කෝටියක මත්පෙති සමග
පරිගණක ඉංජිනේරුවා මාට්ටු
ලසිත දුමින්ද, ප්රදීප් ප්රසන්න සමරකෝන්, මොරටුව-හේමන්ත වික්රමපාල
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමඟ පරිගණක ඉංජිනේරුවරයකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (15 වැනිදා) නුගේගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මත් පෙති 1600 ක් සුඛෝපභෝගී ජීප් රථයකින් ප්රවාහනය කරමින් සිටියදී නුගේගොඩ ගුවන් පාලම අසලදී සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මෙම මත් පෙති ප්රධාන වශයෙන් පාසල් සිසුන් සහ උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන්ට අලෙවි කරන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
30 හැවිරිදි වියෙහි පසුවන පරිගණක ඉංජිනේරුවරයකු වන සැකකරු මෙම ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියෙක් 'දිවයින'ට පැවසීය. එසේම මොහු මේවා රාත්රි සමාජ ශාලාවලට සහ මුහුදු තීරයට පැමිණෙන දෙස් විදෙස් පුද්ගලයන්ට අලෙවි කරන බවට ද හෙළි වී ඇත.
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ටී. එම්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක එච්. ඩී. යාපා, සුරාබදු කෝප්රල් ප්රියන්ත, සුරාබදු නියාමකවරුන් වන ධනංජය, සමරනායක, සුදත්, අරවින්ද, සුරාබදු රියෑදුරු ප්රභාත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
ඊයේ සිරසේ නිවුස් වලට කිවුවේ රුපියල් මිලියන පහක මත පෙති කියල, මෘදුකාංග ඉංජිනේරුවෙක් කියල, අධි සුඛෝපභෝගී ජීප් රථයක් කියල (පෙන්නුවේ නිසාන් x trail එකක් - x trail එක අධි සුඛෝපභෝගී නම් බෙන්ස්, BMW, සහරා වලට කියන්නේ මොකක්ද දන්නේ නැහැ), මත් පෙති 1500 ක් කියල, අල්ලපු එකාගේ වයස 31 යි කියල. අනේ මන්ද මුන් පුවත් මවනවා.