කොල්ලා(ෙපාඩි කතාවක්)

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
තේරෙන්නෙ නම් නෑ මොකක්ද සීන් එක කියල, ඉවර උනාම ඔක්කොම කියවල බලන්නම්. උඹ මේ නවකතාවක්ද ලියන්නෙ?

නෑ මචන් 'ඇත්ත කතාවක් .කියවන්න කම්මැලි නොවෙන්න තමයි මෙහෙම ලියන්නේ
 

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
යකෝ බෝ පැලයක් වගේ ඉන්න මගේ යකා අවුස්සනේ නැතුව ඉතුරු ටිකත් දාපන්.. :P:P:P

මචෝ එක දිගට type කරන්න අමාරුයි.singlish වලින් දැම්මොත් කියවන්න වෙයි.ඒකයි අමාරැවෙන්හරි සින්හලෙන් දාන්නෙ.කැලි කපල ටිකක් ෂෝර්ට් කරලා දාන්නම් එහෙනම් .
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    946318_498745903539170_85969104_n.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    දාපිය ඉතුරුටික :angry::angry:
    මොකද අර සතාට (නෑ නෑ අර කෑලි දෙක) උනේ? :baffled::baffled:
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    ටන්කෙ ඉතින් තිබ්බ වෙර වීරිය ඔක්කොම දාල බ්රේක් ගැහුව බ්රේක් පලු දෙකේ කට්ටටම ගෙවෙනකන්.තව පොඩ්ඩෙන් සුපර් මෑන් පුට්ටාර් එකේ හැප්පිල එතනම ඉවරයි.:yes:

    ඇස් දෙක කටේ දාගෙනද බූරැවො තෝ පාරෙ යන්නෙ..කොල්ල ඇහුව:growl:.ටන්කෙ අඩන්න වගේ බැලුව.තෝ මොකටද බොල පාරට පැන්නෙ ඌත් ඒ සැරේ ගට අරගෙන කොල්ලගෙන් ඇහුව. හරිනෙ ඉතින් කොල්ලගෙනෙ වැරැද්ද .කොහෙද මචන් උඹ යන්නෙ ඒ පාර පෙර වැරදි තේරැම් අරන් කොල්ල ඇහුව.ඒ පාර ඔන්න ටන්කෙගෙ මූණත්තහඩුව අරෙහෙට මෙහෙට කැත විදියට ඇඹරිලා ගියා.“ප ප පාන් ගේන්න යනව බන් උදේට කන්න, ටන්කෙ කිව්ව.ඈ බොල උදේ ප්රනවෘත්ති වලට කිව්වද ආණ්ඩුවෙන් පන් කෑම තහනම් කරා කියල?කොල්ල ඇහුව.“නැ නෑ බන් ඒ මොකෝ එහෙම ඇහුවෙ ටන්කෙ බය වෙලා ඇහුව.මොකද මූ ජීවිතේ ගැට ගහගන්න ඉන්ධනයක් විදියට වැඩිපුරම භාවිතාකරන්නෙ පාන්.ඉතින් එහෙව් එකේ පාන් කෑම තහනම් කරොත් මූ හාමතේ මැරෙනවනෙ.ඒකයි මු බය වෙලා තියෙන්නෙ...:rofl:

    කොල්ල ඉතින් මුගේ ඉරියව්වෙන්ම ඒක තේරැම්ගත්ත.නෑ..හැලපයො තෝ මේ පස්සට පෙට්ර ල් ගහල වගේ කඩන් බිදන් ගිය නිසා ඇහුවෙ.නෑ මචන් ප පාන් ඉවර වෙනවනෙ ඒකයි,ටන්කෙ ගොත ගහල කිව්ව.කොල්ලට සාධාරණ සැකයක් මතුවුනා.ඇයි මචංල මූ මේ කඩ දෙකක් විතර පාස් කරන් තමයි පාන් ගන්න හන්දියට දුවන්න හදන්නෙ.මොකෝ හන්දියට බඩගෑවයි කියල ලොකුපාන් හම්බවෙනවයි? නෑනෙ?.සමහර විට හන්දියෙ කඩේ පාන් ගෙඩියත් එක්ක නොමිලේ බටරුත් දෙනවද දන්නෑ.ඒව කියන්න බෑනෙ ඉතින් දැන් කාලෙ හැටියට. නෑ නෑ ඒක වෙන්න බෑ මෙතන මොකක් හරි නීති විරෝධී වැඩක් වෙනව කියල කොල්ලට තේරුනා.සෙට් එකේ ඉහල තනතුරු වල ඈයොත් මේ කේස් එක පිටිපස්සෙ ඇති කියල කොල්ල ටිකක් කලබල උනා.ඇත්ත කියපන් තෝ මේ මට පාන් පෙන්නල අර පීරිසි දෙක පස්සෙ නේද යන්නෙ?ඕන කකුලක් කියල කොල්ල ඇහුව.ටන්කෙ මමියක් වෙලා වගේ බැලුව කොල්ල දිහා.මමියක් කිව්වෙ ටන්කෙ මව් පදවිය ලැබුව කියන එක නෙවෙයි මචංල.අර ඊජිප්තු පිස්සු කේස් වගයක් ඉන්නෙ ඇග පුරාම පටි ඔතාගෙන නිකන් හොරකමේ යන්න වගේ ආන්න උන් එකෙක් වගේ උනා.:yes:

