කොස් මදුළක ලාබ තීරුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගොතා කියල ලද කතාවක් වෙන්න ඕනේ. හර්පික් වල දැම්මාම රස වෙනස් වෙන්ව. අනෙක කල් තබා ගැනීම කෙසේ වෙතත් හර්පික් වල සල්ෆුරික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියනවා. සල්ෆියුරික් නිසා කොස් මදුල විනාශ වෙනවා.

 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොතා කියල ලද කතාවක් වෙන්න ඕනේ. හර්පික් වල දැම්මාම රස වෙනස් වෙන්ව. අනෙක කල් තබා ගැනීම කෙසේ වෙතත් හර්පික් වල සල්ෆුරික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියනවා. සල්ෆියුරික් නිසා කොස් මදුල විනාශ වෙනවා.



    :eek::rolleyes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් බන් හැම කෑම ජාතියකම වගේ විස. හොදම දේ තමන්ම වාවගන්න දෙයක් කන /බොන එක. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. අනේ මන්ද මේ විදියට ගියොත් තව අවුරුදු 10 කට විතර පස්සේ සේරම මිනිස්සු බෝ නොවන රෝග වලින් හෙම්බත් වෙච්ච පිරිසක් වේවි. rep +


    ප්‍රදාන ප්‍රශ්නේ නීතියක් නැතිකම බන්.. අනිත් දේ තමයි ඉස්සරහට එන පරපුර නිතරම ලේසිය සහ ක්‍ෂණික අහාර වලට යන එක වැඩි වෙන එක.. ඒක ඉතින් මේ සමාජ රටාවත් එක්ක ඇතිවුණු දෙයක් කියන්න පුළුවන් . ඒ උනත් එහෙමයි කියල වහ කන්න බැහැ නේ. කෝස් ගෙඩියක් ගහකින් කඩපු මදුළු සුද්ද කරලා කෑමට ගන්න නම් දැන් ඉස්සරහට එන තරුණ ගෑනු ළමයි කොහොමටත් කැමති නැහැ. දන්නෙත් නැහැ. ඉතින් ලේසියට ඔය පොලෙන් හරි ඩිමෝ බට්ටා වල තියාගෙන විකුණන තැනකින් කෝස් මදුළු ගන්න එක දැන් අලුත්ම විදිහ. ඒකටත් මේ විදිහට ලාබ හොයන්න පහත් වැඩ කරන එක හොද දෙයක් නෙවෙයි.. මේවා නවත්වන්න නීති නැහැ. තිබුනත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ .
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගොතා කියල ලද කතාවක් වෙන්න ඕනේ. හර්පික් වල දැම්මාම රස වෙනස් වෙන්ව. අනෙක කල් තබා ගැනීම කෙසේ වෙතත් හර්පික් වල සල්ෆුරික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියනවා. සල්ෆියුරික් නිසා කොස් මදුල විනාශ වෙනවා.



    ඒක තමයි බන් කියල තියෙන්නේ. මේක ඇත්ත සිද්දියක්.. ඕන නම් මේ දොස්තරගේ නම්බර් එක දෙන්නම්.. අහලම බලපන්.. මේ ගැන ITI (කාර්මික තාක්ෂණික ආයතනය) ට පවා පැමිණිලි ඇවිත් තියෙනවා.. මේක ගොඩක් උන් කරනවා හාපික් කලවම් කරපු වතුර ස්ප්‍රේ කරන එක.. රස වෙනසක් උනාට මදුළු ඉදෙන්නේ නැහැ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සිද්දියක් මතක් උනා..

    හැබැයි ඒකනම් මේ කතාවට ටිකක් වෙනස්..
    ඉස්සර සී.ටී.බී එකෙන් ඉස්කෝලෙ ගාවටම එන ස්කූල් බස් එකේ යද්දී පිටි පස්සෙ කොල්ලො එක රොත්තට හිර වෙලා ෆුට් බෝඩ් එකෙයි, පිටිම පස්සෙ සීට් එකේ ඉඳන් යන උන්ගේ ඔඩොක්කු වලයි පැක් වෙලානේ යන්නේ.. ඔහොම යද්දී එක සැරයක් ඔය වගේම කොස් විකුණන මනුස්සයෙක්ගේ ලෑලී තට්ටුව ඉස්සරහෙන් බස් එක හිමින් හිමින් ගියා ට්‍රැෆික් අහු වෙලා.. ඒ හරිය පහු වෙනවත් එක්කම පිටිම පස්සේ සීට් එකේ අයිනේ හිටියා එකා නිකමට වගේ කෑ ගහලා කිව්වා "අනේ අංකල් අපිටත් කොස් කෑල්ලාක් කියලා.." එතකොටම ට්‍රැෆික් එක ඉවර වෙලා බස් එක හයියෙන් යන්න පටන් ගත්තා.. අනේ අර මනුස්සයා අතට අහු උන කොස් මදුලු ගොඩක් උස්සන් දූවගෙන බස් එක පස්සෙන් ඇවිත් කොහොමහරි ඒක අර ඉල්ලුව එකාගෙ අතට දුන්නා කියහංකෝ..:sorry:


    අපි සෙට් එකටම එදා මාර විදිහට දුක හිතුනා.. ගොඩක් උන් කෑ ගහලා බොහොම ස්තූතියි අංකල් කියන ගමන් හැමෝම අත වනන්න ගත්තා.. ඒ මනුස්සයා බස් එක දිහා හිනා වෙවී බලන් හිටිය හැටි තාම මතකයි..:dull:

    :dull::dull: