ත්‍රීවීල් කාරයො, පාක් ලොරි කාරයො එහෙමත් සද්දෙ දාගෙන එනව.
මමනං කියවන්න යන්නෙ නෑ.... වාහනේ අයින් කරන්නෙත් නෑ.... පුස් මූණක් දාල ඔරවල මූණ දිහා බලල, ඇස් දෙකෙන් උගෙ ඉහේ ඉඳන් පාදාන්තෙට බලල, ගණං නොගෙන ඉන්නව....
එතකොට උං අපි කවුද කියල හරියට දන්නෙ නෑනෙ. උනුත් එතනින් එහාට කතාකරන්න බයයි...
එතකොට ශේප් එකේ පස්ස ගහනව... සමහර උං ටෝන් වෙනස් කරල නාහෙන් අඬනව....
අවසර තියෙන ත්‍රීවීල් පාක් හැර අනික් හැම තැනකම වගේ ඔය ක්‍රමේ සාර්ථක වෙලා තියෙනව මටනං....
කියවගෙන, බැනගෙන ගියොත්නං වැඩේ හොදි වෙනව.... ගුටිත් කාල එන්න වෙයි...
හ්ම්... පාර අයිනේ නවත්තල pharmacy එකට ගිහින් ආව ... එනකොට ත්රීවිලර් තුනක් වාහනය වට කරල ... මේක අපේ පාක් එක බෝඩ් එක දැක්කෙ නැද්ද ඇහුව.
මම කීව ඔයාලගෙ හයර් ගන්න මම ආවෙ නෑ ..මම ආවෙ බෙහෙත් ගන්න. Pharmacy ය ගාව පාක් දැම්මෙ මම නෙමේනෙ කියල..
මටත් ඔය වගේ සීන් එකක් වුණා. පාක් එකක නවත්තල කඩේට ගියා. යනකොට එකෙක් පිටිපස්සෙන් "ඒයි...ඒයි..." කියනවත් ඇහුන. මම මට නෙමේ වගේ ගියා... ගිහින් එනකොට ඉස්සරහයි පිටිපස්සෙයි ලං කරල ත්‍රීවීල් දෙකක් නවත්තල අරුං සෙට් එක වීරයො ටික වගේ මූණ දිහං බලං ඉන්නව....
වෙලාවට වෑන් එකක හිටියෙ... ඉස්සරහ බෝල කණ්නඩියයි, බැක් මිරර් එකයි තියෙන නිසා අන්තිම අඟලටම ලං කරල මුල්ල වද්දගන්නෙ නැතුව ගන්න පුලුවන්. අනික වෑන් රියර් වීල් ඩ්‍රයිවු නිසා කාර් වලට වඩා ලඟ කැපෙනව. (කාර් එකක හිටියනං ගන්න අමාරුයි) නැගල දෙපාර කපල ඉස්සරහ පස්ස කරල වාහනෙත් අරං ආව...
අරුං ටික කතා කරල අයින් කරල දෙන්න කියනකල් බලං ඉන්නව....
