කොලොම්බියාවේ Cartagena මඩ ගිනි කන්ද

කොලොම්බියාවේ Cartagena මඩ ගිනි කන්ද

මඩ නාගන්න හොඳම තැන කොහෙද? හොඳම තැන මෙන්න
මේ දවස්වල ලංකාවට නම් මඩ නෑම, මඩ ගසාගැනීම කියන එක ඉතා හුරුපුරුදු දෙයක්. හැබැයි මේ කියන්න හදන්නෙ ලංකාවෙ දේශපාලන ලෝකෙ සිදුවන එහෙම මඩක් ගැන නෙවෙයි.

මඩ නෑම ඉතා හොඳ චිකිත්සක ක්‍රමයක් ලෙස ලෝකය පුරාම ජනප්‍රියව පවතිනවා. මඩ නෑම සමට ඉතා හොඳ දෙයක් බව නවීන වෛද්‍ය විද්‍යාව පවා පිළිගන්නා කාරණයක බව සඳහන් වෙනවා.

එවැනි මඩ ලෝලීන්ට කැමති පරිදි මඩ නෑ හැකි තැනක් තමයි කොලොම්බියාවේ Cartagena මඩ ගිනි කන්ද. මේ කන්ද ඖෂධීය ගුණය සහිත මඩ නෑ හැකි ස්ථානයක් ලෙස වගේම පැරණි ගිනිකන්දක් වීමත් විශේෂත්වයක් වෙනවා.

අඩි 50ක් පමණ උස මඩ ගිනි කන්ද ජනප්‍රිය වී තිබෙන්නේ එහි මඩවල ඇති විශේෂත්වය නිසයි. මේ මඩ කන්ද සම්බන්ධ පුරාවෘත්තයට අනුව මෙය අතීතයේ සක්‍රීයව පැවති ගිනිකන්දක් වෙන අතර එකල විසූ පූජකයෙක් ශුද්ධ වූ දිය මෙය ඖෂධීය ගුණය සහිත මඩ කන්දක් බවට පත් කර තිබෙනවා.

ඒවගේම මෙම කන්ද මුදුනේ පිහිටි මඩ වල තුළ ඇති මඩ ඉතා මෘදු වගේම ඕනෑම කෙනෙක් එහි මතුපිට පාවෙන ආකාරයට නිර්මාණය වී තිබෙන බව පැවසෙනවා.

:)
:)
:)
:)
:)
:)
:)
:)
:)
137.jpg

235.jpg

324.jpg

422.jpg

517.jpg

614.jpg

712.jpg

810.jpg

98.jpg

107.jpg

1117.jpg

උපුටා ගැනීමකි:D
 

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    TfS මචන්

    මෙහෙ මඩ නෙමේ බන් මේ දවස් වල ගහගන්නේ ගූ බාල්දි ලංකාව නම් අනේ මන්දා කියන්න දෙයක් හිතට එන්නේ නැහැ