කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    Mamath vitz eka balan inne 2018 wge ekak keeyt wge bahid? Aluth eka nan 90k wtr wenw ne.
    hehe mn joke ekak kare,

    market eka poddak stable wena kan aluth wahana ganne nathuwa hitiya nam hari,

    me ev hype eka handa godak durata ice wahana wala gana tikak hari adu weyi
     
    • Sad
    Reactions: Gwynbleidd

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    Premio සවුත්තු ද? මගේ ගාවත් තියෙනවා එකක් තවම around 46k click කරලා තියෙන්නෙ, මම X3 ගන්න තමයි බැලුවේ, අපි ඉන්න පලාත අනුව repairs වලට කරදර නිසා තමයි Toyota එක ගත්තේ, මට නම් set වෙනවා, මාසෙකට 2k වත් පදින්නෙ නෑ.
    X3 nam danna widihata not reliable @Hyaenidae
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    Be very careful if you're buying used. Avoid car sales as much as possible

    https://forums.autolanka.com/topic/37542-oil-burn-haunts-toyota-vitz-2011-ksp130
    Those fuckers hoarded and inflated the price to the max. Now trying to get rid to the same inflated price, yesterday went to some sales and one bugger is quoting 5.5M for a 2008 beat up vitz lol, price is okay if it's like 2012 or something I guess. I'd rather buy a wagon r. Gonna wait and see another 2 months to make a decision.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    ඉස්සරහට electric තමා මට හිතෙන්නේ මන් byd dolphin atto 3 check කල මරු vehical සෙට් එක. අර Phone os android වලට මාරු උන seen එක වගේ එකක් කියලා තමා මට හිතෙන්නේ මාරු උනේ නැති උන් පස්සේ නැත්තටම නැති උනානේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    FAcp8ji.jpeg


    dtsWsJ3.png



    S - Downhill (Slope), B - Steep downhill (Maximum engine braking)

    Like L2 and L1. Going downhill, shift to S for engine braking - if the speed is still too much, shift to B. That's the maximum engine braking the car can offer, if you want to slow down even further you have to use the brake.
    S ekedi high RPM set wenawa.. pallam waladi S dan yaddi dangerous. Kadu naginna thama S thiyenne.

    Kadu bahiddi B


    Toyota වල ඔය S gear කතන්දරේ එන්නේ ගොඩක්ම low engine power එකක් තියෙන CVT gearbox එක්ක... S එකේදි වෙන්නෙ high rpm එකෙන් engine එක run වෙනවා... normal gear system එකක්නම් හරියට අපි එක ගියර් එකක් පල්ලෙහට දැම්ම වගේ වැඩක්... මේකෙදි high rpm එකේ run වෙන නිසා downhill & curving වලදි හොද stability එකක් ගන්න පුලුවන් වාහනෙට.. ඒක තමා toyota එකේ main objective එක.. ඊට අමතරව high rpm එක නිසා quick acceleration එකක් තියෙනවා D එකට සාපේක්ෂව. but it's not the main purpose.

    Toyota CVT vehicle වල high engine capacity වාහනවලට උන් S එක දාන්නේ නැහැ.. ගොඩක්ම පොඩි engine like 1000cc තමා S එක එන්නෙ.. උඩ කියපු විදිහට පොඩි එන්ජිමකින් වැඩි engine power එකක් ගන්න ඕනෙ තැන් වලට use කරන්න..

    AI answer is below,
    -----------------------------------------------------------------------------------------------------------------
    • D (Drive)
      ➔ Normal driving mode.
      ➔ Car automatically changes gears for best fuel efficiency and performance.
      ➔ Use this 99% of the time for regular city or highway driving.
    • S (Sport / Second)
      ➔ Holds lower gears longer.
      ➔ Gives more power, less gear shifting.
      ➔ Useful for climbing hills, overtaking, or when you want more engine braking (a little sporty feeling too).
    • B (Brake)
      ➔ Strong engine braking.
      ➔ Helps control speed on very steep hills without riding the brakes too much.
      ➔ Not for daily driving — only use when going down a big mountain or steep road.

    Quick tip:

    • D for normal driving.
    • S for slight uphill/downhill or if you want stronger acceleration.
    • B for steep downhill when you need strong engine braking.

    How the car behaves in S mode:​

    • The transmission holds lower "gears" longer (even in a CVT, it simulates gears).
    • It delays upshifting — so engine revs stay higher before shifting up.
    • This gives you:
      • More immediate acceleration (good for overtaking)
      • More engine braking when you lift off the accelerator
    • It limits the highest gear the transmission will use. (For example, in some setups, S might lock the car to only 1st, 2nd, or 3rd simulated gears, depending on speed.)

    When should you use S gear?​

    SituationWhy S is useful
    Driving uphillKeeps engine in lower gear to maintain power without struggling.
    Driving downhillProvides engine braking, reducing the need to keep braking.
    Overtaking quicklyKeeps revs high for faster response and better acceleration.
    Sporty drivingFeels more responsive and powerful compared to D.
    ------ Post added on Apr 27, 2025 at 10:50 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Toyota වල ඔය S gear කතන්දරේ එන්නේ ගොඩක්ම low engine power එකක් තියෙන CVT gearbox එක්ක... S එකේදි වෙන්නෙ high rpm එකෙන් engine එක run වෙනවා... normal gear system එකක්නම් හරියට අපි එක ගියර් එකක් පල්ලෙහට දැම්ම වගේ වැඩක්... මේකෙදි high rpm එකේ run වෙන නිසා downhill & curving වලදි හොද stability එකක් ගන්න පුලුවන් වාහනෙට.. ඒක තමා toyota එකේ main objective එක.. ඊට අමතරව high rpm එක නිසා quick acceleration එකක් තියෙනවා D එකට සාපේක්ෂව. but it's not the main purpose.

    Toyota CVT vehicle වල high engine capacity වාහනවලට උන් S එක දාන්නේ නැහැ.. ගොඩක්ම පොඩි engine like 1000cc තමා S එක එන්නෙ.. උඩ කියපු විදිහට පොඩි එන්ජිමකින් වැඩි engine power එකක් ගන්න ඕනෙ තැන් වලට use කරන්න..

    AI answer is below,
    -----------------------------------------------------------------------------------------------------------------
    • D (Drive)
      ➔ Normal driving mode.
      ➔ Car automatically changes gears for best fuel efficiency and performance.
      ➔ Use this 99% of the time for regular city or highway driving.
    • S (Sport / Second)
      ➔ Holds lower gears longer.
      ➔ Gives more power, less gear shifting.
      ➔ Useful for climbing hills, overtaking, or when you want more engine braking (a little sporty feeling too).
    • B (Brake)
      ➔ Strong engine braking.
      ➔ Helps control speed on very steep hills without riding the brakes too much.
      ➔ Not for daily driving — only use when going down a big mountain or steep road.

    Quick tip:

    • D for normal driving.
    • S for slight uphill/downhill or if you want stronger acceleration.
    • B for steep downhill when you need strong engine braking.

    How the car behaves in S mode:​

    • The transmission holds lower "gears" longer (even in a CVT, it simulates gears).
    • It delays upshifting — so engine revs stay higher before shifting up.
    • This gives you:
      • More immediate acceleration (good for overtaking)
      • More engine braking when you lift off the accelerator
    • It limits the highest gear the transmission will use. (For example, in some setups, S might lock the car to only 1st, 2nd, or 3rd simulated gears, depending on speed.)

    When should you use S gear?​

    SituationWhy S is useful
    Driving uphillKeeps engine in lower gear to maintain power without struggling.
    Driving downhillProvides engine braking, reducing the need to keep braking.
    Overtaking quicklyKeeps revs high for faster response and better acceleration.
    Sporty drivingFeels more responsive and powerful compared to D.
    ------ Post added on Apr 27, 2025 at 10:50 AM

    පසුගිය දවසක Toyota Premio Owners Club සාමාජිකයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා 2015 Toyota Premio එකක S Gear position එකේ භාවිතය ගැන.

    ඒකෙදි අහලා තිබුණේ S කියන්නේ Sport කියන එකද, නැත්නම් Slope කියන එකද, ඒ S position එකේ භාවිතය මොකක්ද කියන දේවල්.

    Toyota Premio Owners' Manual එකේ සඳහන් වෙන විදියට මේකට අදාල නිවැරදි පිළිතුර එහිදී ලබා දී තිබුණත්, මේ වාහන භාවිත කරන බොහෝ අය අතර මේ S Position එක ගැන ඉතාම වැරදි වැටහීම් ගණනාවක් තිබෙන බව පෙණුන නිසා, ඒ ගැන කරන කෙටි පැහැදිලි කිරීමක් තමයි මේ.

    මුලින්ම මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙනවා නම්, Toyota Premio NZT260එකේ ( සහ ලංකාවේ බහුවලව තියෙන Allion, Corolla Axio, Belta, Vitz වගේ CVT වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පද්ධති සහිත වෙනත් වාහන වලත් ) තියෙන S gear position එකේ අදහස Slope කියන එකයි. එහෙම නැතිව Sport කියන අදහස ඒකෙන් ලබාදෙන්නේ නැහැ.

    නිෂ්පාදකයන් සඳහන් කරන විදියට මේක භාවිත කරන්න ඕන තරමක සුලු බෑවුමක් සහිත මාර්ගයක වාහනය ධාවනයේදී, engine braking යම් ප්‍රමාණයකට යොදාගෙන පාලනයක් සහිතව ගමන් කිරීමටයි.

    දැන් මෙහෙම කිව්වම ගොඩක් අයට ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තිබුණා. ඒ ප්‍රශ්න අතරේ S position එකෙන් engine braking එකක් එනවා නම් B position එක තියෙන්නේ මොකටද, S position එකෙන් කියන්නේ Sport කියන එක මිස Slope නෙවෙයි නේද, S එකට දැම්මම වාහනේ පිකප් එක සහ පර්ෆොර්මන්ස් වැඩි වෙනවා-ඒ නිසා වාහනයක් ඕවර්ටේක් කරද්දි වගේ S එකට දාන්න ඕන නේද, S කියන්නෙ Sport කියලා ටොයොටා එකෙන්ම කියල තියෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා....වගේ දේවල් ගොඩක් තිබුණා.

    දැන් අපි මේ එක එකක් පැහැදිලි කරගන්න බලමු.

    විවිධ වාහන නිෂ්පාදකයන් විවිධ ක්‍රියාකාරිත්වයන් සහිත CVT(Continuously Variable Transmission) වර්ගයේ ට්‍රාන්ස්මිෂන් පද්ධති භාවිත කරන අවස්ථා තිබෙන අතර S gear position එකත් විවිධ අර්ථ වලින් භාවිත කරන අවස්ථා තියෙනවා.

    ඒ වගේම Toyota සමාගම පමණක් සැලකුවත්, ක්‍රියාකාරිත්වයෙන් එකිනෙකට වෙනස් CVT පද්ධති එක් එක් වාහන සඳහා භාවිත කරන අතර ඒවායේ gear positions සඳහා විවිධ අර්ථයන්ද දී තිබෙනවා දැකිය හැකියි. ඒ නිසා මෙහිදී අප සලකනු ලබන වාහනයට අදාල owners' manuals/ workshop manuals ආදිය ඇසුරින් පමණක් ඒවාට අදාල තාක්ෂණික කරුණු නිවැරදිව අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා.

    දැන් මේ ප්‍රශ්නයට අදාල Toyota Premio NZT260 එක (සහ කලින් සඳහන් කළ JDM වාහන මාදිලි ) සැලකුවොත්, එහි භාවිත කර තිබෙන්නේ Super CVT-i [Super Continuously Variable Transmission- intelligent] ලෙස හඳුන්වන transmission පද්ධතියක්. මේක Toyota K CVT series එකට අයත්, Aisin සමාගමේ තාක්ෂණය ඇසුරින් නිපදවන transmission system එකක්.

