ගණිකා වෘත්තියට අදාල නීතිය

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ගණිකා වෘත්තියට අදාල නීතිය

    images

    ලංකාවේ සිටින හතළිස් දහසක් පමණ ගණිකාවන්ගේ සේවය පතන සළෙලූන් ලක්ෂ දෙකහමාරක් සිටිතියි සෞඛ්‍ය අමාත්‍යංශ ඒඩ්ස් නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය කියන්නීය.
    එච්.අයි.වී. ආසාදිතයන් තුන්දහසක් සිටින බවට නිල වාර්තා ඇතත් හඳුනා නොගත් පිරිස ඊට වැඩි විය හැකි යැයි ද මවගෙන් ඒඩ්ස් වැළඳුණු දරුවන් 46 දෙනකු ඇතැයි ද 1986 සිට මේ රෝගයෙන් 212 දෙනකු මියගොස් ඇතැයි ද ඇය පවසන්නීය. ඔවුහු වයස අවුරුදු 20- 49 අය වූහ. (ලංකාදීප)

    මේ පුවත ගණිකා වෘත්තියට අදාල නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුවක් සිහිපත් කරයි. මෙයට අදාල නීතිය ගණිකා නිවාස ආඥා පනත සහ නඩු තින්දුව මැක්සිමස් ඩෑනි එරෙහි සරිනිමල් සිල්වා සහ තවත් අයයි. ගණිකා නිවාස ආඥා පනතට අනුව ගණිකා වෘත්තියේ යෙදිම තහනමි නොවන අතර එයින් තහනමි වන්නේ ගණිකා නිවාසයක් කළමනාකරණය කර පවත්වා ගෙන යාමයි. එවැන්නකට අනුබල දිමයි. මෙම නීතිය ඉහත නඩු තින්දුවේ දි නැවතවරක් සනාථ විය.

    මැක්සිමස් ඩැනි නමි වු මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ පෙත්සමිකරු සිය පෙමිවතිය වු වැන්දබු කාන්තාවක් සමග විවේකිව කාලය ගත කරන්නට නිවාඩු නිකේතනයකට ගියහ. එදින රාත්‍රියේ පොලිසියෙන් පැමිණ ඔවුන් දෙදෙනා සහ තවත් පෙමිවතුන්ව අත්අඩංගුවට ගනු ලැබිය. මෙහිදි තම මුලික අයිතිවාසිකමි උල්ලංඝණය වු බවට පෙත්සමිකරු පැවරු මුලික අයිතිවාසිකමි නඩුවෙන් ඔහු ජය ලැබිය.

    මෙම නඩුවේදි ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කළේ ලිංගික සබදතා පැවැත්විම නීතියෙන් තහනමි නොවන බවයි. ඒ අනුව එඩිස් වැනි ලිංග ආශ්‍රිත සමාජ රෝග වැළැක්විමට කළයුත්තේ ආරක්ෂාකාරිව ලිංගික සබදතා පැවැත්විම පළිබදව මහජනතාව දැනුවත් කරිමයි. තායිලන්තය වැනි රටවල මෙවැනි ලිංගික අධ්‍යාපනය ලබාදිම වැනි කටයුතු වල ආගමික කණ්ඩායමි පවා නිරතව සිටිති.

    උපුටාගැනීම
    http://www.lankaguardian.com/2010/12/blog-post_2353.html
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔය කතා මෙහේ පොලීසියට කියල වැඩක් වෙනෙ නැහැ. උන් එන්නෙ කෙල්ලටත් දෙකක් අනින්න අවස්තාව ලබාගන්න.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මලලසේකර. මේවා ලංකාවෙ අයියලාට ඇහුනාම හොදට තියෙයි. :shocked::shocked::shocked: