ගද ගහන පිටකොටුව...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගද ගහන පිටකොටුව...

    එදා "ලස්සන කන්නද" අහපු උන්, අද නාස් වසාගෙන පිටකොටුවේ ඇවිදිති. උන් ඉල්ලූ සැබෑ "වෙනස" එය විය යුතුය.



    නරකාදියටම වැටෙන පිටකොටුව


    හතු පිපෙන ගානට පිටකොටුවේ වෙළෙඳාම් තට්‌ටු වැඩි වේ...
    වෙළෙන්දන් පාරිභෝගියන්ව ගසාගෙන කන විට පොලිසිය අහක බලයි...
    පාවෙන වෙළෙඳපොළ කුඩුකාරයන්ගේ තිප්පොලක්‌...
    පේව්මන්ට්‌ දිගට කුණු දිය බේරේ....

    තරංග රත්නවීර
    ඡායාරූප - නිමල් දයාරත්න


    colom1.jpg



    මුළු රටම අවුල් ජාලාවකි. දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍ෂේත්‍රයන් සියල්ලම අඩපණය. පසුගිය කාලයේ වැඩබිමක්‌ ලෙස තිබූ රට දැන් මුඩුබිමක්‌ බවට පත්ව ඇත. හැඩට තිබුණු කොළඹ නගරය නැවතත් අවීචි මහා නරකාදියක්‌ බවට පත්වෙමින් තිබේ.

    col2.jpg

    තැන, තැන කුණු ගොඩවල්ය. කුණු වතුරවලින් කාණු පිරී ගොස්‌ය. කෑම කඩවල ඉඳුල් දිය පේව්මන්ටුව දිගේ දෝරේ ගලන්නේය. ඒ මතින් වහනය වන දුගඳට නාස්‌ කුහර පමණක්‌ නොව ඉහ මොළද රත් වේ. නාසය අත්ලෙන් මිරිකාගෙන හෝ දුගඳ දරාගත්තද, පිටකොටුවට සිදුව ඇති විපත්තිය දකින විට හදවත කකියවන්නේය.
    col3.jpg
    පදිකයෙන් විසි වෙච්ච වෙළෙඳ ලෑල්ල නැවතත් පිටකොටුව විදී දිගට වැටි ඇත. පළමුවැනි, දෙවැනි, තෙවැනි, සිව් වැනි සියලුම හරස්‌ මාර්ගවල අඩකටත් වඩා දෙපස වෙළෙඳ තට්‌ටුවලින් ඇහිරිලාය. පාර මැද මිනිස්‌සු ගමන් කරති. වාහන ගමන් කිරීමට ඉඩ මදිව පාර ජෑම් වෙලාය. වෙළෙඳුන්ගේ කෑගැසීමට සහ 'ට්‍රැපික්‌' එකේ රූටන වාහනවල නලා ශබ්දයත් සමඟ විදී එකම ගාලගෝට්‌ටියකි. පිටකොටුව ප්‍රධාන මාර්ගය ඕල්කට්‌ මාවත දෙපස විසිතුරු ගඩොලින් හැඩ වූ පේව්මන්ට එක දිගටත් තැන, තැන බඩු පොදිය. ඕල්කට්‌ මාවතේ 120 බස්‌ නතර කරන ස්‌ථානයේ පේව්මන්ට්‌ එක දිගට අනවසර පාවහන් වෙළෙඳසල් පෙළකි. පිටකොටුව බෝධිය අසල රෙදිපිළි වෙළෙඳ කුටි පෙළකි. පිටකොටුව ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඇතුළේ අනවසර ඉදිකිරීම් රාශියකි. බැස්‌ටියන් මාවතේ බස්‌ නැවතුම්පොළ පිවිසුමේ නැවතත් පළතුරු තට්‌ටුය. පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිට තහඩුවලින් ඉදිකළ අනවසර වෙළෙඳසල් කිහිපයකි. දවසින්, දවස හතු පිපෙන ගානට පිටකොටුවේ වෙළෙඳ තට්‌ටු වැඩි වෙමින් තිබේ.

    ''පහුගිය කාලේ කොච්චර පිළිවෙළකට තිබුණද... නිදහසේ පාරේ බැහැලා යන්න තිබුණා... ආයෙත් පිටකොටුව පරණ තැනටම වැටිලා...'' පිටකොටුවෙ වීදී දිගේ ඇවිද යන මගීන් එසේ කියනවා අපේ කනට ඇසුණු වාර අනන්තය. ඇතැම් මගීහු දෙස්‌ දෙවොල් දෙති. දොස්‌ කියති. මගීන් පමණක්‌ නොව පිටකොටුවේ වෙළෙඳුන් ද ආණ්‌ඩුවට දොස්‌ කියති.

    ''හතු පිපෙනවා වගේ පුංචි, පුංචි වෙළෙඳ කුටි ගහනවා. බහුතරය මුස්‌ලිම් මිනිස්‌සු. කාගෙන් අවසර අරගෙනද, කවුරු අවසර දීලා ද කියලා දෙයියො තමයි දන්නේ. ප්‍රශ්න කළොත් අර ඇමැතිතුමාගේ, මේ සභාපතිතුමාගේ කියනවා. නැති නම් ඇමැතිවරුන්ගේ අත්සන සහිත ලිපි පෙන්වනවා. අපිත් අසරණයි, නිලධාරිනුත් අසරණයි. මොන ජාතිකාරයන් කඩ දැම්මත් අපිට ප්‍රශ්නයක්‌ නෑ. දැනටත් පිටකොටුවේ සිංහල ව්‍යාපාරිකයෝ සුළුතරය බවට පත් වෙලා ඉවරයි. ඒක අපේ ජාතියේ නොහැකියාව. ඒවා ගැන කතා කළොත් ඇඬෙනවා. අපි කියන්නේ ඕනෑම දේකට පිළිවෙළක්‌ තියෙන්න ඕනා...''

    එක්‌ වෙළෙන්දෙකුගේ කතාව අහවර වූයේ තව කිහිපදෙනකුගේ අඩු වැඩියත් සමඟය. ඔවුන්ට ඇවැසි පිටකොටුව හැඩට තබාගැනීමටය. අපේ මේ වෑයමද පිකොටකොටුවේ වෙළෙඳුන්ගේ බඩට ගැසීමවත් ජාතිවාදය ඇවිස්‌සීමවත් නොවේ, මෙරට අගනගරය වන කොළඹ ලස්‌සනට, පිළිවෙළට තබාගැනීමට බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කිරීමය.

    ''ඊයේ පෙරේදා තට්‌ටු දාගත්ත පුංචි කොල්ලො නහයට අහන්නෙ නෑ. පොඩ්ඩ එහා, මෙහා වුණ ගමන් මිනිස්‌සුන්ට ගහන්න පනිනවා. පාරිභෝගිකයෝ භාණ්‌ඩවල අඩුපාඩුවක්‌ පෙන්නුවොත් මහා හයියෙන් සත්තම දානවා. සමහර වෙලාවට ගහනවා. පාරිභෝගිකයෝ පොලිසියට ගියත් වැඩක්‌ නෑ. පොලිස්‌ නිලධාරිනුත් ඒ වෙළෙන්දන්ට සපෝට්‌. පිටකොටුවේ පොලිස්‌ නිලධාරීන් විතර හම්බ කරන නිලධාරීන් වෙන කොහෙවත් නැතුව ඇති. දවස ගානෙ පොලිස්‌ නිලධාරීන්ගේ සාක්‌කුවලට සල්ලි වැටෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න ඉන්න පොලිස්‌ නිලධාරීන්ට මාසෙකට රුපියල් ලක්‍ෂයක්‌, එහමාරක්‌ එකතු වෙනවා. ඒ නිසා වෙළෙන්දෝ පාරිභෝගිකයන්ව මරාගෙන කෑවත් පොලිස්‌ නිලධාරීන් නොදැක්‌කා වගේ ඉන්නවා. පව් අසරණ පාරිභෝගිකයෝ. ඒ කාලේ පිටකොටුවට එන පාරිභෝගිකයන්ට හොඳ ආරක්‍ෂාවක්‌ තිබුණා. වෙළෙන්දෝ පාරිභෝගියන්ට වංචා කරන්න බයක්‌ තිබුණා. අද වෙළෙන්දන්ගේ එහෙම බයක්‌ නෑ. මේ මෑතක මල්වත්ත පාරේ සෝනි බිල්ඩින් එකේ පිහි ඇනුමක්‌ ගියා. පිහි පහර කෑ දෙන්නෙක්‌ අදටත් ඉස්‌පිරිතාලේ. ඒත් පිහියෙන් ඇනපු උන් තවමත් නිදැල්ලේ. ඒ මදිවට දැන් කොළඹ 'කුඩු' වැහි වැහැලා. ඕල්සේල් කුඩු බිස්‌නස්‌ වෙනවා. ඉස්‌සරත් පිටකොටුවේ කුඩු බිස්‌නස්‌ වුණා. ඒත් අද වගේ මහා පරිමාණයෙන් වුණේ. නෑ. පාතාලය පැටව් ගහනවා. අරයගේ ගෝලයෝ... මෙයාගේ ගෝලයෝ... කියාගෙන ඇවිත් කප්පම් එකතු කරනවා. පහුගිය ආණ්‌ඩුව කාලේ හොර, මැරකම්, කප්පම් ගැනීම් පාලනය වෙලා තිබුණේ. ඒ නිසා තමයි අපිත් 'වෙනස්‌ වන කොළඹට' ආදරය කළේ...'

    මේ හැම වෙළෙන්දෙක්‌ම පාරෙ දූවිලි කන්නේ නැතුව එක තැනකට වේලා පාඩුවේ බිස්‌නස්‌ කරගෙන යන්න කැමැතියි. පහුගිය රජය කාලේ පදික වෙළෙඳුන්ට අලුතින් කඩ දෙනවා කිව්වම අපි බොහෝම කැමැත්තෙන් හිටියේ. ඒත් එක හරියට වුණේ නෑ. ස්‌ථාන තුනක කඩ සාප්පු සංකීර්ණ තුනක්‌ ඉදිකරලා වෙළෙඳසල් බෙදලා දුන්නා. ඒත් පිටකොටුවේ ලියාපදිංචි පදික වෙළෙඳුන් දෙදහස්‌ පන්සීයෙන් දාහකටවත් වෙළෙඳ කුටි ලැබුණේ නෑ. ඒ කඩ සාප්පුවල කඩ ගත්තේ නාගරික මන්ත්‍රීවරු, ඒ අයගේ ගෝල බාලයෝ. අන්තිමේ පදිකයෙන් විසි වෙච්ච අය නැවතත් වීදි දිගට බඩු දාන්න පටන්ගෙන. පාවෙන වෙළෙඳපොළට මිනිස්‌සු යන්නේ නැති නිසා එතැන වෙළෙඳාම් කරපු අයත් පේව්මන්ට්‌ එකේ බඩු දාන්න පටන්ගෙන. ආයෙමත් කොළඹ අර තිබුණු පිළිවෙළ නැති වෙලා. නගරය ලස්‌සනට තියෙනවා නම්, හැඩ බලන්න හරි මිනිස්‌සු එනවා. විදේශීය සංචාරකයෝ එනවා. දැන් මිනිස්‌සු කොළඹ ඇවිදින්නෙ නාහය වහගෙන...''

    සුපිරි තැනක, සුපිරි විදිහට ව්‍යාපාර කරගෙන යැමට ඕනෑම කෙනෙකු කැමැතිය. එහෙත් මේ වන විට කොළඹ හැඩ කරන සැලසුම් සියල්ල බේරේ ගිලී මඩ යට ගැසී හමාරය. පාවෙන වෙළෙඳපොළ ඉදිරිපිට බේරේ පොකුණේ අපේ දෑස්‌ ද ගිලිනි. පොකුණේ වතුර අමුතුම කොළ පැහැයකින් දිළිසෙති. ජල කඳ මතු පිට තනිකරම තෙල් තට්‌ටුවකි. නැවතත් බේරේ කුණු වෙලාය. බේරේ වැවේ ඉදිරි කොටස එනම් පාවෙන වෙළෙඳපොළට ඉදිරිපස කොටස තවමත් පොකුණක්‌ සේ දිස්‌ වුව ද, වෙළෙඳපොළට පිටුපස කොටස වල් වැදී කුණු වලක්‌ බවට පත් වෙලාය. වෙළෙඳපොළ හැඩ කළ තුරුපත් මල් සිඳී වියළී ගොස්‌ය. අරලිය යාය වියළී පරඬැල් වී ගොස්‌ය. විසිතුරු මලින් බර වී සුවඳ දුන් පාවෙන වෙළෙඳපොළත් දැන් පිළී ගඳය. බංකුවකට බර දී, බේරේ කුණු දිය මත දෑස්‌ ගිල්වාගෙන සිටින රෙදි ව්‍යාපාරිකයකු අසල අපි නතර වීමු. ඔහු සමඟ කතාබහ කරන අතරේ තවත් වෙළෙඳුන් කිහිපදෙනෙක්‌ම කතාවට හූමිටි තැබූහ. මේ ඔවුන්ගේ පොදු හඬය.

    ''ඉස්‌සර මෙතැන රෑට ලයිට්‌ දාලා දිව්‍යලෝකයක්‌ වගෙයි. අපි රෑටත් බිස්‌නස්‌ කළා. මිනිස්‌සුත් ආවා. දැන් රෑට කළුවර ගුහාවක්‌. සමහර විදුලි කණුවල ලයිට්‌ පිච්චිලා. වෙළෙඳ සංකීර්ණය පිටුපස කඩවල ලයිට්‌ වැටෙන්නේ නෑ. ඒ මදිවට වෙළෙඳපොළ ඉදිරිපිට බස්‌ පාක්‌ කරනවා. එතකොට කඩ ඇරලා තිබුණත් බස්‌ටෑන්ඩ් එකේ ඉන්න අයට පෙන්නේ නෑ. ඒ මදිවට වෙළෙඳපොළ ඉදිරිපිට, බස්‌ටෑන්ඩ් එක පිටුපස ටකරන් මඩු පේළියක්‌ ගහලා. ඒකෙන් තවත් වෙළෙඳපොළ ඇහිරිලා. දැන් වෙළෙඳපොළ බලන්නවත් මිනිස්‌සු එන්නේ නෑ. මැස්‌සෝ ඇහිරෙනවා. සමහර වෙලාවට අමු සොහොන් පිට්‌ටනියක්‌ වගෙයි...''

    ''මෙතැනට මිනිස්‌සු අද්ද ගන්න ක්‍රම තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. කොටුව ස්‌ටේෂන් එකේ ඉඳලා වෙළෙඳපොළ හරහා යන්න පාරක්‌ හැදුවා, ඒක ක්‍රියාත්මක වුණේ නෑ. ප්‍රධාන මාර්ගයේ බෝ ගහ ළඟ ඉඳලා වෙළෙඳපොළට එන්න පාරක්‌ හැදුවා. ඒකෙ වැඩ අතරමඟ නතර වුණා. වැව මැදින් ගුවන් පාළමක්‌ දාන්න සැලසුම් කරලා තිබුණා දැන් ඒක ගැන කතා නෑ. ඉතිං කොහොමද මිනිස්‌සු ගෙන්න ගන්නේ. දැන් මෙතැනට එන්නේ ලව් කරන කපල් විතරයි. වෙළෙඳපොළේ පිටුපස බංකුවකට වුණහම උපරිම නිදහස. ඕන දෙයක්‌ කරගන්න පුළුවන්. මොකද ඒ පැත්තේ එක වෙළෙඳ කුටියකවත් දොරවල් ඇරෙන්නේ නෑ. දවල්ට කපල්. රෑට ගණිකාවන්ගේ, කුඩුකාරයන්ගේ තිප්පලක්‌. කාගෙන්වත් ප්‍රශ්න නෑ. වෙළෙඳපොළ ආරක්‍ෂාවට ඉන්න අයත් ඇහැක්‌ ඇරලා බලන්නේ නෑ. හදිසිකාරයෝ එනවා, යනවා. හරියට ලොඡ් වගෙයි. ඊට හපනA පාවෙන වෙළෙඳ කුටි රෑට හරියට ගුබ්බෑයම් වගෙයි. පහුගිය කාලේ ආමි ඒකේ කොල්ලො ඉන්නකොට මෙතැනට හොඳ ආරක්‍ෂාවක්‌ තිබුණා. බොහෝම ලස්‌සනට නඩත්තු කටයුතු කළා. ආමි එකේ අය ගියා විතරයි මේක ඉවරම වුණා. මේ කිසිම කඩේකට ටොයිලට්‌ එකක්‌ නෑ. හදිසියකට දුවන්නේ විශ්‍රාමශාලාවට. දැන් ඒකත් හවස හය වෙනකොට වාහනවා. දැන් ඉතිං මුත්‍රා බරක්‌ හැදුනහම ෂේප් එකේ වැවට අල්ලනවා. නැති නම් කඩ පිටිපස්‌සට අල්ලනවා. කරන්න දෙයක්‌ නෑ. මුත්‍රා තද කරගෙන මැරෙන්න බෑනේ...' විටෙක ඔවුන්ගේ හඬ උස්‌ය. විටෙක අසරණය. ඔවුන් අද අසරණව සිටින්නේ වේළෙන වෙළෙඳපොළක ව්‍යාපාර කිරීමේ පාපයටය.

