කොලබ යන්නෙ පරිස්සමෙන්..!

randika078

Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    කොලබ යන්නෙ පරිස්සමෙන්..!

    මචන් ගිය බදාදා මං ගියා නාරාහේන්පිට තියෙන කම්කරු දෙපාර්තමේන්තුවට කලින් වැඩ කරපු තැන ප්‍රශ්නෙකට.. ඒ ගිහින් වැඩ ටික ඉවර වෙලා ආයේ කොටුවට යන්න බස් එකට යන්න හරියටම දෙපාර්තමේන්තුව ඉස්සරහින් පාර පැන්නා.. බාගයක් පනින්න හම්බුන් නෑ පොලිසියෙන් ඇල්ලුවා බං.. අල්ලලා ලිව්වා බං මටයි, මාත් එක්ක හිටපු යාලුවො දෙන්නටයි කහ ඉරෙන් පාර පැන්නෙ නැති එකට.. දඩ මුකුත් නෑ.. සෙනසුරාදාට එන්න කිව්වා උදේ 10ට අලුත්කඩේ පොලිසියට ෆිල්ම් එකක් පෙන්නනවා කියලා මාර්ග නීති ගැන.. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න බන්.. :no: අද ගියා ඉතින් මං වේලාසන.. එත් යාලුවෙක් එන්න පරක්කු වෙලා එතනට යද්දි 10.10යි.. එතන හිටියා පොලිස් කෙල්ලෙක්.. ඒ ගෑනි අපිට හොදටම බැන්නා බං.. වාරියපොල කෙල්ලව මතක් උනේ ඒකි බැනපු හැටියට.. :D ඊට පස්සෙ එන්න කිව්වා ඉරිදා පංතියට.. එපා උනා බං.. මං එතනින් එලියට ඇවිත් ටිකක් වෙලා හිටන් හිටියා.. ඊට පස්සෙ එකෙක් ඇවිත් කොලේ අරගෙන පංතියට යන්න කිව්වා.. උන්ගෙ ෆිල්ම් එක පෙන්නන්න Projector එක වැඩ කරන්නෙත් නෑ.. පැයක් විතර උපදෙස් දීලා අර කොලේ උන් සීල් ගහලා දීලා ආයෙ ගිහින් දෙන්න කිව්වා නාරහේන්පිට පොලිසියට.. හෆ්ෆා මාර කට්ටක් බං.. ඒ පංතියට ගොඩක් ඇවිත් හිට්යෙ නාරහෙන්පිට අල්ලපු අයයි, ග්‍රෑන්ඩ්පාස් අල්ලපු අයයි.. ඒක හින්දා කොලබ යද්දි පරිස්සමෙන්.. 75 meters ඇතුලත කහ ඉරක් තිබ්බොත් ඒකෙන් පැනපල්ලා.. එහෙම නැත්නම් අව්ලක් නෑ, අනිත් එක කහ ඉරෙන් පාර පනිද්දි Phone වලින් කතා කර කර ගිය ඒවටත් අල්ලනවා.. ඒක හින්දා පරිස්සමෙන්.. ජය වේවා :rolleyes:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    10628420_358271410991236_370911375610337446_n.png
     
    Aug 14, 2014
    64
    8
    0
    USA
    මාවත් දවසක් ඇල්ලුවා බන් කොටුවේදී.. හරියටම private bus stand එක ඉස්ස‍ර තියෙන කහ ඉරෙන් පැන්නේ නැහැ කියල.. වැදපු නැති එක විතරයි බන්.. අනේ sir අයේ එහෙම වරදක් කරන්නේ නැහැ කියල අඩලා අඩලා බේරුනා බන්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොලිස් එවුන් ඔහොම තමයි, පොඩි එවුන්ට තමයි සද්දේ, ඕකි ඔය විදියටම ලොක්කෙක්ට කථා කරයිද? නෑ නේ, පඩ ෂෝ කියන්නේ ඕවටයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාවත් දවසක් ඇල්ලුවා බන් කොටුවේදී.. හරියටම private bus stand එක ඉස්ස‍ර තියෙන කහ ඉරෙන් පැන්නේ නැහැ කියල.. වැදපු නැති එක විතරයි බන්.. අනේ sir අයේ එහෙම වරදක් කරන්නේ නැහැ කියල අඩලා අඩලා බේරුනා බන්

    :P:baffled::dull::oo::eek::sorry::confused::lol:
    sorry මචන් මට එකපාර emotions ගොඩක් ආවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    mama nam yanne na. me lagadi porak wa allagena polish sonnayek kivva oya wage meeting ekak thiyenawa ekata enna kiyala. eka hamba-sinhalu sahajiwana sonna meeting ekak. dan sinhalu evata yanne nathi nisa ponnalu parawal gane sinhalunge marga neethi allagena thami owata ekathu karanne
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    අෆ්ෆා ගැන Floating Market කතා කරලා වැඩක් නෑ.. දැන් ටික දවසක ඉදන් අමුතු ගදක් එනවා ඉවසන්න බැරි.. ඒ ලගින්වත් යන්න බෑ.. මං ඊයෙ Train එකේ යද්දි දැක්කා මිනිස්සු සෙට් එකක් පොඩි පාරුවක ගිහින් ඒ පිටිපස්සෙ ඇලට සුදු පාට කුඩු වගයක් ගෝනි පිටින් දානවා ගද නැති කරන්න.. :P

    TFS machan. :)
    බොහොම ස්තුතියි මචන් අපිවත් දැනුවත් කලාට. උඹට ජය!
    එල මචන් ;)

    පංතිත් යන්න ඕනද එතකොට :eek:
    ඔව් බං.. ඒ පංතියට ගියෙ නැත්නම් නඩු දාලා 4500ක්ද කොහෙද දඩ ගහනවා.. පංතිය ඉවර වෙලා ආපු අයට ප්‍රශ්න අහන්න පුලුවන්.. ඒ එක්කෙනෙක් ඇහුව දුර පලාතකින් ඇවිත් අහූඋනොත් මොකද කරන්නෙ කියලා.. අරු කියනවා කරන්න දෙයක් නෑ එන්න ඕනෙලු.. ඉස්සරහට තව නීතිය තද කරනවලු.. දැන් කොලබ වටේම Pavement පලල් කරලා හදාගෙන යන හින්දා ඉස්සරහට Pavement එකේ යන්නෙ නැතුව පාරෙ යන අයටත් දඩ ගහනවා කිව්වා.. :dull:

    මාවත් දවසක් ඇල්ලුවා බන් කොටුවේදී.. හරියටම private bus stand එක ඉස්ස‍ර තියෙන කහ ඉරෙන් පැන්නේ නැහැ කියල.. වැදපු නැති එක විතරයි බන්.. අනේ sir අයේ එහෙම වරදක් කරන්නේ නැහැ කියල අඩලා අඩලා බේරුනා බන්
    අපෝ ඔව් බන් වැදින එක හොදයි ඕවට ගිහින් කට්ට කනවට වඩා :D

    පොලිස් එවුන් ඔහොම තමයි, පොඩි එවුන්ට තමයි සද්දේ, ඕකි ඔය විදියටම ලොක්කෙක්ට කථා කරයිද? නෑ නේ, පඩ ෂෝ කියන්නේ ඕවටයි.
    සිරාවට බන් :yes:


    kaha eren panapn mchn illan tin kiru gaganna oni nahne
    සිරාවට බන්, ආයෙ නම් පනින්නෙ කහ ඉරි හොයන් ගිහින්.. :yes:


    ******** බම්ප් කරපු අයටත් ජය.. ********​