කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

donguy

Member
Feb 28, 2011
419
68
0
ඔන්න ඉතින් මේ දවස් වල bank interest rate එහෙමත් ගොඩක් අඩුයිනේ . ඒ වගේම stock exchange එක මේ දවස්වල හොඳ up trend එකක් පෙන්නවා.ඒවගේම stock exchangeඑකේ invest කරන්න ආස අයත් ගොඩක් ඉන්න නිසා මම post එකක් කරන්න හිතුවා කොහොමද stock exchange එකේ ඉන්වෙස්ට් කරන්නේ කියලා. stock market එකේ invest කරන එක බැංකුවේ දානවට වැඩිය risky තමයි හැබැයි ඉතින් හරියට ඉගෙන ගෙන කරොත් ගොඩ තමයි. අනිත් එක තමයි share price එක වැඩිවෙලා අපි profit ගත්තම එකට tax වදින්නේත් නැ .

මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕනේ stock broker කෙනෙක් තෝරාගන්න එක. ලංකාවේ දැනට brokers ලා 29ක් වගේ ඉන්නවා. ඒගොල්ලෝ ගැන දැනගන්න මෙන්න මේ link එකට යන්න.
http://www.cse.lk/trading_members.do

මේ හැම broker කෙනෙක්ම එකම ගානක් තමයි charge කරන්නේ මොකද එක අනුමත නීතියකින් පවතින නිසා. ඒ නිසා broker තොර ගැනීමේදී වඩා වැදගත් වෙන්නේ ඒගොල්ලොන්ගේ තියෙන trading system කියලයි මට හිතෙන්නේ. ඒ වගේම සමහර brokers ලගේ invest කරන්න ඕන අවම මුදලක් තියෙනව. මේ විස්තර ඒගොල්ලොන්ට කතා කරලා ලබා ගන්න පුළුවන්. මම හැම broker කෙනෙක් ගැනම දන්නේ නැති නිසා නම් කීපයක් කිව්වොත් ඒගොල්ලොන්ට අවාසි වෙන නිසා මම ඒ විස්තර නොලියා ඉන්නන්. ඕන කෙනෙක් මට PM කරන්න මම දන්නා විස්තර කියන්නන්.

හරි. ඉතින් ඕගොල්ලෝ broker තෝරගත්තට පස්සේ ඕගොල්ලෝ CSE එකේ ලියාපදිංචි වෙන්න ඕනේ . එක broker හරහා තමයි කරන්න ඕනේ. ඒ සඳහා CDS 1 හා CDS 1 A කියන form දෙක පුරවල දෙන්න. ඔයාලා තෝරාගන්න බ්රෝකෙර් ගාවට ගිහිල්ල මේ ෆෝරම් සෙට් එක ඉල්ලගන්න. මේ form වලට අමතරව තව broker සහ ඕගොල්ලෝ අතර වන agreement සෙට් එකක් broker ඕගොල්ලොන්ට දෙයි. ඒවත් පුරවල දෙන්න. ඒ forms broker අනුව වෙනස් වෙනවා.

හරි ඉතින් මේ form සෙට් පිරෙව්වට පස්සේ ඕගොල්ලොන්ට දවස් 3කින් විතර trade කරන්න පුළුවන්.broker firm එක විසින් ඔයාට personal broker කෙනෙක්ව දෙනවා. මේගොල්ලෝ තමයි ඊට පස්සේ ඔයාට buy / sell recommendation දෙන්නේ. හැබැයි ඉතින් ඔය හොඳට market එක study කරොත් මෙයාව අපිට ඕනේ නෑ .
ඒ සඳහා trading system එකක් පාවිච්චි කරනවා .DirectFN, Intellect , CDAX ආදී software කීපයක් මේ අතරින් ප්‍රධාන වෙනවා. හැබැයි සමහර systems වල front end එක broker එක්ක realtime link වෙලා නැ .එහෙම වුණාම ඔයාල සල්ලි අද දැම්මොත් හෙට තමයි පෙන්නේ. එකයි මම කිව්වේ broker තොර ගැනීමේදී මේ system එක ගැන බලන්න කියල.

මේ software එක install කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට shares buy / sell කරන්න පුළුවන්.
market එක නැගල යනකොට කියනවා bull market කියල. බහිනකොට කියනවා bear market කියල. bull market එකේදී shares ගන්නවා bear market එකේදී sell කරනවා. ඕක තමයි සිද්ධාන්තය. දැන් මේ දවස්වල තියෙන්නේ bull market එකක්. ගන්නවනං LIOC TKYO EXPO වගේ shares මේ දවස් වල bull trend එකක් පෙන්නනවා.

shares ගන්න ක්‍රම දෙකක් තියෙනවා .
short term සහ ලෝන්ග් term . ෂෝර්ට් term කියන්නේ දවස් පහක වගේ ඇතුලත උච්චාවචනය වන shares ගන්න එක. මේකට හොඳ ඉවක් වගේම market එක ගැන හොඳ දැනුමක් ඔනෙවෙනවා. ඉක්මනින් පෝසත් වෙන්න හොඳයි. හැබැයි risk එකත් වැඩියි.
ලෝන්ග් කියන්නේ 6 months ඉඳල 1 year වගේ.
shares buy කරන්න කලින් එකේ පසුගිය මාසවල හැසිරීම බලන්න. හොඳ shares වුනත් කාලෙකට යට යනවා. මේ කාලෙට ඇහැ ගහගෙන්න ඉඳල අඩු වෙච්ච ගමන් ගන්න.කවදාවත් වරදින්නේ නෑ.

මුලදී පොඩි ගානක් දාල කාලයක් තිස්සේ කරලා බලන්න. ඊට පස්සේ ඕනෙනං ලොකු ගණන් වලට යන්න පුළුවන්. මගේ broker නං capital alliance . හැබැයි ඉතින් ඕගොල්ලොන්ට ඕන කෙනෙක් තෝරාගන්න පුළුවන්.

තව මොනවහරි දැනගන්න ඕනේ නං කියන්නකෝ මම help එකක් දෙන්නන්.

මචන්, මේක ගැන බින්දුවක්වත් නොදන්න කෙනෙකුට මේ බිස්නස් එකට එන්න කලින් දැනුම මොනවා හරි ගන්න පුළුවන් සෙමිනාර් වගේ දේවල් තියෙනව නේද, මම දැක්ක cse වෙබ් සයිට් එකේ දාල තිබුන, ඉන්වෙස්ට් කරන හැටි සහ අදාළ දේවල් ගැන සෙමිනාර් එකක්, තව SEC එකේ දාල තිබුන කොර්ස් එකක් ගැන විස්තර වගයක්, (Programme in Investing), මේවා හදාරන්න ඕන නේද ඉන්වෙස්ට් කරන්න කලින්? මේක ගැන පොඩ්ඩක් කියපන් මචන්, (+ රේප් )
 
luxmen

Member
Jul 17, 2012
15,961
540

-----stock market gana seminars vala lectures ahuvama epa vena velaval thiyenava. Lecturer la thaman ge kusalathava ya pennan na amaru vidiyata talk karana velaval thiyenava. Ath TRUTH eka nam stock market amaru vadak neve. Godak denekuta amaru eka vadai thiyenne. Enam STOCK MARKET EKATA MONEY INVEST KARANNA MONEY NATHI KAMAI. EKA THAMA STOCK MARKET EKE EKAMA AMARU VADE.
 
Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    අපේ ඔෆිස් එකේ සිකුරුටි අන්කල් හිටියෙ වයසක මනුස්සයෙක්...ගම මාතර...වනජීවි එකේ ඒ.ඕ කෙනෙක්...රස්සාවෙන් අයින් වෙලා සල්ලි ඔක්කොම ශෙයා මාකට් දාලා ඉදලා... දුමින්ද සිල්වා වෙඩි තියලා රට පැනපු දවසෙ කඩන් වැටුනු මාකට් එක අද වෙනකන් මම දන්න තරමට උඩ ආවෙ නෑ...අන්න ඒ දවස් වල අර අංකල් ශෙයා මාකට් ගිය සේරටම අහු වෙච්ච පැරදිල්ලට අහු වෙලා ලොස් වෙලා දැන් කොලබ සිකුරුටි ජොබ් එකක් කරනවා....ඔය වගේ කතා නම් ඕන තරම් ඇති ශෙයා මාකට් එකේ කෙලවෙච්ච උන්ගෙ...
    හරි ගියපු උන්ගෙ කතා නම් අහල නැතිම තරම්...
    :yes::yes::yes::yes:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121

    :baffled: