Toyota වල ඔය S gear කතන්දරේ එන්නේ ගොඩක්ම low engine power එකක් තියෙන CVT gearbox එක්ක... S එකේදි වෙන්නෙ high rpm එකෙන් engine එක run වෙනවා... normal gear system එකක්නම් හරියට අපි එක ගියර් එකක් පල්ලෙහට දැම්ම වගේ වැඩක්... මේකෙදි high rpm එකේ run වෙන නිසා downhill & curving වලදි හොද stability එකක් ගන්න පුලුවන් වාහනෙට.. ඒක තමා toyota එකේ main objective එක.. ඊට අමතරව high rpm එක නිසා quick acceleration එකක් තියෙනවා D එකට සාපේක්ෂව. but it's not the main purpose.
Toyota CVT vehicle වල high engine capacity වාහනවලට උන් S එක දාන්නේ නැහැ.. ගොඩක්ම පොඩි engine like 1000cc තමා S එක එන්නෙ.. උඩ කියපු විදිහට පොඩි එන්ජිමකින් වැඩි engine power එකක් ගන්න ඕනෙ තැන් වලට use කරන්න..
AI answer is below,
-----------------------------------------------------------------------------------------------------------------
- D (Drive)
➔ Normal driving mode.
➔ Car automatically changes gears for best fuel efficiency and performance.
➔ Use this 99% of the time for regular city or highway driving.
- S (Sport / Second)
➔ Holds lower gears longer.
➔ Gives more power, less gear shifting.
➔ Useful for climbing hills, overtaking, or when you want more engine braking (a little sporty feeling too).
- B (Brake)
➔ Strong engine braking.
➔ Helps control speed on very steep hills without riding the brakes too much.
➔ Not for daily driving — only use when going down a big mountain or steep road.
Quick tip:
- D for normal driving.
- S for slight uphill/downhill or if you want stronger acceleration.
- B for steep downhill when you need strong engine braking.
How the car behaves in S mode:
- The transmission holds lower "gears" longer (even in a CVT, it simulates gears).
- It delays upshifting — so engine revs stay higher before shifting up.
- This gives you:
- More immediate acceleration (good for overtaking)
- More engine braking when you lift off the accelerator
- It limits the highest gear the transmission will use. (For example, in some setups, S might lock the car to only 1st, 2nd, or 3rd simulated gears, depending on speed.)
When should you use S gear?
| Situation | Why S is useful |
|---|
| Driving uphill | Keeps engine in lower gear to maintain power without struggling. |
| Driving downhill | Provides engine braking, reducing the need to keep braking. |
| Overtaking quickly | Keeps revs high for faster response and better acceleration. |
| Sporty driving | Feels more responsive and powerful compared to D. |
------
Post added on Apr 27, 2025 at 10:50 AM
පසුගිය දවසක Toyota Premio Owners Club සාමාජිකයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා 2015 Toyota Premio එකක S Gear position එකේ භාවිතය ගැන.
ඒකෙදි අහලා තිබුණේ S කියන්නේ Sport කියන එකද, නැත්නම් Slope කියන එකද, ඒ S position එකේ භාවිතය මොකක්ද කියන දේවල්.
Toyota Premio Owners' Manual එකේ සඳහන් වෙන විදියට මේකට අදාල නිවැරදි පිළිතුර එහිදී ලබා දී තිබුණත්, මේ වාහන භාවිත කරන බොහෝ අය අතර මේ S Position එක ගැන ඉතාම වැරදි වැටහීම් ගණනාවක් තිබෙන බව පෙණුන නිසා, ඒ ගැන කරන කෙටි පැහැදිලි කිරීමක් තමයි මේ.
මුලින්ම මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙනවා නම්, Toyota Premio NZT260එකේ ( සහ ලංකාවේ බහුවලව තියෙන Allion, Corolla Axio, Belta, Vitz වගේ CVT වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පද්ධති සහිත වෙනත් වාහන වලත් ) තියෙන S gear position එකේ අදහස Slope කියන එකයි. එහෙම නැතිව Sport කියන අදහස ඒකෙන් ලබාදෙන්නේ නැහැ.
නිෂ්පාදකයන් සඳහන් කරන විදියට මේක භාවිත කරන්න ඕන තරමක සුලු බෑවුමක් සහිත මාර්ගයක වාහනය ධාවනයේදී, engine braking යම් ප්‍රමාණයකට යොදාගෙන පාලනයක් සහිතව ගමන් කිරීමටයි.
දැන් මෙහෙම කිව්වම ගොඩක් අයට ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තිබුණා. ඒ ප්‍රශ්න අතරේ S position එකෙන් engine braking එකක් එනවා නම් B position එක තියෙන්නේ මොකටද, S position එකෙන් කියන්නේ Sport කියන එක මිස Slope නෙවෙයි නේද, S එකට දැම්මම වාහනේ පිකප් එක සහ පර්ෆොර්මන්ස් වැඩි වෙනවා-ඒ නිසා වාහනයක් ඕවර්ටේක් කරද්දි වගේ S එකට දාන්න ඕන නේද, S කියන්නෙ Sport කියලා ටොයොටා එකෙන්ම කියල තියෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා....වගේ දේවල් ගොඩක් තිබුණා.
දැන් අපි මේ එක එකක් පැහැදිලි කරගන්න බලමු.
විවිධ වාහන නිෂ්පාදකයන් විවිධ ක්රියාකාරිත්වයන් සහිත CVT(Continuously Variable Transmission) වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පද්ධති භාවිත කරන අවස්ථා තිබෙන අතර S gear position එකත් විවිධ අර්ථ වලින් භාවිත කරන අවස්ථා තියෙනවා.
ඒ වගේම Toyota සමාගම පමණක් සැලකුවත්, ක්‍රියාකාරිත්වයෙන් එකිනෙකට වෙනස් CVT පද්ධති එක් එක් වාහන සඳහා භාවිත කරන අතර ඒවායේ gear positions සඳහා විවිධ අර්ථයන්ද දී තිබෙනවා දැකිය හැකියි. ඒ නිසා මෙහිදී අප සලකනු ලබන වාහනයට අදාල owners' manuals/ workshop manuals ආදිය ඇසුරින් පමණක් ඒවාට අදාල තාක්ෂණික කරුණු නිවැරදිව අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා.
දැන් මේ ප්‍රශ්නයට අදාල Toyota Premio NZT260 එක (සහ කලින් සඳහන් කළ JDM වාහන මාදිලි ) සැලකුවොත්, එහි භාවිත කර තිබෙන්නේ Super CVT-i [Super Continuously Variable Transmission- intelligent] ලෙස හඳුන්වන transmission පද්ධතියක්. මේක Toyota K CVT series එකට අයත්, Aisin සමාගමේ තාක්ෂණය ඇසුරින් නිපදවන transmission system එකක්.
Super CVT-i කියන්නේ එක transmission system එකක් නෙවෙයි. මේක transmission system series එකක්. Toyota සමාගමේ එක් එක් වාහන සැලකුවාම ඒ ඒ වාහන සඳහා විවිධ වෙනස් කම් කරමින් මේ Super CVT-i transmission පද්ධතිය යොදාගෙන තියෙනවා.
මේ ගැන පසුව තවත් විස්තර කරන්නම්.
දැන් මේ Premio එකට අදාල Super CVT-i transmission system එක සැලකුවවොත්, මේක සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොණිකව පාලනය වන transmission පද්ධතියක්. මුල් කාලීනToyota CVT පද්ධති එක්ක සැලකුවාම වැඩි දියුණු කිරීම් ගණනාවක් මේකෙ කරලා තියෙනවා. විශේෂයෙන්ම driver ගේ සහ වාහනයේ අවශ්‍යතා/තත්ත්වයන් අනුව සලකා, performance සහ fuel economy වලට වඩාත්ම සුදුසු gear ratio ඒක ඒ ඒ අවස්ථාවට අදාලව ස්වයංක්‍රියව තෝරා දීම මේ මගින් සිදු වෙනවා.
මේ පද්ධතිය භාවිත වන JDM Toyota Premio එකක owner's manual එකේ කොටසක් සහ International model Toyota Corolla එකක owner's manual එකේ කොටසක් මේ රූප වල දැක්වෙනවා.
මෙහි සඳහන් වෙන පරිදි P,R,N,D,S,B ලෙස gear positions තියෙනවා.
මෙහිදී සාමාන්‍ය ධාවනය සඳහා D gear position එක තමයි භාවිත කරන්න කියන්නේ.
S, B කියන අවස්ථා දෙකම, engine braking effects ලබා දෙන අවස්ථා විදියට තමයි මෙහි සඳහන් වෙන්නේ.
එහිදී S gear position එක slope යන අදහසින්, සුලු බෑවුමක ගමන් කිරීමේදී තරමක් අඩු engine braking effect එකක් ලැබෙන පරිදි යොදාගැනීමටත්, B gear position එක brake යන අදහසින්, ඉතා ආනත බෑවුමක උපරිම engine braking effect එකක් ලැබෙන පරිදි යොදා ගැනීමත් තමයි අදහස් වෙන්නේ.