    Super CVT-i කියන්නේ එක transmission system එකක් නෙවෙයි. මේක transmission system series එකක්. Toyota සමාගමේ එක් එක් වාහන සැලකුවාම ඒ ඒ වාහන සඳහා විවිධ වෙනස් කම් කරමින් මේ Super CVT-i transmission පද්ධතිය යොදාගෙන තියෙනවා.

    මේ ගැන පසුව තවත් විස්තර කරන්නම්.

    දැන් මේ Premio එකට අදාල Super CVT-i transmission system එක සැලකුවවොත්, මේක සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොණිකව පාලනය වන transmission පද්ධතියක්. මුල් කාලීනToyota CVT පද්ධති එක්ක සැලකුවාම වැඩි දියුණු කිරීම් ගණනාවක් මේකෙ කරලා තියෙනවා. විශේෂයෙන්ම driver ගේ සහ වාහනයේ අවශ්‍යතා/තත්ත්වයන් අනුව සලකා, performance සහ fuel economy වලට වඩාත්ම සුදුසු gear ratio ඒක ඒ ඒ අවස්ථාවට අදාලව ස්වයංක්‍රියව තෝරා දීම මේ මගින් සිදු වෙනවා.

    මේ පද්ධතිය භාවිත වන JDM Toyota Premio එකක owner's manual එකේ කොටසක් සහ International model Toyota Corolla එකක owner's manual එකේ කොටසක් මේ රූප වල දැක්වෙනවා.

    f7txtgo.jpeg


    7RUz2Nb.jpeg


    මෙහි සඳහන් වෙන පරිදි P,R,N,D,S,B ලෙස gear positions තියෙනවා.

    මෙහිදී සාමාන්‍ය ධාවනය සඳහා D gear position එක තමයි භාවිත කරන්න කියන්නේ.

    S, B කියන අවස්ථා දෙකම, engine braking effects ලබා දෙන අවස්ථා විදියට තමයි මෙහි සඳහන් වෙන්නේ.

    එහිදී S gear position එක slope යන අදහසින්, සුලු බෑවුමක ගමන් කිරීමේදී තරමක් අඩු engine braking effect එකක් ලැබෙන පරිදි යොදාගැනීමටත්, B gear position එක brake යන අදහසින්, ඉතා ආනත බෑවුමක උපරිම engine braking effect එකක් ලැබෙන පරිදි යොදා ගැනීමත් තමයි අදහස් වෙන්නේ.

    දැන් මෙහි ක්‍රියාකාරිත්වය සැලකුවොත්, S gear position එක යෙදූ විට පද්ධතියේ ඉහල gear ratios වෙත ගමන් කිරීම සීමා කෙරෙනවා. ඒ කියන්නේ S position එක යොදා තිබියදී අඩුම gear ratio එකේ සිට මැද ප්‍රමාණයක් දක්වා ඇති ratios අතර මාරු වීම පමණයි සිදු වන්නේ. ඉහළ gear ratios වලට ළඟාවී overdrive ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නේ නැහැ.

    B ගියරය යෙදූ විට අවම gear ratio එකක් ඇති අවස්ථාවේ පද්ධතිය තබා ගැනෙනවා. එවිට එයින් ඉහල gear ratios වලට මාරු වීම සිදු නොවන අතර engine braking උපරිම වෙනවා.

    මේක තවදුරටත් පැහැදිලි කළොත්, තරමක් පැරණි සාමාන්‍ය automatic transmission පද්ධතියක P,R,N,D,2,L ලෙස (හෝ P,R,N,D,2,1 ලෙස) ඇති අවස්ථාවක 2 ගියරය සහ Lගියරය (හෝ 1 ගියරය) භාවිතය ලෙස සලකන්න පුලුවන්. එහෙම නැත්නම් OD-OFF කරන අවස්ථාව සලකන්නත් පුලුවන්.

    ඒ කියන්නේ 1 හෝ L positions වලදී පලමු ගියරය පමණක් engage වී තිබෙන අතර එය මේ CVT එකේ B අවස්ථාවට සමාන වෙනවා. CVT එකේ S පිහිටුම මෙතන විස්තර කළ අනෙක් අවස්ථාවන්ට අදාලව හිතන්න පුලුවන්.

    [කොහොම උණත් ඒ වගේ conventional automatic transmission පද්ධතියක තිබුණු OD on/off ක්‍රියාකාරිත්වය වගේ දෙයක් මේ Super CVT-i ක්‍රමයේදී අවශ්‍ය වන්නේ නැහැ. ඒ අවශ්‍ය්තාවය CVT එකේ S gear position එක මගින්ම සපුරාලනවා]

    දැන් මේ S සහ B gear positions වල ප්‍රායෝගික භාවිතය සලකමු.

    සාමාන්‍ය බෑවුමක් තියෙන පාරක D gear position එකේ ගමන් කළහොත් අපට සැරින් සැරේ බ්‍රේක් යොදමින් වාහනයේ වේගය පාලනය කිරීමට සිදු වෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක S position එක භාවිත කරන්න පුලුවන්. එවිට ඉහල gear ratios වලට මාරු වීම සීමා වී, engine braking යම් ප්‍රමාණයක් ලැබෙන නිසා, සැරින් සැරේ බ්‍රේක් කරන්නේ නැතිව engine/gearbox එකෙන්ම වාහනය පාලනය කරගෙන යන්න පුලුවන් වෙනවා.

    ඊළඟට, ඉතා තද බෑවුමක දිගටම ගමන් කිරීමේදී දිගටම බ්‍රේක් පාගාගෙන යාමට සිදු වීම නිසා brake fade වීම සිදු වීමේ අවධානමක් තියෙනවා. මේ අවස්ථාවේදී B gear position එක යොදාගැනීමෙන් උපරිම engine braking effect එකක් ලබාගෙන එම අවධානම අඩු කරගන්න පුලුවන්.

    S සහ B gear positions භාවිත කළ යුතු ආකාරය ගැන මේ වාහන වලට අදාල owners' manuals වල සඳහන් කරුණු ඇසුරින් අපට පැහැදිලි කරගත හැක්කේ මෙපමණයි.

    මෙහි විස්තර කළ අවස්ථා හැර අනෙක් සියලු අවස්ථා වල D gear position එක භාවිත කළ හැකියි. මේ Super CVT-i පද්ධතිය, රියදුරු සහ වාහනයේ අවශ්‍යතා අනුව වඩාත්ම ගැලපෙන gear ratio එක ස්වයංක්‍රියව තෝරා දෙන බව කලින් කිව්වනේ. ඒ අනුව කන්දක ගමන් කිරීමේදී හෝ, වාහනයක් ඉස්සර කිරීමේදී හෝ ක්ෂණික ත්වරණයක් අවශ්‍ය අවස්ථාවකදී හෝ, ඒ මොහොතේ ඇති gear ratio එකෙන් ඒ ක්‍රියාකාරිත්වය ලබා දීමට නොහැකි නම්, ඊට වඩා අඩු optimum gear ratio එකකට ස්වයංක්‍රීයව මාරු වී එම අවශ්‍ය ක්‍රියාකාරිත්වය ලබා දෙනවා.

    මෙහිදී ඔබ විසින් S ගියර් position එක manually යෙදීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.

    - Anjana Ishan
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    රේන්ජ් එකේ තියෙන වාහන වලින් ඉතින් ඔයිට වඩා හැන්ඩ්ලින් පිකප් අමුතු හොදක් නෑ එකකවත්

    ඔවු බන් වාහන තියෙන පැදපු උන්ගෙන් තමා අදහස් ගන්න ඕනෙ. මේකෙ ගොඩක් කම්නෙට් වැටෙන්නෙ සර්වයිවල් ටයිප් එකේ බෙයා මිනිමම් කම්නෙට්z.

