පලවෙනි කතාවට ගොඩක් ලයික් වැටුන නිසා තව උන ආතල් සිද්දියක් දාන්න හිතුවා, මේක උනේ මුලින්ම ජොබ් එකට training කාලේ,
මේකයි කතාව,
2011 වගේ තමා මුලින්ම construction සයිඩ් එකෙන් ඉගනගෙන training එකට ගියේ, යන්න උනේ බදුල්ලට බදුල්ල සොරණාතොට කියන ගමේ පාර හදන එක තාමා project එක. උබලා ඔය නාරංගල කියල යන්නේ අන්න ඒ ලග තමා අපිට සෙට් උනේ. කෙටියෙන් කිව්වොත් පට්ට දුෂ්කරයි පට්ට හිතලයි පාරේ බස් නැ ලොරියක් දුවන්නේ, රැට කොන්ක්‍රීට් දාන්නේ ගිනිමැලයක් ගහන්,කඩේ යන්නේ එන්නේ JCB එකේ. බෝඩිමේ ඉන්නේ මම මගේ යාළුවා ගබඩා බාරකරු, අපිව බාර ඉන්ජිනේරුතුමා, JCB රියදුරු, කෑම උයන කෙනයි.
දවසක් වැඩ කලින් ඉවර උන දවසක අපි බෝඩිමට ඇවිත් විස්තර කතා කර කර හිටිය රැ වෙනකන්, එක එක්කෙනාගේ විස්තර අස්සේ රියදුරුතුමාට උන හොල්මන් seen එකක් ඇදිල අවා. හොටෙල් එකක එල්ලිලා මරුන සීන් ekak, පොර ආයේ 3D ෆිල්ම් එකක් වගේ සීන් එක දෙනවා. පස්සේ SKත් කිව්වා සයිට් එකේ පාලු තැනක යනකොට පස්සෙන් එන සීන් එකක්. එතනින් රැට එන්න එපා කියලා එතන තියන ගලක ඇත්තටම ලේ වගේ සීන් එකකුත් තිබ්බා අපි දැකල තියනවා. ඔහොම දැන් රැ 12 වගේ වෙනකන් ඇදුනා කතා ටික කස්ටියත් ටිකක් බිල්ලෝ වගේ කන් ඇත් කරන් අහගෙන ඉන්නවා. ඔහොම ඉන්නකොට ඉංජිනිය කාරයා කියනවා මන් උබලට දෙයක් කියන්නම් උබලා බයවෙන්න එපා. මේ බෝඩිමේ මම දැන් අවුරුද්දක් විතර ඉන්නවා හැමදාම පාන්රදට ඉස්සරහා දොර අරගෙන කව්රුහරි ඇවිත් පස්සේ දොරෙන් එලියට යනවා කියපි. හැබැයි කාටවත් කරදරක් නැලු. දැන් මගේ යාළුවා කොමා එකක් හැදිලා වගේ ඉදල කියනවා උටත් එහෙම සීන් එකක් මාට්ටු උ ඇවිත් බැලුවට දොර ඇරලා නැ ලු. ඉගෙන ඉන්න පුටුවෙන් සටස් ගහල කකුලුත් උඩට ගත්තා මම. ඕවා අහගෙන ඉගෙන උයන එකා (පොර ටැමිල් වැඩිය කතා බහ නැ) ඇවිත් කියනවා මාතියා කින ඒවා අහන් හිටියා මම මේ උඩ බංගලාවක උයන කාලේ මාළු වගයක් අරන් පාරේ රැ ක යනකොට කළු මනුස්සයෙක් පස්සෙන් අවාලු, පස්සේ පොර හයියෙන් යනකොට අර කළු මනුස්සයා එක පාරට කළු ලොකු බල්ලෙක් වගේ වෙලා කෙල පෙරාගෙන ඇගට පැන්නලු ඇස් රතුම රතුයිලු. පොරට බය වැඩි කමට සිහිය නැතිවෙලා, සිහිය එනකොට හිටියේ කැලේ අර කලින් කිව්ව ගල ගාවලු.
දැන්නම් සෙට් එකම හොදගානට තැම්බිලා තක්බීර් වෙලා, ලාවට දනිස් දෙකත් හෙල්ලෙනවා වගේ ඒ අස්සේ අරු කියනවා ඒ චු බරයි වරෙන්කො පොඩ්ඩක් යන්න කියලා, රෙද්ද මම මේ කකුල් දෙක බිම තිබ්බෙත් නැ,මුට හුජ්ජ දාන්න මම යන්නේ අරක කේලින් කරන් ඉන්නද කියලා හිතුනට මම කිව්වේ නැ හයියෙන් කතා කරන්නත් බයයි වගේ නිසා, ඔන්න ඒ අස්සේ එකපාරට බරාස් බරස් ගලා සද්දයක් එනවා, හම්මෝ බන් බයවෙච්ච් පාර අරු පැනලා මාව බදාගෙන skයි ඩ්‍රයිවර් කාරයයි ඉන්ජිනියර් ව බදාගෙන. කොහෙන් සද්දේ එනවද කියලා හොයන්න බැ. ටික වෙලාවකින් සද්දේ නැතිඋනා. එකක්වත් හෙල්ලුනේවත් නැ, ටිකවෙලාවකින් වාහනයක් ඇවිත් ඉස්සරහ නතරකරලා එකෙක් බැහැල දොරට තඩිබානවා. කුකා බයේ බයේ ගිහින් දොර ඇරියා. බලනකොට project manager කාරයා, මම ෆෝන් එක දාලා ගිහින් නේ, ඔය කබඩ් එක උඩ තිබ්බේ කෝල් කලා කව්රුත් ගත්තේ නැ, මොකෝ මේ බයවෙලා වගේ කියලා අහපි. අර සද්දේ ලි කබඩ් එක උඩ ෆෝන් එක ව්යිබ්රේට් වෙලා, හම්මෝ එහෙමත් ආතල් එකක්, හොදම වැඩේ අරුට පුටුවේ චු ගිහින්.