දැන් මෙහි ක්‍රියාකාරිත්වය සැලකුවොත්, S gear position එක යෙදූ විට පද්ධතියේ ඉහල gear ratios වෙත ගමන් කිරීම සීමා කෙරෙනවා. ඒ කියන්නේ S position එක යොදා තිබියදී අඩුම gear ratio එකේ සිට මැද ප්‍රමාණයක් දක්වා ඇති ratios අතර මාරු වීම පමණයි සිදු වන්නේ. ඉහළ gear ratios වලට ළඟාවී overdrive ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නේ නැහැ.
B ගියරය යෙදූ විට අවම gear ratio එකක් ඇති අවස්ථාවේ පද්ධතිය තබා ගැනෙනවා. එවිට එයින් ඉහල gear ratios වලට මාරු වීම සිදු නොවන අතර engine braking උපරිම වෙනවා.
මේක තවදුරටත් පැහැදිලි කළොත්, තරමක් පැරණි සාමාන්‍ය automatic transmission පද්ධතියක P,R,N,D,2,L ලෙස (හෝ P,R,N,D,2,1 ලෙස) ඇති අවස්ථාවක 2 ගියරය සහ Lගියරය (හෝ 1 ගියරය) භාවිතය ලෙස සලකන්න පුලුවන්. එහෙම නැත්නම් OD-OFF කරන අවස්ථාව සලකන්නත් පුලුවන්.
ඒ කියන්නේ 1 හෝ L positions වලදී පලමු ගියරය පමණක් engage වී තිබෙන අතර එය මේ CVT එකේ B අවස්ථාවට සමාන වෙනවා. CVT එකේ S පිහිටුම මෙතන විස්තර කළ අනෙක් අවස්ථාවන්ට අදාලව හිතන්න පුලුවන්.
[කොහොම උණත් ඒ වගේ conventional automatic transmission පද්ධතියක තිබුණු OD on/off ක්‍රියාකාරිත්වය වගේ දෙයක් මේ Super CVT-i ක්‍රමයේදී අවශ්‍ය වන්නේ නැහැ. ඒ අවශ්ය්තාවය CVT එකේ S gear position එක මගින්ම සපුරාලනවා]
දැන් මේ S සහ B gear positions වල ප්‍රායෝගික භාවිතය සලකමු.
සාමාන්‍ය බෑවුමක් තියෙන පාරක D gear position එකේ ගමන් කළහොත් අපට සැරින් සැරේ බ්රේක් යොදමින් වාහනයේ වේගය පාලනය කිරීමට සිදු වෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක S position එක භාවිත කරන්න පුලුවන්. එවිට ඉහල gear ratios වලට මාරු වීම සීමා වී, engine braking යම් ප්‍රමාණයක් ලැබෙන නිසා, සැරින් සැරේ බ්රේක් කරන්නේ නැතිව engine/gearbox එකෙන්ම වාහනය පාලනය කරගෙන යන්න පුලුවන් වෙනවා.
ඊළඟට, ඉතා තද බෑවුමක දිගටම ගමන් කිරීමේදී දිගටම බ්රේක් පාගාගෙන යාමට සිදු වීම නිසා brake fade වීම සිදු වීමේ අවධානමක් තියෙනවා. මේ අවස්ථාවේදී B gear position එක යොදාගැනීමෙන් උපරිම engine braking effect එකක් ලබාගෙන එම අවධානම අඩු කරගන්න පුලුවන්.
S සහ B gear positions භාවිත කළ යුතු ආකාරය ගැන මේ වාහන වලට අදාල owners' manuals වල සඳහන් කරුණු ඇසුරින් අපට පැහැදිලි කරගත හැක්කේ මෙපමණයි.
මෙහි විස්තර කළ අවස්ථා හැර අනෙක් සියලු අවස්ථා වල D gear position එක භාවිත කළ හැකියි. මේ Super CVT-i පද්ධතිය, රියදුරු සහ වාහනයේ අවශ්‍යතා අනුව වඩාත්ම ගැලපෙන gear ratio එක ස්වයංක්‍රියව තෝරා දෙන බව කලින් කිව්වනේ. ඒ අනුව කන්දක ගමන් කිරීමේදී හෝ, වාහනයක් ඉස්සර කිරීමේදී හෝ ක්ෂණික ත්වරණයක් අවශ්‍ය අවස්ථාවකදී හෝ, ඒ මොහොතේ ඇති gear ratio එකෙන් ඒ ක්‍රියාකාරිත්වය ලබා දීමට නොහැකි නම්, ඊට වඩා අඩු optimum gear ratio එකකට ස්වයංක්‍රීයව මාරු වී එම අවශ්‍ය ක්‍රියාකාරිත්වය ලබා දෙනවා.
මෙහිදී ඔබ විසින් S ගියර් position එක manually යෙදීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.
- Anjana Ishan