කොළඹට අළුත් අධිවේගී මාර්ග දෙකක්
කොළඹට ආසන්න නගරයක් කේන්ද්‍ර කර ගනිමින් කොළඹ අවට තවත් නගර දෙකක් වෙත දිවෙන අධිවේගී මාර්ග ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි “විමසුම“ ට පැවසුවේ මෙම අධිවේගී මාර්ග දෙක කනු මත දිවෙන අධිවේගී මාර්ග ලෙස කිරුලපන සිට කොට්ටාව දක්වාත් කිරුලපන සිට කඩවත දක්වාත් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි.
“මෙම මාර්ග දෙක ඉදිකිරීම පිළිබඳව ශඛ්‍යතා අධ්‍යනයක් අධිකාරිය විසින් ආරම්භ කිරීමට සූදානම්. කිරුලපන සිට කොට්ටාව දක්වා කිලෝ මීටර් 12 ක අධිවේගී මාර්ගයකුත්, කිරුලපන සිට කඩවත දක්වා කිලෝ මීටර් 15 ක අධිවේගී මාර්ගයකුත් ඉදිකිරීම අපගේ සැලසුමයි.“
යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
මෙම මාර්ග දෙක මුදල් අයකරන මාර්ග ලෙස දැනට පවතින මාර්ග වලටම උඩින් දිවෙන සේ ගොඩනැගීමට සලකා බලා තිබෙන බව පේමසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
මේ නිසා, මේ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අවශ්‍ය නොවන බවද හෙතෙම සඳහන් කළේය.
vimasuma.com