අපේ ධනුෂ්කයටත් ඒ කාලෙ හරිම සුන්දරයි.. ධනුෂ්කට කෙසේ වෙතත් වටේ හිටිය උන්ට සුප්ප සුන්දරයි.. දැං ඒව මතක් වෙද්දි ඊට වඩා සුන්දරයි..
ධනුෂ්කයා 8 වසරෙදි වෙච්චි වැඩක් මේක.. දවසක් උදේ රැස්වීම වෙලාවෙදි ප්රින්සිපල් සර්ට ටිකක් කේන්ති ගිහින් තැනින් තැන කට්ටියගෙ කසු කුසු සද්දෙට. කසු කුසුව නිකන් මීයක් ඇවිස්සුවා වගේ..
"හ්ම්.. අද උදේ රැස්වීමට මෝඩයෝ ටිකක් එකතු වෙලා ඉන්න හැඩයි. නරකද එකපාරකට එක්කෙනා ගානෙ කතා කලොත්" ප්රින්සිපල් සර් ටිකක් සැරෙන් කිව්වා.
"එහෙනම් සර්ම පටන් ගන්නකෝ"ධනුෂ්කයා කෑගහපි..





