කොට්ටන් කමුද?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අපි ස්කොලේ යන කාලේ නම් පන්තිය ලග කොට්ටන් ගහක් තිබ්බා. උගන්නන්නේ නැති වෙලාවට එලියට බැහැලා ගලක් අරන් කොට්ටන් තලලා කනවා. එකක් කාලත් මදි... :dull: :dull:


    වව්ලන්ට කන්න බැරුව නම් දාලා යනවා...:no: :no:


    දැන් නම් ඔය ගස් දකින්නෙත් කලාතුරකින්... :nerd: :nerd:

    2n1b0ck.jpg



    අපි බලමු කොට්ටන් ගහේ උදව්...:yes:

    විද්‍යාත්මක නම තමයි - Terminalia catappa

    ඉංගිරිසි නම තමයි- Talisay tree, Umbrella tree

    29p3u3r.jpg


    ගහ 35 මීටර් විතර උසට වැවෙනවා..මේ ගහේ උපන් දේශය අවිනිශ්චිතයිලු .මේක වියාප්ත වෙලා තියෙන්නේ අප්‍රිකා, ඕස්ට්‍රේලියා , නිව් ගිනියා , උතුරු ආසියා , සහ ඉන්දියානු රටවල් වලින්..

    මේක හදුන්වලා දුන්නේ අමරිකවෙන්ලු ..තායිවානය ගහේ වැටෙන කොළ වලින් අක්මා රෝග හදවත් රෝග සදහා බෙහෙතක් විදිහට පාවිච්චි කරනවලු..

    2bcemf.jpg


    කොළ වලින් ගන්න ඔව්ෂද වතුරෙන් පාචනය වැනි රෝග වලට එරෙහිව සටන් කරනවා...තව cancer වැළක්වීමේ සහ මුත්‍රා ප්‍රදේශ ආශිත්‍ර රෝග නිවාරණයක් විදිහටත් පාවිච්චි කරනවා ..

    උබලා කොට්ටන් කොළ කනවා එහෙම නෙවෙයි ඔන්න.... :D :D

    25thkw4.jpg


    මාළුන්ගේ බිත්තර වල හටගන්නා දිලීර වැලක්වීමටත් භාවිත කරනවා..

    ගහෙන් තියෙන හෙවන..:P :P

    අහ් තව කොට්ටන් කද ඔරු හදන්නත් ගන්නවලු.. :rofl: :rofl:

    24y4s5w.jpg


    වේලපු කොට්ටන් ලංකාවේ මුදලටත් ගන්නවා 1kg - R .s 1000 කට ගන්න තැන් තියෙනවා :rolleyes:

    1z14jl0.jpg


    මෙන්න බලන්න අපි හිතන්නෙවත් නැති ශාකෙක තියෙන ගුණ.... :yes:

    :yes: :yes: :yes: :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ado patta ban. apie eskoleth kottmba gas 4k thibuna polimata hitavapu. 8.9 free welavak set una gaman karanne api kottabba thalana eka. kottmba pola kiyala namkuth dalaa thibunaa
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඕවා දැක්කම පොඩි කාලේ මතක් වෙනවා බන්. ක්‍රිකට් ගහන්ඩ යන යන වෙලාවේ අහල පහල තියෙන කොට්ටන් ගස් යට කොට්ටන් ඇහින්ද ගෙන කොටන් කනව.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොඩි කාලේ කොට්ටන් තලන්න ගිහින් අනන්තවත් ඇඟිල්ල තලාගෙන තියනවා..:dull: කොට්ටන් කන්න ආසාවක් ආව බන් උඹේ පෝස්ට් එක දැකලා.. :yes: 4+
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඉස්සර නම් කාල තියෙනව තොග පිටින් ,දැන් අවුරුදු ගානකින් කාල නැ.
    මේ තෙර්ඩ් එක දැකප් ගමන් රහ දිවට දැනුන. rep++++
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඕවා දැක්කම පොඩි කාලේ මතක් වෙනවා බන්. ක්‍රිකට් ගහන්ඩ යන යන වෙලාවේ අහල පහල තියෙන කොට්ටන් ගස් යට කොට්ටන් ඇහින්ද ගෙන කොටන් කනව.

    :yes: :yes: :yes:
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    නැකැත් රාල;17184020 said:
    පොඩි කාලේ කොට්ටන් තලන්න ගිහින් අනන්තවත් ඇඟිල්ල තලාගෙන තියනවා..:dull: කොට්ටන් කන්න ආසාවක් ආව බන් උඹේ පෝස්ට් එක දැකලා.. :yes: 4+

    :yes: :nerd:
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මම ඉස්සර නම් කාල තියෙනව තොග පිටින් ,දැන් අවුරුදු ගානකින් කාල නැ.
    මේ තෙර්ඩ් එක දැකප් ගමන් රහ දිවට දැනුන. rep++++

    math ada kewa bn huga kalekata passe :yes: