කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    රනිල් කියන්නේ media වලින් පුම්බපු චරිතයක්. කරන්න පුළුවන් දේකුත් නැහැ. හැබයි තාමත් media සහ royalistලාට ලොකු චරිතයක්. හැබයි රට බාර ගත්ත හැම පාරක්ම ඇඳගෙන ම නාපු චරිතයක්. මේ ප්‍රශ්නෙත් සියට තිහක් හතලිහක් වගකීමක් රනිල් බාර ගන්න ඕනේ.අනික රනිල් කිව්වා වගේ ඒ දවස්වල කිසිම පෝලිමක් තිබ්බේ නැහැනේ.
    රනිල් කරපු දෙයක් නැහැ .
    ඒත් රට බාරගත්ත හැම පාරම ඇදගෙන නෑව කියන කතාව වැරදි.
    බලේ ලැබුන ගමන් ණය අරන් උන්ගේ චන්ද ලකුණ market කරන්න රටට කිසිම වැඩක් නැති නෙලුම් කුළුනුයි පොකුනුයි හදන උන්ට වඩා
    මුකුත්ම නොකර ඉන්න එකා දාහකින් හොදයි .
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අවුරුදු පහකට කලින් බලය තිබිලා ඒකාලයේ මොකද කලේ. හදන්න තිබ්බ බලාගාර නවත්තපු ඒකනේ? ඉංජිනේරු සැලැස්මක් හදන්නේ ආසාවට නෙමේ. ඒක අවශ්‍යතාව. ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වය දැන් ගන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා පටන් ගත්තම නහුතෙට කෙල වෙන්නේ.
    ලංකාවේ විදුලි උත්පාදන මුලු ධාරිතාවය කීයද, ලන්කාවේ මුලු පරිභෝජනය කීයද? අද කරන්ට් කපන්නේ දාරිතාව නැති නිසාද තෙල් ගේන්න සල්ලි නැති නිසාද? ඕවට චම්පික ඕනතරම් උත්තර දීල තියෙනව පොඩ්ඩක් ගිහින් බලන්න. රනිල්ගේ ප්ලෑන් මැදමුලන හොරු ක්‍රියාත්මක කලේ නෑ, කොටින්ම ලයිට් රේල් ප්‍රොජෙක්ට් එකත් අතෑරියා. :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    මේ ගේම් සියල්ල ඉන්දියන් රෝ එකේ කියල හිතෙන්නෙ මට විතරද? 🙄
    රෝ එක ගහයි පම්කක් ...

    2/3 තියෙන ආණ්ඩුවක් අවුරුදු 3කින් බිම
    මෙන්න වැඩ කාරයෝ

    නනදසිරි
    කපුටු බැසිල්
    කබ්රාල් ...

    තව තිරය පිටුපස

    දම්මික පෙරේරා
    පාදෙණිය
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    රනිල් කරපු දෙයක් නැහැ .
    ඒත් රට බාරගත්ත හැම පාරම ඇදගෙන නෑව කියන කතාව වැරදි.
    බලේ ලැබුන ගමන් ණය අරන් උන්ගේ චන්ද ලකුණ market කරන්න රටට කිසිම වැඩක් නැති නෙලුම් කුළුනුයි පොකුනුයි හදන උන්ට වඩා
    මුකුත්ම නොකර ඉන්න එකා දාහකින් හොදයි .
    මහත්තයෝ රනිල් 19 වැනි ව්‍යවස්තා සංශෝධනය ගෙනාපු එකම ඇති ඌට නිවන් දකින්න. ස්වාදීන කොමිශන් ගෙනැල්ල ගොබ්බ පොලිටීශන්ලට ඇඟිලිගහන්න බැරිවෙන්න රාජ්‍ය සේවය ශක්තිමත් කලා, ඒකේ වටිනාකම අපේ උන්ට තේරෙන්නේ නෑ. ඒකත් මුන් 20න් කෑවා.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ගොබෙල්ස් න්‍යාය වගේ... හැමෝම කියනව... හැමෝම පිලිගන්නවා...ඇයි කියලා අහද්දි උත්තරයක් නෑ... බලයේ හිටපු කාලවල් වලත් කන්සිඩරබල් ඩිවලොප්මන්ට් එකක් තිබිලත් නෑ...
    දැන් නම් පත සෝසල් මීඩියා කැම්පේන් එකක් යනව නෙහ්.. එයා පොර කියලා...

