කොන්දොස්තර නොමැති බස්වල ආදායම ලක්ෂ 10කින් වැඩි වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ඊයේ සිට කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු සලසා තිබුණි.

    ඒ එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමත් සමඟය.

    ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරු පමණක් බස් ධාවනය ආරම්භ කර තිබේ.

    මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් පත් ලබාදෙන අතර පසුව රියදුරු පමණක් බස් රථය රැගෙන යයි.

    කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනය වූ ඊයේ දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාවෙයි.

    කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.

    මේ අතර පිළියන්දල සිට කොට්ටාව සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා ධාවනය කිරීමට සුඛෝපභෝගී බස් රථයක් යෙදවීමට විරෝධය පළ කරමින් කොට්ටාව පෞද්ගලික බස් රථ රියදුරන් ආරම්භ කළ වර්ජනය අද (20) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.

    ගල්කිස්ස - කොට්ටාව 255, කොට්ටාව - බොරැල්ල 174, පොල්ගස්ඕවිට - පිළියන්දල 342 සහ කොට්ටාව - පිළියන්දල 296 යන බස් මාර්ගවල පෞද්ගලික බස් රථ රියදුරන් මෙලෙස බස් ධාවනයෙන් ඉවත් වී සිටී.

    ඔවුන් පවසන්නේ මෙම සුඛෝපභෝගී බස්රථය යෙදවීම තුළින් තම බස්රථවලට පැමිණෙන මගීන් ප්‍රමාණය සීමාවී ඇති බවය.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ අද සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණද ඒවායේ දක්නට ලැබුණේ දැඩි තදබදයකි.

    මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් නීති රීතිවලට අනුකූලව ටෙන්ඩර් කැඳවා යෙදවූ මෙම සුඛෝපභෝගී බස්රථය ධාවනය කරවීම කිසිදු හේතුවක් මත නතර නොකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා සඳහන් කරයි.

    කෙසේවෙතත් වර්ජනයේ නිරත රියදුරන් පවසන්නේ සුඛෝපභෝගී බස්රථය ධාවනයෙන් ඉවත් කරන තුරු වර්ජනය අත්නොහරින බවය.

    අදාළ වීඩියෝව මෙතැනින් නරඹන්න...
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.

    junda mirika mirika yannada thawa ekek
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.

    junda mirika mirika yannada thawa ekek
    බෑග් බාලා දෙන්න වෙනවලු
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.

    junda mirika mirika yannada thawa ekek
    කොහොමත් අන්තිමට බෑඩ් නිවුස් එකත් පොඩියට දානවා :p
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    උබලාට හිතෙන්නේ නැද්ද මේක පට්ට රිස්කි කියලා
    Run bus without assitant :no:
    ඔව්. පපුවෙ අමාරුවක් එහෙම ආවොත් සොත්ති. ගොඩක් වෙලාවට හයිවේ එකේ යද්දි නිදිමත එන්න පුලුවන්. බස් ඩයිවර් ලා විට කනවා ඒ අස්සෙ. එක නිසා කොන්දෙක් ඉන්න එක වටිනවා. කොන්දා සල්ලි හොරාකනව නම් සල්ලි එකතුකරාට පස්සෙ කොන්දව නැග්ගුව නම් ඉවරයි නෙ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කොන්ද නැතුව bus වැඩ කරන එක හොඳයි. අතිරික්ත කොන්දන් නිකන් ඩිපෝවේ තියන් පඩි ගෙවන්න උනොත් වැඩක් නෑ
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.
    බස් වලි අඩුවෙයි මේ විදිහට. ප්‍රයිවෙට් බස්වලටත් මේක අනිවාර්ය කරන්න ඕන
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    අධිවේගී මා ර්ගයේදී අතරමග මගීන් නගින්නේ බහින්නේ නෑ. එතකොට කොන්දොස්තර ඒ වැඩේට ඕන වෙන්නේ නෑ. ඒත් අවදානම තමයි, හදිසියේ රියදුරුට යම් අසනීපයක් වගේ වුනොත්, අඩුම තරමේ බස් එක පැත්තකට හේත්තු කර ගන්න වත් කෙනෙක් නැති කම.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    255 විතරයි AC බස් ඵක දාන්නේ ඒ වුනාට 296, 174 උනුත් ඒකට සපෝර්ට් කරන්න ස්ට්‍රයික්..පුදුම සක්කිලි මුන් නම්..296 පාරට පැයකට තියෙන්නෙත් බස් 2යි..ඒකත් හරි වෙලාවට ඵන්නේ නෑ..මිනිස්සු පොල් පටවන් වගේ අරන් යන්නේ..උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද 255 ට AC bus ඵකක් දැම්ම කියල..ලංකාවේ අාණ්ඩු මුන්ට නටන්න දෙනවා වැඩියි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පිටරටවල දුර යන බස් වලට ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවද?
    ඩ්‍රයිවර් මාටිය ගහන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ඔව්. පපුවෙ අමාරුවක් එහෙම ආවොත් සොත්ති. ගොඩක් වෙලාවට හයිවේ එකේ යද්දි නිදිමත එන්න පුලුවන්. බස් ඩයිවර් ලා විට කනවා ඒ අස්සෙ. එක නිසා කොන්දෙක් ඉන්න එක වටිනවා. කොන්දා සල්ලි හොරාකනව නම් සල්ලි එකතුකරාට පස්සෙ කොන්දව නැග්ගුව නම් ඉවරයි නෙ.
    ow eekata mokak hari karamayak genwa nam iwarai.
    Main road wala nam meka ok.eth highway nam risky bn :yes:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔය තියෙන්නෙ ළමායි,
    එක දවසක සීටීබී හයිවේ බස් වල විතරක් සොරකම නවත්තල හොයපු ආදායම..., මේකත් මේ 100% හොරකම නවත්තල නෙමෙයි හරිද... ඩීසල්, ස්පෙයා පාට්ස්, සර්විස් වලින් ගහන ගැහිලි නැතුවයි ඔය...
    අතිශය පහල මට්ටමේ ප්‍රාථමික හොරකමක් තමයි මේ නවත්තල තියෙන්නෙ...


    එතකොට, රටේ රාජ්‍ය ආයතන කීයක්නං තියෙනවද... ඒවයෙ සොරකම නැවැත්තුවොත් රජයට තව කොච්චර ආදායමක් එයි කියල හිතනවද...

    දැන් මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව හොරකම නෙමෙයි කියල කියන අයියල අත උස්සමු බලන්න....