කොලු කාලෙ කරපු අමන වැඩ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ගොඩක් අයට වයසට යනකොට සබකෝලය නිකන්ම නැතිවෙලා යනවා මට එහෙම වුනේ නෑ
    Dan nan onema thanaka onema pirisak idiriye katha karanna puluwan, habai athyawashyama nan witarai, man mike tyson kenekuth neme panala denneth na

    තොපි අමන වැඩත් කරල තියනවද කොල්ලො කාලෙ ? නොදොකින් :lol::lol::rofl:
    Honda wada kiyala deyak na putha, honda wada kiyanne selawena manasata
    ------ Post added on Feb 11, 2023 at 10:04 AM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පොඩි කතාවක් මතක්වෙලා නූල බම්ප් කරල ගන්න හිතුන....

    මම ඕලෙවල් පංතියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දිනපතා පංති රැස්වීමට අනිවාර්යයෙන් කවුරුහරි කෙනෙක් කතාවක් පවත්වන්න ඕනෙ කියල කවුරු හරි පිස්සු පොරක් කරුම නීතියක් ගෙනල්ල තිබුණ...
    ඕකට මගේ වාරෙ ආවම මොකක් හරි ගේමක් ගහල කටා පාර දාන්න පුරුදුවෙලා හිටියත්, එක දවසක් මග හරින්න බැරි විදිහට බෙල්ල මුලටම තොන්ඩුව හිරවුණා...

    සාමාන්‍යයෙන් පංති රැස්වීම් වල කලින් සූදානමක් නැතුව කතා කරන හැම එකාගෙම පොදු මාතෘකාව වුනේ "පරිසරය"...
    සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසුලු විසුලු මැද, සුවහසක් ගුරුවරුන්ගේ එරවුම් බැණුම් මැද අමාරුවෙන් පරිසරය ගැන වාක්‍ය පහක් ගොත ගගහ ඔබ හමුවේ තබල, සමච්චල් සිනා හඬවල් මධ්‍යයේ වේදිකාවෙන් බැස යාම ඔය රැස්වීම් වල සුලබ දසුනක්....

    ඕන්න ඉතිං උඩ කිවුව විදිහට මගේ කරුම දවස උදාවුණා....
    හැබැයි මොකාක් හරි අහේතුවකට පරිසර ඉලවුව වෙනුවට මගේ ඔලුවට එදා ආපු මාතෘකාව
    "අනගාරික ධර්මපාල තුමා"

    මාතෘකාව ඔලුවට ආවට මම එතුමා ගැන හරියට දන්නෙ එතුමගෙ නම විතරයි....
    හැබැයි මට පොඩි විශ්වාසයක් තිබුණ, මගේ කතාව අහන්න හිටපු ගුරු ගෝල පිරිස අතරෙ ධර්මපාලතුමා ගැන හරි විස්තරයක් දන්න එකෙක්වත් නැතුව ඇති කියල....

    ඕන්න කතාව පටන්ගත්ත,

    රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි, මා අද දින යත්ම දරන්නේ අනගාර්ක ධර්මපාලතුමා පිළිබඳව යම් කරුණු ස්වල්පයක් ඔබේ දැනුමට එකතුකිරීමටයි..... (නොහිතපු විදිහෙ ප්‍රකාශයක් නිසා සභාව ෆුල් සයිලන්ට් වුණා)
    "දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් එක්දාස් අටසිය (නිකං හිතට ආපු වර්ශයක් ඇදල ඇරිය) දී මෙලොව එළිය දුටු...." කියල පටං අරං
    ගජබින්නාලංකාරයේ නව පරිචඡේදයකට අත් පොත් තබමින් හිතට ආපු නම්, ගම් ටිකක් එක්ක හිතට ආපු වර්ශ ටිකක් කලවං කරල කතාවක් ඇදල ඇරිය,
    මේ ලෙසින් මාගේ කතාව අවසන් කරමි.... ස්තූතියි..

    කියල හෙන අත්පුඩි ගොඩක් සහ ප්‍රශංසා ගොඩක් එක්ක මගේ මහා බොරු සංග්‍රහය අවසන් කරා....

    මේ කතාවෙන් පස්සෙ මාව ගුරුවරු අතර සෑහෙන්න ජනප්‍රිය වුණා...
    විශය නායක කම් කීපයක් ලැබුණ...
    පංති කව රැස්වීම් වලට බයක් හැකක් නැතුව ගෙදරින් එක්ක එන්න පුලුවන් තත්වයක් උදාවුනා...

    ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...
    අඩෝ පට්ට
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වැඩි ජනතා ඉල්ලීම මත @PHBhagya ගේ "කොලු කාලේ කරපු අමන වැඩ" ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ සන්ශෝදනයක් විය යුතුය. ඇය කෙල්ලෙකු බව අනාවරනය වී ඇති බැවින් ටයිටල් එක
    "කෙලි කාලේ කරපු අමන වැඩ" ලෙස නිවැරදි විය යුතුයැයි
    හාපෝ මොනවද මේ කරල තියෙන නසරානි වැඩ. ගමකටවත් වැද්දගන්න හොද නෑ.


    එහෙම ක්‍රියෙටිව් විදියට මන්තරයක් මතුරල නේද ඔය දැන් හද තියෙන දවසට හූ කියන සීන් එකත් ආවෙ
    ------ Post added on Feb 11, 2023 at 7:19 AM
    හානේ මේ වාගේ දගකාර කෙලි පොඩ්ඩක් දැක්කමයි.......😘
    @PHBhagya ජබුං 😂😂
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    aththa kiyapan. ube yaluwanta wadiya meke wwayasaka set eka hoda nadda?
    සිරාවටම හොදයි patta friendly, no jelacy guys, always fun & ........ ඒත් පොලිටිකල් සීන් නම් එපා වෙනවා. එවිවා කියවලා බලලා රෆ් අයිඩියා එකක් අරන් එවුවගෙන් මාරු උනානම් හොදයි වගේ. බොරුවට මරා ගන්නේ නැතුව. ඕවරෝල් ඔක්කොම ආතල් මගේ හොදම යාලුවෝ ඊට වඩා ආතල්. සාමාන්‍යය ලෙවල් එකෙන් ආශ්‍රරය කරන උන්ට වඩානම් සුපිරි සෙට් එකක් ඉන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හාපෝ මොනවද මේ කරල තියෙන නසරානි වැඩ. ගමකටවත් වැද්දගන්න හොද නෑ.

    අනේ හිටු....
    නෙළුම් මලෙන් උපන් කුමරා වගේ මුගෙ කතාව....😂
    එහෙම ක්‍රියෙටිව් විදියට මන්තරයක් මතුරල නේද ඔය දැන් හද තියෙන දවසට හූ කියන සීන් එකත් ආවෙ
    ------ Post added on Feb 11, 2023 at 7:19 AM
    මන්තරේ ටෙස් කරේ @Solo Rider යට...😂
    හානේ මේ වාගේ දගකාර කෙලි පොඩ්ඩක් දැක්කමයි.......😘
    ඔහේනං කොලුවො, කිරියෙන් පිට මාව මුරිච්චි වෙන්න හිතන්නවත් එපා....
    2004 mama ol
    හාපෝ නාකි... අපිනං 2007
    තොපි අමන වැඩත් කරල තියනවද කොල්ලො කාලෙ ? නොදොකින් :lol::lol::rofl:
    අමන නම තියෙන හෝඳ වැඩ...😂
    ගොඩක් අයට වයසට යනකොට සබකෝලය නිකන්ම නැතිවෙලා යනවා මට එහෙම වුනේ නෑ
    මටත් තියෙනව ඒකනං ඉතිං... අවස්තානුකූලව වෙනස් කරගන්න පුලුවන්...
    දුප්....🧐
    aththa kiyapan. ube yaluwanta wadiya meke wwayasaka set eka hoda nadda?
    අනිවා...
    සිරාවටම හොදයි patta friendly, no jelacy guys, always fun & ........ ඒත් පොලිටිකල් සීන් නම් එපා වෙනවා. එවිවා කියවලා බලලා රෆ් අයිඩියා එකක් අරන් එවුවගෙන් මාරු උනානම් හොදයි වගේ. බොරුවට මරා ගන්නේ නැතුව. ඕවරෝල් ඔක්කොම ආතල් මගේ හොදම යාලුවෝ ඊට වඩා ආතල්. සාමාන්‍යය ලෙවල් එකෙන් ආශ්‍රරය කරන උන්ට වඩානම් සුපිරි සෙට් එකක් ඉන්නේ
    ඔවු ඉතිං, වතුරෙන් කිරි වෙන් කරනව වගේ, මේකෙ තියෙන ඒව තෝරල බේරල ගන්න ඕනෙ...😊
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    අනේ හිටු....
    නෙළුම් මලෙන් උපන් කුමරා වගේ මුගෙ කතාව....😂

