කෝටි 12න් දෙන්නෙ ගියපු උන්ට විතරයි..?

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කෝටි 12න් දෙන්නෙ ගියපු උන්ට විතරයි..?

    "බෑ කියපු උන්ට කෝටි 12න් සතයක්වත් දෙන්නේ නෑ... ඒව දෙන්නෙ ගියපු උන්ට විතරයි..? " තිලංග - PHOTOS

    861633.png
    ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමෙන් පසුව මුහුණ දුන් එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුවද ත්‍රස්ත ප්‍රහාර මැද T20 තරඟාවලියට සහභාගී වූ ජාත්‍යන්තර අත්දැකීම් අඩු ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ගේ නිර්භීතබාවය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා ප්‍රබල බව පාකිස්තාන ක්‍රීඩා විචාරක රමිස් රාජා පවසනවා.
    මෙම තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුයේ සුළුපටු වගකීමක් නොවේ. තිසර පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරඟාවලියේ අවසන් තරඟයට පාකිස්ථානයට ගියේ ශ්‍රී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක්ම අතීතයේ මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසා පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හුදකලා වී සිටි යුගය නිමා කරමින් පාකිස්ථානයට නැවත ක්‍රිකට් වසන්තය උදා කිරීමේ අරමුණෙනි.
    මෙම තරඟයට පෙර පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා තිබුනේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයගෝෂා කරන ලෙසය. ඒ අනුව තරඟය නැරඹීමට පැමිණි බොහෝ ක්‍රීඩා ලෝලීන් අත ශ්‍රී ලංකා ජාතික කොඩිය සහ ශ්‍රී ලංකාවට ස්තුතිය පල කරන පුවරු දැකගත හැකි විය.
    තරඟය පාකිස්ථානය ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ඔල්වරසන් දෙන ආකාරය දැකගත හැකි වූ අතර,තරඟයෙන් අනතුරුව පාකිස්ථාන නායකයා පැවසුවේ සහෝදර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම රටට ක්‍රිකට් තරඟ ලබා ගැනීමට තිබු බාදාවක්ව තිබු දොර හැර දුන් බවය.
    තරඟාවලියේ වීරයා වූ ෂොහිබ් මලික්ද මේ තරඟාවලියේ සුවිශේෂ ක්‍රීඩකයෙක් බවට පත්වුණේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කල අවාසනාවන්ත සිදුවීම සිදුවූ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් මේ තරඟාවලියට සහභාගී වී තිබුනේ ඔහු පමණක් වූ නිසාවෙනි.
    තරඟයේ ප්‍රතිපලය සමඟ පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රීඩකයන් පාකිස්ථානයට සුභ පතන අතරම ශ්‍රී ලංකාව කල මෙහෙය පිළිබඳව තම ප්‍රණාමය පුද කර තිබුණා.
    පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ෂොහිබ් අක්තාර් පවසා තිබුනේ පාකිස්ථානය තරඟාවලිය දිනුවද හදවත දිනාගත්තේ ශ්‍රී ලංකාව බවයි. මෙම ඉතිහාස ගත සංචාරයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදා අමතක නොවන බව පාකිස්ථාන ප්‍රහාරාත්මක පිතිකරු අර්ෆෙඩ් පවසා තිබුණා.
    ජය පැරදුම සමව බාරගත යුතු ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ ලබාගත් ජය කිසිදා නොමැකෙනු ඇති බව පාකිස්තාන ක්‍රීඩක හසන් අලී පවසා තිබුනා.
    මේ අතර මෙම තරගාවලිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තාන රුපියල් කෝටී දොලහක ත්‍යාග මුදලක් පාකිස්තානයෙන් ලැබි තිබෙනා අතර එම මුදල් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියා.
    මෙම සංචාරය සදහා සහභාගී වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බවත්, සංචාරය සදහා අකමැති වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදල් නොලැබෙන බවත් තිලංග පවසා සිටියා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඕස්ටේ‍්‍රලියාව ලංකාවට එන්න බෑ කියපුවාම පකිස්ථානයයි ඉන්දියාවයි ඇවිල්ල 1996 දී කරපු දේ වගේ මේක වැදගත්.... ඒ වගෙම මැච් 03 ම පැරදුණත් අනාගතය ගැන බලාපොරොත්තු තියන්න පුලූවන් කොල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා කියල දැනගන්නත් ලැබුණා.... ඒ හින්ද කොයි පැත්තෙන් බැලූවත් වෙච්චි දේ හොඳයි.... :yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තාන රුපියල් කෝටී දොලහක ත්‍යාග මුදලක් පාකිස්තානයෙන් ලැබි තිබෙනා අතර එම මුදල් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියා.

    :lol
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හමුදාවෙ 30දාහක් යපනෙට කොටු වෙලා චන්ද්‍රිකාට කරගන්න දෙයක් නැතුව ඉද්දි පකිස්තානෙන් තමයි මල්ටිබැරල් රොකට් ලොන්චර් එවුවේ.. ඉන්දියාවෙන් උදව් ඉල්ලුවම කිව්වලු කොටින්ට ගහන්න ආයුධ දෙන්න බ හැබැයි යාපනේ කොටු වෙලා ඉන්න ආමි සෙට්1 නැව් වලින් කොලබට ගේන්නම් කියල.. පකිස්තානය අන්න එහෙම ඒ කාලෙ උදවු කරල තියනවා ලංකාවට..
     
    :D:D:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හමුදාවෙ 30දාහක් යපනෙට කොටු වෙලා චන්ද්‍රිකාට කරගන්න දෙයක් නැතුව ඉද්දි පකිස්තානෙන් තමයි මල්ටිබැරල් රොකට් ලොන්චර් එවුවේ.. ඉන්දියාවෙන් උදව් ඉල්ලුවම කිව්වලු කොටින්ට ගහන්න ආයුධ දෙන්න බ හැබැයි යාපනේ කොටු වෙලා ඉන්න ආමි සෙට්1 නැව් වලින් කොලබට ගේන්නම් කියල.. පකිස්තානය අන්න එහෙම ඒ කාලෙ උදවු කරල තියනවා ලංකාවට..

    :yes::yes::yes: මෙහෙ මොහොමඩ්ලාට වඩා එහෙ මොහොමඩ්ලා හොඳයි....

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)

    :yes::yes::yes: මෙහෙ මොහොමඩ්ලාට වඩා එහෙ මොහොමඩ්ලා හොඳයි....

    එතන යථාර්තය නම් හදිස්සියෙවත් ප්‍රභාකරන් සාර්ථක උනා නම් ඊළගට පාර දෙන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් සෙට් එකට කියලා කට්ටිය දන්නවා .... මොකද එල් ටි ටි ඊ පාලන ප්‍රදේශ ලග මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන නගර තිබ්බා .... යුධමය වශයෙන් අපිට ජයග්‍රාහී හැගීමක් උනත් යටි අරමුණ කුමක්ද කියා විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා .........
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එතන යථාර්තය නම් හදිස්සියෙවත් ප්‍රභාකරන් සාර්ථක උනා නම් ඊළගට පාර දෙන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් සෙට් එකට කියලා කට්ටිය දන්නවා .... මොකද එල් ටි ටි ඊ පාලන ප්‍රදේශ ලග මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන නගර තිබ්බා .... යුධමය වශයෙන් අපිට ජයග්‍රාහී හැගීමක් උනත් යටි අරමුණ කුමක්ද කියා විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා .........

    මෙහෙ මොහොමඩ්ලා නොහිටින්න අපි යුද්ධෙ පරාදයි යාළු. බුද්ධි අංශ වල වැඩි හරියක් හිටියෙ මොහොමඩ්ලා, මුතාලිෆ්ලා තමයි ගීම ගැහැව්වෙ. අපි එව්වා අමතක කරන්න හොද නැහැ. අන්තවාදී මොහොමඩ්ලා ඇති කරන එකත් අනාගතේ දවසක අපිටම අවාසි වෙන්න බටහිර සහ ඉන්දියාවෙ ප්ලෑන් එකක් වෙන්න බැරි නැහැ.:nerd:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතන යථාර්තය නම් හදිස්සියෙවත් ප්‍රභාකරන් සාර්ථක උනා නම් ඊළගට පාර දෙන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් සෙට් එකට කියලා කට්ටිය දන්නවා .... මොකද එල් ටි ටි ඊ පාලන ප්‍රදේශ ලග මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන නගර තිබ්බා .... යුධමය වශයෙන් අපිට ජයග්‍රාහී හැගීමක් උනත් යටි අරමුණ කුමක්ද කියා විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා .........

    ඒක හොඳ තර්කයක්.... :yes: