මම කැම්පස් යන්න කොලඹ එන්න කලින් කොලඹ ඇවිත් තිබුනෙ ඉස්කෝලෙන් එක්කන් ආපු ට්‍රිප් එකක සහ මහරගම ජාතික අද්යාපන ආයතනෙට ඉස්කෝලෙන් එක්ක ආපු සම්මන්ත්රනේකට විතරයි
කැම්පස් ආපු පලවෙනි දවසෙ විතරයි ගෙදරින් එක්ක ආවෙ, ඊට පස්සෙ තනියමම තමයි හැමදාම ආවෙ
තනියම පාරවල් හොයාගෙන කොලඹ ඇවිද්දෙ නැති තැනක් නැහැ
කැම්පස් කාලෙ කොහොමත් සල්ලි නැහැනේ ඒක නිසා පර්ස් එකක් අරන් යන්නෙ නැහැ. සාක්කුවෙ සල්ලි දාගෙන අයිඩෙන්ටි(NIC සහ කැම්පස් ID මොකද ඒ කාලෙ යුද්දෙ නිසා පොලීසියෙන් චෙක් කරනවා) සාක්කුවෙ දාගෙන යන්නෙ. ඒක නිසා පොකට් ගහයි කියලා බයක් නැහැ
ඔහොම කොලඹ ආපු මම තනියම ඇවිද්දා 1st Cross එකේ. ගන්න දේකුත් නැහැ නිකන් වට පිට බල බල ඇවිදිනවා. ඒ කාලෙ ගනිපු සෙනිත් සගරා වල තියෙන්නෙ සේරම ඉලෙක්ට්‍රොනික් කෑලි තියෙන්නෙ 1st Cross එකේ කියලනේ ඒක නිසා පොඩි පොඩි කෑලි දෙක තුනක් ගන්නවා සමහර වෙලාවට
සමහරවෙලාවට බිම දාගෙන විකුනන තැන් වලින් පරන සර්කිට් වල තියන හීට් සිනක් කෑලි පොඩි සුචිච් කෑලි එහෙම 5ට 10ට අරන් තියනවා
ඔය වගේම පංචිකාවත්තෙත් ඉවරවෙනකන් ඇවිදලා තියනවා නිකන් යකඩ කෑලි බලන්න තියන ආසාවට
ඔහොම පුරුදු උනු නිසා කවදාවත් කොටුවෙදි අහුවෙලා නැහැ
වෙඩින් එකට එහෙම ඕන උනු ගොඩක් දේවල් කෑල්ල එක්ක ගිහින් කොටුවෙන් ගත්තා
මට වඩා කෑල්ලට කතා කරලා ගනන් අඩු කරන්න පුලුවන් මාර ස්කිල් එකක් තියනවා
වෙඩින් එකට ගනිපු සාරි දෙකෙන් එකක් කිවුවෙ 35යි කියලා ගත්තෙ 22ට දෙවනි දවසෙ සාරිය කිවුවෙ 18කියලා ගත්තෙ 12ටද කොහෙද.අන්දන එකීට සාරි අපි ගනිපු ගනන් කිවුවම ෆුල් හොල්මන්
සාරි ගත්තෙ කේසර් ස්ට්‍රීට් එකෙන්. අපි පස්සෙත් ගිහින් ඔෆිස් සාරි එහෙම අරන් තියනවා කෑල්ල කරන්නෙ සාරි 6ක් 7ක් තෝරගෙන මේ සේරටම 2000ක් දෙන්නම් කියලා වගේ ටෝක් කරනවා උන් බෑ කිවුවම ඒකි මාත් ඇදගෙන එන්න හදනකොට කමක් නෑ 2200ක් දෙන්න කියලා වගේ කියනවා හැබැයි කොහොම හරි 2000ටම තමයි ගන්නෙ. සාරි කඩවල මටත් මෙලෝ අයිඩියා එකක් නැහැ ගනන් ගැන ඒක නිසා මම සමහර වෙලාවට පන බයේ ඉන්නෙ මුන් අපි එලවලා දාවි කියලා එහෙම නැහැ හෙට්ටු කරලා කරලා හෙන අඩුවට ගන්න පුලුවන්.