ගණන්ම බෝඩින් පාසල

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ගණන්ම බෝඩින් පාසල

    ස්විට්සර්ලන්තයේ තියන ල රොසේ පාසල දැනට ලෝකේ තියන ගණන්ම බොර්ඩින් පාසලයි. ඒකේ අවුරුද්දකට ගාස්තුව ඩොලර් 175,000.
    11.jpg

    අවුරුදු 135කට වැඩි මේ ඉස්කෝලේ කාමර 179ක් තියනවා. මේ හැම කාමරේකටම වෙනම ටොයිලට් එකකුත් තියනවා. ඉස්කෝලේ පුස්තකාලයේ වෙනම තියටර් එකක් දකින්න පුලුවන්. ඉස්කෝලෙන් එලියේ ටෙනිස් කෝට් 10ක් වගේම, පිහිනුම් තටාකයක් සහ ගොල්ෆ් ගහන්න තැනක් තියනවා. ඒ වගේම අශ්වයන් 30ක් විතර ඉන්නවා. මේ ඉස්කෝලෙට යන වාසනාවන්ත ලමයින්ට නිදහස් වෙලාවට යන්න මීටර 11.5ක් දිග රුවල් නැවකුත් ස්පා එකකුත් තියනවා.
    camps-rosey-equitation-05-495x400.jpg

    මේ සැප ඔක්කොම තියන ඉස්කෝලෙට යන්න සල්ලි විතරක් මදි. ඉස්කෝලෙට ඇතුලු වෙන හැම ළමයාම සෑහෙන්න අමාරු විභාග වලට මුහුණ දෙන්න ඕනේ. මේ ඉස්කෝලෙට යන්නේ ගොඩක් ප්‍රභූ පවුල් වල ළමයි නිසා ආරක්ෂාව ගොඩක් ඉහළ මට්ටමක තමා තියෙන්නේ.
    043090-642fc812-a6a0-11e4-a9d7-6cc5c5f56890.jpg


    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry: