කොහොම හිටපු කෙනෙක්ද

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බැසිල්, මර්වින්, කුඩු දුමින්ද මහින්දගේ විනාශයට ප්‍රධාන හේතුව. මහින්දව මිනිස්සුන්ට එපා වුනේ ඒ නිසා.

ඊට අමතරව නාමල් හා යෝෂිතගේ ගොන් වැඩ, නයිට් රේස්, මාළිගාවට නිගරු කිරීම්, මොහාන් පීරිස් චීෆ් ජස්ටිස් කිරීම් හේතුවුනා.

සරත් ෆොන්සේකා හිරේ දාන්න හදනකොට මම දන්නවා ගෝඨා එපා කිව්වා කියලා. මහින්ද ඇහුවේ නෑ මොකද පව්කාරයන් ගේ උපදෙස් ගෝඨාගේ උපදෙස් වලට වඩා බලවත් වුනා.

ශිරාණි එලවනකොටත්, මහින්දට ඇත්තට ආදරේ මිනිස්සු කිව්ව, සර් ඔය වැඩේ කරන්න එපා කියලා, ඇහුවේ නෑ...

ඕව තමා එයා නාගත්ත තැන්,
 
reputation_neg.gif
කොහොම හිටපු කෙනෙක්ද 07-29-2016 02:03 PM ane kiriyoooo tho thama puka denawane
reputation_neg.gif
කොහොම හිටපු කෙනෙක්ද 07-29-2016 01:40 PM පව්

අනේ මට වුණ වියෝයා !
 

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ඔව් 2005දි වගේ මුට ගෙදර යන්න තිබ්බ එහෙනම් 2009 වගේ වෙද්දි රටේ කොච්චර වෙනසක් කරල තියෙයිද රනිල් මැතිතුමා...
    අපරාදේ... දැන් මොකට කෑ ගහන්න එනවද දන්නෙ නෑ.

    කරයි ## යකෝ එහෙනන් ලන්කාවෙන් බාගයක්ම රනිලා ව්කුනලා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වයස අවුරුදු 75ක සීයා කෙනෙක් බල තන්හාවෙන් පාගමන් යනවා 2020 වත් බලය ගන්න.කොච්චර බල තන්හාවක් මේ මිනිහගේ හිතේ ඇතිද?මේ වගේ අයට ආපහු රාජ යෝග මේ සංසාරේ එන්නේ නෑ.අඩුම ගානේ මිනිස් ආත්මයක්වත් ගන්න සෑහෙන කාලයක් යනවා. අනේ මන්ද දවසට බෙහෙත් අහුරක් බොන ඩයි වලින් ඔලුව නාගෙන ඉන්න මේ නාකි මනුස්සයා දැන්වත් බනක් බාවනාවක් කරගෙන හිටියනම් අඩුම ගානේ හොඳ තිරිසන් ආත්මයක්වත් ලබා ගන්න පුලුවන් වෙයි.


    රනිල් ට තේ කිවුවේ ? මැතිවරණ 24 ක් පැරදිලත් තාම නායකත්වය දුන්නේ නැති පොන්නය..

    ගිහින් ළමයෙක් හදල දීපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,499
    113
    ඔක්කොම එකයි උන්ගේ වාසියට බලේ ගන්න පාරවල් වල පිස්සු නටනව, පාරේ මිනිස්සුන්ට යන්න නෑ.
    චන්දෙ කාලෙට ඉන්නත් නෑ, චන්ද නැති කාලෙටින්නත් නෑ.

    එකම හොරාට දිගටම ඉන්ඩ දෙන්ඩ හොඳ නෑ මචං..
    කට්ටියව බලේ මාරු කරල එකට කොටවන්ඩ ඕන :lol:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එකම හොරාට දිගටම ඉන්ඩ දෙන්ඩ හොඳ නෑ මචං..
    කට්ටියව බලේ මාරු කරල එකට කොටවන්ඩ ඕන :lol:

    කොහොමත් තව අවුරුදු 10 වගේ යනකොට දැන් දෙපැත්තෙම ඉන්න හොරු මැරිල .ඉස්සර වගේ නෙමෙයි .චන්ඩි කමට වාචාලකමට චන්දෙ දීපු උන් දැන් නෑ .ඉස්සරහට හරි පිරිසක් රට පාලනය කරයි .
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහොමත් තව අවුරුදු 10 වගේ යනකොට දැන් දෙපැත්තෙම ඉන්න හොරු මැරිල .ඉස්සර වගේ නෙමෙයි .චන්ඩි කමට වාචාලකමට චන්දෙ දීපු උන් දැන් නෑ .ඉස්සරහට හරි පිරිසක් රට පාලනය කරයි .
    hqdefault.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජාතියට පහළ වූ විශෂ්ඨම නායකයා..! මහින්ද රාජපක්ෂ :cool:

    ඔව් ජාතියට පහල වුන විශිෂ්ඨ දේශපලන්ඥයන් මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, රෝහිත බෝගොල්ලාගම ,වීර සංගිලිගේ පනික්කිරාල, මහින්දානනද අලුත් ගමගේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,537
    113
    ‘මහින්ද අයියා‘ වයස 43 දී ගිය පාද යාත්‍රාව සහ ‘කඩප්පුලි මරා‘ වයස 73 දී යන පාද(ඩ) යාත්‍රාව

    ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන සම්බන්ධයෙන් විවිධාකාරයේ දැන්වීම් ප්‍රාදේශීය මට්ටමෙන් දැන් කල එලි බැස තිබේ. සමහර ප්‍රදේශ වල සමහරු මහින්ද සමග නැගිටින්න ලෑස්ති වන අතරේ තවත් සමහරෙක් ආණ්ඩු පෙරලන්න කතා කරනු දැකිය හැකිය. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වල යෙදෙන්න, සාමූහිකව විරෝධයේ යෙදෙන්න ඕනෑම කෙනෙකුට ඇති අයිතිය මේ අයටද ඇත. ඒ අයිතියට, දේශපාලණිකව හෝ වක්‍ර‍ව අධිකරණ ක්‍රියා මාර්ග වලින් සිදු කරන බාධා කිරීම් නොකළ යුතු බව අපගේ ස්ථාවරයයි. කෙසේ වෙතත් පා ගමන සහ එහි සංවිධායකයින් ගේ හාස්‍ය ජනක මෙන්ම ප්‍ර‍තිගාමී ප්‍රවේශය ගැන විමසා බැලිය යුතුව ඇත.

