කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔන්න එහෙනම් කෙටියෙන් පටන් ගත්තොත් අපිට ඕනේ උනේ එක දවසින් train එකේ jaffna ගිහින් ටවුම ඇතුලේ පයින්/ත්‍රි විල් මගින් අඩුම වියදමින් යන්න පුළුවන් මට්ටමේ ලගපත ඇවිදලා එදා රෑම ගෙදර එන එක. (නරඹන සියලුම ස්ථාන කලින් plan කරපු අතර යාපනේ ඇතුලේ google map දෙයියගේ පිහිටෙන් තමා ඇවිද්දේ)


    >>>>>>
    http://www.elakiri.com/forum/showthread.php?t=1898232

    එල බන්..රෙප් දුන්නා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරයා....මට තමා දෙන්නේ නැත්තේ....:angry::angry::angry::P:P:P

    රෙප් දෙන්න හරි හමන් ත්‍රෙඩ් එකක් දාපන්. :angry::angry::angry:
    දැම්මොත් දාන්නෙ ජංගි ත්‍රෙඩ් ම තමයි.. :angry::angry::angry:
    බොරුනන් බලපන් අන්තිමට දාපු ත්‍රෙඩ් ටික......:baffled::baffled::baffled:

    කපනව තොගේ රෙප් .. :angry::angry:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රෙප් දෙන්න හරි හමන් ත්‍රෙඩ් එකක් දාපන්. :angry::angry::angry:
    දැම්මොත් දාන්නෙ ජංගි ත්‍රෙඩ් ම තමයි.. :angry::angry::angry:
    බොරුනන් බලපන් අන්තිමට දාපු ත්‍රෙඩ් ටික......:baffled::baffled::baffled:

    කපනව තොගේ රෙප් .. :angry::angry:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    :rolleyes::rolleyes::rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොළඹ ඉඳල එක දවසින් ගිහින් එන්න පුළුවන් තවත් ලස්සන, ඉතිහාසමය වටිනාකමක් තියෙන තැනක් තමා දඹදෙණිය මාලිගාගල. ඉපැරණි රාජධානි නටඹුන්.
    කිලෝමීටර් 70 වගේ තියෙන්නේ.ගූගල් මැප් වල පාරවල් විස්තර ඔක්කොම තියෙනවා.ටවුන් එකේ ඉඳල කිලෝමීටර් 2 අඩු දුරකින් තියෙන්නේ.


    eVoyXlG.jpg


    PUCGpdS.jpg


    WFCLraN.jpg


    WV3yl3y.jpg


    SdRaUe0.jpg


    squO1Dp.jpg
     
    • Love
    Reactions: Isuru19901227

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොළඹ ඉඳල එක දවසින් ගිහින් එන්න පුළුවන් තවත් ලස්සන, ඉතිහාසමය වටිනාකමක් තියෙන තැනක් තමා දඹදෙණිය මාලිගාගල. ඉපැරණි රාජධානි නටඹුන්.
    කිලෝමීටර් 70 වගේ තියෙන්නේ.ගූගල් මැප් වල පාරවල් විස්තර ඔක්කොම තියෙනවා.ටවුන් එකේ ඉඳල කිලෝමීටර් 2 අඩු දුරකින් තියෙන්නේ.








    WV3yl3y.jpg
    මෙතනට වදින හුලං පාර එහෙම මරු
    මම නම් 5 පාරකට වැඩිය ගිහින් තියෙනවා

    :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වගේ එවනෙ බං බම්ප් වෙන්න ඕනි

    අබුද්දස්ස කාලෙට බන් කලුගල් උඩ පාවෙනවලු.. (කොසොල් රජතුමා දැක්ක හීන 16 න් එකක්) :baffled::baffled::baffled:
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අබුද්දස්ස කාලෙට බන් කලුගල් උඩ පාවෙනවලු.. (කොසොල් රජතුමා දැක්ක හීන 16 න් එකක්) :baffled::baffled::baffled:

    අනේ මන්දා බං කුමාර අයියේ...ඉස්සර ගතිය නැති උනාට අපි මේ කිරියට ඇබ්බැහි වෙලා බං...බලපං පරණ Thread අදටත් වටිනවා

    අපි මේ ගිය පෝයට ගියා වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය කියලා පංසලකට... ඒකත් මරු ප්ලේස් එකක්..හෝමාගම ඉදල තලගල ---> මොරගහහේන ---> හොරණ ---> නෑබඩ පාරෙන් තමයි ගියේ යන්න නම් පැයක් වගේ තමයි ගියේ... කාර් පිස්සුව කියලා බ්ලොග් එකකින් දැකල තමයි ගියේ ඉතිං....


    ================================================

    වරකාගොඩ ගල්ලෙන් විහාරය.

    මානාභරණ තුන් බෑ කුමාරවරු වික්‍රමබාහුට විරුද්ධව කළ සටන්වලින් පැරදී පස්‌ යොදුන් රට බලකොටුවට පසු බැස ඇත.

    එහෙත් ඒ බලකොටුව කොහේ දැයි ස්‌ථීරව හඳුනාගෙන නැතත් නෑබඩ - හොරණ පාරේ වරකාගොඩ හන්දියෙන් විහිදෙන ගනේගොඩ මග ඇති නටබුන්වලින් එය එම බලකොටුව වු ස්‌ථානය යෑයි විශ්වාස කෙරේ.

    විහාරස්‌ථානය පිහිටි කන්දේ ඇති බැලුම්ගල, කොඩිගල, වස්‌තුගල යන ස්‌ථාන පදනම්ව ජනප්‍රවාද රාශියකි. ගල්ලෙනක්‌ පවතින බව සඳහන් වස්‌තුගල ප්‍රදේශයෙන් උපකරණ ලබා දී ඇති බවකි.

    වරක්‌ කාන්තාවක්‌ එම ප්‍රදේශයෙන් දෑකැත්තක්‌ රැගෙන ගොස්‌ එය නැවත ගෙනවිත් දමා නැති බැවින් ගල් දොරටුව වැසුන බවක්‌ ජනප්‍රවාදයේ වේ.

    කොඩිගල සටන්වලින් ජය ලැබූ පසු අන් අයට දැන ගන්නට කොඩි එසුව තැන බවත් සඳහන් වේ. මෙහි වූ විස්‌කම් දෙවොල හාස්‌කම් ඇති තැනකි. ශ්‍රී මහ බෝධීයෙන් හටගත් දෙතිස්‌ඵල බෝ රුක්‌වලින් එකක්‌ වූ බෙල්ලන්විල බෝධියේ ශාඛාවක්‌ද මෙහි වේ. හිටි පිළිමයක්‌ද සත්සතිය බෝසත් සිරිත - සතර වරම් දෙවිවරුනගේ ප්‍රතිමාද ඒවා සිතුවම් ද කර ඇත. විහාරය අසල විෂ්ණු හා කතරගම දේවාලවේ.

    කතරගම දේවාලයේ පෙරහැරක්‌ නිරූපිත සිතුවමකි. ඒවායේ ඇඳුම් පෘතුගී්‍රසි ඇඳුම් මෝස්‌තර ලෙසවේ. ඒ අනුව මේවා මහනුවර යුගයට අයත් යෑයි සැලකේ. මේ විහාරය ධම්මතිස්‌ස නම් හිමිනමක්‌ පැවැති පිළිමගෙය පිළිසකර කර එහිම වැඩ සිට ඇත.

    පසුව වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ සිසු පරපුරට අයත් වේරවත්තේ සෝභිත, නාහල්ලේ සුමංගල, රද්දන්ගොඩ රේවත, දොඩන්ගොඩ ඉන්ද්‍රජෝති - කරන්නාගොඩ චන්ද්‍රජෝති දඹර රේවත යන හිමිවරු මෙහි වැඩ සිට ඇත.

    වත්මන් විහාරාධිපති පෝරුවේදන්ඩේ සුමන නාහිමියෝය. සූවිසි විවරණය සහිත නව විහාර මන්දිරය 1946 දී නිමවූවකි. චිත්‍ර මූර්ති එම්. සාර්ලිස්‌ මහතාගේ නිර්මාණවේ.

    බුදු සිරිත නිර්මාණය උසස්‌ය, දුර්ලභ කැටයම් ද වේ. දොරටුපාල රුව සහිත මකර තොරණ මනරම් දසුනකි. සඳකඩ පහන ගලින් කළ විසිතුරු නිමවුමකි. වන සංරක්‍ෂණ ව්‍යාපෘතිය ජාතික සම්පතකි. පැරණි දහ අටරියන් සැතපෙන පිළිමය පුරාණ නිමවුමකි. දඹදෙණිය රජ කල දෙවන පැරකුම්බා රජ කළ පතිරාජ දේව නම් ඇමැතියෙන් පස්‌දුන්රට සශ්‍රීක කළ බවත් එහි වු මාදෙල් වනය ගලවා කොස්‌ උයනක්‌ පිහිටු වු බවට මතයකි.

    ඒ කොස්‌ උයන මේ වරකාගොඩ වූවා විය හැක. 1950 දී පුරාවිදු මහාචාර්ය සෙනරත් පරණවිතාරණ මහතා හා නන්දදේව විඡේසේකර මහතා මෙහි කැණීම් කර ඇත. එහිදී බලංගොඩ මානවයාට ආසන්න කාලයේ වු ගල්පතුරු හමු වී ඇත. මෙම ලෙනද දුර්ලභ පිහිටීමකි. කුඩයක්‌ දිග හැරීම මෙන් හා පිපුන බිම්මලකට සමානය. ප්‍රමාණයෙන් විශාල වු මෙම පර්වතය කෙමෙන් සිහින්ව ඉහලන කුඩයක්‌ යටිකර තැබූ ලෙස දිස්‌වේ.

    මේ ගෙවුන දස වසර තුළ සෑම උඳුවප් පෝයකදීම පවත්වන වරකාගොඩ ගල්ලෙන රජමහා විහාර උඳුවප් පෙරහැර පස්‌දුන් රට අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයකි. පහතරට සම්ප්‍රදායට මුල් තැන දෙමින් සිදු කෙරෙන මෙම උඳුවප් පෙරහැර දැක බලාගන්නට එදිනට විශාල පිරිස්‌ ද එක්‌වෙති






    31171501_429564564133115_4328006130061017088_o.jpg


    31195738_429564644133107_417226433237090304_o.jpg


    31306818_429564480799790_2127922180795662336_o.jpg


    31206594_429564580799780_165775343804743680_o.jpg


    20171224_125202.jpg