    මන්තරේ ටෙස් කරේ @Solo Rider යට...😂

    ඔහේනං කොලුවො, කිරියෙන් පිට මාව මුරිච්චි වෙන්න හිතන්නවත් එපා....

    හාපෝ නාකි... අපිනං 2007

    අමන නම තියෙන හෝඳ වැඩ...😂

    මටත් තියෙනව ඒකනං ඉතිං... අවස්තානුකූලව වෙනස් කරගන්න පුලුවන්...

    දුප්....🧐

    අනිවා...

    ඔවු ඉතිං, වතුරෙන් කිරි වෙන් කරනව වගේ, මේකෙ තියෙන ඒව තෝරල බේරල ගන්න ඕනෙ...😊
    Hi nange
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හායි අක්කේ 🤭
    හායි.....



    වරත්තුව...
    Douglas ayyage eta dekata payin gehuwwa chappa wenna gameh genu balan ididdi :P
    Dougiya mage issaraha dekata newuna eta deka allagena.
    'Naki ponnaya' kiyala benala awe :P
    ඩග්ලස් නැති කතා නැද්ද...??
    අම්මව ගාව ගන්නත් ඔට්ටු නෑ....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    India wala red light street area ekaka baduwak gahanna gihilla wechcha siddiya man umbalata kiwwada?
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    පලවෙනි කතාවට ගොඩක් ලයික් වැටුන නිසා තව උන ආතල් සිද්දියක් දාන්න හිතුවා, මේක උනේ මුලින්ම ජොබ් එකට training කාලේ,
    මේකයි කතාව,

    2011 වගේ තමා මුලින්ම construction සයිඩ් එකෙන් ඉගනගෙන training එකට ගියේ, යන්න උනේ බදුල්ලට බදුල්ල සොරණාතොට කියන ගමේ පාර හදන එක තාමා project එක. උබලා ඔය නාරංගල කියල යන්නේ අන්න ඒ ලග තමා අපිට සෙට් උනේ. කෙටියෙන් කිව්වොත් පට්ට දුෂ්කරයි පට්ට හිතලයි පාරේ බස් නැ ලොරියක් දුවන්නේ, රැට කොන්ක්‍රීට් දාන්නේ ගිනිමැලයක් ගහන්,කඩේ යන්නේ එන්නේ JCB එකේ. බෝඩිමේ ඉන්නේ මම මගේ යාළුවා ගබඩා බාරකරු, අපිව බාර ඉන්ජිනේරුතුමා, JCB රියදුරු, කෑම උයන කෙනයි.

