ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    උතුරේ කාන්තාව අනාරක්ෂිතයි | යුරේනි නොෂිකා ගුණසේකර
    උතුරේ කාන්තාව අනාරක්ෂිතයි | යුරේනි නොෂිකා ගුණසේකර

    1381476903_5.jpg

    යුරේනි නොෂිකා ගුණසේකර යනු නර්තන ශිල්පිනියකි, නිළියකි, නිරූපණ ශිල්පිනියකි. වෙබ් අඩවියක් විසින් ලංකාවේ ස්ත‍්‍රී දූෂණයට හේතුව විමසූ මොහොතක ඇය කියා තිබුණේ ප‍්‍රධාන හේතුව පිරිමින්ගේ අසහනය බවයි. ඇය දුන් එම පිළිතුර නිසා සමාජ මාධ්‍ය තුළ ඇයට දැඩි ප‍්‍රහාරයක් එල්ල විය. රාවය ඇයව මුණගැසෙන්නේ වෙබ් අඩවිවලින් හෝ පුවත්පත් අතිරේක තුළින් ඇයට ප‍්‍රකාශ කිරීමට ඉඩක් නොලැබෙන අදහස් සඳහා වේදිකාවක් සකසාදීමටයි.

    ලංකාවේ ස්ත‍්‍රී දූෂණය වැඩිවෙන්න හේතුව පිරිමින්ගේ අසහනය කියලයි ඔබ කීවේ. එතැනින්ම ආරම්භ කරමු.
    ලංකාවේ ස්ත‍්‍රී දූෂණ වෙන්න හේතුව මොකක්ද කියලා තනි කෙටි පිළිතුරක් ඇහුවම දෙන්න පුළුවන් උත්තරය තමයි ඒක. කාන්තාවක් පිරිමියෙක්ව දූෂණය කළා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. කාන්තාවක් විසින් කාන්තාවක් දූෂණය කළ බවක් ඇහෙන්නෙත් ඉතා කලාතුරකින්. ගෑනු පාර්ශ්වය පිරිමින්ගේ අසහනය වැඩි කරන්න උදව් කරනවා කියන එක ඇත්තක් වෙන තැන් තියෙන්නත් පුළුවන්. ඒත් ස්ත‍්‍රී දූෂණ අහන්න ලැබෙන්නේ වැඩියෙන් කොළඹින් පිට. කොටට ඇන්දාම ඒක පුදුමයක් වෙන්නේ ලංකාවෙනේ. බටහිර රටවල ඒක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ලොකුම අවුල මේ සංස්කෘතියක් කියලා බදාගෙන ඉන්න එක. වහන්න හදන දෙය තමයි තව කෙනෙක්ට අසහනයක් වෙන්නේ. හැත්තෑ ගණන්වල ලංකාවේ මීට වඩා කොටට ඇන්දා. ඒත් මේ තරම් ස්ත‍්‍රී දූෂණ ප‍්‍රතිශතයක් නෑ. ලෝකයේ රටවල්වල සංස්කෘතිය තාක්ෂණයත් එක්ක කාලයත් එක්ක ඉස්සරහට යායුතුයි. ඒත් ලංකාව යන්නේ පස්සට. දැන් බලන්න ලංකාවේ නරක වෙබ් අඩවි වැහුවා. මේවා වහන්න වහන්න කුතුහලය වැඩියි. ඒකයි අසහනය වැඩිවෙන්නේ. කොළඹට සාපේක්ෂව ග‍්‍රාමීය මට්ටමෙන් කාන්තාවගේ අධ්‍යාපනය අඩුයි, කාන්තාවට තියෙන තත්ත්වය අඩුයි. පීතෘ මූලිකත්වයක් තමයි තියෙන්නේ. තමන් කැමති කෙනාව බඳින්න බෑ, නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න බෑ. දූෂණයට වැඩියෙන් ලක්වෙන්නේ මේ ගෑනු ළමයි. තමන්ගේම නැදෑ අසල්වැසියන්ගෙන්. මේ ගෑනු දරුවන්ට එළියට ඇවිත් කියන්නත් බැහැ. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ ගැහැනියට කරදරයක් වුණොත් ඒකට වගකියන්න ඕන ගැහැනිය කියන තැනට. එකපාරක් දූෂණයට ලක්වෙන ගැහැනිය ඊට පස්සේ සිය වාරයක් සමාජයෙන් දූෂණයට ලක්වෙනවා.

    ඔබ හිතන්නේ ගැහැනිය කොටට අඳින එකෙන් තව කෙනෙක්ට දූෂණය කිරීමේ අයිතියක් ලැබෙනවා කියලද?
    කාන්තාවක් කොටට ඇඳලා නෙවෙයි, නිරුවතින් ගියත් කාටවත් දූෂණය කරන්න අයිතියක් ලැබෙන්නෙ නැහැ. බටහිර රටවල්වල මානසික පීඩනය පිටකරලා නිදහසේ ඉන්න නිරුවත් වෙරළවල් තියෙනවා. ලංකාවේ පිරිමි ටිකක් මේකට දැම්මා නම් ඒ මිනිස්සු ඉවරයි. අපේම ඉතිහාසය බලන්න. අපි වානර යුගයෙන් පටන් අරන් ගල් යුගයට ආවා. එතැනින් පස්සේ හෙමින් හෙමින් ශිෂ්ටාචාරගත වුණා. අපේ ඉතිහාසය ගත්තම බටහිර ජාතීන් ලංකාවට එනකම්ම ලංකාවේ සාමාන්‍ය කාන්තාවෝ උඩුකය නිරුවත්ව හිටියේ. අපේ සංස්කෘතිය එහෙමයි. සීගිරි චිත‍්‍රවල බලන්න. ඒගොල්ලෝ ඇන්ද හැටි. ලංකාවේ සංස්කෘතියත් පටලවාගෙන තියෙන්නේ. ලංකාවේ අවුල කාන්තාවට ගරු කරන්න බැරිවීම. අපේ රජවරුන්ට අන්තඃපුර තිබුණා. පැරණි කැටයම්වල ඕනෑතරම් ලිංගික ඉරියව් තියෙනවා. එහෙනම් අපේ ඉතිහාසය මාර වල් එකක්ද? පොඩි කාලේ ළමයින්ගේ අධ්‍යාපනයට පවා කාන්තාවට ගරු කරන්න උගන්වන්න ඕනෑ. ශරීරයට ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ. සිංහල-බෞද්ධ කියන මේ රටට වඩා උසස් සංස්කෘතියක් බටහිර තියෙනවා. ඒ රටවල වටිනාකම් තියෙනවා. කොටට ඇඳලා නෙවෙයි නිරුවත්ව ගියත් කුණුහරුපෙන් බනින්නෙ නැහැ. සංස්කෘතියේ වෙනසක් වෙන්න ඕනෑ.

    සිංහල-බෞද්ධ සංස්කෘතිය සහ යුද්ධය ස්ත‍්‍රී හිංසනය වැඩිවෙන්න හේතුවුණා කියලා හිතනවද?
    යුද්ධ කාලවලදී ස්ත‍්‍රී දූෂණ වැඩියෙන් සිදුවුණා. විශේෂයෙන් මායිම් ගම්මානවල ගෑනු ළමයින්ට. මේවා ගැන හෙව්වොත් වැඩියෙන් වැරදි සිංහල පාර්ශ්වය. යුද්ධයත් එක්ක අසහනය වැඩිවෙනවා. ඒ අසහනය එක්ක තුවක්කුවක් අතට ලැබුණාම මොනවා නොවෙයිද? යුද්ධ කළෙත් දෙවිවරු නෙවෙයිනේ. යුද්ධයෙන් පස්සේ අදත් යාපනයට ගියොත් ගොඩක් අය කඳවුරුවල ඉන්නේ. කඳවුරුවල අනාරක්ෂිතව ඉන්නේ. මෙහෙන් ගිහින් මාස ගාණක් ඉන්න සිංහල අය තමයි ඒ කඳවුරු ආරක්ෂා කරන්නේ. අදටත් උතුරේ කාන්තාව අනාරක්ෂිතයි. එහේ සිදුවන සිදුවීම් මෙහේට එන්නෙ නැහැ. අපේ රට මෙච්චර බෞද්ධ වෙලත්. බුදුහාමුදුරුවෝ උගන්නලා නැහැ මේ සිංහල, මේ මුස්ලිම්, මේ දෙමළ අය කියලා. එකිනෙකා වෙනස් ඒ අයව ආශ‍්‍රය කරන්න එපා කියල නැහැ. හැමෝම මිනිස්සු. හැමෝටම මූලික අයිතීන් තියෙනවා. ඒත් අද උතුරු නැගෙනහිර මිනිස්සුන්ට ඒක නැතිවෙලා තියෙනවා. ඒකෙන් ප‍්‍රයෝජන ගන්නේ ඉතාමත් වැරදි විදියට. පහුගිය දවසක විද්‍යා දැරිය දූෂණය කරලා මරල දැම්මාම ඒක දේශපාලන වාසියකට සමහරු පාවිච්චි කළා. යුද්ධයත් එක්ක සමහර වෙලාවට මට හිතෙනවා ඇයි සිංහල ජාතිය මේ තරම් හිතක් පපුවක් නැති කුරිරු විදියට හැසිරෙන්නෙ කියලා. යුද්ධය සහ ඉන්පස්සේ තත්ත්වයට විසඳුම් අපි ළඟ නැහැ. ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන වගකීම ලැබෙන්නේ රජය මට්ටමින්. පාරවල් ටිකයි, ගොඩනැගිලි ටිකයි හැදුණාම මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ යන්නේ නැහැ. කොළඹ මේ සම්බන්ධයෙන් කරන වැඩසටහන් දිහා බලන් හිටියට අපි සම්බන්ධ නොවෙන්නේ අපි මෙහේ මොනවා කළත් වැඩක් නැහැ, රජය එහේ කිසි දෙයක් කරන්නේ නැත්නම්.

    ඔබ ස්තී‍්‍රවාදිනියක්ද?
    ස්ත‍්‍රීවාදය ගැන මම ඒ තරම් දන්නේ නැහැ. ඒත් කාන්තාවට සම තැනක් ලැබෙන්න ඕනෑ. කාන්තාව වෙනුවෙන් කතා කරන්න ඕනෑ. මේක පිරිමි බහුතරයක් බලය තියෙන සමාජයක්.

    මේ ලිංගික අසහනයෙන් පෙළෙන පිරිමි ඉස්සරහ ඔබ ජනප‍්‍රිය ලිංගික භාණ්ඩයක්?
    ඔව්, අපි භාණ්ඩ විදියට මේ සමාජයේ විකිණෙනවා. අපේ රූපයට අපේ රංගනයට වටිනාකමක් ලැබෙනවා. ජනාධිපති තෝරන්නෙත් පුරුෂ ලක්ෂණ හොයන පිරිමි සමාජයක අපිට ලොකු අභියෝගයක් වෘත්තිය කරන එක. අපි තමන්ව මාකට් කරගන්න ලැබෙන අවස්ථාව සීමාවෙනවා. පිරිමි අපි දිහා බලන කෝණය නිසා. සති දෙකකට කලින් මගේ වීඩියෝ එකක් අන්තර්ජාලයේ තිබුණා. මම දණහිස ගාණට ගවුමක් ඇඳලා. කිසිම අනවශ්‍ය අවයවයක් පෙනෙන්නේ නෑ. සතියක් ඇතුළෙ ඒකේ වීව්ස් ලක්ෂ පහක් තියෙනවා. ඒ මිනිස්සු ඒක බලන්නේ කලාත්මක රසවින්දනයකට නෙවෙයි, මගේ දණහිසෙන් පහළ කකුල් බලන්න. ලංකාවෙ කෙනෙක් අපි දණහිස ළඟට ඇන්දොත් හඳුන්වන්නේ බඩු විදියට. හොලිවුඞ් හරි බොලිවුඞ් හරි කෙනෙක් නිරුවත් රංගනයක් කළත් ඒවාට ලේබල් වදින්නේ නෑ. නළු නිළියන් විදිහට අපි කරන්නේ සැබෑ ජීවිතය තිරයක් මතට ගේන එක. අපේ දෙයක් නෙවෙයි සමාජයේ දේවල්. මිනිස්සුන්ට කරන්න පුළුවන්, කතා කරන්න බැරි සංස්කෘතියක් තියෙන්නේ. ලංකාවේ වින්දන කර්මාන්තය, විශේෂයෙන් සිනමාව දියුණු නොවෙන්නේ මිනිිස්සු ඒවා ගැන බලන්නේ පටු විදිහට. පිටරට වගේ අපට නිදහස නෑ චරිතයක් නිරූපණය කරන්න. අපි බයයි බය නැතිව චරිත නිරූපණය කරන්න.

    නිරුවත කියන්නේ කලාවක්….
    නිරුවත කියන්නේ ප‍්‍රබල ප‍්‍රකාශන මාධ්‍යයක්. ලංකාවේම සීගිරි චිත‍්‍ර කියන්නේ කලාත්මක නිර්මාණ එකතුවක්. අපේ සංස්කෘතිය තුළ, සාහිත්‍ය තුළ කාන්තා ශරීරය තුළ තියෙන කලාව දැක්කා. කාන්තාවගේ ශරීරය මිනිස්සුන්ගේ හිත්වලට සහනයක් වෙන්න ඕනෑ. අද කාන්තාව කුණු කූඩයක් තරම් වටින්නේ නෑ. අද බටහිර නිරුවත් ඡුායාරූපකරණය කියන්නේ ඉතා කලාත්මක ක්ෂේත‍්‍රයක්. ලෝකේ ශ්‍රේෂ්ඨතම චිත‍්‍ර ශිල්පීන් ඉතා ප‍්‍රබල නිර්මාණවලට නිරුවත පාවිච්චි කරලා තියෙනවා. ඒ මිනිස්සු වල් අයද? අද නියපොත්තක් දැක්කත් මිනිස්සුන්ගේ අසහනය වැඩිවෙනවා. අපි ටිකක් කොටට ඇන්දාම කියන්නේ අන්න දෙන්න බලාගෙන ඉන්නවා කියලා.

    විවාහය දකින්නේ කොහොමද?
    විවාහය එක්තරා බොරුවක්. බැඳලා කොළේක අත්සන් කරන්න කලින් ලිංගික ක‍්‍රියාවක යෙදුණොත් ඒක මහා අපරාධයක් විදිහට සලකන්නේ. විවාහය කියන්නේ රැවටීමක්. මිනිස්සු කියන්නේ සත්ව වර්ගයක්. අනෙක් සත්තු වගේම අපටත් එකම කෙනෙක් එක්ක ජීවිත කාලයක් ඉන්න එක අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන් පිරිමියාට. සමහර පවුල් එකට ජීවත් වෙන්න පටන් ගත්තම තමයි අනෙක් කෙනා යකෙක් කියලා දැනගන්නේ. අදහස් ගැළපෙන්නෙ නෑ කියලා දැන දැන ජීවිත කාලයක් එක්ක ඉන්න වෙනවා. ලිංගික ක‍්‍රියා කියන්නේ විවාහයේ සහ ආදරයේ පදනම. ඒත් ලංකාවේ අනෙකාගේ ලිංගික ක‍්‍රියා ගැන දකින්න ලැබෙන්නේ විවාහයෙන් පස්සේ. ලෝකයේ එකට ජීවත්වීම කියන සංස්කෘතිය ඇත්තටම හොඳයි. විවාහවෙන්න කලින් අනික් කෙනා ගැන දැනගන්න. විවාහය ගැන ලිබරල් විදිහට හිතන්න ඕනෑ.

