කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    ඉස්සරහෙන් පොද්ද පොද්ද තට්ටේ එනවා වගේ.
    එකට හවසට රත් කරලා massage කරන්ඩ හොද oil එකක් මොකක්ද?
    ස්තුති
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තැඹිලි තෙල් ටිකක් හිඳගනින් ඔය අහුවෙන මොන මොනා හරි දාල
    මුකුණුවැන්න, කීකිරිඳිය තව මොන මොනාද දානවා මතක නෑ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    https://www.facebook.com/permalink.php?story_fbid=763141480456606&id=487353964702027&substory_index=0

    Rep deepalla

    කොන්ඩෙ තියෙනවට වඩා යනවද?

    නිරෝගි කලු පැහැති දිගු කෙස් කළඹකට අශා නොකරන කෙනෙක් නැත.
    නමුත් වර්තමනයේ එවැනි කෙස් කැළඹක් දැක ගැනිමක් දුර්ලභය. ෂැම්පු, කන්ඩිෂනර්,ඔයිල් වර්ග හා විවිධ රෑපලාවන්‍ය නිපයුම් සුලභ වර්තමානයේ ඒ වැනි තත්වයක් උදා වි ඇත්තේ ඇයි? මොහොතකට සිතන්න. වෙළද දැන්වීම් හරහා ප්‍රචාරය කරන හා මවා පාන සියලු දේ ඒ අකාරයෙන්ම සිදුවෙනම් අද සමජයේ තරුණමෙන්ම මහලු වයසේ සිටින පිරිස්ද ඉතා සූරුපිහා නිරෝගී විය යුතු නොවෙද?මන්දයත් වයස් ගත භේදයකින් තොරව සියලු දෙනාම මං මුලා වී සිටින බැවිනි. ඇද හිස කෙස් ඩයි නොකරන කෙනෙකු සොයා ගැනිමට නොහැකිතරම්ය. අයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා පැමිනේන බොහෝ පිරිසගේ ගැටලු හිසකෙස් හා සම්බන්ධය.

    *අකලට හිසකෙස් වැටීම/පැසීම
    *කෙස් අග පැලිම
    *තඹ පැහැ හෝ දුර්වර්ණ වීම
    *වියළි බව
    *හිස් හොරි ආදී ගැටළු වලින් ඔවුන් පිඩා විදියි.

    ශරිරයේ උත්තම අංශය හිසයි. ශාකයක මුලට යොදන ජලය, පොහොර ආදී දේ නිසා ඒය හොදින් සරව දළුලා වැඩෙන්නා සේ හිසට යොදන ස්භාවික සත්කාර නිසා හිස පමනක් නොව ශරිරයම නිරොගී වේ. සම මගින් කෙරෙනුයේ උරා ගැනීමයි. අප ගල්වන ආලේප හොද නරක කියා බෙදීමකින් තොරව ශරිරයට උරාගනියි. හිසට යොදන බොහෝ රසායනික ද්‍රව්‍යයන් අඩංගු නිෂ්පාදන ද හිසේ චර්මය( හම ) මගින් උරාගනියි. ශරිරයේ වැදගත්ම ඉන්ද්‍රයන් හිස තුලද පිහිටන නිසා මෙම ස්භාවිකත්ම්යට විරුද්ඩ්ධ දේ හිසට යේදීමෙන් ශරිරයම රෝගි වේ.

    අප දැනගත යුතු තවත් කරුණක් නම් කොතරම් ස්වභාවික ඖෂධ යොදාගෙන නිපදවන ආලේපයක් වුවද කල් තබා ගැනිම, සුවඳ දීම, ආදී දේ සඳහා යොදන රසායනික ද්‍රව්‍යය හේතුවෙන් එහි ස්වභාවික ගුණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

    නිරෝගී දිගු කෙස් කළඹක් සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර අපමණ ඇත.

    *රක්තය (ලෙය ) දූෂණය කරන උෂ්ණාධික ආහාර වලින් ඈත් වන්න.

    *පළා වර්ග, කොළ කැද නිතර ආහාරයට ගන්න.

    *කෘතිම පැණි බීම වර්ග වලින් ඇත් වී නෙල්ලි, රසකිද රණවරා මල්, බෙලි මල්, ඉරමුසු ආදී පානයෙන්ට හුරුවන්න.

    *මනස සන්සුන්ව තබාගන්න.

    *හැකි හැමවිටම සන්සුන් ආහාර වෙලක් ගන්න.

    *පිරිසිදු ජලය පානය කරන්න

    හිසට යෙදිය හැකි ස්භාවික සත්කාර

    ඖෂධීය තෙල් වර්ගයක් හෝ පිරිසිදු පොල්තෙල් මදක් උණුසුම් කර හිසට දමා හිස පුරා හිස් කබලට තෙල් ගැවෙන සේ ඇගිලි තුඩූ වලින් රවුම් ආකාරයට හොදින් සම්භානය කරන්න (විනාඩි 20 )

    ෂැම්පු වෙනුවට - ගොඩපර ගෙඩි කැබලි කපා පවනේ වියළා, කුඩු කරන්න, සේපාලිකාකොළද ඒසේ සකසාගෙන උළුහාල් කුඩුද සම සමභාගව දමා පිරිසිදු බොතලයක අසුරා තබාගන්න.

    අවශ්‍ය විට නටන උණුවතුර පත1ට මෙයින් මේස හැදි 2ක් දෙහි බිංදු කිහිපයක් දමා තැම්බෙන්න තබා හිසෙහි ආලේපකර විනාඩි 30 කින් පමණ නාන්න.
    (අවශ්‍යනම් බිත්තර සුදු මදයක්ද එක් කර ගතහැක.)

    පොකුරු වද මල් අඹරා ගා මෙසේ හිස සේදිමෙන් හිස් කෙස් දීප්තිමත් වේ. පහසුවෙන් හසුරවා ගත හැක.
    දිනකට දෙවරක් දැති ලොකු පනාවකින් හොදින් හිස පිරන්න, කෙස් මුලට ක්‍රමවත් රුධිර සැපයුමක් ලැබීමෙන් හොඩින් වර්ධනය වේ.

    තද හිරු රශ්මිය ඇති විට ගමන් යන්නේ නම් කුඩයක් හෝ හිස් ආවරණයක් භාවිතා කරන්න

    මෙසේ ස්භාවික ප්‍රතිකාර භවිතා කිරිමෙන් මිනිස් සිරුරේ උත්තමංගය වන් හිස රැක ගන්න. ඒමගින් අක්ෂි රෝග කර්ණ් රෝග ස්නායූ අබාධ ආදී බොහෝ උවදුරු වී ඔබ නිරෝගී වනවා ඇත.

    පරම්පාරික දේශිය වෛද්‍ය
    එම්.අර්.ඉරෝෂණි ජයතිලක
    "ඔසු ජය"
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    https://www.facebook.com/permalink.php?story_fbid=763141480456606&id=487353964702027&substory_index=0

    Rep deepalla

    කොන්ඩෙ තියෙනවට වඩා යනවද?

    නිරෝගි කලු පැහැති ...

    ගොඩක් ස්තුති
     
    ඉස්සරහෙන් පොද්ද පොද්ද තට්ටේ එනවා වගේ.
    එකට හවසට රත් කරලා massage කරන්ඩ හොද oil එකක් මොකක්ද?
    ස්තුති
    හවසට ඔළුවෙ තෙල් ගාන සිරිතක් නෑනෙ බං. තෙල් ගාන්නේ උදේට, දවල් 12ට කලින්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉදිරියේ රාළ;20734053 said:
    හවසට ඔළුවෙ තෙල් ගාන සිරිතක් නෑනෙ බං. තෙල් ගාන්නේ උදේට, දවල් 12ට කලින්.