    රටක අගනුවර යනු එරට විනය, පෞරුෂය, සංස්‌කෘතිය රූපවත්වන ස්‌ථානයයි. පසුගිය කාලය පුරා අතිශය වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් රටක්‌ වශයෙන් අපි කොළඹ නගරය එකී ගුණාංගවලින් ස්‌වයංපෝෂිත කර ගත්තෙමු. කොළඹ සෑම දිය පහරක්‌ම ප්‍රතිසංස්‌කරණය කර, ඒ අවට හරිතවන් අසිරිමත් පරිසර පද්ධතීන් බවට පත් කෙරිණි. පෞරාණික ගොඩනැඟිලි ඒ ආකාරයෙන්ම නැවත ප්‍රතිසංස්‌කරණය කරමින් සුපිරි වෙළෙඳ සංකීර්ණ බවට පත් කෙරිණි. මං මාවත් පුළුල් කර කාපට්‌ අතුරමින්, මග දෙපස පාට ගඩොලින් හැඩ කෙරිණි. පිටකොටුව අපායක්‌ කළ මාළු කඩේ ඉවත් කර ඒ මත සුපිරි වෙළෙඳ සංකීර්ණයක්‌ ඉදිකෙරිණි. කොළඹ වීදි දිගේ අරියාදුවට ඉනි හිටෙව්වා සේ ඉදිකර තිබූ පෙට්‌ටි කඩ ඉවත් කෙරිණි. කන්කරච්චලේට තිත තබා පදික වෙළෙඳාම එක්‌තැන් කෙරිණි. බස්‌තියම දිගේ හොර රහසේ ගැලූ බේරේ වැව මතු කර සුන්දර පොකුණක්‌ බවට පත් කෙරිණි. පොකුණ මත සුපිරි හෝටලයක්‌, පාවෙන වෙළෙඳසල් සහ සුපිරි කඩ සාප්පු සංකීර්ණයක්‌ නිර්මාණය කෙරිණි. කොළඹ දහජරාව බේරෙණු බේරේ හංස බෝට්‌ටු පැද යා හැකි තරමට ජල කඳ පිරිසිදු විය. බස්‌තියම් මාවතේ කඩ පිල් දිගේ නාස්‌ පුඩු තද කරගෙන අඩියට දෙකට පැන ගිය මිනිස්‌සු පාවෙන වෙළෙඳපොළේ සිරි අසිරිය විඳින්නට බේරේ වැවේ ඉස්‌මත්තට පැමිණියහ. පදික ලෑල්ල අතුරුදන් වූ පේව්මන්ට්‌ එක දිගේ මගීහු නිදහසේ ඇවිද ගියහ. මග දෙපස වෛවර්ණ ගඩොලින් හැඩ විණි. විසිතුරු ගහකොළවලින් හරිතවත් විය. පිළිවෙළ එක විය. අපිළිවෙළට සමාවක්‌ නැති විය. ඒ ක්‍රියාවලිය තුළ කිසිදු දේශපාලනයක්‌ නැත. ගෞරවනීය ක්‍රියාදාමයකි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලෝකයේ සීග්‍රයෙන් දියුණු වන සංචාරක නගරය කොළඹ බව ජාත්‍යන්තර ඇගයීමට පවා බඳුන් විය. මාස්‌ටර් කාඩ් ආයතනය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයක්‌ මගින් එසේ ඇගයුමට ලක්‌ වූ කොළඹ පසුගිය වසර හයක සංවර්ධන දත්ත සැලකිල්ලට ගෙන තිබිණි. එකී ජයග්‍රහණයට විශේෂ හේතුව වී ඇත්තේ කොළඹ නගරය පුරා ඉඳිවී තිබෙන තට්‌ටු ගොඩනැඟිලි හෝ කොන්ක්‍රීට්‌ පුරවරය නොවේ. උද්‍යාන අලංකරණය, සුපිරිසිදු බව, නිදහස්‌ වටපිටාව, පුළුල් දර්ශන තල ගොඩනැගීම සහ කොළඹ නගරය තුළ සහ ඒ ආශ්‍රීත ඇළ වේලි සංවර්ධනය කිරීමය. එහි ගෞරවය මෛත්‍රී පාලනයටවත්, රාජපක්‍ෂ ආණ්‌ඩුවටවත් නොව, සමස්‌ත රටටමය. එහෙත් දැන් එම ගෞරවය මහ මඟ දූෂණය කර අවසානය. ජාතියක්‌ වශයෙන් තවමත් අප පරිණාමයෙන් නොදියුණු ගෝත්‍රිකයන් බව ලොවට පසක්‌ කර දී හමාරය. ජාතියේ කුහකත්වය ලෝකයා ඉදිරියේ නිරුවත් කර හමාරය.



