කොන්දොස්තර සහ මාරු කාසි....

මම ඔය ප්‍රස්නේ නිසාමයි වැඩිය ටිකට් ගන්න පෙළබෙන්නේ නැත්තේ.

පොඩි හරි පුලුවං කමක් තිබ්බොත් ටිකට් ගන්නේ නැතුව යනවා.

එතකොට කොන්දොස්තර සහ මම කියන දෙන්නටම දෙන්නගෙන්ම කරදරයක් නෑ. (ටික්කෙක් පැන්නොත් ඇරෙන්න)

:yes::yes::yes:;)
 

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔව් මොකක්ද අව්ල එකේ,ප්ර්ය්වට් බස් කාල කන්නිට දැකපු තැන කෙලවන්න ඕන.පොඩි පිහියක් මගේ අතේ ඕන වෙලාවක තියෙනවා බන්

    11.gif
    :baffled::baffled:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මම ඔය ප්‍රස්නේ නිසාමයි වැඩිය ටිකට් ගන්න පෙළබෙන්නේ නැත්තේ.

    පොඩි හරි පුලුවං කමක් තිබ්බොත් ටිකට් ගන්නේ නැතුව යනවා.

    එතකොට කොන්දොස්තර සහ මම කියන දෙන්නටම දෙන්නගෙන්ම කරදරයක් නෑ. (ටික්කෙක් පැන්නොත් ඇරෙන්න)

    :yes::yes::yes: sirawata.. daily maath ape gewal gawata Rs 18 ticket samahara welawata ganne ne bang. Un godak welawata athin Rs2,3 denwa maru nethi unama.
     

    waligamaya

    Well-known member
  • ඕකට හොදම විසදුම තමයි පෙරගෙවුම් කාඩ් පත් මගින් ගෙවීම් කරන එක. එතකොර්ට ඔය පුද්ගලික බස්වල ඉන්න හොර කොන්දොස්තරලට මහින් තුරන් කන්න ලබෙනෙත් නැ. කොන්දොස්තර මහතුන්ට මාරු සල්ලි නිසා බැනුම් අහන්න ලැබෙන්නෙත් නැ
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    උඹේ කථාව සහතික ඇත්ත.. සී.ටී.බී. බස් වල කොන්දල හොදයි බං. ප්‍රයිවෙට් බස්වල කොන්දල හැසිරෙන්නේ සක්කිලියෝ වගේ.. ගොඩක් වෙලාවට මම එන්නේ සී.ටී.බී. බස්වල. බස් හෝල්ට් එකේ ඉන්නකොට ප්‍රයිවෙට් බස් ඇවිත් නතර කරගෙන කොන්ද යටිගිරියෙන් කෑ ගගහ ඉන්නවා. සී.ටී.බී. බස් එකක් දැක්කහම මුන් කරන්නේ ලගටම එනකන් ටිකක් ටිකක් ඉස්සරහට ගන්නවා. අයෙත් නතර කරනවා.(හෝල්ට් එක කවර් කරනවා) සී.ටී.බී. බස් එකත් ඉතින් අනිත් පැත්තෙන් දාල යනවා.
    .
    මගේ ටිකට් එකේ ගාන 34 වෙනවා. මම පුළුවන් හැම වෙලේම රු 5 ක් එක්කම දෙනවා. නැතිම වුනොත් කියනවා.. පස්සේ ඉතුරු දෙන්න .. නැත්නම් 40 ක් ගන්න.( සී.ටී.බී. බස්වල විතරයි).
    දවසක් සී.ටී.බී. බස්එකක කොන්දෙක් ට ඔය වගේ කේස් එකක් උනා. පොරත් උබ කිව්වා වගේ තරුණ එකෙක්. සද්ද කරේම නෑ. මම මගේ බෑග් එකම පීරලා මාරු කාසී 20 ක දුන්න. ඒක දැකපු මගේ ලග වාඩි වෙලා හිටපු එකා, පැනල උගේ ඉතුරු රු 5 ඉල්ලා ගත්තා. ඊට පස්සේ හිනා වෙලා මගෙත් එක්ක කියනවා. මුන් මහ හොරු. කවදාවත් ඉතුරු දෙන්නේ නෑ කියල. මම ඇහුව්වා උගෙන් ඔක්කොම 20 කොළ දුන්නහම කොහොමද ඒ මනුස්සය ඉතුරු දෙන්නේ කියල. එතකොට පොර කියනවා.. ඉතුරු දෙන එක එයාගේ වැඩක් ලු. මම ඇහුව්වා ඇයි ඔයාලට මාරු කාසි අරන් එන්න බැරි කියල. පොර කියනවා අනේ ඒක හරි කරදරයිලු. මට ඉතින් සුද්ද සිංහල මතක් වුණා.

    රු 10 කොලේ අයින් කරපු එක මාරම වදයක් .. අර දිස්ත්‍රික්ක ටික දාල අපු කාසි වැඩිය එහා මෙහා යන්නේ නෑ..මොකද කස්ටිය ඒවා එකතු කරනවා. මම 10 ටිකට් එකට දෙන්න 10ක් නැත්නම් මෙහෙම කරනවා .. 50 ක් දෙනවා අනිවා 20 කොල 2ක් ඉතුරු දෙන්න පුළුවන්.. එක්කෝ 100 ක් .. ඉතුරු 50+20+20 ක් දෙන්න පුළුවන්, නැත්නම් 20 කොල 3 ක් ..50 කොලයක් ඉතුරු ගන්න පුළුවන්.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඕකුන් එක්ක කතා කරලා මට නම් ඇති වෙලා (ප්රිය්වට් පක්කු )තිබුණු වෙලාවට මාරු සල්ලි දෙනවා .මාසෙකට කොහොමත් 200 වගේ ඕකුන් නිකන් මාටියා ගහනවා මගෙන් .මම නම් පුළුවන් හැම වෙලාවකම හොරෙන් යනවා .එහෙම නැත්තනම් ශීට් එකක් හරි හොරෙන් කපනවා .

    Iron Bump :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක් බස් වලට සල්ලි දෙනකොට රුපියල් දෙකක් හතරක් වගේ ඉල්ලගන්නවා... ඒත් ඉතුරු ගන්න ගියාම අපෙන් ගත්තු ගානට වත් බැලන්ස් වෙන්න දෙන්නේ නැහැ... ප්‍රයිවෙට් බස් වල මේ දේ ගොඩක් තියෙනවා... සීටිබි බස් වල, එක බස් එකකින් මම දන්නා විදියට ලංගමයේ 7 දෙනෙක් පඩි නඩත්තු වෙනවා... ඒ නිසා බස් එකක් දුවනවා කියන්නේ ගොඩක් අපහසු දෙයක්... පුද්ගලික ඒවාට එහෙම නැහැ... මාටියා ගහන්නත් පුළුවන්... ලංගම බස් වලට ගොඩක් සෙනග නගින්නේ වේගෙන් යන නිසා... ඒත් බස් එකට නැගල ඊළඟ හෝල්ට් එකේ බහින කෙනා උනත් දික් කරන්නේ රුපියල් 100 කොලයක්... එතකොට කොන්දොස්තර කොච්චර අසරණ වෙනවද... ඒ ගැන මගී ජනතාව හිතන්න ඕන...

    පුළුවන් තරම් තමන්ගේ ගමනට සිල්ලර කාසි එකතු කරගෙන ගියෝතින් දෙගොල්ලොන්ටම හොඳයි... ගාල්ල මාතර බස් වල නම් පුද්ගලික ලංගම කියල නැහැ, රුපියල් 8 ඉතුරුවටත් රුපියල් 10 දෙන වෙලාවල් අනන්ත දැකල තියෙනවා... අන්තිමට අහිංසක මිනිස්සුන් අමාරුවේ නොදා තමන්ගේ ගමන යන එකයි වඩාත් හොඳ.. මොකද කිවුවෝතින් එයාලත් කරන්නේ එයාලගේ රැකියාව... පාරේ ඉන්න කාක්කොන්ටත් දොළ පිදේනි දෙන්න ඕන ඒ ගන්න සල්ලි වලින්මයි..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TFS Bro
    එලකිරියේ ඉන්න බොහෝම හිත හොද සාමාජිකයෙක්, ත්‍රෙඩ් එකකදි ලෝභ කමක් නැතුව අත දිගඇරලා කමෙන්ට් කරන කෙනෙක් විදිහටත්, වගේම හොද ත්‍රෙඩ් මහන්සි නොබලා හදන කෙනෙක් විදිහටත් මම richlife මල්ලිව දකිනවා. :)

    බස් ගැන කතා කරනව නම්, මම දැන් බස් එකේ යන්නේ කළාතුරකින්. ඒ යතත් යන්නේ දුර ගමන් නිසා 1000 කොල වලින් බස් එකට දෙන්න බලාගෙන යන්නෙ නැතුව 100 කොල 50 කොල 20 කොල ටිකක් අතේ තියාගෙන තමයි යන්නේ. එතකොට කොන්දන්ටත් කේස් එකක් නෑ අපිටත් කේස් එකක් නෑනේ.

    You must spread some Reputation around before giving it to richlife again.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    B U M P machan aththa kathawa
    ara pre paid card system eka gennhaduwath ekath hari giye nane

    මටනම් ඇත්තටම තාම ඒ pre paid card system ගැන හරි වැටහීමක් නෑ.. කොහොම උනත් ඒකෙන් ප්‍රයිවට් බස් අයියලට (අයිති කරුවන් නොවේ) පාඩු වෙන කතාවක් ගැන නම් ආරංචි උනා...

    හොද ලිපියක් .අනිත් අය බලන්නේ නැති පැත්තකින් බලලා තියෙනවා

    :yes:අද උදේ ගොඩාක් දුක හිතුනා බං ඒ සිද්දිය නිසා..

    බම්ප්

    මමත් ගොඩක් කාලෙක ඉදන් නෝටිස් කරපු දෙයක් තමයි
    දැනට අවුරුද්දක වගේ ඉදන් දහයේ කොළ නෑ. අලුතෙන් ගහන්නෙත් නෑලු.
    දහයේ කාසි තමයි තියෙන්නේ. ඒවා ගොඩක් ඒවා කැට වල සමහර අය එකතු කරනවා.
    ගොඩක් වෙලාවට විස්සේ කොළ වලින් තමා ඉතුරු ශේප් කරගන්නේ.

    මමනම් ගොඩක් වෙලාවට බස් එකට නගිද්දී හරියටම ගාන අතේ තියන් යන්නේ.
    සමහර හොද කොන්දලත් ඉන්නවා. සමහරු හොර කමටත් කරනවා.



    ඔව්.. සමහර නහයට අහන්නෙ නැති මදාවි කොන්දොස්තරල ඉන්නව..:frown: ඒ ලංගම බස් වල ඒ වගේ නහර කාරයෝ අහු වෙන්නේ බොහොම කලාතුරකින්...

    රුපියල් දහයේ සීන් එකනම් මේ දවස් වල සැරටම තියෙනවා...
    කිව්වත් වගේ ගොඩක් අය දහයේ කාසි කැටවලට දානවනේ.. අනික ගෙනියන්න කරදරයි කියල ගෙවල් වල දාලත් යනවා...
    දහයේ කොල නොගහ ඉන්න තිරණය කරපු එකනම් මහ පිස්සුවක්..

    මම නම් ඩයල් එක බලල මාරු සල්ලි ගන්නේ..
    අහිංසක එකෙක් නම් ඔය රුපියලක් දෙකක් වගේ අත ඇරල දානවා..
    සමහර වෙලාවට උන්ග් 12 එකට 10ක් ගන්නවා..
    සීටීබී වලත් ඕක වෙන නිසා 12 ටිකට් එක ඉල්ලන්න යන්නේ නෑ...

    හැබැයි රුපියල් 5 හෝ ඊට වැඩිනම් අනිව ඉතුරු සල්ලි අරන් බහින්නේ...

    ඔව්... ඔයාගෙ තර්කෙට මමත් එකඟයි.. මමත් රුපියල් පහක් වගේ නම් ඉල්ල ගන්නව කෙටි දුරක් යන ගමනකදි නම්...
    ඒත් වෙලාවකට දුර ඉඳන් එන බස් එකක නැග්ගොත් නම් රුපියල් 5ක් පස්සෙ ඉල්ල ගන්න කිව්වත් මම ආයි ඒකට කරදර කරන්න යන්නෙ නෑ...
    මොකද ඒ අය ලඟත් ගොඩක් වෙලාවට මාරු සල්ලි ගැවසෙනව අඩු නිසා...

