කොළඹ, ලෝකයේ ලාබම නගර ලැයිස්තුවේ
Sri Lankan capital among cheapest cities: survey
ලෝකයේ ප්‍රධාන නගර අතුරින් ජීවත්වීමේදී ජීවන වියදම අඩුම නගර අතරට කොළඹ නගරයද පැමිණ තිබෙන බව අනාවරණය වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ Economist Intelligence Unit නැමති ගෝලීය සමීක්ෂණ ආයතනය විසින් ජීවන වියදම පිළිබඳව කර තිබෙන ගෝලීය සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබෙන බවත් ජීවන වියදම වැඩි නගරවල සිට අඩු නගර දක්වා පෙළ ගැස්වීමේදී කොළඹ නගරය 114 වන ස්ථානයට පැමිණ තිබෙන බවයි.
මේ අනුව, කොළඹ නගරය ජීවන වියදම අඩුම නගර විස්ස අතර තිබෙන බව සඳහන්ය.
ලෝකයේ ජීවන වියදම අඩුම නගර දහයෙන් බොහෝ නගර ප්‍රමාණයක් දකුණු ආසියාවේ ඒවා බවත් ඒ අතර කරච්චි, මුම්බායි හා නව දිල්ලිය තිබෙන බවත් අදාළ වාර්තාව සඳහන් කරයි.
මෙම සමීක්ෂණයේදී ලෝකයේ ජීවන වියදම වැඩිම නගරය ලෙස ප්‍රථම ස්ථානයට පැමිණ තිබෙන්නේ ජපානයේ ටෝකියෝ නගරය වන අතර ඕස්ට්‍රේලියානු ඩොලරය දිගින් දිගටම ඉහළ යාම හමුවේ සිඩ්නි හා මෙල්බර්න්, හයවන හා හත්වන ස්ථානයට පැමිණ තිබෙන බව සඳහන්ය.
මීට වසර දහයකට පෙර මෙම සමීක්ෂණයේදී සිඩ්නි නගරය 71 ක් වන ස්ථානයටත් බෙල්බර්න් 80 වන ස්ථානයටත් පත්ව තිබේ.
මෙම වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරන්නේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නගරවල ජීවත් වීමට වඩා ලන්ඩන්, වියනා, රෝමය, බර්ලින්, හොංකොං හා බෙයිජිං යන නගරවල ජීවත්වීම වඩා ලාභදායී බවයි.