කොමිසම ?? WTF

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පසුගිය දවස්වල ජනාධිපතිවරයා කෙලපු බුල සම්බන්ධයෙන් හොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න අවශ්‍ය බව කවුරුන් හෝ යෝජනා කර තිබුනා ....මට ඒක ටිකක් අපැහැදිලි අපබ්‍රන්සයක්....මම නම් කැමතියි ඉඳලා හිටලා එකෙක් ඔය වගේ කවුරු හරි හොඳවයින් බුලක් කෙලිනවා නම් ....මොකද හොරු විසින් කරවන ආණ්ඩු ශක්තිමත් නොවෙන තරමට... දුර්වල වෙන තරමට... මම කැමතියි ....දැන් පහුගිය සිදුවීම තුළ ජනතාව කොයි තරම් ජයග්‍රහණ ලැබුවද ?
    තෙල් ඇතුළු අනෙකුත් භාණ්ඩ වල මිල පහළ ගියා ...ඒක ජනතා ජයග්‍රහණයක් නෙවෙයිද?
    ඇමතිකම් ප්‍රමානය සංඛ්‍යාත්මකව අඩු උනා (දැනට )....ඒක ජනතා ජයග්‍රහණයක් නෙවෙයිද?...
    2015 චන්දෙ අරන් ජනතාව අමතක කරපු රනිල්ට ''අනේ කොළඹ ඇවිත් මාව නැතත් ප්‍රජාතන්ත්‍රවාදේ බලලා යන්න'' කියලා ජනතාවගෙන් ඉල්ලන්න උණා .....ඒක ජනතා ජයග්‍රහණයක් නෙවෙයිද ?
    උන් හිටි ගමන් ජනතාවටත් තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මුර දේවතාවුන් බව වැටහෙන්න ගත්තා... ඒක ජනතා ජයග්‍රහණයක් නෙවෙයිද ?
    2015 ලොකු අවදානමක් යටතේ ආණ්ඩු පෙරලන්න ඉස්සරහට ආපු උන්ට කිච ටෝක් දදා..... වමෙත් වමට වෙලා හිටපු දෙතුන්දෙනෙක්ට....''මේ ව්‍යායාමය වමේ පන්ති හතුරා වන රනිල් නැවත බලයට ගෙන ඒමට නොව හුදු ප්‍රජාතන්ත්‍රවාදය නැවත කෙලින් කිරීමට'' ය...කියාගෙන නැවත ගේම මැදට එන්න... බෝර්ඩ් උස්සන්න... ගිරිය පුප්පන්න... අවස්ථාව ලැබුණා (දිනාගන්න මොන මගුල හරි අඩු අවදානමක් යටතේ දිනා ගන්න තමයි එයාලගේ වැඩි කැමැත්ත )...කොහොම උනත් ඒකත් ජනතා ජයග්‍රහණයක් ...මොකද උන් දෙතුන්දෙනත් ජනතාවනේ...
    ඊට අමතරව අහවල් අගමැතිට සුබපතලා පෝස්ටර කටවුට් ගහලා.... මාසෙකින් හමාරකින් වෙන අහවල් අගමැති කෙනෙක්ට සුබ පතලා පෝස්ටර් කටවුට් ගහද්දි අඩුම තරමේ මුද්‍රණ කර්මාන්තය උනත් ලබන ජයග්‍රහණය සුළු නැහැ ...මොකද ඒවායේ නියලෙන්නෙත් ජනතාවනේ ...කොහොමත් ඔය හොරකම් කරපු සල්ලි නඩු දාලා හිරේ දාලා අය කරගන්නවාට වඩා... උන් ලවා වියදම් කරවගන්න එක වඩා ලේසියි....
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබට වැදගත්ම දේ අමතක වෙලා.. පන්සල් යන්නෙ නැති, බුදුන් වදින්නෙ නැති Buddhist කියල කියාගන්න රනිල්ට,, දවස ගානෙ පන්සල් යන්න, උදේ හවස බුදුන් වදින්න, අරලියගහ මන්දිරේ පිරිත් කියන්න සිද්ද වෙච්ච එකම කොච්චර හොද දෙයක්ද.. :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබට වැදගත්ම දේ අමතක වෙලා.. පන්සල් යන්නෙ නැති, බුදුන් වදින්නෙ නැති Buddhist කියල කියාගන්න රනිල්ට,, දවස ගානෙ පන්සල් යන්න, උදේ හවස බුදුන් වදින්න, අරලියගහ මන්දිරේ පිරිත් කියන්න සිද්ද වෙච්ච එකම කොච්චර හොද දෙයක්ද.. :lol:

    ආ ඔය තියෙන්නෙ