    ඔහොම මහලොකු මේන්ටෙනන්ස් ඕනෙ නෑ බන්. හරි කිලෝමීටර් ගානෙන් ඔයිල් ටික මාරු කරල ටාන්ස්මිශන් ඔයිල් එක හරියට මාරු කරනවනම් ඇති. අනික වාහන විකුනද්දි බිස්නස් එකටම වාහන ගන්න එන උන් බොඩිය විතරයි බන් බලන්නෙ. උන්ට වෙන මුකුත් වැඩක් නෑ. ඔය කිරියෙ කමෙන්ට් බලල එන බක පණ්ඩිතයො තමා වාහන ගන්න ඇවිත් වාත වෙන්නෙ.

    ඒ දවස් වල වැඩිම කතාබහක් උන මගේ වාහෙන් ගත්ත එකා කිසිම දෙයක් බැලුවෙ නෑ. ලක්ශ 3.5ක් පැදල තිබ්බෙ. රෑ 9ට ඉක්මන් එකේ ඇඩ් එක පෝස්ට් උනේ. 9.15ට කෝල් එකක් ආව ඌ උදේ 6ට එනව කිව්ව. තව එකෙක්ගෙන් 9.20ට විතර කෝල් එකක් ආව පොරත් 6ට ඇවිත් පලවෙනි කෙනා 6ටම ආවොත් ඌ බැලුවට පස්සෙ බලන්නම් කිව්ව. ඒ කියල පලවෙනි එකා උදේ 5.30 ඉදන් ගේට්ටුව ලග. ඌ 6ට ආව ඇතුලට. වාහනේ ස්ටාර්ට් කෙලෙත් නෑ. බොනට් එකවත් ඇරියෙ නෑ. බොඩි කන්ඩිශන් විතරයි බැලුවෙ. වාහනේ කෑශ්ම දීල අරන් ගියා. වාහනේ ගත්තටත් පස්සෙ ඌ සටාර්ට් කලේ. දෙවෙනි එකාට බලන්න හම්බුනෙත් නෑ. පොරත් 6 ඉදන් ගේට් එක ලඟ. ඇතුලට ආවෙ නෑ. පලවෙනි කෙනාගෙ ඩීල් එක කලෝස් කරනකම් වාහනෙ බලන්නවත් බෑ කිව්ව. උන් බලන්නෙ සෙලර් ජෙනුවින්ද (හොර පොත් නෙමේද) කියලයි බොඩි කන්ඩිශනුයි විතරයි. වාහන විකුනද්දි එන්ජින් කන්ඩිශන් බලෙන්නෙ හරිම අඩුවෙන් බන්.

    2ක්ම නම් ටිකක් ප්‍රයිසි. ඒත් රේන්ජ් එකේ වෙන මාක්ට් වාහන නෑනේද බන්. අක්සිඩන්ට් එකක් වෙන්න ඕනෙ වාහනේ තියෙන ලෙඩ අදුන ගන්න. ඔය අලුත් අටමගල් වල කෑලි හොයන්නයි අනික කල් යද්දි සෙන්සර් ප්‍රශනයි ඔය ඔක්කොම එකතු උනාම අලුත් ඒව ගන්න එක පට්ටම රිස්කි. ස්පෙශලි ලන්කාවෙ ඉන්න මකබාස් ගැරිජ්කාරයො එක්කයි. උන් ගොඩක් දේවල් ඉගෙන ගන්න වාහනේ හදන්න එන එකාගෙ වාහනෙන්. පිස්සු හැදෙනව ගැරිජ් වලට ගියාම.
    devani parata wahanayak ganna yanakot oya lede sanipa wela engine ekath balanaw :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    FAcp8ji.jpeg


    dtsWsJ3.png



    S - Downhill (Slope), B - Steep downhill (Maximum engine braking)

    Like L2 and L1. Going downhill, shift to S for engine braking - if the speed is still too much, shift to B. That's the maximum engine braking the car can offer, if you want to slow down even further you have to use the brake.
    I don’t think S is for downhill (I use it in this way) S is for climbing up as it doesn’t shift up frequently. B is for going down ද පල්ලම්. I could be wrong