පට්ට.


මාත් මාසෙකට පාරක් මාතර - කොළඹ යනවා බයික් එකෙන්.
ගෙදර මිනිස්සු නම් බනිනවා පැය 1.5 න හයිවේ වාහනේ යන්න තියෙන එක පැය 6 ක් ගිනි අව්වේ යනවා කියල. ඒත් ඒකෙ ආතල් එක දන්නේ බයික් වලට ආස මිනිස්සු විතරයි.
මන් ගිහින් තියෙනවා,
මාතර - නුවර එළිය
මාතර - හම්බන්තොට
මාතර - ගම්පොල (අම්බුළුවාව)
කඩවත - කුරුනෑගල
කඩවත - මාතලේ
කඩවත - මහනුවර
ත්‍රිකුණාමලේ යන්න ආසාවක් තියේ, තනියම යන්න බැහැ වගේ ඒ සයිඩ්.
මගේ නම් සුසුකි බර්ග්මාන් 125 එකක්. ඔකේ කොහේ ගියත්,
ආයුධ සෙට් එකයි, Tyre punch repair kit එකයි, ඉලෙක්ට්‍රික් එයාර් පම්ප් එකයි තියෙනවා.
වෙන්න පුළුවන් නරකම දේ v බෙල්ට් එක කැඩෙන එක. අනිත් දෙයක් නම් හදා ගන්න පුළුවන් ගොඩක් දුරට.