මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.
කවර එකොළොසක්ද යත්?
1. සැපයේ නිදයි
2. සැපයේ පුබුදියි
3. නපුරු සිහිනයක් නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රයවෙයි
5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. නො මුලාව කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.
මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.