    PS : මම කාටවත් සපෝට් නෑ...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,965
    113
    Nawala
    මුළු පක්ෂේටම තනි මන්ත්‍රීකමක් තියාගෙන කොහොමද බන් ඌ මෙච්චර පොර වෙන්නේ? ආසන 50+ තියෙන සජියට නැති සැලකිලි, රෙස්පෙට් ඌට තියෙනවා.
    රනිලා කොහොමත් පොර තමයි. ලංකාවේ දෙසපලඥ්යෙක් කියලා ලෝකෙට පෙන්නන් පුළුවන් එකම එකා ඌ විතරයි . නැතුව බැසිලව පෙන්නනයැ :rofl:
    රනිල්ගේ අගේ ලංකාවේ ගොන්, හණමිටි හැතිකරේට තේරෙන්නේ තව අවුරුදු 50න් විතර . එතකොට පරක්කු වැඩියි !

    මහත්තයෝ රනිල් 19 වැනි ව්‍යවස්තා සංශෝධනය ගෙනාපු එකම ඇති ඌට නිවන් දකින්න. ස්වාදීන කොමිශන් ගෙනැල්ල ගොබ්බ පොලිටීශන්ලට ඇඟිලිගහන්න බැරිවෙන්න රාජ්‍ය සේවය ශක්තිමත් කලා, ඒකේ වටිනාකම අපේ උන්ට තේරෙන්නේ නෑ. ඒකත් මුන් 20න් කෑවා

    ඇයි මචන් තොරතුරු දැනගැනීමේ පනත ! ප්‍රජතත්ර වාදය පිළිගන්න තුන්වන ලෝකේ රටක් විදිහට ඒක අපි තියපු විශාල ඉදිරි පියවරක් . දැන් නූගත් බයියෝ අහයි තොරතුරු කන්නද කියලා

    ------ Post added on Mar 25, 2022 at 12:24 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ගොබෙල්ස් න්‍යාය වගේ... හැමෝම කියනව... හැමෝම පිලිගන්නවා...ඇයි කියලා අහද්දි උත්තරයක් නෑ... බලයේ හිටපු කාලවල් වලත් කන්සිඩරබල් ඩිවලොප්මන්ට් එකක් තිබිලත් නෑ...
    දැන් නම් පත සෝසල් මීඩියා කැම්පේන් එකක් යනව නෙහ්.. එයා පොර කියලා...

    PS : මම කාටවත් සපෝට් නෑ...
    ඩිවලොප්මන්ට් එක ඉතින් එක එක්කෙනාට සාපේක්ෂයිනේ. 19 සංශෝධනයෙන් කොමිසන් ගෙනැල්ලා රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම බඩට දැනෙන දෙයක් නෙවෙයි. කුලුනක් වගේ පෙනෙන දෙයකුත් නෙවෙයි.
    ඉන්දියාව බැලන්ස් කිරීම, හැම එකාටම කොරන්න බෑ, මැදමූලන අයියලා චීනු එක්ක නිදි වැද්දානේ? රනිල්ට ඒ නිසාම දිල්ලිය කැමතියි- භූ දේශපාලනික ජයග්‍රහන බඩට දැනෙන්නෙත් නෑ, පුකට දැනෙන්නෙත් නෑ. කලාපීය බලවතාට කොකා පෙන්නලා කරනම් ගහන්න පුලුවන්, ඒ වුනාට චීන අපිව ඇතාරියා නේද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රනිල් කියන්නේ media වලින් පුම්බපු චරිතයක්. කරන්න පුළුවන් දේකුත් නැහැ. හැබයි තාමත් media සහ royalistලාට ලොකු චරිතයක්. හැබයි රට බාර ගත්ත හැම පාරක්ම ඇඳගෙන ම නාපු චරිතයක්. මේ ප්‍රශ්නෙත් සියට තිහක් හතලිහක් වගකීමක් රනිල් බාර ගන්න ඕනේ.අනික රනිල් කිව්වා වගේ ඒ දවස්වල කිසිම පෝලිමක් තිබ්බේ නැහැනේ.
    ANE GU BAIYO DANNAWA MOLE TIYENNE KAUDA KIYALA. UBATA MOLE TIYANWANAM BAYYEK WENAWADA HARKAO
    JUST GET LOST
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි මචන් තොරතුරු දැනගැනීමේ පනත ! ප්‍රජතත්ර වාදය පිළිගන්න තුන්වන ලෝකේ රටක් විදිහට ඒක අපි තියපු විශාල ඉදිරි පියවරක් . දැන් නූගත් බයියෝ අහයි තොරතුරු කන්නද කියලා
    ------ Post added on Mar 25, 2022 at 12:24 AM
    ඇත්තටම අපේ අද්‍යාපනයේ ලොකු හිලක් තියෙනවා මචං. මේ වගේ දේවල් වල වටිනාකමක් අපේ මිනිස්සුන්ට දැනනෙන්නෙ නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,965
    113
    Nawala
    ගොබෙල්ස් න්‍යාය වගේ... හැමෝම කියනව... හැමෝම පිලිගන්නවා...ඇයි කියලා අහද්දි උත්තරයක් නෑ... බලයේ හිටපු කාලවල් වලත් කන්සිඩරබල් ඩිවලොප්මන්ට් එකක් තිබිලත් නෑ...
    දැන් නම් පත සෝසල් මීඩියා කැම්පේන් එකක් යනව නෙහ්.. එයා පොර කියලා...

    PS : මම කාටවත් සපෝට් නෑ...
    117341842_2680871232127383_6183742665071689924_n.jpg

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

    02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.

    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

    06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට
    • මහවැලි
    • සියනෑ
    • නිට්ටබුව ශාරිපුත්ත
    • ඌව
    • හාපිටිගම
    • ශ්‍රී පාද
    • අඩ්ලච්ච්න

    07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

    08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
    (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

    09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

    10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

    12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

    13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

    14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

    15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

    16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

    17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

    18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

    19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
    ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

    20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

    21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

    22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (.I.)

    24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

    32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
    (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

    36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

    37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

    39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
    රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
    නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

    45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

    48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

    49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

    50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

    51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"
    වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

    52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.

    54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

    55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

    57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    අවුරුදු පහකට කලින් බලය තිබිලා ඒකාලයේ මොකද කලේ. හදන්න තිබ්බ බලාගාර නවත්තපු ඒකනේ? ඉංජිනේරු සැලැස්මක් හදන්නේ ආසාවට නෙමේ. ඒක අවශ්‍යතාව. ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වය දැන් ගන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා පටන් ගත්තම නහුතෙට කෙල වෙන්නේ.
    මම රනිල් පාක්ෂිකයෙක් වත් ගෝඨා පාක්ෂිකයෙක්වත් නෙමෙයි. නමුත් හරි දේට හරි කියලා කියන්න ඕනේ. ලංකාව හැමතිස්සේම ලයබිලිටි මත්තෙම දුවපු රටක්. 2015න් පස්සේ රටේ ඉදිකිරීම් සෑහෙන්න නැවතුනා. ඒ නවතින්න වුනේ වෙන මොකුත් නිසා නෙමෙයි, රාජපක්ශලා ටික ඇසට් නිර්මාණය නොකර ෆ්‍රොරින් ණය වලින් ලයබිලිටීස් හදන්න පටන් ගත්ත ඒවා නවත්තපු නිසයි. මොකද ඒ ණය ගෙවන්න අපිට ක්‍රමයක් තිබ්බේ නෑ. අපිට ෆොරින් ඉන්කම් එන ඇසට් නැතිව කොහොමද $ ණය ගෙවන්නේ? අපේ අයට ඕනේ ආටෝපේ විතරයි. අත්‍යාවශ්යය දේවල් හැදුවට පස්සේ (ඇසට් එකක් නිර්මාණය වුනාට පස්සේ) ඒකේ ලාබෙන් අපිට අනික් දේවල් කෙරුවැකි. අපේ අයට එහෙම බෑනේ. සෙනිකෙට වෙන්න එපැයි. පහුගිය අවුරුදු 2 ගත්ත ණය ගත්තේ ගෙවන්න කිසිම ප්ලෑනක් නැතිව. ඒකයි මේ අර්බුධයට ලොකුම හේතුව. අන්තිමට වාරික ගෙවන්න වුනේ ෆොරීස් රිසර්ව්ස් වලින්. ඔන්න ඕකයි ඇසට් නිර්මාණය කරන එකේ වැදගත්කම. ඒකාලේ රවියා එක එක ගේම් ගහන්න හැදුවා පෝර්ටබල් බලාගාර ගෙනල්ලා සල්ලි වලට. ඒවා නම් ගොන් පාර්ට්. නමුත් අනවශ්‍යය ඉදිකිරිම් අයින් කරලා, නවත්තලා රනිලා කරේ හොඳ ඉනිශියේටිව් එකක්. බලපන්කෝ IMF ආවත් ඉස්සෙල්ලම කරන්න කියන්නේ ඕක නෙමෙයිද කියලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    කරුමේ කියන්නේ මූට බලේ තියෙන කොට මොලේ නැති එක නේ.
    බොන්ඩ් ස්කෑම් කියපු ගමන් රනිල්ගේ Reputation & credibility එක කැලේ යනවා :baffled:
    බොන්ඩ් ස්කෑම් කරපු කාලේවත් රට මෙච්චර වලපල්ලට ගියේ නෑනේ බන්. ඒ කාලේ මෙහෙම පෝලිම් තිබ්බෙත් නෑනේ.
     
    • Like
    Reactions: sakuntha1996

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    117341842_2680871232127383_6183742665071689924_n.jpg

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

    02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.

    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

    06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට
    • මහවැලි
    • සියනෑ
    • නිට්ටබුව ශාරිපුත්ත
    • ඌව
    • හාපිටිගම
    • ශ්‍රී පාද
    • අඩ්ලච්ච්න

    07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

    08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
    (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

    09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

    10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

    12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

    13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

    14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

    15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

    16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

    17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

    18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

    19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
    ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

    20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

    21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

    22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (.I.)

    24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

    32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
    (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

    36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

    37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

    39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
    රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
    නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

    45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

    48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

    49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

    50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

    51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"
    වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

    52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.

    54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

    55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

    57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම
    බොන්ඩ් ස්කෑම්
     
    • Like
    Reactions: sakuntha1996

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අවුරුදු පහකට කලින් බලය තිබිලා ඒකාලයේ මොකද කලේ. හදන්න තිබ්බ බලාගාර නවත්තපු ඒකනේ? ඉංජිනේරු සැලැස්මක් හදන්නේ ආසාවට නෙමේ. ඒක අවශ්‍යතාව. ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වය දැන් ගන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා පටන් ගත්තම නහුතෙට කෙල වෙන්නේ.
    රනිලා පඩි වැඩිකරලා , තෙල් බඩු මිල අඩුකරලා, අය වැය පරතරය පළවෙනි වතාවට ධන අගයක් කරා එකදිගට අවුරුදු දෙකක්. බිලියන 7 ක රිසර්ව් තියලා ගියේ. ණයට කකා කැලේ සම්මන්ත්‍රණ ශාලා හද හද හිටිය මේ පොන්ස් ලට හිතන්නවත් පුලුවන්ද ඔච්චර දෙයක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මුළු පක්ෂේටම තනි මන්ත්‍රීකමක් තියාගෙන කොහොමද බන් ඌ මෙච්චර පොර වෙන්නේ? ආසන 50+ තියෙන සජියට නැති සැලකිලි, රෙස්පෙට් ඌට තියෙනවා.
    සජිත්ට මොලේ නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රනිල් පොරක් කියල හිතන උන් මිනිස්සු වෙන්න බෑ.උන් මෝඩ හරක්.රාජපක්ස ලගෙ වාසියට උන්..තොපිට ඊයෙ උන දේ මතක නෑ..