දිවියන් ලෙස ලංකාවෙ හඳුන්වන සත්තු නම් ලංකාවෙ විතරක් නෙවෙයි වෙන රටවලත් ඉන්නව. මම මේ නූලට තව ලින්ක් ටිකක් එකතු කලා. ඒව බලන්න.
දිවියා කියන නමට සමාන ඉංග්රීසි වචනයක් මම දන්නෙ නැහැ.
දිවියන් ලෙස ලංකාවෙ හඳුන්වන සත්තු නම් ලංකාවෙ විතරක් නෙවෙයි වෙන රටවලත් ඉන්නව. මම මේ නූලට තව ලින්ක් ටිකක් එකතු කලා. ඒව බලන්න.
දිවියා කියන නමට සමාන ඉංග්රීසි වචනයක් මම දන්නෙ නැහැ.
මේ සත්තු අපේ රටේ සම්පතක්. කොටියා අපේ රටට ආවේනික සතෙක්. උගුල් අටවලා, වාහන වල හප්පලා උන්ව වනසන්න එපා. වාහන පරෙස්සමෙන් දක්කපල්ලා. උගුල් අටවන එකාලව නම් පොලෝසියට අල්ලලා දෙන්න තමයි වෙන්නෙ. අපේ රටේ සම්පත් පිට එවුන් ඇවිත් රකින්නෙ නෑ බොලව්, අපිම රැක්කොත් මිසක්. නොදන්න එවුන්ට කියා දීපල්ලා. පොඩි එවුන්ට මේ සතුන් ගැන, උන්ගෙ වැදගත්කම ගැන කියාදුන්නම ඊලඟ පරම්පරාවත් මේ සත්තු රකින්න පෙරට එයි.
මේ රට ඉංදියන් සාගරේ අමුතු ඇටේ නොවී මුතු ඇටයම වේවා!
එළකිරියන්ට ජය!
In world war 2 Tiger II was a heavy tank
![]()

ළමයි, මෙහෙමයි කේස් එක. අපි ලංකාවේ යාල විල්පත්තු දකින සතා ගේ scientific name එක Panthera pardus kotiya. උට එහෙම සුද්ද නම දාල තියෙන්නේ අතීතයේ ඉදන් අපි මෙයාට කියල තියෙන්නේ කොටියා කියලා. වරදවා වටහාගන්න එපා කොටියා කියන එකේ English වචනය Tiger කියල. Tiger කියන්නේ වියාග්රයා. මෙයා ලංකාවේ නැහැ.
ඒ කියන්නේ කොටියා ලංකාවේ ඉන්නවා, Tiger ලංකාවේ නැහැ.
ලංකාවේ ඉන්න කොටියට අපි කියන English නම තමයි Leopard කියල බොහෝ දෙනෙක් හදුන්වන්නේ. මෙන්න මෙතන තමයි අපි පටල ගන්නේ සහෝදරවරුනි.
මේක සෑහෙන බොන්න ඕනි ප්රශ්නයක් උනා ඕයි.

හරි සුද්ද දැම්ම Panthera pardus kotiya කොටිය කියමුකෝ, එතකොට කවුද යකෝ කොටිය කියන එක ටයිගර් කියල පරිවර්තනය කරපු එකා උටනේ නෙලන්න ඕනේ
එතකොට අපි එල්ටිටි කාරයොන්ට කොටිය කියන එකත් වැරදියි නේ, බොන්න වෙයි තමයි


දිවියා, කොටිය දෙන්නම ටිකක් ලඟින් යන සත්තු දෙන්නෙක්.. මට මතක විදියට එළකිරියේ සෑහෙන කාලෙකට කලින් ගිය ත්රෙඩ් එකකින් වෙන්න ඕන ඕක දැන ගත්තෙත්.. ලංකාවේ ඉස්සර කොටිය කියන සතා ඉඳල තියෙනව කතාවට කියන්නේ දිවියෙක් කොටියෙක් දඩයම් කරනව නම් ඔළුවටම ෂොට් එක දියන් බැරි උනොත් RIP ම තමා කියල. මොකද මැරිල වැටෙනකන්ම ගේම අත අරින්නේ නෑලු සතා. බළල් පවුලේ ශක්තිමත්ම බාහුව තියෙන්නේ සිංහයට. ශක්තිමත්ම හනුව තියෙන්නේ ව්යාඝ්රයටලු. ඉස්සර ඉන්දියාවෙ දි ලොකු වලක් හාරල ඒ වලට සිංහයෙකුයි ව්යාඝ්රයෙකුයි දාලා දිනන සතාට ඔට්ටු අල්ලනවලු. ඉස්සර උන එකා දිනුම්. Youtube එකේ ඇති වීඩියෝ.