    ආ ඔයා තමා අල්ලගන්ඩ හිටියේ :angry::P
    ඔයා දනන්වද කොන්ඩේ පහේනවට, තට්ටේ එනවට, උෂ්නෙට (මගේ අලුව ගොඩක් රස්නෙයි. ප්‍රශ්න හින්දද මන්ද) හොද තෙල් එකක් / බෙහෙතක්?

    ස්තුති
     
    ආ ඔයා තමා අල්ලගන්ඩ හිටියේ :angry::P
    ඔයා දනන්වද කොන්ඩේ පහේනවට, තට්ටේ එනවට, උෂ්නෙට (මගේ අලුව ගොඩක් රස්නෙයි. ප්‍රශ්න හින්දද මන්ද) හොද තෙල් එකක් / බෙහෙතක්?

    ස්තුති
    මුලින්ම කෑම රටාව වෙනස් කරන්න ඕනා. ගිණියම් උෂ්ණ සැර තෙල් රතු මිරිස් අධික පාන් පිටි මිශ්‍ර කෑම කන එක නවත්තන්න ඕනා. ඊට පස්සෙ වෙදෙක් අල්ලගෙන හොඳට සැප විරේකයක් කරගන්න. ඊට පස්සෙ එයා කියන තෙල් ජාතියක් උදේට ඔළුවට දාන්න. එක පාරට හොඳ වෙන්නෙ නෑ. මාස 3 සිට 6 දක්වා කාලයක් යාවි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉදිරියේ රාළ;20734091 said:
    මුලින්ම කෑම රටාව වෙනස් කරන්න ඕනා. ගිණියම් උෂ්ණ සැර තෙල් රතු මිරිස් අධික පාන් පිටි මිශ්‍ර කෑම කන එක නවත්තන්න ඕනා. ඊට පස්සෙ වෙදෙක් අල්ලගෙන හොඳට සැප විරේකයක් කරගන්න. ඊට පස්සෙ එයා කියන තෙල් ජාතියක් උදේට ඔළුවට දාන්න. එක පාරට හොඳ වෙන්නෙ නෑ. මාස 3 සිට 6 දක්වා කාලයක් යාවි.

    ගොඩක් ස්තුති. කොටිය කුබුරේ වේදමහත්ත්ය හොදයිද වැඩේට?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉදිරියේ රාළ;20734250 said:
    ඇයි ලඟ පාතක නැද්ද වැඩ්ඩෙක් ?

    මම කුරුනෙගල. ටිකක් ලගයි.
    සාමාන්‍ය ගමේ ගොඩේ ඕන වෙදෙක් දන්නවද මෙව්වා?
    රෑට නොකා ඉන්න එක හොදද?
    ඔයා වෙදකම ඉගෙනගෙන තියෙනවද? මට පොඩි ප්‍රශ්නයක් අහන්ඩ තියෙනවා PM වලින්.
    ගොඩක පින්
     
    මම කුරුනෙගල. ටිකක් ලගයි.
    කොටියාකුඹුරට එන්න කෑගල්ලට ඇවිල්ලා තවත් දීපන්කරේක යන්න ඕන නේද ?
    සාමාන්‍ය ගමේ ගොඩේ ඕන වෙදෙක් දන්නවද මෙව්වා?
    ඔව් දන්නවා
    රෑට නොකා ඉන්න එක හොදද?
    රෑට කන්න අනුමත කරල තියෙන්නෙ හොඳට ඇඟ මහන්සි කරන අයටයි. අනික් අයට බඩට සැහැල්ලු පොඩි කෑම තමා කන්න කියන්නේ
    ඔයා වෙදකම ඉගෙනගෙන තියෙනවද?
    නෑ - අත්දැකීම් වලින් දන්නේ - ඉගෙනගෙන නෑ