    ඒකාබද්ධයේ උපාය බ්ලාස්

    මේ පා ගමන ආණ්ඩුව පෙරලීමේ පලමු පියවර ලෙස සහ එජාප රජයට එරෙහි ගෙන යන ශ්‍රීලනිප ඇතුළු පක්ෂ වල සාමූහික ව්‍යාපාරයක් බවට අදහසක් ඇති කිරීමට ඩලස් ඇතුළු නඩය ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට ජනාධිපතිවරයා සමත් වී ඇත. තමන් කිසි ලෙසකවත් පා ගමනට සහායක් දෙන්නේ නැති බවත් ශ්‍රීලනිප මන්ත්‍රී වරුන්ට සහභාගි වන ලෙස නොදැන්වූ බවත් පුවත් පත් වල තිබූ ව්‍යාජ තොරතුරු ප්‍ර‍තික්ෂේප කරමින් නිවේදනයක් මගින් ජනාධීපති වරයා කියා සිටියේය. රජයෙන් ශ්‍රීලනිපය වෙන් කර විපක්ෂයේ ස්ථානගත කිරීමටත් ඒ හරහා පා ගමනට විශාල සහභාගිත්වයක් මෙන්ම ග්‍රාමීය මට්ටමේ පාක්ෂිකයින්ගේ සහයෝගය ලබා ගැනීමටත් කළ මේ කූඨ උපාය නිවැරදි ලෙස හඳුනා ගැනීමට ජනාධිපතිවරයා සමත් වී ඇත. එසේම අගමැති වරයා සහ ජනාධිපතිවරයා අතර නැති ගැටුමක් නිර්මාණය කිරීමට කළ උත්සාහයත් ජනාධිපතිවරයා හඳුනා ගෙන ඇත. ඩලස් ගේ ලයින් එකේම ගොස් පා ගමන එජාප විරෝධී එකක් ලෙස හඳුන්වා ආණ්ඩුවේ වරප්‍ර‍සාද ලබන අතරේ රාජපක්ෂ තුරුලේද නැලවීමට ඇමති ඩිලාන්, දයාසිරි වැනි දෙපත් නයින් ගේ ඩබල් ගේම් එකද ජනාධිපතිවරයාගේ නව ප්‍රවේශය හරහා බ්ලාස් වී ඇත. දැන් කාරණය පැහැදිලිය. මේ පා ගමන රජයට එරෙහි එනම් එජාප සහ ශ්‍රීලනිප හවුල් රජයට එරෙහි ප්‍ර‍ධාන පක්ෂ වලින් පරිබාහිර එකක්ය. එය හුදු එජාප විරෝධයට එහා ගිය ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රී ට එරෙහි ව්‍යාපාරයක් ලෙස නිවැරදිව අර්ථගත කර ඇත.

    ඒකාබද්ධ විපක්ෂයේ යටි අරමුණ වූයේ ශ්‍රීලනිපය නොනිල ලෙස පා ගමනේ කොටස් කරුවෙක් කර ගැනීමය. ඩිලාන් ලා වැනි ඩබල් ගේම් කාරයින් ගේ ආශිර්වාදය ලබා ගෙන එය පූර්ණ එජාප විරෝධී උද්ඝෝෂණයක් ලෙස ඔසවා තබා රට පුරා දැවැන්ත එජාප විරෝධයක් ඇති බව ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමටය. එමගින් එජාපය නොමැතිව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලනිප රජයක් පිහිටු වා ගැනීම සාදාරණීකරණය කිරීමටත් එමගින් බලපෑමක් ඇති කිරීමටත්ය. තමන්ට එල්ල වී ඇති චෝදනා වලින් ගැලවීමට ඇති අවසන් උපාය ලෙස මෙය රාජපක්ෂ ප්‍ර‍මුඛ හොරු නඩය අදහස් කලාට සැකයක් නැත. නමුත් මෙම උපාය කල් ඇතිව වටහා ගැනීමට ආණ්ඩුව සමත් වූ අතර පා ගමනට පෙරම හවුල් රජය ඉදිරි වසර 5 ත් ක්‍රියාත්මක වන බව දෙපක්ෂයේ ලේකම් වරුන් හරහා ප්‍ර‍කාශයට පත් කිරීමට කටයුතු කළේය. දේශපාලන චෙස් පෙතේ ඉතා හොඳ ඇදීමක් වූ එය ඒකාබද්ධ විපක්ෂයේ මූලික උපාය නිශ්ක්‍රීය කිරීමට සමත් විය. ලේකම් වරුන් ගේ ප්‍ර‍කාශයත් සමගම ශ්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමට තිබූ අවසන් අවස්ථාවත් නැති වූ බව හීනෙන් පවා හිර ගෙදර කූරු පෙනෙන කුමාර වෙල්ගම ප්‍ර‍කාශ කෙළේ මේ නිසා ඇති වූ හිතේ අමාරුවටය. දැන් පා ගමන නිශ්චිත උපායක කොටසක් ලෙස නොව බැඳ ගත්ත බෙරේ ගහගෙන යෑමක් ලෙස කරගෙන යෑම දක්වා රාජපක්ෂ නඩය පල්ලම් බැස ඇත.

    ඩලස් ගේ මිලියන බයිලාව

    කවදත් බොරු බයිලා වලට හපන් ඩලස් මේ දිනවල මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නේ ජනතාව මිලියනයක් තමන් පා ගමන සමග කොළඹ ට රැගෙන එන බවයි. ලංකාවේ සමස්ත ජනගහනයද මිලියන විස්සකි. ඩලස් ගේ ගණන් අනුව මුළු රටේම උතුරු නැගෙනහිර ඇතුළුව දරුවා ගේ සිට මහල්ලා දක්වා සෑම මිනිසුන් විස්සකින් එකෙක් පා ගමනට එක් වන්නේය. නැතිනම් සමස්තයක් ලෙස ජනගහනයෙන් 5% ක් පා ගමනට එන්න නියමිතය. මෙවැනි ජනතාවක් පැමිණය හොත් එක පේලියට දහ දෙනා ලෙස පා ගමනට එක් වූවොත්, වෙනත් සංදර්ශන ඇතුලත් නොකර ගත්තද එය කි.මි. 90 ක් තරම්වත් දිගු විය යුතුය. එනම් පා ගමන මුල පෑලියගොඩ පාලම අසලට එන විට කෙලවර තිබිය යුත්තේ පේරාදෙණියේය. මෙවැනි ජනතාවකට ප්‍ර‍වාහන පහසුකම් දීමට අවම වශයෙන් බස් විසි පන් දහසක් වත් අවශ්‍ය වන අතර එය සමස්ත රටේ පෞද්ගලික බස් ප්‍ර‍මාණය ඉක්මවනවා ඇත. එවන් බස් ප්‍ර‍මාණයක් කොළඹට ඒමට උත්සාහ කළහොත් එය කි.මී. 200 ක පමණ දිග වාහන පෝලිමක් වනු ඇත. සාමාන්‍ය ලෙස එකෙකුට බත් එකයි, වතුර බෝතලයයි දුන්නත් එයට මිලියන 200 ක මුදලක් අවශ්‍ය වන අතර එම මුදල නම් රාජපක්ෂලා ලඟ සිල්ලරට තිබිය හැකිය. මේවාට හිනා විය යුත්තේ මොකෙන්දැයි හිතා ගත නොහැක.

    අහෝ මහින්ද..!

    තමන් පා ගමනට එක් වන බව මහින්ද ද මාධ්‍යයට ප්‍ර‍කාශ කර තිබුණි. එදා පාද යාත්‍රාව මගින් එවකට තිබූ එජාප රජයට දැඩි බලපෑමක් කිරීමේ ඉතිහාසයකට මහින්ද උරුම කම් කියයි. එවකට ඔහු හතලිස් තුන් වන තරුණ වියේ සිටි ජවාධිසම්පන්න රැඩිකල් මෙන්ම වාමවාදී දේශපාලඥයෙකි. දකුණේ තරුණයින් අතුරුදහන් කිරීමට එරෙහිව ජිනීවා හරහා මැදිහත් වූ මානව හිමිකම් ක්‍රියාධරයෙකි. මුල්කිරිගල අතුරු මැතිවරණයේදී භීෂණයට එරෙහිව සටන් කළ සටන්කාමියෙකි. ජනාධිපති තනතුරක් නොව ඇමති කමක් හෝ නොකළ දූෂණයට ගොදුරු නොවූ චරිතයකි. විපක්ෂයේ දේශපාලනඥයින්, වාම ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති නායකයින් අතර ‘මහින්ද අයියා‘ යැයි ජනප්‍රියව සිටි චරිතයකි. ඔහු ගේ සටන්කාමී මැදිහත් වීම එවකට විපක්ෂයට නැවුම් ආශ්වාදයක් විය. ඔහු සමග සිටි අනෙක් අය අතර බාහු, සිරිතුංග, වාසු වැනි වමේ සටන්කරුවන් ද අනුර බණ්ඩාරනායක වැනි කෘතහස්ත දේශපාලඥයින්ද, රාජිත, දේව බණ්ඩාර වැනි සටන් කරුවන් ද විය.

    එහෙත් අඳෝමැයි, අද සිටින්නේ ඒ මහින්ද නොවේ. මේ ඉන්නේ හැත්තෑ තුන් වියට පැමිණි, මහළු, දුර්වල, වේලකට පෙති අල්ලක් බොන, ඩයි පප්පෙකි. දෙවරක් ජනතාව විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපතිවරයෙකි. ලංකා ඉතිහාසයේ වඩාත් දූෂණ චෝදනා වලට ලක් වූ, බිරිඳ, දරුවන් සහ සහෝදරවරුන්ට එකවිට චෝදනා එල්ල වී පවුල පිටින් අවමානයට ලක් වූ, යුද අපරාධ, දේශපාලන ඝාතන, මානව හිමිකම් නැති කිරීමේ චෝදනාවට ලක් වූ මහින්ද කෙනෙකි. කරන ලද අපරාධ වලට එක පිට එක පවුල් පිටින් නඩු වැටුනු මහින්ද කෙනෙකි. මානව හිමිකම් කෙලෙසීම නිසා ජ්‍යාත්‍යන්තර වශයෙන් අපවාදයට ලක් වූ, ඉඩි අමීන් පන්නයේ ඒකාධිපතියෙකි. ජාතිවාදියෙක් ලෙස නාමකරණයට ලක් වී සුළු ජාතික ප්‍ර‍ජාව ගෙන් කොන් වූ කඩප්පුලියෙකි.

    ඔහු සමග එදා සිට බාහු වැනි සටන්කාමී තරුණ ප්‍ර‍ගතිශීලීන් වෙනුවට අද සිටින්නේ නීලකාස හොරු රෑනකි. පරාජිත එක පිට එක නඩු වැටුනු දූෂිතයින් රෑනකි. එකෙක් ලංගමය ඉහගෙන කා හෙට අනිද්දා හිරේ වැටීමට නියමිතය. තව එකෙක් හොරා බව කියන්නේ උගේ බිරිඳමය. එකෙකුට අල්ලස් කොමිසමෙන් එන්න කී විට නයි කනවා ය. පා ගමනේ ඌ යා යුත්තේ නයෙක් කර ලා ගෙනය. තව එකෙක් හොර අත්සන් කාරයෙකි. එකෙකුට පාස් පෝට් දෙක ගානේය. ගෑණි සමග එකතු වී ඉඩම් ගොඩ කර විකුණූ එවුන්ද සිටිති. නුවර සිට කොළඹටම නඩුවක් නැති එකෙක් සොයා ගන්න ලේසි නැත. මේ වගේ රෑනකට කළ හැකි දෙයක් නැත. කිරීමට නියමිත කාර්ය භාරයක් ද නැත.

    හිටපු රාජ්‍ය නායකයෙකු ලෙසත් දශක පහක ඉතිහාසයක් ඇති දේශපාලනඥයෙකු ලෙසත් ඔහු රඟ දැක් වූ භූමිකාව ඉතිහාසයේ විනිශ්චයට යා යුතු කාලයක, වයස හැත්තෑ තුනේ දී තම ඝාතන හොරකම් සහ හොර සහචරයන් වෙනුවෙන් වෙහෙසකර, අප්‍ර‍සන්න පා ගමනක් යෑමට සිදු වීම එක්තරා ආකාරයකට මහින්ද ගේ පුද්ගලික ඛේදවාචකයකි.

    මේ වන විට රට ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් වීමේ දිශාන්තයට වැටී තිබේ. දූෂණය අවම කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇති කර ගනිමින් සිටින අතරේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ද තහවුරු කර තිබේ. වෙන කවරදාටවත් වැඩිය ජනමාධ්‍ය නිදහස ඇති කර තිබේ. ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා මහ පරිමාන දූෂණ වලට ඇති ඉඩ කඩ අහුරා ඇත. ජාති වාදය, ප්‍රාදේශීය වාදය ආණ්ඩුවේ ප්‍ර‍තිපත්තිය කර ගෙන නැත. යා යුතු ගමන නිම කර නැතත්, අඩු පාඩු සහිත වූවත් අවශ්‍ය ආරම්භය ගෙන ඇත. පෞද්ගලික අපේක්ෂාවන්ට එහා ගිය සංවර්ධන සහ ව්‍යවස්ථාමය ප්‍ර‍තිසංස්කරණ ගැන තම කැප වීම නායක දෙපොලම පෙන්වා ඇත.