    http://www.divaina.com/2017/09/10/feature01.html



    මේ රට විනාස කරන්න පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වෙනවා....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    මේ පොන්නයන්ටයි රූකඩ පඹයන්ටයි රටවල් බාර දුන්නම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බන් :frown::frown::frown:
    තියන ඔක්කොම එක්කෝ විකුණල දානව, නැත්තන් ඔහේ කාබාසිනියා වෙලා යන්න අරිනව
    දැන් වෙනස සැපයිද කියල තමා අහන්න තියෙන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව කරන්නේ මහින්ද.. ලම්බෝගිනියෙන් ඇවිත් කුණු දාල යනවා රෑට රෑට.. ඒ මදිවට රත්තරන් අශ්වයෝ පිටේ නැගල ඇවිත් කපනවා මිනිස්සුන්ව.. ඉතින් කොහොමද ලස්සනට තියාගන්නේ.. බලන්නකෝ වික්කාමසිංහ අගමැති තුමා පිටකොටුව ආර්ථික කලාපයක් කලාම හැමෝටම රිදෙයි.. :yes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ රට විනාස කරන්න පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වෙනවා....
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕව කරන්නේ මහින්ද.. ලම්බෝගිනියෙන් ඇවිත් කුණු දාල යනවා රෑට රෑට.. ඒ මදිවට රත්තරන් අශ්වයෝ පිටේ නැගල ඇවිත් කපනවා මිනිස්සුන්ව.. ඉතින් කොහොමද ලස්සනට තියාගන්නේ.. බලන්නකෝ වික්කාමසිංහ අගමැති තුමා පිටකොටුව ආර්ථික කලාපයක් කලාම හැමෝටම රිදෙයි.. :yes:
    :yes::sorry::sorry::sorry::sorry:
    ලම්බෝගිනි වලට වෙච්ච දෙයක් නෑ...
    ඩුබායි බැංකු ගිණුම් වලට උන දෙයක් නෑ..
    රතන සාදු ගිනිතියා ගත්තෙත් නෑ...
    6% GDP වලට උනේ මොකද දන්නෙත් නෑ..
    ෆ්‍රී වයි-ෆයි..... එක්කෝ ඕනේ නෑ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::sorry::sorry::sorry::sorry:
    ලම්බෝගිනි වලට වෙච්ච දෙයක් නෑ...
    ඩුබායි බැංකු ගිණුම් වලට උන දෙයක් නෑ..
    රතන සාදු ගිනිතියා ගත්තෙත් නෑ...
    6% GDP වලට උනේ මොකද දන්නෙත් නෑ..
    ෆ්‍රී වයි-ෆයි..... එක්කෝ ඕනේ නෑ...

    මොනා නැතත් අන්න ගෝටගේ මිනිමෝරු ටික ඉන්නවලු බේරේ වැවේ.. ඉතින් කොහොමද මනුස්සයෙක් ඇලට බැහැල ඇල සුද්ද කරන්නේ.. නහය වහන් ඇල ගාවින් යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ :(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනා නැතත් අන්න ගෝටගේ මිනිමෝරු ටික ඉන්නවලු බේරේ වැවේ.. ඉතින් කොහොමද මනුස්සයෙක් ඇලට බැහැල ඇල සුද්ද කරන්නේ.. නහය වහන් ඇල ගාවින් යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ :(
    ඇත්ත... ගෝටා නිසා තමයි අද බේරේ වැව ගද ගහන්නෙත්...:baffled::sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    reputation_neg.gif
    ගද ගහන පිටකොටුව... 09-10-2017 02:16 PM chande dunna unta sapa karanna epa ponnayo. chande dunene ratata hodak karai kiyala hithla. mun rata kana bawa dannawa nam chande denne nane.

    මේ කමෙන්ට් එක දාපු 5 වසරේ ළමයට කවුද චන්දෙ අයිතිය දුන්න එකා?
    පහුගිය අවුරුදු 10 ඇතුලත මේ රටේ පය ගහල හිටපු ඕනෙම එකෙක් දන්නවා, මේ රටේ යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්නේ කවුද, ඒ වගේම අලිමංකඩ යනවා කියල පාමංකඩ ගියේ කවුද කියල.. ආප්ප කාල ගිහින් තොප්පිගල කැලයක් කියපු එකාගේ රෙද්ද අස්සට රිංගපු එකා, මේ රට කොහොම ඉස්සරහට ගෙනියිද කියන දේ අනුමාන කරන්න තරම් මොළ ගෙඩියක් නැති උන්ව, මන්ද මානසික නිවාසයකට යවල, පුනුරුත්තාපනය කරන්න ඕනේ...
    ඒ වගේ මන්ද කාලකන්නින්ට ඊලග චන්දෙදි චන්ද අයිතිය නැති කරන්න ඕනේ...
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මේ රට විනාස කරන්න පොන්සිරාට චන්දෙ දුන්න උන්ට සාප වෙනවා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නළුවෙක් නොව මොලයක්.....
    ඒත් මොලයේ පොඩි හිලක්...