    ඇමරිකාවේ සමලිoගික අයට විවාහවීමේ අයිතිය තියෙනවා. ලංකාවේ සමකාමී විදියට ඉපදීම ලෙඩක් විදියට දකින්නේ?
    කෙනෙක් බලෙන් සමලිoගික වෙන්නේ නැහැ. උපතින් ඉපදුණු විදිය එහෙමනම් ඒ මිනිස්සුන්ටත් ආදරය කිරීමේ අයිතිය ලැබෙන්න ඕනෑ. අපේ ක්ෂේත‍්‍රයේ ගොඩක් සමලිoගික අය ඉන්නවා. ඒ අය සමලිoගික වෙනකොට අනෙක් පැත්තෙන් ඉතා නිර්මාණශීලී දක්ෂ අය. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ මිනිස්සුන්ට අයිතිය දෙන්න ඕනෑ.

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයැ’යි හිතනවාද?
    ඔව්. දැන් අපට තියෙන ප‍්‍රශ්නයක් තමයි නිළියක් වුණොත්, කොටට ඇන්දොත් අපව හඳුන්වන්නේ ගණිකාවො විදියට. ඒක වෙනම කතා කරන්න ඕනෑ ප‍්‍රශ්නයක්. ගොසිප් වෙබ් අඩවිවලින් අද කරන්නේ නිළියන්ට මඩගහන එක. ඒ වගේම අද ගණිකාවෝ සපයන අයත් ගොඩක් වෙලාවට නිළියන්ගේ නම් ලැයිස්තුවක් තියාගෙන ඉන්නවා. ප‍්‍රසිද්ධ නිළියක් ඉල්ලූවාම කියනවා අද එයා නැහැ වෙන කෙනෙක් දෙන්නම් කියලා. කොහොම වුණත් අද පිරිමින්ට තියෙන අසහනය අඩුවෙන්න ගණිකා වෘත්තිය නීතිගත වෙන්න ඕනෑ. අද ඉහළම තැන ඉඳන් පහළම තැන වෙනකම් ගණිකාවෝ ළඟට යනවා. අන්තිමේ බනින්නෙත් ගණිකාවට. රත්නපුරේ බට්ටිට පහර දුන්නු වෙලාවේ මිනිස්සු හැසිරුණු හැටි බලන්න. සමස්තයක් විදියට ගණිකා වෘත්තිය, සමකාමී අයිතිය, විවාහය වගේ දේවල් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ අපි මිනිස්සු විදියට ඉපදුණා. අපට හැඟීම් දැනීම් තියෙනවා. අපි ජීවිතය විඳිනවා කියන එක පාපයක් නෙවෙයි. සංස්කෘතියට බයවෙලා පීඩනයක් එක්ක ඉන්න අවශ්‍ය නැහැ. ගණිකාවට වුණත්, සමකාමියාට වුණත් දික්කසාද වුණු කාන්තාවට වුණත් ගරු කරන්න ඉගෙන ගන්න ඕනෑ.

    යුරේනිලා කොටට අඳින නිසා තමයි ලංකාවේ ස්ත‍්‍රී දූෂණ වෙන්නේ. මේ සිංහල බෞද්ධ රටේ ඉන්න බැරි නම් බටහිර රටකට යන්න කියලා ෆේස්බුක් පෝස්ටුවක් තිබුණා.
    සිංහල-බෞද්ධ රටක් කියලා තියෙනවා නම් එතැන මිනීමැරුම් වෙන්නේ නෑ. අපරාධ වෙන්නේ නෑ. මම කතෝලික වුණත් බුද්ධ දර්ශනයට මම ගරු කරනවා. ඒකට අනුව ඉන්නවා නම් මිනිස්සු ඉතාමත් පින්වන්ත වෙන්න ඕනෑ. මේ පංපෝරි ගහන සිංහල බෞද්ධ රටේ තමයි පිටරටවලට වඩා අපරාධ වෙන්නේ. බුදුන් දේශනා කළේ දර්ශනයක්. ලංකාව ඇතුළෙ ඒක අන්තවාදී ආගමක් වෙලා. මට කියන්න සිංහල බෞද්ධ රටක තියෙන්න ඕනෑ කොන්දේසි මොනවද? මම තීරණය කරන්නම් ඉන්නේ බටහිරද ලංකාවේද කියලා. අනෙක් ප‍්‍රශ්නය මම අහන්නේ ලංකාවේ බෞද්ධකම කෙළෙසෙන්නේ මගේ ඇඳුමෙන්ද? විද්‍යා දැරිය දූෂණය වුණේ මම කොටට අඳින නිසාද? මේ ව්‍යාජ සිංහල සංස්කෘතිය තමයි රටට දියුණු වෙන්න තියෙන ප‍්‍රධානම බාධාව.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහල තියන ප්‍රශ්න වලට හොදට උත්තර දීල තියනව. ගනිකා වුර්තිය නීතිගත වෙන්න ඕනෙ කියන එකටනම් ගොඩක් අය කැමති නෑ. ඒත් කෙනෙක්ට අදහසක් දක්වන්න පූලුවන් වෙන්න ඕනෙ. එතකොට තමයි සමාජයේ ඒක ගැන කතාවක් අති වෙන්නෙ. වෙනස් විදිහෙ අදහස් දරන අයට ගරහන්නෙ නැතිව නම්යශීලී වෙන්න අපේ සමාජය පුරුදු වෙන්නෙ ඕනෙ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මගේ පෞද්ගලික අදහස නම්, ගනිකාවෘතිය නීතිගත කිරීම නොකල යුතු දෙයක්. හැබැයි ලන්කාවේ ප්‍රශ්නේ ගනිකාවො නැති එක නෙමෙයි. පිරිමින්ට,ගැනුන්ට අහවල් එක කිරීම පමනින් ගනිකාවන් හා බඩු ගහන උන් කියලා හන්වඩු ගැසීම. ගනික වෘතිය නීතිගත කලත් වැඩක් නැ, බඩු ගහන්නේ නැති එකා ගහන්නේම නැ. ගහන එකා නීතී තිබ්බ්බත් නැතත් ගහනවා. සමාජේ හැදෙන්න ඔනේ මිනිස්සු කසාදය, ගැනි මිනිහා ලින්ගිකව එක්ව්ම වගේ දේවල් ගැන විවෘතව බලන්න පුරුදු වෙන තැනට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mekith 45000ta vikinena hinda oya kiyanne business wadi karaganna
    මේ ලැල්ලට 45ක්. ඊට ලාබයි තකහනියා තායිලන්ඩ් යනවා. ටිකට් එක 27යි, ඉතුරුවට කාලා බීලා හොද එකක් ගැහුවැකි. :P
    :P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ පෞද්ගලික අදහස නම්, ගනිකාවෘතිය නීතිගත කිරීම නොකල යුතු දෙයක්. හැබැයි ලන්කාවේ ප්‍රශ්නේ ගනිකාවො නැති එක නෙමෙයි. පිරිමින්ට,ගැනුන්ට අහවල් එක කිරීම පමනින් ගනිකාවන් හා බඩු ගහන උන් කියලා හන්වඩු ගැසීම. ගනික වෘතිය නීතිගත කලත් වැඩක් නැ, බඩු ගහන්නේ නැති එකා ගහන්නේම නැ. ගහන එකා නීතී තිබ්බ්බත් නැතත් ගහනවා. සමාජේ හැදෙන්න ඔනේ මිනිස්සු කසාදය, ගැනි මිනිහා ලින්ගිකව එක්ව්ම වගේ දේවල් ගැන විවෘතව බලන්න පුරුදු වෙන තැනට.