    මේ ගමන නැවත ආපස්සට හැරවීමට ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් කැමති වන්නේ නැත. කාලකණ්නි හොරු රැලකට එයට ඉඩ දිය යුතුද නැත. කළ යුතු වන්නේ සිදු වෙමින් පවතින ප්‍ර‍තිසංස්කරණ සම්බන්ධයෙන් විවේචණාත්මක සහ ප්‍ර‍තිපත්තිමය වශයෙන් මැදිහත් වීමකි. එය කළ හැකි වන්නේ සහ එයට සදාචාරාත්මක අයිතිය ඇත්තේ ඉදිරිගාමී, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පුරවැසි කණ්ඩායම් වලට මිස ජාතිවාදී, දූෂිතයින්ට නොවේ.

    -විසල් කරුණාරත්න විසිනි-
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    වයස අවුරුදු 75ක සීයා කෙනෙක් බල තන්හාවෙන් පාගමන් යනවා 2020 වත් බලය ගන්න.කොච්චර බල තන්හාවක් මේ මිනිහගේ හිතේ ඇතිද?මේ වගේ අයට ආපහු රාජ යෝග මේ සංසාරේ එන්නේ නෑ.අඩුම ගානේ මිනිස් ආත්මයක්වත් ගන්න සෑහෙන කාලයක් යනවා. අනේ මන්ද දවසට බෙහෙත් අහුරක් බොන ඩයි වලින් ඔලුව නාගෙන ඉන්න මේ නාකි මනුස්සයා දැන්වත් බනක් බාවනාවක් කරගෙන හිටියනම් අඩුම ගානේ හොඳ තිරිසන් ආත්මයක්වත් ලබා ගන්න පුලුවන් වෙයි.

    :rofl::rofl::rofl::rofl:එහෙම කියන 29 පාරක් පරාද වෙලා පාක්ෂිකයෝ පක්ෂෙන් එලවද්දී පක්ෂ විවස්ථාව වෙනස් කරල බලයෙ හිටපු නැති, බල තණ්හාවක් ගෑවිලාවත් නැති, අහිංසක, උත්තුංග දේහදාරී, ලබන ආත්මේ තව්තිසා දිව්‍ය ලෝකෙ උපදින්න ඉන්න, තොපේ මහා එකාට තාම දාසයයි මාසයයි නේ(තාම ගහෙන් වැටිලත් නෑ නේ)??​
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබලගේ තියෙන ගොන් බයි ගතිය තමයි මචන් ඕක ඉතින අපි මක් කරන්නද ?දැන් කවුද කිව්වේ රනිල් නාකි නැ කියල මම කතා කරන්නේ මාතෘකාවට අදාලව එතනට රනිල් අදාල න
    ටිකක් ලොජිකල් වෙයන් මචන්

    අනික මහින්දට රනිල් සමාන නැ මහින්ද කියනේ ජනිදිපති බත් පිගාන දෙපාරක් කාලා පෙරේතකම්ට තුන්වෙනි පාර කන්න ගිහින් ඉල්ලන්කා කාලා ඉවර වෙලා ලජ්ජා නැතිව තවත් කන්න හිගන එකක්

    රානිගේ ජනාදිපති බත් පිගන තමා බෙදලවත් නැ
    Lankave minissunge hati da me..ahasin kadan watila wage katha karanne..mula amathaka karala kelehi guns nodanna widiyata hasirenna epa..mama oyage tharathirama danne na ath...wisheshayen hitapu janadipathi knkta Garu karala katha karanna..
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජාතියට පහළ වූ විශෂ්ඨම නායකයා..! මහින්ද රාජපක්ෂ :cool:

    අහෝ මහින්ද..!

    එහෙත් අඳෝමැයි, අද සිටින්නේ ඒ මහින්ද නොවේ. මේ ඉන්නේ හැත්තෑ තුන් වියට පැමිණි, මහළු, දුර්වල, වේලකට පෙති අල්ලක් බොන, ඩයි පප්පෙකි. දෙවරක් ජනතාව විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපතිවරයෙකි.

    ලංකා ඉතිහාසයේ වඩාත් දූෂණ චෝදනා වලට ලක් වූ, බිරිඳ, දරුවන් සහ සහෝදරවරුන්ට එකවිට චෝදනා එල්ල වී පවුල පිටින් අවමානයට ලක් වූ, යුද අපරාධ, දේශපාලන ඝාතන, මානව හිමිකම් නැති කිරීමේ චෝදනාවට ලක් වූ මහින්ද කෙනෙකි. කරන ලද අපරාධ වලට එක පිට එක පවුල් පිටින් නඩු වැටුනු මහින්ද කෙනෙකි.

    මානව හිමිකම් කෙලෙසීම නිසා ජ්‍යාත්‍යන්තර වශයෙන් අපවාදයට ලක් වූ, ඉඩි අමීන් පන්නයේ ඒකාධිපතියෙකි. ජාතිවාදියෙක් ලෙස නාමකරණයට ලක් වී සුළු ජාතික ප්‍ර‍ජාව ගෙන් කොන් වූ කඩප්පුලියෙකි.

    ඔහු සමග එදා සිට බාහු වැනි සටන්කාමී තරුණ ප්‍ර‍ගතිශීලීන් වෙනුවට අද සිටින්නේ නීලකාස හොරු රෑනකි.

    පරාජිත එක පිට එක නඩු වැටුනු දූෂිතයින් රෑනකි. එකෙක් ලංගමය ඉහගෙන කා හෙට අනිද්දා හිරේ වැටීමට නියමිතය. තව එකෙක් හොරා බව කියන්නේ උගේ බිරිඳමය.

    එකෙකුට අල්ලස් කොමිසමෙන් එන්න කී විට නයි කනවා ය. පා ගමනේ ඌ යා යුත්තේ නයෙක් කර ලා ගෙනය. තව එකෙක් හොර අත්සන් කාරයෙකි. එකෙකුට පාස් පෝට් දෙක ගානේය. ගෑණි සමග එකතු වී ඉඩම් ගොඩ කර විකුණූ එවුන්ද සිටිති.

    නුවර සිට කොළඹටම නඩුවක් නැති එකෙක් සොයා ගන්න ලේසි නැත. මේ වගේ රෑනකට කළ හැකි දෙයක් නැත. කිරීමට නියමිත කාර්ය භාරයක් ද නැත.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔහු සමග එදා සිට බාහු වැනි සටන්කාමී තරුණ ප්‍ර‍ගතිශීලීන් වෙනුවට අද සිටින්නේ නීලකාස හොරු රෑනකි.

    පරාජිත එක පිට එක නඩු වැටුනු දූෂිතයින් රෑනකි. එකෙක් ලංගමය ඉහගෙන කා හෙට අනිද්දා හිරේ වැටීමට නියමිතය. තව එකෙක් හොරා බව කියන්නේ උගේ බිරිඳමය.

    එකෙකුට අල්ලස් කොමිසමෙන් එන්න කී විට නයි කනවා ය. පා ගමනේ ඌ යා යුත්තේ නයෙක් කර ලා ගෙනය. තව එකෙක් හොර අත්සන් කාරයෙකි. එකෙකුට පාස් පෝට් දෙක ගානේය. ගෑණි සමග එකතු වී ඉඩම් ගොඩ කර විකුණූ එවුන්ද සිටිති.

    නුවර සිට කොළඹටම නඩුවක් නැති එකෙක් සොයා ගන්න ලේසි නැත.