මිත්යා දුශ්ටියක තරම, ජොතිස්ය බුදු දහමෙන් ප්‍රතික්ශේපිතයි.එහෙම කියල අදහ ගන්ඩ කැමති මිතයා දුස්ටිකයෙක්ට අදහ ගන්ඩ පුලුවන් කිසිම ගැටලුවක් නැ.ඔය උදා හරන ඔනෙ නැ මහා ම0ගල සුත්‍රය හොදටම ඇති ජොතිස්ය බුදු දහම පිලි ගන්නෙ නැ කියන්ඩ.නැකැත් රාල;17182816 said:පෝස්ට් එක පට්ට.. මම සාමාන්‍යයෙන් අරුනයා කරනවා වගේ එරෝසාන්ලා වගේ නරි ගනන් ගන්නේ නෑ.. නමුත් මේක දාපු එකා බෞද්ධයෙක් කියලා මම දන්න නිසා පුන්චි පැහැදිලි කිරීමක් කරනවා. හැබයි දිගින් දිගටම ත්‍රෙඩ් එක බම්ප් කර කර රිප්ලයි කරන්නේ නෑ. ඒ වගේම ලොකු සීන් දාලා ප්‍රශ්න අහන උන්ට මම කොහොමත් උත්තර දෙන්නේ නෑ යමක් දැනගන්න ඕන නම් හෙමින් සැරේ ලොකු සීන් නැතුව අහන එකෙක්ට විතරයි මම පී එම් වලින් වුනත් උත්තර දෙන්නේ..
දැන් පැහැදිලි කිරීම. ඉස්සෙල්ලම මට දැනගන්න ඕන බුදු දහම මගින් ජ්‍යොතිෂ අනුමත කලා කියලා ඔයාලට කිව්වේ කවුද කියන එක? ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන බුදු දහමේ පරමාර්ථය හා ජ්‍යොතිෂයේ පරමාර්ථය. බුදු දහම සංසාරය කෙලවර කරගෙන නිර්වාන අවබෝධය සඳහාත් ජ්‍යොතිෂය ලෞකික සැප ලබන්නත් භාවිතා වෙන දෙකක්.. දැන් කවුරුහරි ඇහුවොත් ජ්‍යොතිෂ නිසා සංසාර ගමන දීර්ග වෙනවද? පිලිතුර ලෞකික සැප බලාපොරොත්තුවෙන් කරන ඕනම දෙයක් නිසා සහ පඨිඝයක් ඇතිවන ඕනම දෙයක් නිසා සංසාරය දීර්ඝ වෙනවා.
ඒ කියන්නේ? ඒ කියන්නේ අපිට ඇතිවෙන හෑම රාගසහිත ද්වේශ සහිත හා මෝහ සහිත සිතිවිල්ලක් නිසාම සංසාරය දික්වෙනවා. අපිට තරහ ගියාම ආසාවල් ආවම මේක වෙනවා. දැන් මම හිතන්නේ කට්ටියට පැහැදිලියි බුදුදහම ආශාවල් ප්‍රහින කරන්න කියද්දි මිනිස්සු ජ්යෝතිශය වෙත යන්නේ ආශාවල් ඇතුව යමක් ලබන්න. ඉතින් දැන් බුදුන් වහන්සේ ඒක අනුමත කරයිද?
එතකොට තව ප්‍රශ්නයක් කෙල්ලෙක්ට ආදරේ කරන එක රාගයක් නේ ඒකත් එහෙමද? ඔව් හඳහන බලන මිනිහා මැරුනොත් හරි කේන්දරේ බලා ගන්න විදිහක් නැති වුනොත් හරි මම මැරෙනවා කියලා කවුරුත් කියනවා අහලා තියනවද? නමුත් ආදරේ කරන කෙල්ල නැති වුනාම මැරෙන්න හිතෙනවා නේද? ඒ කියන්නේ ජ්‍යොතිෂයට වඩා ආදරය කිරීම ලොකු ආශාවක් හා ලොකු බැඳීමක් නේද?
එතකොට දේශපාලනය? අහ් ඔව් ඔව් ඒකත් ඒ වගේමයි.. ආන්ඩුවේ බත් ගොට්ටෙක් ඉන්න තැන ආන්ඩුවට බනින්න අර බත් ගොට්ටා අම්මමෝ නැති වෙන්න බැලා ද්වේශ සහගත සිතුවිලි ඇතිකරගෙන පඨිඝ ඇති කරගන්නවා නෙද? එතකොට ඒකත් සසර දීර්ඝ වෙන්න හේතුවක්
ඔය විදිහට බලනකොට අපි ජ්‍යොතිෂයට බැන්නට ඊට වඩා දරුනු පඨිඝ ලොකු ලොකු මොහයන්ගේ රාගයන්ගේ ඇලිලා ඉන්නේ අනික මෙතන හොඳ විහිලුවක් තියනවා හැබැයි ඒ තමයි ජ්‍යොතිෂ බැහැර කරන බොහෝ ඇත්තො පන්සිල් රකින්නේ නැති එක.
