02, නැරඹුම් මැදිරිය (OFV)
පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල දුම්රියන් 5ක මෙම මැදිරිය ඇතුළත් වේ. කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, මහනුවර දෛනික නගරාන්තර දුම්රියන් දෙකේත්, මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් ඇත. සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.