අවුරුදු තිස් තුනක් කෙසේ වෙතත් විසි දෙකක් පරණ, ඉසුසු බිග් හෝර්න්/ට්රුපර් එහෙම නැතිනම් ඕස්ට්‍රේලියාවේ හෝල්ඩන් ජැකරූ නමින් විකුණන 4WD එකක් (3500cc V6 Petrol) මා ළඟ තියනවා. මම ඒක ගත්තේ 2001 දී. කැසට් ප්ලේයර් එක හැර, අනිකුත් සියළුම දේවල් ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයේ තියනවා. CD මිස කැසට් පාවිච්චි වෙන්නේ නැති නිසා ඒකත් හිර වෙලා මිසක් කැඩිලා නැහැයි කියලා තමයි හිතෙන්නේ.
140,000 දුවලා තියනවා. ඒක ඕඩර් කරන කොටම electronic rust protection unit එකක් හයි කරවා ගත්ත නිසා කිසිම තැනක මලකඩ නැහැ. තාමත් මම දිනපතා වැඩට යන්න පාවිච්චි කරන්නේ ඒක.
100,000 දක්වා ඒජන්ට් ලවා සර්විස් කලත්, ඉන්පසුව මේ වාහනේට වියදම් කරන එක අත හැරලා දැම්මා. ඊට පස්සේ මම ම සර්විස් කර ගන්නවා. ඊයේ පෙරේදාත් ඒක 140 ක් දුවලා කියලා දැක්කාම ඔයිල් ෆිල්ටර් එක/තෙල් මාරු කළා. තාම හැම එකක්ම ඔරිජිනල් කන්ඩිෂන් එකේ තියන නිසා මේක අත හැරලා දාන්න හිතෙන්නේත් නැහැ. දැන් ඒකේ වටිනාකම ඩොලර් 3500-4000 වගේ තමයි. විකුනලා, Trade in කරලාත් තේරුමක් නැහැ. ඒ නිසා කඩා වැටෙනකම් දුවනවා කියල තමයි හිතාගෙන ඉන්නේ.