    ගනිකා වුර්තිය නීතිගත කලොත් ඒක අපේ සමාජයට කොහොම බලපාවිද කියල පුරොකතනය කරන්න අමාරුයි. මම පෞද්ගලිකව හිතනව සාමන්යෙන් ගනිකාවක් ලගට නොයන සමහර අයත් යන්න පුරුදු වෙවි කියල නිතිගත උනොත්. හැබැයි වාසි පැත්තට තියන කාරනාත් කීපයක් තියනව. කොහොම උනත් මේ වගේ කාරනා ගැන මිනිස්සු කතා කරන්න ඕනෙ. එතකොට තමයි හරි තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ.
     
    • Like
    Reactions: subspace

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගනිකා වුර්තිය නීතිගත කලොත් ඒක අපේ සමාජයට කොහොම බලපාවිද කියල පුරොකතනය කරන්න අමාරුයි. මම පෞද්ගලිකව හිතනව සාමන්යෙන් ගනිකාවක් ලගට නොයන සමහර අයත් යන්න පුරුදු වෙවි කියල නිතිගත උනොත්. හැබැයි වාසි පැත්තට තියන කාරනාත් කීපයක් තියනව. කොහොම උනත් මේ වගේ කාරනා ගැන මිනිස්සු කතා කරන්න ඕනෙ. එතකොට තමයි හරි තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ.
    :yes::yes::yes:
    අනිවාර්යෙන් කතා කල යුතු මාතෘකා. සාමාන්යෙන් ඔය බඩු ගැහීම කෙසේ වෙතත් ඔෆිස් යන එන ගමන් කොච්චි බස් වල පැය ගනන් සෙට් වෙන ඔෆිස්වල ගැනු මිනිස්සු ගොඩ දෙනෙක් ගෙවල් වලට හොරෙන් ඇන ගන්න සීන් තියනවා. අපේ මැටි හරක් හිතන්නේ ඒකත් ගනිකා වෘතිය කියලා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කාන්තාවක් පිරිමියෙක්ව දූෂණය කළා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ

    මම හිතුවේ යුරේණි කියන්නේ බුද්ධිමත් කෙල්ලෙක් කියලයි ,බලාගෙන යනකොට යුරේණි එහෙන් මෙහෙන් අහුල ගත්ත දේවල් වලින් තමයි නිගමනයකට ඇවිත් තියෙන්නේ, විධිමත් විදියකට සමාජය අධ්‍යනය කරලා නෑ. පිරිමින් අතවරයට ලක් වෙනවා නමුත් වාර්තා වෙන්නේ අඩුවෙන්.

    මේ තියෙන්නේ එක උදාහරණයක් පමණයි, තව ඕන තරම් තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1575102

    මම එක අතකින් පුදුම වෙන්නේ නෑ, මාධ්‍යය සත්‍යය වාරණය කරලා, බොරුව එළියට දාලා, මිනිස්සුන්ව brainwash කරාම, මිනිස්සු මුලාවේ ජීවත් වෙන්නේ.
     
    • Like
    Reactions: D@sun

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතුවේ යුරේණි කියන්නේ බුද්ධිමත් කෙල්ලෙක් කියලයි ,බලාගෙන යනකොට යුරේණි එහෙන් මෙහෙන් අහුල ගත්ත දේවල් වලින් තමයි නිගමනයකට ඇවිත් තියෙන්නේ, විධිමත් විදියකට සමාජය අධ්‍යනය කරලා නෑ. පිරිමින් අතවරයට ලක් වෙනවා නමුත් වාර්තා වෙන්නේ අඩුවෙන්.

