කොලු කාලෙ කරපු අමන වැඩ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban

    poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna

    hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna

    me wage kariyo ekka indala me ththwen inna eka gana satutu wenna one
    ඉදකින් වේසාවා පව් යකෝ අරූ.
    ඌත් බල්ල වගේ ගත්ත ද කන පැලෙන්න දුන් නැතුව🤬
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban

    poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna

    hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna

    me wage kariyo ekka indala me ththwen inna eka gana satutu wenna one
    මමත් ඔය වගේ උන් එක්ක තමා හිටියේ අපේ උන් ඔයිට වඩා ඒවා කාලා. උන් දැන් ඉන්න තැත් දැක්කම පිස්සු හදනව . අපේ හිටපු කැරිම වැඩ කරපු එකා දැන් ඉරාන් special forces එකේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gewal watema , school , class kellanta gal kapala thiyanawa mathakath ne keeyakata kapuwada kiyala,
    giya sumane school eke kellek messenger call eke inna kota ahuwa ubata mathakada uba canteen eka piti passedii gal kapuwa kiyala, mama kiuwa mathaka ne oi kiyala eki kiuwa ow ow uba class eke inna kello seratama kapala thiyenne, danlu ewa un katha wenne.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    images.png
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,171
    113
    Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban

    poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna

    hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna
    මේ බොරැල්ල පැත්තෙ ඉස්කෝලයක්ද ? 😁😁
     
    • Like
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,801
    113
    ඩෑල් එකක් හිටියා පට්ට කයිවාරුව ඔෆිස් එකේ.... ඒ කාලේ ම හිටපු Director ලොක්කා ගේමක් ගහලා මාරු. ඉතින් ලොක්කෙක් නෑ..... වැඩ ටික වෙනදටත් වඩා හොඳට ගියා..... ඉතින් අපේ ප්‍රොජෙක්ට් එකකට ගත්ත Manager ඩයල් එකක් හිටියා, මිනිහා මැලේ (ඌරු මස් කන සීලාංකිකයෙක්) ආතල් පොර....

    මෑන් ට කිව්වා කයිවාරුකාරයාට ඇමක් දෙන්න යන්නේ, කැමති ද කියලා.... ඌ එකෙන්ම කැමති....

    ඉතින් මැලේ කාරයා උදේ ඇවිත් ඔක්කොටම මෝර්නින් පාර දාලා යනවා.... එකෙක් දෙන්නෙක් අල්ලගෙන සමාගම දියුණු කරන්න පුලුවන් ක්‍රම සාකච්ඡා කරනවා.....
    Positive management influences

    අපි වටේ නිව්ස් එකක් යැව්වා..... මැලේ කාරයා CEO වෙන්න යන්නේ කියලා....... කයිවාරුවාට ඒක ලයින් වෙලා..... මෑන් reports, summary, presentations හදනවා පන දාගෙන..... දවසක් තඩි file තොගයක් අරගෙන මැලේකාරයා හම්බෙන ගිහින්.... Explain කරනවා පැය ගාණක්..... අපිත් හොම්බ දාලා අරූට කින්ඩි හිනා දාලා යනවා.

    එළියේ සෙට් වෙන්නත් කතා කරලා..... මැලේ එකා ඇවිත් department මැද දුන්නා... කෙල්ලෝ එහෙම හිනා වෙලා වැඩි වෙලා අඬනවා...... කයිවාරු කාරයා ට වැඩේ නෝන්ඩි නෑ...... අයින් වුන දවසක ඌට කියන්න ඉන්නේ.
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ඉස්කෝලේ යන කාලේ මම කැඩෙට් කලා, මම ඒ කාලේ කෝප්‍රල් ඉතින් එක වයසේ යාලුවෝ තමා ටික පැටුන් එකේ ඉතින් දැන් කැම්ප් යන්න තියන දවට කලින් දවසේ රැ අපි ඉස්කෝලේ නැවතිලා නයිටක් අදිනවා මොකෝ වෙලාවට උදේට එන්න බෙරිවෙඉ හිතලා , ඉතින් අපි ලාවට පාටියක් දාන්න අපේ සාජන් කාරයා බියර් ටින් හතරකුත් ගෙන්නල්ලා තිබ්බා පොරගේ ගෙවල් ඉස්කෝලේ පිටිපස්සේ. ඉතින් අපි එකත් ගහලා අපේ එන්න බැරුව හිටිය එකෙක්ව ගෙන්න සාජන් ගේ තාත්තගේ විල් එක අරන් ගියා ටික දුරක් යද්දී පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා හෝගාලා නවත්තනවා වාහන. බෝතල් ටිකත් විල් එකේ. එකෙක් කියපි නවත්තන්නේ නැතුව යමු කියල අනික කියනවා හර්වගනින් කියල, එකෙක් මල ලතෝනි දෙනවා මම හිතුව මෙහෙම වෙයි කියලා කියලා, ලං වෙනකොටම ටෝච් එක ගහලා නවත්තන්න අත දැම්මා. සාජන් කාරයා ගිහින් අත දාපු එකා ගාවම නවත්තලා අහපි.
    සාජන් - " සර් තාලාතුඔය පොලිසිය තව ඉස්සරහද කියලා"
    පොලිස් කාරයා - " ඔයාලා පාස් කරන් නේ ඇවිත් තියෙන්නේ කලින් හම්බුන හන්දියෙන් වමට දාන්න ඕනි කිව්වා "
    සාජන් - " අය්යෝ සර් මුන් හයර් යන්න එනවා පාරවත් නොදැන මේ මහා රැ අහන්න එකෙක්වත් නැ වෙලාවට සර්ලා හම්බුනේ ගිහින් එන්නම්" කියාගෙන හැරෙව්වා විල් එක ආපස්සට.

    අපි හරවන් යනකම්ම උන් බලන්හිටියා නොපෙනී යනකම්ම අපිත් පිටිපස්ස බලන් අවා පස්සෙන් එයිද කියලා.
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    A/L පටන්ගත්තම කාලේ අපිත් එක්ක හිටපු එකෙක් කරපු අමන ආතල් වැඩක් කියන්නම්.
    ඌට ටිකක් සල්ලි තිබ්බ , ලොකු phone එකකුත් තිබ්බ.. ඒ කාලේ එහෙම phone නෑ හැමෝටම. මූ පන්තියේ වැඩ කරන්නෙත් නෑ , ඔහේ ඉන්නව ප#යා වගේ.. පන්තිබාර අලුතෙන් සර් කෙනෙක් ආවා. ඉස්කෝලෙට අලුතෙන්ම තර්ස්ටන් වල ඉදල ආවේ අපේ පන්ති බාර විදියට (physics කරේ ). සර් කාරයා හොද එකා, හැබැයි නැති පොරත්වයක් පෙන්නලා බය කරගෙන ඉන්න ගියා මුලදී. 😁 මිනිහා කියලා දෙන දේවල් නම් මිනිහ පන්තියේ ඉගෙන හිටියත් තේරෙන්නේ නෑ ..:oo: එකම අවුල් ජාලාවක්.
    ආපු මුල්ම කාලේ දවසක් සර් පන්තියේ උගන්න උගන්න ඉද්දි අර මම කියපු එකා නිදී. සර් ටිකක් බලන් හිටියා , කතා කරල නැගිට්ටුවා.
    "ඇයි නිදි ? " කියලා ඇහුවම මූ කියාපි "සර් තේරෙන්නේ නෑ මුකුත්" කියලා :baffled: මොනව උනත් නොන්ඩි නේ සර්ට . ටිකක් අනන් මනම් කිව්වම මූ කිව්වා " සර් තේරෙන්නේ නැති එකේ ඔලුව තියාගෙන ඉන්නම්" වගේ දෙයක්. සර්ට තද වෙලා මූට එන්න කිව්වා පන්තියේ ඉස්සරහට බෑග් එකත් අරගෙන් . චෙක් කරා බෑග් එක. පොතක් දෙකක් තියෙන්න ඇති . pool ගහද්දි දාන glove තිබ්බ සර් ට තේරුනේ නෑ . ගැහුවා පාරක් දෙකක්. අරූ ඉන්නවා ගන්න ගන්නේ නැතිව ශිර්ට් එකත් උඩින් දාගෙන. මූ කොහොම හරි ෆොනේ එක දාල ඇවිත් හිටිපු තැන.
    පර්ස් එක ගන්න කිව්වා. මේකේ තිබ්බ දාහේ කොළ දෙක තුනක්. ඒ දවස් වල එහෙම සල්ලි නෑ ඉස්කෝලේ යන උන් ගාව. හේතු ඇහුවම මූ මොනවහරි කිව්වා. තව පොඩි ලියුම් කවරයක් තිබ්බ. ඒක ඇරියම එකේ පොඩි අපල වලට දාන මැණික් ගලක්. මොකද්ද කිව්වම ඌ කිව්වා "අපලයක් තියනවා සර් , එකට දුන්න මැණික් ගලක් " කියලා. එකත් ආයිත් තියලා මූ ට බැන්නා හොදටම. තව ගහන්නත් ඇති.

    ඊට පස්සේ කිව්වා දැන් මේ ටික දාගෙන ගිහින් ඉදගන්නවා කියලා. මූ පොත් දාගත්තා. පර්ස් එකට බඩු ටිකත් දාගත්තා. එක පාරම මූ මාර දෙයක් ඇහුවා... "සර් කෝ මැණික් ගල ?? " :shocked: සර් කිව්වා මම ඔතනින් තිබ්බ බලනවා බලනවා කියලා. මූ කිව්වා තිබ්බේ නෑ නේ සර්.... සර්ට හීන් දාඩිය දැම්ම..
    (මේ කැ#යා කොහොම හරි ගල පිටිපස්සට ශේප් එකේ පාස් කරලා. මගේ එහා පැත්තේ එකාට ආවා. )
    සර් පන්තියට අලුත්. ළමයිව හරියට අදුරන්නෙත් නෑ . ඉස්කොලෙටත් අලුත්. නිකන් හොරා වෙන්න යන්නේ දැන්. :baffled:
    සර් මේස උඩ , මෙසේ යට හෙව්වා හෙව්වා හම්බුනේ නෑ . කාවවත් sure නැති නිසා, සර් ඔක්කොටම ඔහොමම නැගිටින්න කිව්වා. ඔහොමම පිටිපස්සේ බිත්තිය ලගට පන්තියේ ඔක්කොම ලමයින්ට යන්න කිව්වා. සර් ම කොස්සක් අරගෙන පන්තියේ ඉස්සරහ මේස, පුටු ඔක්කොම අස්සේ අතු ගානවා මණික හොයන්න. :oo: මේකා දාඩිය දාගෙන කලබලෙන් හොයනවා හොයනවා අස්සේ රිංග රිංග .. අරූ ට ආතල්. :dull: ඌ අපි ලගට ඇවිත් කියනවා "ඕක මට ගැහුවා නේ , දැන් හොයපන්" කියලා. පන්තියේ උන් දැන් දන්නවා මූ ලග මණික කියලා . මූ ව මාට්ටු කරල් දෙන්නත් බෑ . හැබැයි මූ ට ඔක්කොම බැන්නා , ගැහුවේ නැති ටික විතරයි. පීරියඩ් දෙකම ඉවරයි මැණිකට.
    පස්සේ මායි තව එකෙකුයි ගියා ඉන්ටවල් එකේ සර් ව හම්බවෙන්න. යනකොට ඉන්නව ස්ටාෆ් රූම් එකේ ඔලුවේ අත් දෙක ගහගෙන. හොර නාමයයි, පඩියයි මතක් වෙන්න ඇති . පවු. අපි කිව්වා මෙසේ දාරයක් ඇතුලේ හිරවෙලා හොයාගත්ත කියලා. :dull:

    මේ සර් කාරයාගෙන් නම් සුපිරි ආතල් එකක් ගත්ත අවුරුදු දෙකේ අපේ උන්. තාම ඇති .:lol:
    Paw bun 😀😀😀
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔන්න අපි A/L කරන කාලේ හිටියා සර් කෙනෙක් මිනිහ ඉතින් අපේ බයිට් එකක්.අපේ එකෙක් දැන් සර් board එකේ ගානක් හදනකොට සර්ගේ phone එකට call එකක් ගන්නවා.සර් ෆෝන් එක ගන්න යද්දීම කට් කරනවා ඔහොම දැන් 7-8 වතාවක්ම කළා.සර්ට ගානේ මුල් අකුරවත් ලියාගන්න බැරි උනා.දැන් සර්ට පට්ට මල.මිනිහ ගත්ත කෝල් එකක් විනය බාර සර්කාරයට.විනයබාර බුවාම තමා එ කාලේ කැඩෙට් බාරව හිටියෙත් පට්ට සැරයි.විනයබාරකාරයා තව සර්ලා තුන් දෙනෙකුත් එක්ක ආවා.දැන් හැම එකාම ගල් ගිලල වගේ ඉන්නවා බයේ දන්නවා පොරව අහුවෙනකම් පන්තියටම සද ගුට්ටක් කන්න වෙනවා කියලා.මුලින්ම හැම එකාවම චෙක් කරලා ෆෝන අරන් එක එකාව එලියට දැම්ම.දැන් හැම එකාගෙම ෆෝන් මාට්ටු.ඒ දවස්වල තමයි apple 5s එක ආපු කාලේ.අපේ එකෙක්ගේ 5s එකත් මාට්ටු.දැන් හැමෝටම කිව්වා ෆෝන් එක ඕනෙනම් ගෙදරින් එක්කවර කියල වැල මාට්ටු උනොත් ගෙදරට කියනවා කියල .ඔන්න දැන් අපේ සර්කාරයාගේ ෆෝන් එකෙන් විනයබාර බුවා ගත්ත කෝල් එකක් අර මිස් call ගහපු නම්බරේට.හුටා අපේ ගණන් සර් කාරයාගේ සාක්කුවෙන් රින්ග්ස් යනවා කියහන්කෝ.ගණන් සරුත් උඩ බිම බලනවා මෙ මොකක්ද කියල.අපේ කොල්ල පන්තියෙන් එලියට එද්දී ගණන් සර්ගේ සාක්කුවට ෆෝන් එක දාල තමයි එලියට පැනල තියෙන්නේ පිස්සු බුවෙක්.ඊට හපන් ඌ සර්ගේ නම save කරද්දී අඩු ගානේ සර් කියලවත් ගහලා නෑ.සර්ගේ නම විතරයි ගහල තියෙන්නේ.ඔක්කොමටත් එක්ක වැරදී ඔක්කොම අල්ලලා උට දුන්න වට කරගෙන සුපිරි ගුට්ටක් .කොල්ලෝ ටිකට ෆෝන් ටික ගන්න ගෙදරින් එක්ක එන්නත් උනා.ඔන්න එකෙක් කරපු හරිය