    හැබැයි මූන බලල මාරු සල්ලි දෙන වැඩේ නම් මම ඒ තරම් අනුමත කරන්නෙ නෑ.. මොකද අපේ පැත්තෙ (ප්‍රයිවට් බස් වල..) හෙන මදාවි පාට කොන්දොස්තරලත් ඉන්නව...
    වෙලාවකට ඒ වගේ කෙනෙක්ගෙන් කොහොමත් ඉතිරි රුපියල් දෙක නොලැබෙයි කියල හිතාගෙන යන්න හදනකොටම කතා කරලම මෙන්න ඉතුරු ගන්න කියන අවස්ථාවලුත් ගොඩක් තියෙනවා.. ඒ වගේම නොදී ඉන්න වෙලාවලුත් තියෙනවා...

    CTB, Private dekema hoda naraka deke ma kattiya innawa.. api wagema kolloth conductor wede karanawa godak hoda aya a wagema samahara un ta nam benalath tiyenawa.. maru nisa newei.. senaga neti welawata one kenek dagannawa.. senaga welawata unge loku show nisa.

    dawaska mama rs 500 k aran rs 30 ticket ekak hinda rs 64 ticket kadana PVT long distance ekaka naginnath gihin nikan hitiya.. maru tibbema na.. eth conductor gawata gihin ahuwa 500 maru tiyeida kiyala.. pora na ne naginna ko balanna kiwwa.. ticket gannakota magen gatte na issarawelama passe okkogenma ticket aran 500 maru hambunata passe magen ticket gatte.. oya wage th innawa.. eth bahutharayak inne hora pandithayo..

    මමත් ඒකයි පටන් ගන්නකොටම කිව්වේ අපි හැමොටම අප්‍රසන්න අත්දැකීම් තියෙනව කියල... විශේෂයෙන් ප්‍රයිවට් බස් වලදී.. සෙනග ඉන්න වෙලාවටනම් ඒ අය මිනිස්සුන්වත් සත්තු ගානට දානවා... මනුස්සකමක් ගෑවිලාවත් නෑ.. අඩුම ගානේ වාරු නැති වයසක කෙනෙක් ගැනවත් හිතන්නේ නෑ.. බැරි නම් ඇයි නැග්ගෙ කියලයි අහන්නෙ සෙනග පිරුණට පස්සේ...

    සමහරු ඉන්නව රුපියල් දාහක් හරි, ටිකක් ඉන්නකො කියල ලඟටම ඇවිත් මාරු කරල දීල යන හොඳ මිනිස්සු...

    අන්තවාදි නොව් දෙපැත්තම ගැන කතා කරලා තියනවා, අනික දැන් ඉස්සර කොන්දස්තරලාවගේ නෙව් දැන් කට්ටිය යම් කිසි පිලිවලකට ඇදලා කරලා ප්‍රසන්න විදිහකට යනවා කතාකරනවා, මම කියුවේ විශේෂයෙන් සී.ට්.බ්.බස් වල අවුරුදු 5 කට විතර පෙර එක්ක සන්සන්දනය කරලා......උබ 228 මමගියෙක් වගේ:P

    :yes:ඒ කතාව ඇත්ත.. මම අද උදේ දැකපු කොන්දොස්තර උනත් පිළිවෙලකට ඇඳල හිටිය කෙනෙක්...


    මම ඔය ප්‍රස්නේ නිසාමයි වැඩිය ටිකට් ගන්න පෙළබෙන්නේ නැත්තේ. පොඩි හරි පුලුවං කමක් තිබ්බොත් ටිකට් ගන්නේ නැතුව යනවා. එතකොට කොන්දොස්තර සහ මම කියන දෙන්නටම දෙන්නගෙන්ම කරදරයක් නෑ. (ටික්කෙක් පැන්නොත් ඇරෙන්න)

    :lol:සී.ටී.බී. බස්වල ඔය වැඩේ කරන්න එපා බං..
    අපි ඉස්කෝලෙ යන කාලෙ අඩුවට සීසන් එකකුත් දීල අපේ බරත් ලංගමෙන් ඇද්දනේ...
    දැන්වත් ඒ ණය පුලු පුලුවන් විදිහට ගෙවපං..



     
    Last edited: