Salary නම් dollar pegged නිසා මට ලොකු අවුලක් නැහැ
මේක තමා ටිකක් case.. රට ඉන්න නෑයෙක්ගෙන් ටිකක් එවන්න කියන්න වෙනවා.. එහෙම ගන්න බැරි එකක් නම් ඉතින් සොරි තමා.. ආයුර්වේද තමා කරන්න වෙන්නෙ...
මේ විදිහට අඩුම අවුරුදු 5,6ක් වත් තියෙයි බන්.. විදේශ සංචිත හදන වැඩපිළිවෙලක් වත් තියෙනවද මුන්ට? ආණ්ඩුවටත් නැහැ ජනතාවටත් නැහැ.. උද්ගෝෂණ කරන උන් බලන් ඉන්නේ රාජපක්ෂ ලා හිරේ දාලා උන්ගේ වත්කම් ගේන්න.. රාජපක්ස බලන් ඉන්නේ imf එකෙන් හිඟා කන්න.. ඔය දෙකම මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ.. ඉතින් කල් යනවා...
එක විසඳුමයි මං නම් දකින්නේ.. උද්ගෝෂණ වලට එකතු වෙනවා වගේ export business, startup වලට එකතු වෙන්න ඕනේ කට්ටිය රැල්ලක් වගේ.. ඔය ජපානේ කොරියාව දියුණු වුණේ එහෙම.. අපේ කම්මැලි සිංහලු කරයි පම්කක්..
මචන් විසදුම ගැන කීවොත්. අපේ රටට තිබ්බ නය ටික ගේවාන අවශ්‍ය බාන්ඩ ටික අරගන්න තරම් ප්‍රමානවත් $ ආදායමක් හෙවුවා. අපේ රටේ බහුතරයක් ආයතන $ තමයි හොයන්නේ. එහේම ගත්තොත් රටේ සැලකිය යුතු පිරිසක් $ හොයන්න දායක උනා. ඒ හැරේන්න සුද්දො අවා, පිටරට ඉන්න එවුන් සල්ලි එවුවා.
දැන් අපි බලමු මොකද උනේ කියලා. සුද්දෝ අවේ නෑ. යන්තන් පොඩ්ඩ පොඩ්ඩ හැදිගේන එනවා. එකනිසා එකට කෙල උනා.
ඊගාවට රට ඉන්න උන් සල්ලි එවන්නේ නෑ. එවුවත් උන්ඩියල්. මුන් ඉන්නකම් එවන්නේ නෑ. ඇයි උන්ඩියල් වලින් ගොඩ එන්න බැරි. උන්ඩියල් කරන $ වලට මොකද වේන්නේ. ඒවා ගන්නේ රටේ ඉන්න ලොකු වයාපාරිකයෝ. එවා ඔනේ ගානකට ගන්නවා. මොකද ඒවගේන් කරන නිශ්පාදන ආනයනික ජාති රිසි පරිදි විකුනන්න පුලුවන් ආන්ඩුවක් නෑ, මිල පාලනයක් නෑ. මිනිස්සුත් කැමතියි වැඩි ගානක් හම්බ වෙනවානම්. ඒක නිසා ඒකෙන් ගැලවෙන්නත් ලේසි නෑ.
ඊ ගාවට බලමු $ හොයන ආයතන. රජයට ආදායම් එන හුගක් ඒවා විවිද හේතු මතමුන් ටික කෙලවා ගත්තා.
හැබැයි පවුද්ගලික ආයතන වල බිස්නස් ඩබල් තිබල් වෙලා තියෙන්නේ එහේනම් කෝ ඒ සල්ලි. ඒවා හම්බ කරන්නේ ලොකු වයාපාරිකයෝ. උන් හම්බ කරන $ ඔක්කොම උන් උන්ගේ import වලටම අයේ දානවා. මොකද දැන් උන්ඩියල් ගන්නෙත් උන්ම තමා. උන් මේක රජකරන ගමන් ඉන්නේ වෙන එකේක්ටවත් ඔලුව උස්සන්න බැරි වෙන්න. ආන්ඩුව කොහොමද මේ සල්ලි ගන්නෙ. ඒකට tax ගහ්න්න ඔනේ. තාමත් නැ කිසිම වැඩ පිලිවලක්. තාමත් මුන් නටන්නේ මේ රටේ ඉන්න මාෆියා කාරයින්ට ඔනේ විදිහට.