හරි දැන් හැරෙමු අර හැමදාම හපන චුයින්ගම් දෙක පැත්තට
පලවෙනි එක
නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා"
"කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක් කළ හැකිද?" යනු මෙහි සරල අදහසයි. එහෙත් මෙම ගාථාවට පාදක වූ කතාව විමසා බලා මේ පිළිබඳව තීරණය කළ යුතුය. කතාව මෙසේය. මනාලියක් කැඳවාගෙන ඒම සඳහා එක්‌තරා තරුණයෙකු නැකත් බලයි. ඒ සඳහා දිනයක් නියම කර ගනී. එහෙත් මේ නැකත් දිනය පිළිබඳව වඩාත් විශ්වාසය තහවුරු කරගනු පිණිස මෙම තරුණයා තවත් නැකත් කරුවකු හමුවී විමසයි. පළමුවෙන් තමන් හමුනොවී වෙනත් කෙනෙකුගෙන් නැකත බැලීම ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දෙවැනි නැකත්කරුවා කියන්නේ මෙම දිනය සුදුසු නැති බවයි. ඒ වෙනුවට පසු කාලයක එළඹෙන දිනයක් නියම කරයි. ඒ අනුව දිනය කල් දැමූ තරුණයා පසුව යන විට එම තරුණිය වෙනත් තරුණයකු හා විවාහ වූ බව දැන ගනී. මේ කතාව අසන අප මහ බෝසතාණෝ ඉහත ගාථාව පවසා තිබේ. ඉතින් මෙහෙම නැකැත් බලන එක මෝඩ වැඩක් කියලා අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..
මේ ගාථාව කවුරුන් හෝ කීව නිසා මිසක් නක්‌ඛන්ත ජාතකයේ කථාව කියවලා නෙමෙයි ගොඩ දෙනා තර්ක කරන්නේ.. අනිත් නියමම විහිලුව ත්‍රිපිටකය මිස ජාතක පාලිය බුද්ධ භාශිත නොවේ කියලා තර්ක කරන අයම මෙම ජාතක පාලියේ තියන ගාථාව උපුටා දැක්වීමයි.
තව එකක් කෞටිල්‍යය අර්ථ ශාස්ත්‍රය කියන පොතෙත් මේක තියනවා නමුත් පොත ලියන්න පටන් ගන්නේ ගුරුට හා සිකුරුට නමස්කාර කරලා. මේ ගාථාවතුලින් ප්‍රතික්ශේප වෙන්නේ ජ්‍යොතිෂය නෙමෙයි ජ්‍යොතිශයේ අන්තගාමි වීම.. ඉතින් බුදු දහමේ ඇරෙන්න අනිත් කිසිම දේක ඕනවට වඩා ඇලෙන්න හොඳ නෑ කියලා අපි පෙරපාසල් යන කාලේ ඉඳලා දන්න දෙයක්..
දැන් දෙවෙනි චුයින්ගම් එක
බ්‍රහ්මජාල සුත්‍රයේ ජ්‍යොතිෂ ලාමක විද්‍යාවක් සේ අර්ථ දක්වා තිබීම.
මේකත් තර්කයක් වශයෙන් ගේන අය බ්‍රහ්ම ජාල සුත්‍රය කියවලා නෑ.
මේ තියන්නේ උපුටා ගත් කොටස
19. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
(ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,
(ෂෂ) මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.
(ෂෂෂ) (අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.
(ෂඪ) චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.
(ඪ) හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්‍ර මුද්‍රා ආදී ලකුණුවලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මේ විද්‍යායි.
(ඪෂෂ) විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍ර්‍යයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම යනුයි.
(ඪෂෂ) බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි.
එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.
මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´.
උපුටා ගැනීම අවසන්"
දැන් ඉතින් එහෙනම් හෙට ඉඳලා කට්ටිය බෙහෙත් නොබී ඉමු නේද? දැන් මේක කියලා තියන්නේ ශ්‍රමනයන්ට කියන එක හා ජ්‍යොතිෂයට අමතරව කාලගුන තොරතුරු දැක්වීම වෙදකම පහත් ලාමක විද්‍යාවන් ලෙස දක්වලා තියනවා කියන එක නොදන්න අය හැමදාම මේ චුයින්ගම් එකත් කනවා..
කෙටියෙන් කියන්න තියන්නේ මේකයි බුදුන් වහන්සේ ජ්‍යොතිෂ බොරු කිව්වෙ නෑ. කිව්වේ එහි ඇලීම අනවශ්‍ය බවයි.
ප්‍රාන ගාත ප්‍රයෝගයන් තුල විද්‍යා හා සෘද්ධිමය ප්‍රයෝග දෙකක් ගැන සඳහන් ඒවත් හොයලා බලන්න.. තමන් එහෙන් මෙහෙන් අහපු දෙයක් අල්ලන් පොරත්වය සඳහා තර්ක කරන්න එපා.. පස් පවු කර කර ජ්‍යොතිෂ බුද්ධාගමට විරුද්ධයි කියන එක විහිලුවක් මචන්..
තෙරුවන් සරනයි. දෙවි පිහිටයි.
ජොතිස්සය්හෙන් කොහෙද දිරුනුව ඇති වෙන්නෙ ඇති වෙන්නෙ පිරිහීම හොර ජොතිස්ය කාරයො දෙන්නෙක් ගාවට කියොත් දෙන්න කියන්නෙ දෙවිදිහක් එතකොට මොකා ගාවද හරි එක තියෙන්නෙ???



