කොන්දොස්තර කෙනෙක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කොන්දොස්තර කෙනෙක්

කොන්දොස්තර කෙනෙක්

අනෝමා තම පුතා ටියුෂන් පන්තියකට හැරලීම සඳහා ඔහු සමඟ බස් රථයකට නැග්ගේ තම වාහනයේ දෝෂයක් නිසා එය පණගැන්වීම අසීරු වූ බැවිනි.

ටිකට් ගැනීම සඳහා ඇය දිගු කළ රුපියල් සියයේ නෝට්ටුව දෙස අප්‍රසන්න ලීලාවෙන් බැලූ කොන්දොස්තර කොලුවාගේ නොදැමුණු වදනින් කිපුණු අනෝමා ඔහු සමඟ උණුසුම් වචන හරඹයක පැටලුණාය.

බස් කොන්දොස්තර ගේ අසංවර ක්‍රියා කලාපයෙන් ඇවිස්සුණු සිත සමනය කරගැනීම සඳහා ඇය ජනේලයෙන් පිටත බලා සිටියදී ඇගේ පුතා අලුත් බෑගයක් ඉල්ලා ඇයට කරදර කරන්නට විය.

”ඔය අරව මේවා නෙමෙයි ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්ඩ ඕනෙ. නැත්නම් ඔයාටත් වෙන්නේ බස් කොන්දොස්තර කෙනෙක් වෙන්ඩ තමයි” ඇය තරමක උස්හඩින් පුතාට කීවේ එතැනින් යමින් සිටි කොන්දොස්තර කොලුවට ඇසෙන අයුරිනි.

කියවලා බම්පි එහෙම දියෝ
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    mekata nam hinaa giyaa :D
    penawa penawa :P
    avatar36980_1.gif