    මේ තියෙන්නේ එක උදාහරණයක් පමණයි, තව ඕන තරම් තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1575102

    මම එක අතකින් පුදුම වෙන්නේ නෑ, මාධ්‍යය සත්‍යය වාරණය කරලා, බොරුව එළියට දාලා, මිනිස්සුන්ව brainwash කරාම, මිනිස්සු මුලාවේ ජීවත් වෙන්නේ.
    කාන්තාවට ඔනැවට වඩා තැන දෙන්නගිහින් ඇර ගත්ත රටක් නේ බන් මේක. සමතැන නෙමෙයි නිසිතැනක්වත් දෙන්න, කාන්තා/පුරුශ බේදය මොනම දේකටවත් ඔනේ නැ. සමහර මිනිස්සු කියනවා ගැනියෙක් නිසා ඉවන්සන්නේ කියලා, ඔන්න ඔය වගේ සීන් නිසා ගැනු හිතන් ඉන්නේ සමාජයේ ඒ අයට පිරිමින්ට වඩා තැනක් ලැබිය යුතුයි කියලා. පිරිමි හැමතිස්සෙම කාන්තාවට ඉඩක් දෙන්න ඔනේ කියලා සමාජයේ වැරදි මතයක් යනවා. මම දකින විදියටනම් ජෙන්ඩ බේසිස් කිසිම දෙයක් නැ සමාජයේ. ගැනුත් හොරකම් කරනවා පිරිමිත් හොරකම් කරනවා, ගැනුත් වේසකමේ යනවා, පිරිමිත් යනවා. අද පිරිමි කරන හැම වැඩක්ම ගැනුත් කරනවා. ඉතින් ගැනු/පිරිමි බේදේ තියන්න බැ ලින්ගික අසහනයට. උබ කිව්වා වගේ වාර්තාකාරයන්ට ගැනියෙක්ට කෙලියම තමා සානුකම්පිත නිවුස් එක. පිරිමියෙක්ට එච්චර අනුකම්පාව නැ. ඒකයි වාර්තා නොවෙන්නේ. එතනත් ජෙන්ඩර් බේසිස්..
     
    • Like
    Reactions: D@sun

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:

    වෙනස් විදිහෙ අදහස් දරන අයට ගරහන්නෙ නැතිව නම්යශීලී වෙන්න අපේ සමාජය පුරුදු වෙන්නෙ ඕනෙ. :yes::yes::yes:

    අහල තියන ප්‍රශ්න වලට හොදට උත්තර දීල තියනව. ගනිකා වුර්තිය නීතිගත වෙන්න ඕනෙ කියන එකටනම් ගොඩක් අය කැමති නෑ. ඒත් කෙනෙක්ට අදහසක් දක්වන්න පූලුවන් වෙන්න ඕනෙ. එතකොට තමයි සමාජයේ ඒක ගැන කතාවක් අති වෙන්නෙ. වෙනස් විදිහෙ අදහස් දරන අයට ගරහන්නෙ නැතිව නම්යශීලී වෙන්න අපේ සමාජය පුරුදු වෙන්නෙ ඕනෙ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරියට සමාජය ගැන තේරුම් අරගෙන නෙමෙයි කතාකරලා තියෙන්නේ. විවාහය කියන්නෙ සෙක්ස් කරන්න දෙන ලයිසන් එකක් පමණක්ම නෙමෙයි. ඊට වඩා සමාජ වගකීමක්, පවුල කියන සංකල්පය සම්පූර්ණයෙන්ම තියෙන්නේ විවාහය මත.

    අනිත් එක සමලිංගික සියල්ල එහෙම වෙන්නේ උපතින් නෙමෙයි. මොකද අවුරුදු 10ට අඩු දරුවෙකුගේ ලිංගිකත්වය පිලිබඳ ආකල්පය වෙනස් කරන්න පුළුවන් බාහිර බලපෑම් තුලින්.