    ටන්කෙ දැනගත්ත වැඩේ කෙල උනා කියල.මූ කොහොමත් හොර වැඩ කරන්න ගිහිල්ල වැඩේ අනාගෙන ඇග පුරාම ගාගන්නව ඒ පොඩි කාලෙ ඉදන්ම උගෙ ස්වභාවෙ.වැඩක් අනාගන්නව වගේ සතුටක් ඌට තවත් නෑ.:rolleyes:ඉතින් වැඩේ මාට්ටු වෙච්ච ටන්කෙ ඔක්කොම තොරතුරු වැමෑරුව.ඔව් මචන් මං මේ ඒ දෙක පස්සෙ තමයි යන්නෙ.පොඩි මෙව්ව එකකට.මෙව්ව එකක් කිව්වෙ? කොල්ල ඇහුව.ලැඡ්ඡයි බන් මට ඕව කියන්න,ටන්කෙ ඇඹරෙන ගමන් කිව්ව.කොල්ලට තේරුන මේක මල් කේස් එකක් කියල ඒකයි මූ මේ මල් දුන්නත් මල්සරාගෙන් ණයට ඉල්ලන් ඇවිත් තියෙන්නෙ අර පීරිසි දෙකෙන් එකක් බිම දාගන්න හිතාගෙන.කොලු ගතියනෙ ඕක ඇවිල්ල.චීත්ත කෑල්ලක් දැක්කම නොකා නොබී මාසයක් වුනත් ඉදියි මුන් ඒ ගැන හිත හිත. කොල්ල ඉතින් ඕව දන්න නිසා ටන්කෙට හයිස්පීඩ් ආවට දඩ කොලේකුත් දීල යන්න දුන්න එන ගමන් මේ පැත්තෙන් වරෙන් කියල. එතකොටම ඌ මිටින් හල කුරුල්ලෙක් වගේ අතුරුදහන් උනා.

    කොල්ල බලු කූඩුව උඩ තිබ්බ ඉදලත් අරගෙන නිසි තැන තියල බල්ලටත් විරිත්තල ගෙට ගියා මැගී එකක් වත් හදන් කන්න හිතාගෙන.කාල දත කට මැදල මූනත් හෝදගෙන කරන්න වැඩකුත් නැති එකේ හෙට බණ්ඩාරවෙල යන්න හිතාගෙන ඇදුම් පැක් කරන්න ගත්ත.ඔන්න එතකොට මල් දුන්න අරන් පීරිසි දඩයමේ ගියපු එකා ආව.ඒ මචාන් උඹ දන්ම මොකෝ මේ ඇදුම් පැක් කරන්නෙ ටන්කෙ ඇවිල්ල ගෙම්බ පොලවෙ ගැහුව වගේ සෙටියෙ පත බාන ගමන් ඇහුව.ඇයි බන් තොපිලට මං කිව්වෙ හෙට අරෙහෙ යමන් කියල,කොල්ල කිව්ව.ඒ අපි හෙටම යන්න ඕනෙයි බන්?ඌ ඇහුව.නැතුව බං ඇයි හෙට උඹට අර ලෙඩේ වත් හැදෙනවද?කොල්ල මල පැනල ඇහුව.නෑ බං මේ මේ...ටන්කෙ ගොත ගහන්න ගත්ත.හෙට වෙනකන් මේ මේ නොගා ඉන්නෙ නැතුව කියපන් කියල කොල්ල ටන්කෙට තර්ඡනය කරා.මං හෙටයි අනිද්දයිත් පාන් ගේන්න යන්න හිතන් ඉන්නෙ ටන්කෙ කියල දැම්ම.කොල්ලට පොඩ්ඩක් විතර දුක හිතුන.මොනව උනත් වැඩක් කරද්දි මේකා උපරිම කැපවීමෙන් කරනවනෙ.කොල්ල ඒ ගැන පැහැදුන.එහෙම බෑ බං ඕනමනං හෙට විතරක් උඹට පාන් ගේන්න යන්න දෙන්නම් හැබැයි සෙනසුරාද අනිව ගමන යන්න ඕන කියල කොල්ල පනතක් දාල සම්මත කරා.ටන්කෙ ඒ පාර කොල්ලට පිං දීල කිව්ව මචං මේක අනිත් එවුන්ට ලීක් කරන්න එපා කියල. අනිත් ඈයො දැනගත්තොත් වසල හමාර නිසයි ඌ එහෙම බැගෑපත් උනේ.:P
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ado katawa iwarada sith ganna sulu widiyata terumak neti unat kiyawanna asa hitena widiyata uba type karala tiyenawa