ගොතා කියල ලද කතාවක් වෙන්න ඕනේ. හර්පික් වල දැම්මාම රස වෙනස් වෙන්ව. අනෙක කල් තබා ගැනීම කෙසේ වෙතත් හර්පික් වල සල්ෆුරික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියනවා. සල්ෆියුරික් නිසා කොස් මදුල විනාශ වෙනවා.


දැන් බන් හැම කෑම ජාතියකම වගේ විස. හොදම දේ තමන්ම වාවගන්න දෙයක් කන /බොන එක. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. අනේ මන්ද මේ විදියට ගියොත් තව අවුරුදු 10 කට විතර පස්සේ සේරම මිනිස්සු බෝ නොවන රෝග වලින් හෙම්බත් වෙච්ච පිරිසක් වේවි. rep +
ගොතා කියල ලද කතාවක් වෙන්න ඕනේ. හර්පික් වල දැම්මාම රස වෙනස් වෙන්ව. අනෙක කල් තබා ගැනීම කෙසේ වෙතත් හර්පික් වල සල්ෆුරික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියනවා. සල්ෆියුරික් නිසා කොස් මදුල විනාශ වෙනවා.
mewa karana unge puke geta pollos gediyak gahanna one ban allagena...![]()


ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සිද්දියක් මතක් උනා..
හැබැයි ඒකනම් මේ කතාවට ටිකක් වෙනස්..
ඉස්සර සී.ටී.බී එකෙන් ඉස්කෝලෙ ගාවටම එන ස්කූල් බස් එකේ යද්දී පිටි පස්සෙ කොල්ලො එක රොත්තට හිර වෙලා ෆුට් බෝඩ් එකෙයි, පිටිම පස්සෙ සීට් එකේ ඉඳන් යන උන්ගේ ඔඩොක්කු වලයි පැක් වෙලානේ යන්නේ.. ඔහොම යද්දී එක සැරයක් ඔය වගේම කොස් විකුණන මනුස්සයෙක්ගේ ලෑලී තට්ටුව ඉස්සරහෙන් බස් එක හිමින් හිමින් ගියා ට්රැෆික් අහු වෙලා.. ඒ හරිය පහු වෙනවත් එක්කම පිටිම පස්සේ සීට් එකේ අයිනේ හිටියා එකා නිකමට වගේ කෑ ගහලා කිව්වා "අනේ අංකල් අපිටත් කොස් කෑල්ලාක් කියලා.." එතකොටම ට්රැෆික් එක ඉවර වෙලා බස් එක හයියෙන් යන්න පටන් ගත්තා.. අනේ අර මනුස්සයා අතට අහු උන කොස් මදුලු ගොඩක් උස්සන් දූවගෙන බස් එක පස්සෙන් ඇවිත් කොහොමහරි ඒක අර ඉල්ලුව එකාගෙ අතට දුන්නා කියහංකෝ..
අපි සෙට් එකටම එදා මාර විදිහට දුක හිතුනා.. ගොඩක් උන් කෑ ගහලා බොහොම ස්තූතියි අංකල් කියන ගමන් හැමෝම අත වනන්න ගත්තා.. ඒ මනුස්සයා බස් එක දිහා හිනා වෙවී බලන් හිටිය හැටි තාම මතකයි..