    මකා දැමූ දුරකතන සංවාද එළියට

    බැදුම්කරේ තවත් රහස්‌ රැසක්‌ හෙළි වූ සතියක්‌


    arjoom.jpg
    දිනෙන් දිනම අලුත් පුවත් මවමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය ඉදිරියට ඇදෙමින් තිබේ. පසුගිය දින කිහිපයේදීම කොමිසමේ දී අලුත් කරුණු ඉදිරිපත් වීය. වඩාත්ම සුවිශේෂී හෙළිදරව්ව සිදු වූයේ ඉකුත් සැප්තැම්බර් 06 වැනි බදාදා රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් තුනක්‌ කොමිසම හමුවේ වාදනය කොට ප්‍රශ්න ඇසීමත් සමඟය. ඉන් දෙකක්‌ එම සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාත් අතර සිදුව තිබූ දුරකථන සංවාද දෙකකි. මේවා එම සමාගම විසින් මකා දමනු ලැබ තිබේ. දුරකථන ඇමතුම්ය. මේ ඇමතුම් විවෘතව කොමිසම හමුවේ වාදනය කිරීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් තිළිණ සල්ගාදු මහතා විසින් තම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු (Inside Information) ලැබී තිබුණු බව පිළිගත්තේය. මෙය ඉමහත් බරපතළ කාරණයකි. මෙතෙක්‌ කල් හෙළිදරව් නොවූ අලුත් කරුණකි. මෙය පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මෙතෙක්‌ කොමිසමට කී කරුණු සමඟ ගැටෙන කරුණකි.

    මේ සියල්ල ගැන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගෙන් සහ කසුන් පලිසේන මහතාගෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමට ලක්‌ කරනු ඇතැයි සිතිය හැකිය. මේ අනුව හෙටින් ආරම්භ වන සතියද බැඳුම්කර කොමිසමේ ඉතාමත් තීරණාත්මක උණුසුම් දින කිහිපයක්‌ වන බවට නම් කිසිම සැකයක්‌ නැත.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරී සචිත් දේවතන්ත්‍රිගේ සහ එම සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු යන දෙදෙනාගේ සාක්‍ෂිවලින් අනපේක්‍ෂිත ලෙස ඉමහත් ආන්දෝලනාත්මක කරුණු රැසක්‌ හෙළිදරව් විය. ඉන් ප්‍රධානම කරුණ නම් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මකා දැමීමයි. එසේ මකා දැමීමට අමතරව එම පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත ගබඩා වී තිබූ සමාගමේ වොයිස්‌ ලොගර් පද්ධතියට සම්බන්ධ පරිගණක යන්ත්‍රයද සචිත් දේවතන්ත්‍රි විසින් විනාශ (අකර්මණ්‍ය) කළ බව ඔහු විසින්ම පසුව කොමිසම හමුවේ පිළිගන්නේය. එහෙත් ඔහු ඒ බව කීවේ ඔහු කොමිසම හමුවේ සාක්‍ෂි දුන් දෙවන දිනයේය. දිවුරුම් පිට සාක්‍ෂි දුන් මුල් දිනයේ ඔහු පරිගණකය විනාශ කළ බවත් කීවේ නැත. ඔහු කීවේ පරිගණකය අකර්මණ්‍ය වී ඇති බවකි. ඒ අනුව සමාගමේ දුරකථන ඇමතුම් පටිගත කරන වොයිස්‌ ලොගර් පද්ධතියට වෙනත් පරිගණකයක්‌ සම්බන්ධ කළ බවකි. එහෙත් මේ කිසිවක්‌ කිරීමට එම වොයිස්‌ ලොගර් පද්ධතිය පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට සැපයූ මෙට්‍රෙපොලිටන් කොමියුනිකේෂන්ස්‌ සමාගමේ සහාය ලබා නොගත් බවද සචිත් කොමිසම හමුවේ පිළි ගත්තේය. එහෙත් සචිත් දෙවන දින සාක්‍ෂි දෙමින් තමන් මුල් දිනයේ කොමිසම හමුවේ දිවුරුම් දුන් ඇතැම් සාක්‍ෂි අසත්‍ය බව කියමින් අදාළ පරිගණක විනාශ කළේ තමන් විසින්ම බව කොමිසම හමුවේ කියා සිටියේය.

    දුරකථන ඇමතුම් දත්ත මකා දැමීමට තමන්ට උපදෙස්‌ දුන්නේ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු වන නුවන් සල්ගාදු බවට සචිත් දේවතන්ත්‍රී විසින් සාක්‍ෂි දෙමින් කොමිසමට කී නිසා නුවන් සල්ගාදු ද කොමිසම හමුවට කැඳවා තිබුණි. එහිදී නුවන් සල්ගාදු සාක්‍ෂි දෙමින් තමා පටිගත කළ දුරකථන ඇමතුම් දත්ත මකා දැමීමට සචිත් දේවතන්ත්‍රීට උපදෙස්‌ දුන් බව පිළිගත්තත් එය කළේ තමාට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් දෙන ලද උපදෙස්‌ නිසා යෑයි ඔහු කොමිසමට කීවේය. එසේ නැතිව දුරකථන ඇමතුම් දත්ත මැකීමට සචිත්ට උපදෙස්‌ දුන්නේ තම පුද්ගලික වුවමනාවකට නොවන බවද සල්ගාදු මහතා කොමිසමට කීවේය. කවරක්‌ නමුත් මෙසේ මකන ලද පටිගත කළ දුරකථන ඇමතුම් වෙනම සීඩී හතරකට කොපි කර ඒවා නුවන් සල්ගාදු භාරයේ ඇති බව සචිත් දේවතන්ත්‍රීගේ සාක්‍ෂියේදී ඔහු කොමිසමට කියා තිබූ නිසා ඒවා නුවන් සල්ගාදු මගින් ලබා ගැනීමට කොමිසම මගින් නියෝගයක්‌ ලබාගත් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව, සල්ගාදු සතුව තිබූ එම සීඩී හතර කොමිසමට අනුයුක්‌ත රහස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ භාරයට ගත්තේය. ඉන් පසු එම සීඩීපට ඉකුත් 04 වැනිදා කොමිසමට ඉදිරිපත් කළ අතර පසුව සැප්තැම්බර් 04 වැනිදා සවස සිටම ඒවාට සවන් දීමට කොමිසමේ විමර්ශන නිලධාරීහු කටයුතු කර තිබුණි.

    මේ දුරකථන සංවාදවලට සවන් දීමෙන් පසු ඇතැම් ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු රැසක්‌ හෙළි දරව් වී තිබූ අතර එසේම ඒ අතර මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිටවීම සහ මිල සංවේදී තොරතුරු පිටවීම පිළිබඳ තොරතුරුද තිබී ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අතර මෙම දුරකථන සංවාද සිදුව ඇතිව තිබුණි. මෙසේ භාණ්‌aඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී ලංසු ඉදිරිපත් කිරීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අභ්‍යන්තර තොරතුරු ලබා දී තිබුණේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා බවත් ඒවා ඔහුට ලැබී ඇත්තේ මහ බැංකුවෙන් බවත් පර්පෙචුවල් ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා විසින් අදාළ පටිගත කළ දුරකථන සංවාදවලට සවන් දීමෙන් පසු කොමිසම හමුවේ පිළිගත්තේය. එසේම 2015 සහ 2016 යන වසර දෙකේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවූ විරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේද අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට මහ බැංකුවෙන් ලද අභ්‍යන්තර තොරතුරු අනුව මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී ලංසු ඉදිරිපත් කිරීමේ තීරණ ගත් නිසා බවද සල්ගාදු මහතා වැඩිදුරටත් පිළිගත්තේය. මේ බව කොමිසම හමුවේ පිළිගත්තේ අන් කවුරුත් නොවේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේම ප්‍රධාන අලෙවිකරුය. මෙලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ගනුදෙනු පිටුපස සැඟවුණු සත්‍යය එම සමාගමේ නිලධාරීන්ගේම සාක්‍ෂිවලින් කොමිසම හමුවේ අනාවරණය වීම සුවිශේෂී කරුණකි. එවැනි දෙයක්‌ වනු ඇතැයි කිසිවෙක්‌ නොසිතන්නට ඇත. මේ සාක්‍ෂිවලට එරෙහිව ඉදිරි සාක්‍ෂි විභාගයේදී කවර කරුණු ඉදිරිපත් වේදැයි අප හරියටම දන්නේ නැත. මේ සතිය තුළ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාද සාක්‍ෂි ලබා ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා ඇති නිසා ඔහු කියනු ඇත්තේ කුමක්‌ද? අපි බලා සිටිමු.

    ඡායාරූපය -
    ජූඩ් ඩෙන්සිල් පතිරාජ

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    http://www.divaina.com/2017/09/10/feature39.html