මේක බොරුවක් නොවෙයි.
එන්නත්කරණය 02/04/2021 දා උදේ නැවැත්තුවා. ඒත් එදාම හවස GR (GR කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි, Gazette Reverse) ප්‍රතිපත්තිය අනුව ඒක නැවත පටන් ගත්තා.
ලංකා ආණ්ඩුවේ තීරණ වලට පින්සිද්ද වෙන්න ඇත්ත බොරුව වෙන්න හෝ බොරුව ඇත්ත ගතවන කාලය පැය කිහිපයක් පමණයි.
කොරෝනා එන්නත්කරණය යළි අරඹයි
ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අත්හිටුවීමේ තීරණය වෙනස් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ අනුව සාමාන්‍ය පරීදි වයස අවුරුදු 60 වැඩි පුද්ගලයනට එම එන්නත ලබාදීම අඛණ්ඩව සිදු කරන බව වෛද්‍ය සමරවීර මහතා කියයි.
ඇස්ට්රාෙසනෙකි එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයනට දෙවැනි මාත්‍රාව ලබාදීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරන බව ද සුදත් සමරවීර මහතා සඳහන් කරයි
ඇස්ට්‍රාෙසනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශ අද (2) පෙරවරුවේ තීන්දුවක් ගෙන තිබිණි.