    දවසක් වැඩ කලින් ඉවර උන දවසක අපි බෝඩිමට ඇවිත් විස්තර කතා කර කර හිටිය රැ වෙනකන්, එක එක්කෙනාගේ විස්තර අස්සේ රියදුරුතුමාට උන හොල්මන් seen එකක් ඇදිල අවා. හොටෙල් එකක එල්ලිලා මරුන සීන් ekak, පොර ආයේ 3D ෆිල්ම් එකක් වගේ සීන් එක දෙනවා. පස්සේ SKත් කිව්වා සයිට් එකේ පාලු තැනක යනකොට පස්සෙන් එන සීන් එකක්. එතනින් රැට එන්න එපා කියලා එතන තියන ගලක ඇත්තටම ලේ වගේ සීන් එකකුත් තිබ්බා අපි දැකල තියනවා. ඔහොම දැන් රැ 12 වගේ වෙනකන් ඇදුනා කතා ටික කස්ටියත් ටිකක් බිල්ලෝ වගේ කන් ඇත් කරන් අහගෙන ඉන්නවා. ඔහොම ඉන්නකොට ඉංජිනිය කාරයා කියනවා මන් උබලට දෙයක් කියන්නම් උබලා බයවෙන්න එපා. මේ බෝඩිමේ මම දැන් අවුරුද්දක් විතර ඉන්නවා හැමදාම පාන්රදට ඉස්සරහා දොර අරගෙන කව්රුහරි ඇවිත් පස්සේ දොරෙන් එලියට යනවා කියපි. හැබැයි කාටවත් කරදරක් නැලු. දැන් මගේ යාළුවා කොමා එකක් හැදිලා වගේ ඉදල කියනවා උටත් එහෙම සීන් එකක් මාට්ටු උ ඇවිත් බැලුවට දොර ඇරලා නැ ලු. ඉගෙන ඉන්න පුටුවෙන් සටස් ගහල කකුලුත් උඩට ගත්තා මම. ඕවා අහගෙන ඉගෙන උයන එකා (පොර ටැමිල් වැඩිය කතා බහ නැ) ඇවිත් කියනවා මාතියා කින ඒවා අහන් හිටියා මම මේ උඩ බංගලාවක උයන කාලේ මාළු වගයක් අරන් පාරේ රැ ක යනකොට කළු මනුස්සයෙක් පස්සෙන් අවාලු, පස්සේ පොර හයියෙන් යනකොට අර කළු මනුස්සයා එක පාරට කළු ලොකු බල්ලෙක් වගේ වෙලා කෙල පෙරාගෙන ඇගට පැන්නලු ඇස් රතුම රතුයිලු. පොරට බය වැඩි කමට සිහිය නැතිවෙලා, සිහිය එනකොට හිටියේ කැලේ අර කලින් කිව්ව ගල ගාවලු.

    දැන්නම් සෙට් එකම හොදගානට තැම්බිලා තක්බීර් වෙලා, ලාවට දනිස් දෙකත් හෙල්ලෙනවා වගේ ඒ අස්සේ අරු කියනවා ඒ චු බරයි වරෙන්කො පොඩ්ඩක් යන්න කියලා, රෙද්ද මම මේ කකුල් දෙක බිම තිබ්බෙත් නැ,මුට හුජ්ජ දාන්න මම යන්නේ අරක කේලින් කරන් ඉන්නද කියලා හිතුනට මම කිව්වේ නැ හයියෙන් කතා කරන්නත් බයයි වගේ නිසා, ඔන්න ඒ අස්සේ එකපාරට බරාස් බරස් ගලා සද්දයක් එනවා, හම්මෝ බන් බයවෙච්ච් පාර අරු පැනලා මාව බදාගෙන skයි ඩ්‍රයිවර් කාරයයි ඉන්ජිනියර් ව බදාගෙන. කොහෙන් සද්දේ එනවද කියලා හොයන්න බැ. ටික වෙලාවකින් සද්දේ නැතිඋනා. එකක්වත් හෙල්ලුනේවත් නැ, ටිකවෙලාවකින් වාහනයක් ඇවිත් ඉස්සරහ නතරකරලා එකෙක් බැහැල දොරට තඩිබානවා. කුකා බයේ බයේ ගිහින් දොර ඇරියා. බලනකොට project manager කාරයා, මම ෆෝන් එක දාලා ගිහින් නේ, ඔය කබඩ් එක උඩ තිබ්බේ කෝල් කලා කව්රුත් ගත්තේ නැ, මොකෝ මේ බයවෙලා වගේ කියලා අහපි. අර සද්දේ ලි කබඩ් එක උඩ ෆෝන් එක ව්යිබ්රේට් වෙලා, හම්මෝ එහෙමත් ආතල් එකක්, හොදම වැඩේ අරුට පුටුවේ චු ගිහින්.