ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??


  • Total voters
    265
Sep 1, 2009
2,359
215
0
එතකොට මචන් උඹ කියන විදියට ගඩාෆියා මිනිස්සුන්ගේ ලේ උරා බීලා මිනී මස් උයන් කෑවත් ඔහේ බලන් ඉන්න ඕනී කියලද කියන්නේ??? ලොල්zz. ඔන්න ඔය වගේ අවස්ථාවකදි තමයි ලෝක මැදිහත්වීමක් අවශ්‍යය.මොකද මේ පෘතුවියේ ඉනේ ඔක්කොම මිනිස්සු නිසා.හැබැයි දැන් අපි හිතමුකෝ ලිබියානු ජනතාව ගඩාෆි පාලනයෙන් බේරා ගන්න අරමුණින් පහර දෙනවා කියලා.එතකොට මොකද කියන්නේ කට්ටිය,ඔන්න තෙල් නිධි වලට අත පොවනවා... :D ඇමරිකාවට කූට උපක්‍රම ඇති ලිබියාව සම්බන්ධව.මා එය ගැන කතා නොකරමි.එය ඕනෑම පාලකයන් සතුයි. නමුත් ඔවැනි කෘර නායකයන් සම්බන්ධයෙන් යුධමය තීරණයක් ගත්තු එක හොඳයි.යම් දිනෙක එහි වාසිය ලිබියානු ජනතාවට ලැබෙනු ඇත.

ලෝක මැදිහත්වීම කියන්නෙ උඩින් මිසයිලදාල මිනිස්සු මරන එකද?
ලිබියානු ජනතාවට ලැබෙන වාසිය මරනයද?
:rolleyes::rolleyes:

ගඩාෆි අල්ලගන්න ඔයිට වඩා ක්‍රමයක් ඇත්තෙම නැද්ද?සම්භාදක පනවල,ආන්ඩුවට පීඩනයක් යොමුකරල ගඩාෆිව අල්ලගන්න ඔච්චර බලවත් බටහිරට බැයිද,,?මුන් ට්‍රයි කරන්නෙ ගඩාෆිව මරන්න විතරක් නෙවෙයි රට අස්ථාවර කරල,ඇෆ්ගනිස්තානෙ වගෙ තමන්ගෙ හමුදාවක් එහෙට බස්සවගෙන තෙල් වලට වැඩෙ දෙන්න
 
  • Like
Reactions: sam_c

sam_c

Member
Oct 21, 2010
475
104
0
ඇමෙරිකන් කරයො හිතන් ඇත්තෙ උන්ට ඔනෙ විදියට අනිත් උන් නටන්න ඔනෙ කියලනෙ.... කාලකන්නි පජාති හැත්ත...
 

sam_c

Member
Oct 21, 2010
475
104
0
ŦĦĔ ƦȆƉǾӾ;9684566 said:
ලෝක මැදිහත්වීම කියන්නෙ උඩින් මිසයිලදාල මිනිස්සු මරන එකද?
ලිබියානු ජනතාවට ලැබෙන වාසිය මරනයද?:rolleyes::rolleyes:

ගඩාෆි අල්ලගන්න ඔයිට වඩා ක්‍රමයක් ඇත්තෙම නැද්ද?සම්භාදක පනවල,ආන්ඩුවට පීඩනයක් යොමුකරල ගඩාෆිව අල්ලගන්න ඔච්චර බලවත් බටහිරට බැයිද,,?මුන් ට්‍රයි කරන්නෙ ගඩාෆිව මරන්න විතරක් නෙවෙයි රට අස්ථාවර කරල,ඇෆ්ගනිස්තානෙ වගෙ තමන්ගෙ හමුදාවක් එහෙට බස්සවගෙන තෙල් වලට වැඩෙ දෙන්න


ඔක ගොඩක් උන්ට තෙරෙන්නෙ නැ බන්. මුන් කතා කරන්නෙ ඇස් කන් පියන් ද කොහෙද....
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    othana elama fun eka thiyenne muslim countries walin Libya walata attack karanna backup karapuwama... :lol: unma thama loketa terrorism genawe.... unma maragena kela wena eka eka athakin hodai...
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    එහෙම එකක් නෑනෙ , එච්චර කෲර පාලකයෙක්නම් මිලියන ගානක් ඉන්න රටේ එක රැයෙන් කැරැල්ලක් ගහල රට අල්ලන්න පුලුවන් , ඇමරිකන් කාරයගෙ බොරු බයිලා , අපිට පේනවනෙ ඇෆ්ගන් , ඉරාක් වල වෙලා තියෙන වින්නැහිය , මේකෙන් ඇමරිකන් කාරය දිනුවොත් ඔය හෙනේම තමා , ගඩාෆිට මිනිස්සු නැත්නම් කෙහෙන්ද මිලියනයක් ජනතාව ආයුධ අතට ගන්න ඉන්නෙ.

    එහෙම එකක් නැහැ? ඒ කියන්නෙ ගඩාෆි මිනී මරල නැහැ කියලද. මම මේ ඇමෙරිකාව සුද්ද කරන්න හදනව නෙමෙය්. ඒ උනාට ගඩාෆි මුකුත් කරල නැහැ කියන එක වැරදි.

    එක රැයින් මිනිස්සු පිබිදිලා ඇවිල්ල ගඩාෆිට ගහල එලවන්න ලිබියාව කියන්නෙ තවත් ඊජිප්තුවක් කියල හිතුවද. ඊජිප්තුව කියන්නෙ රිපබ්ලික් ආන්ඩුක්‍රමය අනුගමනය කරන රටක්. ඒ කියන්නෙ ආන්ඩුවෙ පාලනය තියෙන්නෙ ජනතාව අතේ. ඒක නිසා ඒ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් රැකෙනව. ඒක මිනිස්සුන්ට බය නැතුව යමකට විරුද්ධව හඬ නගන්න පුලුවන්.

    නමුත් ලිබියාවෙ ආන්ඩුව පාලනය වෙන්නෙ ගඩාෆිගෙ යටතෙ තියෙන congress වලිනුය් committees වලිනුය්. ගඩාෆිගෙ පිස්සු ජීවිත දර්ශනෙන් තමය් සමහර නීති සම්පාදනය වෙන්නෙ. ඉතින් ලිබියාවෙ ආන්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී හෝ රිපබ්ලික් වෙන්නෙ නැහැ. තනිකර ඒකාධිපති පාලන ක්‍රමයක්. ඒක නිසා විරුද්ධ මත දැරීමේ අය්තියක් මිනිස්සුන්ට නැහැ. ගඩාෆිට විරුද්ධ උනොත් වචනෙකින් හරි, ඳඩුවම් ලබන්න වෙන්නෙ. ලිබියාවෙ දේශ පාලන පක්ශ හෝ මැතිවරන කියල දෙයක් නැති බව දන්නවද. එච්චර කාලකන්නි පාලනයක් යටතෙ තමය් මිනිස්සු ඉන්නෙ.ලිබියාවෙ උද්ගෝශනය කරන්නෙ අහින්සක ගොවියො වගේ මිනිස්සු. උන් පාරට බහින්නෙ ගල්, පොලු අරන් මිසක් තුවක්කු අරන් නෙමෙය්. ඉතින් කොච්චර මිනිස්සු ආවත් ගඩාෆියගෙ මිනීමරු හමුදාව එක්ක හැප්පෙන්න බැහැ. ගඩාෆිට කැමති පිරිසකුත් හිටියත් ඒ ඉන්නෙ සුලු පිරිසය්.

    ඇමෙරිකාව තෙල් වලට මොනා උනත් ලිබියාවට ගැහුවෙ ඔබාමට එල්ල වෙන පීඩනය නිසා. ඇමෙරිකාවෙ මිනිස්සුය්, වෙන රටවල මිනිස්සුය් ඔබාමට කෑගහන්න පටන් ගත්ත ලිබියාවෙ මෙච්චර උද්ගෝශන කරුවො බල්ලො වගේ මරද්දි අහක බලන් ඉන්නෙ ඇය් කියල. ඔබාමට අනුන්ගෙ ප්‍රශ්න තියා තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න බැරි තත්වෙක ඉන්දිද්දි මේ ප්‍රශ්නෙට මැදිහත් උනේ ඒකය්. ගමත් නියරත් ගොයන් කානන් කාට කිය්මිද ඒ අමාරුව වගේ තමය්, රටේ තමන්ගෙ පාලකයම එලෝ එලෝ ගහන කොට ඒ මිනිස්සුන්ව වෙන කවුරු බේර ගන්නද.

    ඉතින් මේ ඕගොල්ලො හිතන තරම් අපෝ ඇමෙරිකාව එන්නෙ තෙල් ගන්න, ගඩාෆි හරි අහින්සකය් වගේ සරල දෙයක් නෙමෙය් ඔතන තියෙන්නෙ. ඒක නිසා ඕව ගැන කතා කරන්න කලින් අන්තර්ජාතික දේශපාලනය ගැන පොඩ්ඩක් හරි දැනුමක් එකතු කරගෙන කතා කරන්න, හිතලු ගෙන හැර පාන්නෙ නැතුව