කොත්තු තව කාපල්ලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    උබල කොත්තු රයිස් කන කඩේ අස්සේ කුස්සිය බලපන් කෝ අම්මෝ සුපිරියක් තමා . ලේවකන්න හිතෙයි හැමදාම

    නුවරඑළියේ දී බස් හෝදන වතුර පාරේ කැරට් ගෝනි දාලා හෝදනවා දැක්කා. 🤢
    ඒ බන් යකඩ ප්‍රතිශතය වැඩි කරන්න ඒම කරන්නේ
    ------ Post added on Aug 27, 2023 at 11:46 AM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    කොත්තු විතරක් නමේ එළවලු කඩ වලින් එළවළු ගෙදර ගෙන්ලලා උයන්න කැතයි

    හවසට එළවළු කඩ ලගින් යනකොට ලොරියෙන් බාන්නේ පාරට පාරේ ජරාව තියෙනවා ඒවා ගෑවෙනවා සමහර මිනිස්සු පාගා පාගා යනවා. පාරේ තියෙන ඒවා අරන් කඩේ ඇතුලේ තියන්නේ

    මමනම් පරිප්පුයි බතුයි තමා ගොඩක් ම කන්නේ.

    එළවළු විතරක් නමේ අනිත් එව්ව්ව ඔහොම තමා සිල්ලර කඩ වල පොල්තෙල් , සීනි , පිටි වගේ ඒවා එක ඇරපු ගමන් තියන් ඉන්නේ සමහර වෙලාවට උන් කහිනවා ඒවා අරවගේ යනවා ලගදි බඩු ගන්න ගිහින් ඒ කඩේ ගෑනි සීනි එක ඇරලා තියාගෙන කහිනවා මම බඩු ගන්නේ නැතුව ආවා කැත හිතිලා.
    ලංකාවෙ ඉන්නවනං එකම විසදුම quality food city වලින් විතරක් බඩු ගන්න එක. කීල්ස්, කාගිල්ස්..etc. එලවලු පලතුරු පවා ඒවගෙන්ම ගනින් කොලිටි එක හොයනවනං. ඒවගේම කඩෙන් කනවනං හොද quality hotel restaurant එකකින්ම කාපං ගාන බලන්නෙ නැතුව කොලිටි එක සහ ලෙඩ/ පිලිකා හදාගන්නෙ නැතුව ඉන්නනං. හැබැයි මොන කරුමෙකටද දන්නෑ ඔය පට්ට අපිරිසිදු කඩ වල කොත්තු ‍රයිස් එහෙම පට්ට රහයි 😒
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔය ඉන්දියාවේ පකෝ
    Pedestrian crossing sign එක නං ලංකාවෙ වගේ.

    mMAsyWh.png
     
    • Like
    Reactions: Draco Malfoy

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔයි කාලෙ මං ඉපදිලත් නැහ්


    ඇත්තද ?


    1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුල් වෙමින් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සිදුකල මහා පාවා දීමේ ඉක්බිත්තෙන්, ජවිපෙ 1960 ගනන් අග භාගයේ දී මතු විය. ලසසපය සමාජවාදී ජාත්‍යන්තරවාදය මුලුමන්ම අත්හැර දැමීම, වාර්ගික දේශපාලනය තුල මුල් බැසගත් රැඩිකල් සුලු ධනේශ්වර කන්ඩායම්වල මතු වීමට දොර විවර කලේ ය. ජවිපෙ පදනම් වූයේ මාඕවාදය සහ කැස්ත්‍රෝවාදය, සමාජවාදී වාක්‍ය දෙඩවීම හා “සන්නද්ධ අරගලය” උත්කර්ෂයට නැන්වීම සමග සිංහල දේශප්‍රේමය එකට කලතා ගත් විෂකුරු සම්මිශ්‍රනයක් මත ය.

    ජවිපෙ, ජාත්‍යන්තර ව ඊට සමාන කන්ඩායම් මෙන්, පසුගිය දශක හතර පුරා තුවක්කු සහ කැලෑ ඇඳුම් අත්හැර දමා සුවපහසු පාර්ලිමේන්තු ආසනවල වාඩි ගැනීම සඳහා කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ විය. ජවිපෙ විවිධ මාදිලියේ ශාස්ත්‍රාලිකයන්, වෘත්තිකයන්, ජවිපෙ විසින් පාලිත වෘත්තීය සමිති සහ අනෙකුත් සංවිධාන සමඟ 2015 දී ජාජබ පිහිටුවා ගත්තේ එම වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරනයට තරඟ කිරීම සඳහා ය. එතැන් පටන්, එය මෙම ඉහල මධ්‍යම පන්තික සහ දේශීය ව්‍යාපාරික ස්ථරයන් අතර තම පදනම පුලුල් කර ගෙන ඇත.

    ජවිපෙ/ජාජබ අනෙක් පක්ෂ දූෂිත යැයි විවේචනය කල ද, ජවිපෙට ඇත්තේ ද මේ ධනපති පක්ෂ සමඟම පෙල ගැසී ඒවාට සහාය දුන් ඉතිහාසයකි. එහි ප්‍රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනය කරලියට පැමිනියේ, සිංහල ප්‍රභූවේ ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා වසර 26ක දීර්ඝ ලේ වැකි දෙමල විරෝධී වාර්ගික යුද්ධයට සහය දක්වමිනි. වැඩ කරන ජනතාව අතර පුලුල් ලෙස අපකීර්තියට පත් ව ඇති ජවිපෙ, ජාජබ දේශපාලන පෙරමුනක් ලෙස යොදා ගනිමින් සිය අතීතය වසන් කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

    ජවිපෙ සහ ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) පලල් ව පිලිකුලට පාත්‍ර ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාමූඅහි දරුනු කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වැඩෙන මහජන විරෝධය පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි කනස්සල්ලට පත් ව නව මැතිවරනයක් ඉල්ලා සිටිති.

    දරාගත නොහැකි ජීවන සහ සමාජ කොන්දේසිවලට එරෙහි ව අප්‍රේල් මාසයේ ආරම්භ වූ දැවැන්ත විරෝධතා මාධ්‍යයේ ජූලි 13 දා ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමෙන් පසු ව, අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී චන්දයකින් ජනාධිපති ලෙස පත් කර ගනු ලැබුනි.

    මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා දුගීන් සම්බන්ධ වූ නැගිටීම, ජවිපෙ සමිති ද ඇතුලු වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම් විසින් පාවා දෙන ලදි. ඔවුහු අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සහ පසු ව මහ මැතිවරනයක් පැවැත් වීම සඳහා ජවිපෙ හා සජබ කල ඉල්ලීම් පිටුපසට කම්කරුවන් තල්ලු කලහ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2000 න් වගේ පස්සෙ ඉතිහාසය තමයි බලන්නෙ :yes:


    😂


    එකට තමා කියන්නෙ

    අධිකාරීත්වයේ ඉහල ම අංගනය ලෙස 'ඍජු' භාවිතාව මගින් ඔවුන්ට ම මග පෙන්වන, අනුභූතිවාදීන් නිවැරදි (නැ)ද්ද? එවිට, වඩාත් ම සංගතික භෞතිකවාදීන් වන්නේ ඔවුන් නො වේ ද? නැත, ඔවුන් නියෝජනය කරන්නේ භෞතිකවාදයේ විකට රූපයකි. න්‍යායය විසින් මග පෙන්වීම යනු, දවසේ එක් හෝ තවත් ප්‍රායෝගික ගැටලුවක් සමග හැකි තරම් සාර්ථක ව පොරබදනුවස්, මානව වර්ගයාගේ ගෙවී ගිය සකල ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වන සාමාන්‍යකරනයන් විසින් මග පෙන්වනු ලැබීම යන්න යි. මේ අනුව, න්‍යායය හරහා අපි සොයාගන්නේ, හරියට ම භාවිතාවේ සුවිශේෂී අංශයන් අභිබවමින් සමස්තයක් ලෙස භාවිතාවේ ප්‍රාථමිකත්වය යි.”
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    😂


    එකට තමා කියන්නෙ

    අධිකාරීත්වයේ ඉහල ම අංගනය ලෙස 'ඍජු' භාවිතාව මගින් ඔවුන්ට ම මග පෙන්වන, අනුභූතිවාදීන් නිවැරදි (නැ)ද්ද? එවිට, වඩාත් ම සංගතික භෞතිකවාදීන් වන්නේ ඔවුන් නො වේ ද? නැත, ඔවුන් නියෝජනය කරන්නේ භෞතිකවාදයේ විකට රූපයකි. න්‍යායය විසින් මග පෙන්වීම යනු, දවසේ එක් හෝ තවත් ප්‍රායෝගික ගැටලුවක් සමග හැකි තරම් සාර්ථක ව පොරබදනුවස්, මානව වර්ගයාගේ ගෙවී ගිය සකල ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වන සාමාන්‍යකරනයන් විසින් මග පෙන්වනු ලැබීම යන්න යි. මේ අනුව, න්‍යායය හරහා අපි සොයාගන්නේ, හරියට ම භාවිතාවේ සුවිශේෂී අංශයන් අභිබවමින් සමස්තයක් ලෙස භාවිතාවේ ප්‍රාථමිකත්වය යි.”
    කවුද ඉතිං කිව්වෙ මං න්‍යාය මගින් මඟ හොයාගන්නව කියල.