පහසු කලා නම් ඒ ළමයා ඊට කලියෙන් අනිවා හම්බු වෙනවා. කලින් කිව්වේ පැයකට වඩා ලොකු වෙනසක්. එතකොට ඒ වෙලාව හවස 4.30 නම් ඒ ළමයම නෝර්මල් හම්බුවෙන්න නොදී සිසේරියන් සැත්කමක් මගින් එලියට ගත්තනම් එදා දවල් 2.30 ට එතකොට ඔය උපන් වෙලාව අනුව හැදෙන හඳහන හැදෙන්නේ 2.30 ටනේ බං. එතකොට එකම ළමයගේ 6.00 හම්බුවෙන්න නියමිතව තිබ්බ නම් ඒ ග්‍රහයෝ ටික පෙනේ පුප්පලා 2.30 ට හම්බු වුන නිසා වෙන ලග්නයක් එක්ක ග්‍රහයෝ වෙනස් වෙනවනේ. එහෙම නම් බං ඔය බබාල හම්බුවෙන වාට්‍ටුවේ සති 37 පැන්නට පස්සේ ඔක්කොම අම්මලා පෝලිමට තියලා ඔක්කොම ග්‍රහයෝ උච්ච වෙලාවල් බලලා ලංකාවේ හැම කෙනෙක්ම සිසේරියන් සැත්කමකින් එලියට ගත්තොත් ඔක්කොගෙම එකම වෙලාවක්නේ එකම හඳහනක්නේ එන්නේ. එතකොට ඔය නැකැත් හදන උඹලා සෙට් එකටම පෝලිමට ලිඳේ පනින්න පුලුවන්නේ. දැන් කියන්න එපා ඒක ප්‍රායෝගික නැහැ කියලා. එහෙනම් හම්බුවෙන හැම ලමයම සීසර් කරලා හොඳ නැකැත් බලලා වෙන වෙන වෙලා වල උනත් එලියට ගන්න පුලුවන් නේ එලියට. එහෙමත් බැරිනම් ලමයව නෝර්මල් ලැබෙනවනම් අඬුවක් දාලා අදින්න පුලුවන් නේ සුභ නැකතක් අල්ලලා විටපියක් එහෙම දාලා, නැත්නම් වැකුම් එකකින් අදින්න පුලුවන් නේ. එතකොට ඔය ළමයි හම්බුවෙන ප්‍රසූතිකා ගාර වල labour induction කියලා කරන දේ කරන එකත් අවුල් නේ. දන්නේ නැති නිසයි ඉතින් අහන්නේ. මොකද උපන් වෙලාව නැතුව වෙන අහවල් වෙලාවකින් ඕක බලාගනන් බැහැ නේ. දැන් ඉතින් කියන්න එපා ඒ ළමයගේ වෙලාව අනුව හම්බුවෙන්න ඕනේ විදිය තීරණය වෙන්නේ කියල නම් මොකද බඩෙන් එලියට එන්න කලියෙන් වෙලාව ගැන කතා කරන්න අයිතියක් නැහැ නොවෑ අපිට නේහ්.. ඔය කියන තීරණය වෙනස් කරන්න දොස්තර කෙනෙක්ට ඕනේ තරම් හැකියාව තියෙනවා. එතකොට මේ ලෝකෙට සර්ව බලධාරි දෙවියො වෙන්නේ දොස්තරලද?

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙමයි මේ ලෝකේ සත්‍යය ගත්තම ඒක නියතයක්, ඒක සදාකාලික දෙයක්, ඒක වෙනස් වෙන්නේ නෑ, විද්‍යාවේ වුනත් ගොඩක් නියම වලින් කියන්නේ ඒ සත්‍යයන් ගැනයි. බුදු දහමේත් මේ සත්‍යය ගැන කියනවා, ජෝතිෂ්‍යයෙත් මේ සත්‍යය ගැන යම් ප්‍රමාණයකට කියනවා, අනෙක් ආගම් වලිනුත් කියනවා ඇති.
    විද්‍යාවේත් මේ සත්‍යය ගැන යම් ප්‍රමාණයකට කියනවා, එතකොට කවුරු කිව්ව්ත් එකයි. කොහෙන් හරි කමක් නෑ සත්‍යය නම් අපි ගන්න ඕනේ ඒකයි, නිව්ටර් නියම බුදු දහමේ නෑ නේ? එහෙම කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේද? බුදු දහමේ නෑ කියලා නිව්ටන් නියම වැරදිද? ඒක තේරුම් ගන්න. සත්‍යය කියන්නේ බුදු දහම නෙවෙයි, බුදු දහම කියන්නේ පවතින සත්‍යය යම් කෝණයකින් හදුනා ගන්න ක්‍රමයක් විතරයි, සත්‍යය කියන්නේ මේ විශ්වය වගේ නම්, බුදු දහමේ කියලා තියෙන්නේ එයින් අල්පයක් විතරයි. ඒක බුදු හාමුදුරුම කියලා තියෙන්නවා, මේ විශ්වසයේ පවතින සත්‍යය වනයක් තරම් විශාල නම්, තමන් දේශණා කරලා තියෙන්නේ එයින් අල්පයක් පමණයි කියල (කොට්ටම්බ කැළයේ කථාව මතකනේ), එතකොට හිතාගන්න පුලුවන් නේ ඒකේ තේරුම? ඒකේ අදහස තමයි සත්‍යය කිව්වම ඒක සදාකාලික ලෙස, පවතින දෙයක්. බුදු දහමෙන් කියලා දෙන්නේ වැඩි වශයෙන් නිවන් දකින එක ගැනයි, ඒ ආශ්‍රිත දේවල් සම්බන්ධවයි. එතකොට බුදු දහම හැම එකටම දාලා හරියන්නේ නෑ, එතකොට ජෝතිෂ්‍යය හරි. නමුත් ඒක 100% ද නැද්ද යන්න තීරණය වෙන්නේ, ඒ ඒ පුද්ගලයාගේ දැනුම සහා ඒක යොදන විදිය අනුවයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදුහාමුදුරුවෝ කිව්ව ඕනෑම දෙයක් තර්ක විතර්ක වලින් තොරව මම ඇස් දෙක වහගෙන හිස මුදුනින්ම පිලිගන්නවා.

    එහෙනම් උබ බෞද්ධාගමේ නෙවෙයි, අමූලිකා ශ්‍රද්ධාව බුදු දහමේ ප්‍රතික්ෂේප කරනවා. බුදු දහම උගන්වන්නේ ආකාරවති ශ්‍රද්ධාව ගැනයි, ඒ කියන්නේ විමසලා, බලලා යම් දෙයක් පිළිගැනීමයි. බුදු හාමුදුරු කියපු එක හරි මම ඒක පිළිගන්නවා නමුත් අපි ඒක ගැන විමසන්නේ නැතුව ,තර්ක කරන්නේ නැතුව හිස මුදුනින්ම පිලිගන්න නරකයි, ඒකෙන් ප්‍රඥ්ඥාව මොට වෙනවා. ප්‍රඥ්ඥාව මොට වුනාම විපස්සනවා වැඩෙන්නේ නෑ ඒතකොට නිවන් දකින්න බෑ.

    උදාහරණයකට මෙහෙම හිතන්න, අපිට දෙනවා ගණිතමය ගැටලුවක් විසදන්න, අපිට පුලුවන් මේක කොහෙන් හරි copy කරලා විසදන්න, නැත්නම් theory අවබෝධ කරගෙන විසදන්න, නැත්නම් කටපාඩම් කරලා විසදන්න. මෙතනින් සාර්ථකම ක්‍රමය වෙන්නේ theory අවබෝධ කරගෙන විසදන එකයි, උබ කරන්නේ copy කරලා විසදන එකයි (කවුරු හරි කියපු දෙයක් ඒ විදියට බාරගැනීම)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "මම මෙහෙම කියන කොට මේ ගැන සතුටු වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන පින්වතුන් විතරයි. මිත්‍යාදෘෂ්ටියේ බැස ගත් උදවියට කේන්ති යනවා." :yes::yes::yes:

    :dull: මට මේක පැහැදිලි කරන්න ගොඩක් වෙලාව යනවා නමුත් සරලව කියන්නම් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මයි. එතකොට නිවැරදි දැක්ම කියන්නේ මිත්‍යා දෘශ්ඨ්යෙන් ඈත්වීමටයි. බුදු දහම හැර වෙනත් දර්ශණයක්, විද්‍යාවක්, ජෝතිෂ්‍යය වගේ දෙයක සත්‍යය තියෙනවා ඒක පිළිපදිනව නම් ඒකත් සම්මා දිට්ඨියක් තමයි. උදාහරණයකට කිව්වොත් ගුරුත්වාකර්ෂණය ගැන බුදු දහමේ නෑ, ගණිතය ගැන බුදු දහමේ නෑ (මම දන්න තරමින් නෑ, තියෙනවා නම් කියන්න, එතකොට මමත් දෙයක් ඉගෙන ගනියි) එතකොට ඒවා පිළිගත්තා කියලා තමන් මිත්‍යා දෘශ්ථිකයෙක් වෙන්නේ නෑ. මේ ලෝකේ සත්‍යය කිව්වම ඒක නියතයක්, ඒක ගැන තමයි විද්‍යාවෙන්, බුදු දහමෙන් , ජෝතීෂ්‍යයෙන් කියන්නේ, යම් යම් මට්ටම් වලින්. බුදු දහම අනෙක් ඒවාට මම සමාන කරන්නේ නෑ ,මොකද ඒකෙන් කියන්නේ මේ පද්ධතියෙන් මිදෙන ක්‍රමය ගැනයි (සංසාරය), එහෙම මිදෙන්න ජීවිතය හැඩගස්සවන විදියයි (මංගල සුත්‍රය වගේ), හොද තලයකට යන විදිය ගැනයි (දේව, ඇසුර, අපාය වගේ තල), එතකොට බුදු දහම අනෙක් ඒවාට සාපේක්ෂ ලෙස ගොඩක් වටිනවා නමුත් නමුත් එහෙම කියලා අනෙක් දේවල් බොරු වෙන්නේ නෑ. ඔහොම ආගම විතරක් ජීවිතය කරගත්ත මිනිස්සු කොටසක් තමයි මුස්ලිම් එවුන් කියන්නේ (හැමෝම නෙවෙය්) දැක්කනේ උන් ඉන්න හැටි විතරයි, බුදු දහම හොද නිසා හොදයි නැත්නම් ලංකාවේ මිනිස්සු ඉන්නෙත් ඔය වගේම තමයි.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙහෙමයි මේ ලෝකේ සත්‍යය ගත්තම ඒක නියතයක්, ඒක සදාකාලික දෙයක්, ඒක වෙනස් වෙන්නේ නෑ, විද්‍යාවේ වුනත් ගොඩක් නියම වලින් කියන්නේ ඒ සත්‍යයන් ගැනයි. බුදු දහමේත් මේ සත්‍යය ගැන කියනවා, ජෝතිෂ්‍යයෙත් මේ සත්‍යය ගැන යම් ප්‍රමාණයකට කියනවා, අනෙක් ආගම් වලිනුත් කියනවා ඇති.
    විද්‍යාවේත් මේ සත්‍යය ගැන යම් ප්‍රමාණයකට කියනවා, එතකොට කවුරු කිව්ව්ත් එකයි. කොහෙන් හරි කමක් නෑ සත්‍යය නම් අපි ගන්න ඕනේ ඒකයි, නිව්ටර් නියම බුදු දහමේ නෑ නේ? එහෙම කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේද? බුදු දහමේ නෑ කියලා නිව්ටන් නියම වැරදිද? ඒක තේරුම් ගන්න. සත්‍යය කියන්නේ බුදු දහම නෙවෙයි, බුදු දහම කියන්නේ පවතින සත්‍යය යම් කෝණයකින් හදුනා ගන්න ක්‍රමයක් විතරයි, සත්‍යය කියන්නේ මේ විශ්වය වගේ නම්, බුදු දහමේ කියලා තියෙන්නේ එයින් අල්පයක් විතරයි. ඒක බුදු හාමුදුරුම කියලා තියෙන්නවා, මේ විශ්වසයේ පවතින සත්‍යය වනයක් තරම් විශාල නම්, තමන් දේශණා කරලා තියෙන්නේ එයින් අල්පයක් පමණයි කියල (කොට්ටම්බ කැළයේ කථාව මතකනේ), එතකොට හිතාගන්න පුලුවන් නේ ඒකේ තේරුම? ඒකේ අදහස තමයි සත්‍යය කිව්වම ඒක සදාකාලික ලෙස, පවතින දෙයක්. බුදු දහමෙන් කියලා දෙන්නේ වැඩි වශයෙන් නිවන් දකින එක ගැනයි, ඒ ආශ්‍රිත දේවල් සම්බන්ධවයි. එතකොට බුදු දහම හැම එකටම දාලා හරියන්නේ නෑ, එතකොට ජෝතිෂ්‍යය හරි. නමුත් ඒක 100% ද නැද්ද යන්න තීරණය වෙන්නේ, ඒ ඒ පුද්ගලයාගේ දැනුම සහා ඒක යොදන විදිය අනුවයි.
    නියම කමෙන්ට් එක මචන් මමත් එකගයි ජොතිශය පට්ට බොරු කියල කියන්න කාටවත් බැ මොකද සරලවම ගත්තොත් අපෙ ශරිරය කියන්නෙත් ස්කන්දයක් ග්‍රහලොක කියන්නෙත් ස්කන්දයන් නිව්ටන්ගෙ ගුරුත්වකර්ශන නියම අනුව විශ්වයෙ ඔනම ස්කන්ද දෙකක් අතර ආකර්ශන බලයක් තියනව ඉතින් මෙ ඔනම ග්‍රහලොකයක් පතයෙ වෙනස්වීමෙන් මෙ ආකර්ශන බල වෙනස් වෙනවා ඉතින් අනිවාර්යෙන්ම ග්‍රහයෙක් හැරෙනකොට අපෙත් යම් වෙනසක් වෙනවා මෙක ප්‍රමානාත්මකව මනින එක තමා ජෝතිශයෙන් කොරන්නෙ එකෙ නිරවදයතාවය 100% ද කියල ප්‍රශ්නයක් තියනවා නමුත් 100% බොරු නෙවෙයි
    වැදගත්ම දෙ මෙ ලොකෙ තියන හැම ලබ්බෙම ඇත්ත බොරු හොයන්න යන එක හෙනම බොරු වැඩක්
     
    thanujaka

    Well-known member
  • එහෙනම් උබ බෞද්ධාගමේ නෙවෙයි, අමූලිකා ශ්‍රද්ධාව බුදු දහමේ ප්‍රතික්ෂේප කරනවා. බුදු දහම උගන්වන්නේ ආකාරවති ශ්‍රද්ධාව ගැනයි, ඒ කියන්නේ විමසලා, බලලා යම් දෙයක් පිළිගැනීමයි. බුදු හාමුදුරු කියපු එක හරි මම ඒක පිළිගන්නවා නමුත් අපි ඒක ගැන විමසන්නේ නැතුව ,තර්ක කරන්නේ නැතුව හිස මුදුනින්ම පිලිගන්න නරකයි, ඒකෙන් ප්‍රඥ්ඥාව මොට වෙනවා. ප්‍රඥ්ඥාව මොට වුනාම විපස්සනවා වැඩෙන්නේ නෑ ඒතකොට නිවන් දකින්න බෑ.

    උදාහරණයකට මෙහෙම හිතන්න, අපිට දෙනවා ගණිතමය ගැටලුවක් විසදන්න, අපිට පුලුවන් මේක කොහෙන් හරි copy කරලා විසදන්න, නැත්නම් theory අවබෝධ කරගෙන විසදන්න, නැත්නම් කටපාඩම් කරලා විසදන්න. මෙතනින් සාර්ථකම ක්‍රමය වෙන්නේ theory අවබෝධ කරගෙන විසදන එකයි, උබ කරන්නේ copy කරලා විසදන එකයි (කවුරු හරි කියපු දෙයක් ඒ විදියට බාරගැනීම)

    එක තමයි මම කිව්වේ බුදුහාමුදුරුවෝ අද දවසේ ජීවතුන් අතර හිටියනං මට එතුමගෙනුත් අහන්න ප්‍රශ්න තියෙන බව... ඒවා අහල නිවැරදි කරගන්න මටත් ඕනේ.. මොකද දැන් අපි අහන දකින බුද්ධාගම original ම නෙවෙයි කියන මතේ මම ඉන්න නිසා...
    නමුත් මට එහෙම කරන්න බැරි තැන මම බුදුහාමුදුරුවෝ කියපු දේ එක හෙලාම පිලිගන්නවා...
    මොකද මම පෞද්ගලිකව විශ්වාස කරනවා බුදුන් අපිට කිව්වේ 100% හරිම දේ අපිට අවබෝධ නොවුනට කියල...

    කවුරු හරි කියපු දෙයක් ඒ විදියට බාරගැනීම කියන එක මම කීයටවත් කරන්නේ නෑ... එහෙනං මේ වෙනකොට මම ජෝතිෂ්‍ය පස්සේ දුවන එකෙක් වෙන්න ඕනේ...
    මගේ ජීවිතේට මම අද වෙනකන් කිසිම දෙකට නැකතක් වත් බලල නෑ...
    බුදුහාමුදුරුවෝ කියන්නේ නිකම්ම නිකන් කවුරුහරි කෙනෙක් නෙමෙයි නේ...
    මේ ලෝකේ මනුස්සයෙක් අහපු අහපු හැම ප්‍රශ්නෙකටම උත්තර තිබුන එකම කෙනා උන්වහන්සේ...
    ඉතිං එතුමා කියපු ඕන දෙයක්, අද දවසේ මට නැවත ප්‍රශ්න කරන්න බැරි නිසා මම එකහෙලාම පිලිගන්නවා ඇස් දෙක වහගෙනම... එක මම පැහැදිලිවම මම දාපු පොස්ට් එකෙත් දැම්මා...

    බුදුන් දෙසා වදාළ දේ ඇරුනම වෙන කිසිම කෙනෙක් කියන දෙයක් මම පිළිගන්නේ නෑ එක විනිවිද භාවයකින් යුක්ත නැත්තන්...එක නිසා කවුරුවත් කියපු දෙයක් ඒ විදිහටම භාරගන්න කෙනෙක් නෙමෙයි මම... නමුත් මට බුදුන් කියන්නේ කවුරුවත් නෙමෙයි...උබේ ඔය උදාහරණෙ හොදයි අන්ධ භක්තිකයෙක්ට... නමුත් මම අන්ධ භක්තිකයෙක් නෙමෙයි... මට ප්‍රශ්න කරන්න බැරි තැනදී මම නුදුන් විශ්වාස කරනවා... එච්චරයි...

    මම බුදුන් විශාවාස කරපු පලියට උබ උදාහරණ දාගෙන මම මේ නිකන් මේ කවුරුත් කියන දේ විශ්සාව කරන කෙනෙක් කියන නිගමනෙට එන්න එපා.. හේතුව එකට අදාල පැහැදිලි කිරීම මම මගේ පොස්ට් එකේම දැම්මත් එක්ක... බුදුන් කිව්වේ තමන්ගේම හේතුකත්වයට යම්කිසි දෙයක් ගම්‍ය නොවනතාක් එක විශ්වාස කරන්න එපා කියලයි... ඒක පිළිපදින කෙනෙක් මම... එහෙම නැතුව අන්ධ භක්තිකයෙක් නෙමෙයි...

    “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
     
    Sep 27, 2014
    152
    33
    0
    astrology.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    :dull: මට මේක පැහැදිලි කරන්න ගොඩක් වෙලාව යනවා නමුත් සරලව කියන්නම් සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මයි. එතකොට නිවැරදි දැක්ම කියන්නේ මිත්‍යා දෘශ්ඨ්යෙන් ඈත්වීමටයි. බුදු දහම හැර වෙනත් දර්ශණයක්, විද්‍යාවක්, ජෝතිෂ්‍යය වගේ දෙයක සත්‍යය තියෙනවා ඒක පිළිපදිනව නම් ඒකත් සම්මා දිට්ඨියක් තමයි. උදාහරණයකට කිව්වොත් ගුරුත්වාකර්ෂණය ගැන බුදු දහමේ නෑ, ගණිතය ගැන බුදු දහමේ නෑ (මම දන්න තරමින් නෑ, තියෙනවා නම් කියන්න, එතකොට මමත් දෙයක් ඉගෙන ගනියි) එතකොට ඒවා පිළිගත්තා කියලා තමන් මිත්‍යා දෘශ්ථිකයෙක් වෙන්නේ නෑ. මේ ලෝකේ සත්‍යය කිව්වම ඒක නියතයක්, ඒක ගැන තමයි විද්‍යාවෙන්, බුදු දහමෙන් , ජෝතීෂ්‍යයෙන් කියන්නේ, යම් යම් මට්ටම් වලින්. බුදු දහම අනෙක් ඒවාට මම සමාන කරන්නේ නෑ ,මොකද ඒකෙන් කියන්නේ මේ පද්ධතියෙන් මිදෙන ක්‍රමය ගැනයි (සංසාරය), එහෙම මිදෙන්න ජීවිතය හැඩගස්සවන විදියයි (මංගල සුත්‍රය වගේ), හොද තලයකට යන විදිය ගැනයි (දේව, ඇසුර, අපාය වගේ තල), එතකොට බුදු දහම අනෙක් ඒවාට සාපේක්ෂ ලෙස ගොඩක් වටිනවා නමුත් නමුත් එහෙම කියලා අනෙක් දේවල් බොරු වෙන්නේ නෑ. ඔහොම ආගම විතරක් ජීවිතය කරගත්ත මිනිස්සු කොටසක් තමයි මුස්ලිම් එවුන් කියන්නේ (හැමෝම නෙවෙය්) දැක්කනේ උන් ඉන්න හැටි විතරයි, බුදු දහම හොද නිසා හොදයි නැත්නම් ලංකාවේ මිනිස්සු ඉන්නෙත් ඔය වගේම තමයි.

    අපි යමක් හරියට තේරුම් ගන්න ඕන.

    බුදුන්ගේ කාලෙත් නොයෙක් ශිල්පසස්ත්‍ර තිබ්බ. වෙදකම ගමුකො. ඉතින් බුදුහාමුදුරුවොන්ටත් වෙදෙක් හිටිය ජීවක කියල. වෙදමහත්තයා ප්‍රතිකාර කරන්න පුළුවන් වෙදකම මැනවින් ඉගෙනගත්තොත් තමයි. මම හිතන්නැහැ බවුද්ද ගිහියන්ට ඔය වගේ ධාර්මිකව ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගන්වට බුදුහාමුදුරුවෝ එකට විරුද්ද කියල, මොකද සමාජයේ පැවැත්මට ශිල්ප දැනුම ඉගැනීම අවශයි.

    ගණිතය උනත් එහෙමයි. ගණිතය උපයෝගිකරන් සමාජයේ යහපත් වෙනුවෙන් යොදාගන්න එක වරදක් නෙවි. හැබැයි ගණිතය තුල කොටසක් තියෙනවනම්, කර්මය මත පදනම්වූ දෙයක්, සුබ අසුබ ගැන, කලින් කරපු කුසල් අකුසල් නිසා අපේ අනාගතේ වෙන දේවල් ගැන, අන්න ඒ කොටස අතහරින්න, මොකද බුදුදහමේ හරයන්ට එකග නැති නිසා. එක මිත්යදුෂ්ටියක්. බවුද්දයන් අනුගමනය නොකළ යුතු දෙයක්. පැහැදිලි නේද.

    පටලවගන්න එපා. අපිව පටලන්නත් එපා. කන්න උනාම තලගොයා කබරයා කරන්න එපා.
     
    :yes::yes::yes::yes::yes::yes::yes:

    බවුද්දයන්=/ බෞද්ධ