සමාජවාදි කියුබාව හා කොරෝනා වෛරසය
කියුබාවට ලෝකයෙන්ම පැසසුම්..!
--------------------------------------------------
සමාජවාදය යල්පැන ගිහිල්ලලු. ඒක හරිම අප්සට් එකක්ලු. දැන් ඒක ගැලපෙන්නේ නෑලු. ඔහොම තමයි බොහෝ අය සමාජවාදය ගැන කියන්නේ. ඇත්තටම කියන එකක් නෙවෙයි ඒක තමයි ධනේශ්වර පාලකයන් හදපු මතය. මේ ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා සමාජවාදය ගැන අපේ ඔලුවල පැලකරපු බිල්ලා තමයි ඒ.
කොරොනා වෛරසය ලොකයටම වසන්ගතයක් වෙලා. 5000කට ආසන්න පිරිසක් මියගිහින්. නමුත් ලෝකයේ දියුණුයි කියා ගන්නා කිසිම රටකට කොරෝනා වෛරස් එකට බෙහෙත් හොයාගන්න බැරිවුණා. ඉතාලිය රතු කලාපයක් කරලා. ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරලා. එ්ක තමයි දියුණුයි කියාගන්නා රටවල්වලට කලහැකි වී තිබෙන්නේ. මිනිස් ජීවිත දාහස් ගණනින් මේ වෛරසයට බිලිවෙනවා බලාසිටිනවා ඇරෙන්න දියුණු ධනේශ්වර රටවල්වලට උත්තරයක් තිබුනේ නැහැ.
නමුත් සතුටු වියහැකි උත්තරයක් සමාජවාදී කියුබාවෙන් සොයාගෙන. ඒ ප්‍රතිවෛරස් රෙකොම්බිනන්ට් ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා 2 එන්නත සොයාගැනීම. ඒක තමයි චීනයේ දැනට භාවිතා කරන්නේ. එම නිසා චීනයේ කොරෝනා වෛරස් රෝගීන් අඩුවෙමින් යනවා. මෙම එන්නත කියුබානුවෝ විකුණන්නේ නැහැ. ලෝකයේ අනිත් රටවලට නොමිලේ ලබාදෙන්න ඔවුන් සූදානම්. ඔවුන් මිනිසාගේ පැවැත්ම උදෙසා සොයා ගැනීම් කරනවා ඇරෙන්න ලාභ අපේක්ෂාවෙන් කිසිවක් කරන් නැහැ. ඒ තමයි සමාජවාදයේ හැටි.
අපිට මතකයි පහුගිය දවස්වල ලංකාවේ ෆාමසිවල රුපියල් 60 තිබුණු මුහුණු ආවරන රුපියල් 500 වික්කා. සමහර අය තොග පිටින් ගත්තා. මේ ඊයේ පෙරේදා පළමු කොරෝනා ආසාධිතයා හමුවීමත් සමග ෆුඩ් සිටි හිස් වුණු විදිය. සෙඩ්වල තිබුණු පෝලිම්. ඒ විතරක් ද සමහර සෙඩ්වල තෙල් හංගලා කියලා කිවුවා. කඩවල හාල් හංගලා කියලා කිවුවා. ආසිරි හොස්පිටල් එකේ කොරෝනා ආසාදිතයැයි කරන පරීක්ෂණය සඳහා 3000ක් වු ගාස්තුව 17000ක් කලා. ඒක තමයි ධනවාදයේ හැටි. පටු පෞද්ගලිකත්වය, ආත්මාර්තකාමීත්වය, ලාභය පමනක් උපයන්න බලාසිටින මේ සිස්ටම් එකට තවත් උදාහරන අවශ්‍ය නැ. එවැනි ක්‍රමයකින් මනුෂ්‍යත්වයක් බලාපොරොත්තු විය හැකිද? එය කලහැක්කේ කියුබාව වැනි මානවවාදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල හැකි රජයකට පමණි.




