කේසර සිංහයා තම පුතුට කතා කරයි
පුත බලව… අර ඈත ක්ෂිතිජය දක්වා ඇති නිල්වන් තැනිතලාව…, මේ බිම යම් දිනෙක ඔබගේමැ ය.
පුත… මේ මහා සුවිසල් භූමිය අපිට උපතින්ම උරුම වූයේ අපගේ මිතුන් මිත්තන් ලේ දාඩිය කඳුළු ගංගා මැදින් කරන ලද ඒ මහා කැප කිරීම් නිසාමැ ය. බලව පුත මේ පස්… ඒවා රත් පැහැ ගැන්වී ඇත්තේ තොපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන්ය…, පුත අර ඈත පෙනෙන ගඟේ ගලන්නේ ජලය නොව, තොපගේ මී මුතුන්ගේ දහඩියයි…, පුත අර ඈතින් පෙනෙන නිල්වන් තනණිල්ලේ තණ පත් බිමට නැවී තිබෙන්නේ පිනි බිඳු නිසා නොවේ, තොපගේ මී මුතුන් එදා මේ බිමේ ලද්දා වූ විජයග්රහණයන් සිහිවී තණ පත් පවා සතුටු කඳුළු වගුරයි.
යම් දිනෙකැ තොපගේ පුතුන් හටද අභිමානයෙන් යුතුවැ හිස කෙළින් තබාගෙනැ මේ ගල් පව්වට නැගී තම නිජබිමේ අයිතිකරුවන් විලසින කේසර සිංහයාගේ අභිමානය ලොවටම කියා ගර්ජනා කිරීමට මේ පීතෘ භූමිය රැක ගැනීම තොප සතු පරම වගකීම වේ.
නමුත් පුත…, ඉදිරියේදී තොපට බොහෝ සෙයින් ප්රවේසම් වීමට සිදුවේවි… ඒ අන් කවරෙකුගෙන්වත් නොවැ සිංහ හම් පොරවාගත් කැනහිලුන්ගෙන්ය. උන් තොප වැනිම සිංහ වෙස් ගෙනැ තොපව අනුකරණය කරමිනැ තොපගේ වර්ගයා මෙතෙක් රැක ගත් දෑ සොරා ගනු ඇත… හැකිනම් තොපවත් එලොව යවනු ඇත.
අන්න එතනදී තොපට ඇති එකමැ ශක්තිය වනුයේ තොපගේ වර්ගයාගේ එකමුතුකමයි, එකාට එකා ඉන්නවානම් සද්දන්ත හස්ති රජුන්ගෙන් ගහන වූ වනයකදී වුවත් තොප දකින කලැ උන්ට සුළු දිය පහවනු ඇත.
සිංහ ලේ ඇති අප බොහෝ විට නිදිය…, වගේ වගක් නැත…, හොස්ස අද්දරින් මොකා ගියත් ඇහැක් අරලාවත් බලන්නේවත් නැත. නමුත් පුත, යම් මොහොතක අපව කුප්පවනු ලැබීමෙන් වියරුවක් ඇති වුවහොත් මෙලොව පරලොව කණපිට ගසා හෝ සතුරා සොයාගෙන ඌව කෑලි කෑලි වලට ඉරා දමා උගේ හිස මත පා තබා ගර්ජනා කරනු ඇත. සතුරන්ගේ ලොමු දැහැ ගැන්වෙන ඒ අභීත සිංහ නාදය නිතර ඇසෙන්නේ නැති වුණත් ඇසෙන දුලබ වාරයේදී සතුරන් ගේ සියොළඟ කිළිපොලා ගොස් කන් අඩි පැලෙන්නේ ය.