Hariyata explain karapqnko
මෙහෙමයි. වෙළද සහ නාවික වාරයක් වුනාම එන, සහ යන නාවුකා වලට තෙල් සපයන්න ඕන.
අපෙත් එහෙමයි.
නමුත් මිට සති තුනකට විතර කලින් පොඩි උනතාවයක් තිබ්බ වාරය අවට. විශේෂයෙන් හම්බන්තොට වාරයේ.
රට තුල තිබ්බ දේශපාලන අස්තයිතාව නිසා නැව් අයිතිකාර සමාගම් මෙහෙට නැව් එවන්න කැමැත්තක් දැක්වුවේ නැහැ. මොකද බහලුම් නව්කා වලට අමතරව බල්ක් නැව් එහෙම ආවම මෙහෙ බැංකු හරහා කරන ගෙවීම් කරනකොට දවස් ගණන් ගන්නවා. එතකොට ඊලග වරායට නැව යද්දී පරක්කු වෙනවා. කොටි ගණන් පාඩුයි සමාගම් වලට.
එතකොට නැව් සමාගම් කරන්නේ අපේ බහලුම් ලගම වරයට බාලා යනවා
උදාහරණයක් විදියට මෙහෙ බාන්න ඕන බහලුම් ටියුටිකොරින් වල බානවා. ඉතින් ආයී නැවක පටවලා වෙද්දී අපිට බඩු එන්න පරක්කු වෙනවා. බහලුම් මෙහෙයවන අක තමයි වරායක ප්‍රදානම ආදායම.
නොනවත්වා බහලුම් සහ බල්ක් ආවේ නැත්නම් වරායක් උපයන ආදායම අඩුවෙනවා.
ප්‍රශ්නය දුර දිග යන්න කලින්, වරාය අදිකාරිය සහ අනිකුත් ටෙර්මිනල්ස් මෙහෙයවන අය ජොයින්ට් නොටිස එකක් දුන්නා අපේ අවුලක් නැහැ කියලා.
එතකොට JKH සහ HAYELYS ලට එයාලා ගාව තියෙන නාවික ඉන්දන නැව් වලට පොම්ප කරන්න අවසර දුන්න.
බහලුම් ප්‍රශ්නේ විසදුනා. නමුත් බල්ක් නැව් ( සිනි, පිටි, තෙල්, සිමෙන්ති ) එහෙම තාම අවුල විසදිලා නැහැ.
නැව් අයිතිකාර සමාගම් වලට එහෙම කොලබ වරාය අතහරින්න බැහැ.
මේ කලාපේ හොදම transshipment hub එක කොලබ.